ශ‍්‍රී ලංකා මුහුද ඉන්දියාව හා බෙදා ගනී

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ශ‍්‍රී ලංකා මුහුද ඉන්දියාව හා බෙදා ගනී

    බෞද්ධයින් වශයෙන් අප මසුන් මැරීමට විරුද්ධ වන්නෙමු.. එහෙත් මසුන් මැරීමට විරුද්ධ වීම යනු අපේ රටේ මුහුද විදේශයන්ට අත් පත් කර දීම නොවේ. පහත දැක්වෙන්නේ අදාල පුවත.

    [[ශ‍්‍රී ලංකා මුහුද ඉන්දියාව හා බෙදා ගනී.. මෙරට මුහුදේ මසුන් මරන්න ඉන්දීය ධීවරයන්ට ඉඩ
    March 26, 2015 at 11:20 am

    දකුණු ඉන්දීය ධිවරයන්ට අවුරැද්දකට දින 83ක්, ශ‍්‍රි ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම සදහා එකගතාවයකට පැමිණ ඇති බව ඉන්දීය මාධය වාර්තා කරයි.
    මෙසේ එකගාතාවකට පැමිණ ඇත්තේ ශ‍්‍රී ලාංකික ධීවර සංගම් සහ ඉන්දීය ධීවර සංගම්අතර පැවති සාතච්චාවදීය.
    ඒ අනුව ඉන්දීය ධිවරයන්ට පෙර දැනුම් දීමකින් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට අවස්ථාව ලැබෙන බවද එම වාර්තාල දැක්වෙයි.]]

    පහුගිය දවස් වල රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ ඉන්දියාවේ සිට කවුරුහරි ලංකාවේ මූදට ආවොත් වෙඩි තැබුවත් එය මානව හිමිකම් කැඩීමක් නොවන බවයි. එහෙත් එය දකුණේ සිංහල සමාජය රැවටවීමට කළ ප්‍රකාශයක් බව මෙමගින් පැහැදිළි වෙයි. දකුණේ සිංහලයන්ව රවටමින් රට ඉන්දියාවට සින්නක්කරව දෙමින් පවතී.

    සාම්පූර් හමුදා කඳවුර ඉවත් කිරීමට මෑතකදී තීරණය කළ අතර එය කරන්නේ ත්‍රිකුණාමලය වරායත් ඉන්දියාවට දීමටදැයි සැකයක් ඇති වී තිබේ. එයට තවත් හේතුවක් වන්නේ ත්‍රිකුණාමලයේ තවත් තෙල් ටැංකි පසුගිය දා නරේන්ද්‍ර මෝදි විසින් ඉල්ලා තිබීමය.

    මේවා බොරුයි කියල කොමෙන්ට් කරන අයට පහත ලින්ක් එක රිප්ලයිකරන්න. http://www.divaina.com/2015/03/26/news02.html