ශ‍්‍රී ලංකාවේ ජනගහනය මෙන් තුන්ගුණයක් ඇමර

Van Helsing

Member
Sep 28, 2011
83
18
0
ශ‍්‍රී ලංකාවේ ජනගහනය මෙන් තුන්ගුණයක් ඇමර

ශ‍්‍රී ලංකාවේ ජනගහනය මෙන් තුන්ගුණයක් ඇමරිකාවේ අන්ත දුප්පතුන්ලූ

obama-in-usa.jpg
ඇමරිකාවේ වෙසෙන අන්ත දුප්පතුන්ගේ සංඛ්‍යාව ගිය වසර අවසන් වනවිට හාරකෝටි හැට දෙලක්‍ෂයක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබූ බව ඇමරිකානු ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මගින් හෙළි කර ඇත. මෙය වසර 2010 දී තිබූ ප්‍රමාණයට වඩා 15.1% ක වර්ධනයක්‌ පෙන්නුම් කරන බව වාර්තා වේ. (මේ වසර අවසන් වන විට එරට වෙසෙන අන්ත දුප්පතුන්ගේ සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මෙන් තුන් ගුණයක්‌ පමණ වනු ඇත.) වසර 52 කට පසු අන්ත දුප්පතුන් මෙතරම් ප්‍රමාණයක්‌ ඇමරිකාවෙන් අනාවරණය කෙරුණ මුල් අවස්‌ථාව මෙය වේ.
ඇමරිකානුවන්ගේ වාර්ෂික ආදායම් සාමාන්‍ය වූ ඩොලර් 49445 ක ප්‍රමාණය මේ වනවිට 2.3% කින් පහළ බැස ඇත. රටේ සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමය ද ප්‍රමාණවත් නොවීමෙන් ඇමරිකානුවෝ බරපතල ප්‍රශ්නයකට මුහුණපා සිටිති. රටේ සමස්‌ත ජන ගහනයෙන් පසළොස්‌ ලක්‍ෂයක්‌ පමණක්‌ තමන් සේවය කරන පෞද්ගලික ආයතන මගින් සපයන සෞඛ්‍ය රක්‍ෂණයේ ආවරණය ලබයි. විසි ලක්‍ෂයක්‌ දෙනා රජයේ ආයතන මගින් සපයන සෞඛ්‍ය රක්‍ෂණයේ ආවරණය ලබයි.
ඩොලර් බිලියන 450 ක වියදමකින් අලුත් රැකියා මිලියන කිහිපයක්‌ ඇති කිරීමට ජනාධිපති ඔබාමා පසුගිය දිනවල පැකේජයක්‌ ඉදිරිපත් කළේය. ආර්ථික විචාරකයන්ගේ විග්‍රහයන්ට අනුව සංවර්ධිත ලෝකයේ දුප්පතුන් වැඩිම පිරිසක්‌ සිටින රටවල් ස්‌වල්පයෙන් එකක්‌ වන්නේ ඇමරිකාවය.
ඇමරිකාවේ දරිද්‍රතා සීමාව වන්නේ සිවුදෙනකුගෙන් සමන්විත පවුලක්‌ වසරකට ඩොලර් 22314 ක ආදායමක්‌ ලබන අවස්‌ථාවය. ඇමරිකාවේ දුප්පතුන්ගෙන් වැඩි පිරිසක්‌ මිසිසිපි ප්‍රාන්තයේ ජීවත් වෙති. ලුසියානා, වොෂිංටන් ඩී. සී. නගරය පිහිටි කොලොම්බියා දිස්‌ත්‍රික්‌කය, ජෝර්ජියා, නිව් මැක්‌සිකෝ සහ ඇරිසෝනා යන ප්‍රදේශය ඊළඟට වැඩිම දුප්පතුන් ප්‍රමාණයක්‌ වාර්තා වන ප්‍රාන්ත බවට පත්ව ඇත.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතින් බං උන්ගේ දරිද්‍රතා සීමාව අනුව උන්ගෙ දුප්පත්ම පවුලත් මාසෙකට රුපියල් ලක්ෂ 2 ට එහා ආදායමක් තියෙනව. ඒ අනුව බැලුවම ලංකාවේ දුප්පතුන්ට වඩා එහෙ දුප්පතුන්ගේ ජීවන මට්ටම උසස්