ෂන්නා බුකාරි දෙන පණිවිඩය කුමක්ද?
ඉස්ලාම් සමාජයට ෂන්නා බුකාරි දෙන පණිවිඩය කුමක්ද?
Saturday, 02 April 2011 05:27 රමණී පොන්නම්පෙරුම
Top Lanka News
මෙවර එංගලන්තයෙන් ලෝක රූප රැජිණ තරඟයට ඉදිරිපත් වෙන සුරූපිය ෂන්නා බුකාරි නැමති 24 හැවිරිදි මුස්ලිම් තරුණියයි. මුලධර්මවාදී අදහස් දරන්නෝ බුකාරි නාන අමුඩයෙන් සැරසී ජාත්‍යන්තර රූප රැජිණ තරගයට ඉදිරිපත්වීම නුරුස්සති. එය මුස්ලිම් ආගමෙන් කාන්තාවන්ට උගන්වන සදාචාරයට පිටුපා කටයුතු කිරිමක් යැයි කියනු ඇසේ. මෙවැනි සමහරු ෂන්නා බුකාරිට නොයෙකුත් තර්ජණ ගර්ජණ කරන බවට නොයෙක් පුවත් පළවේ.
ෂන්නා බුකාරි කියන්නේ මුස්ලිම් ආගම අදහන නිසා කාන්තාවට ලෝක රූප රැජිණ තරඟයේ දොරටු වැසියා යුතු නැති බවයි. මෙම ක‍්‍රියාවෙන් ඉස්ලාම් කාන්තාව ධෛර්ය ගැන්වීමට ඇය සිතයි.
ඉස්ලාම් ආගමේ ස්ත‍්‍රිය අප‍්‍රමාණ නීති තහංචි වලින් සිරවී සිටින්නියකි. බොහෝ කාන්තාවෝ තමන් පුරෂාධිපත්‍යයට යටවි ඇති බව නොදනි. ඔවුන්ගේ මනස පුරුෂාධිපත්‍යය විසින් කොයිතරමට විකෘතකර ඇත්ද කිවොත් ඔවුන්ට තමන්ගේ වහල්භාවය නොවැටහේ. ඉස්ලාම් පිරිමින්ට බටහිරුන් අනුකරණය කරමින් බටහිරුන් කරන හැම විලාසිතාවක්ම කරන්ට පුලූවන. ලංකාව නිදසුනට ගන්න. ඉස්සර මරක්කල මිනිස්සු කෙස්ස කොටකර කැපුහ. හිසට බම්බු තොප්පියක් පැළැන්දාහ. වැඩි දෙනෙකුගේ ඇදුම සරම සහ බැණියමය විය. නාගරික පිරිමි පයට කට්ට සෙරෙප්පු දැමුහ. එහෙත් දැන් ඒ වගේ පිරිමි ඉන්නේ පැරණි ඡුායාරූපවල පමණි. අනිත් සේරම නවිකරණය වී සිටිති.
මුස්ලිම් කාන්තාව වෙනස් වී ඇත්තේ පිරිමින් විදිහට නොවේ. ආගමික නිති වලට උවමනා ලෙසටයි. ඉස්සර ලංකාවේ ඉස්ලිම් කාන්තාවන් අරාබි රටවල ස්ත‍්‍රීන් වගේ කලූ ලෝගු වලින් ශරීරය ආවරණය කරගෙන සිටියේ නැත. එහෙත් දැන් නැගෙණහිර පාලතට ගිහින් බැලූවොත් එහි ඉස්ලාම් කාන්තාව සවුදි අරාබියේ කාන්තාව වගේමයි. තමන් ගේ නිදහස වැලලි ඇති බව එම කාන්තාවෝ නොදනිති. දැනගත්තත් මොනා කරන්නද?
බටහිර ක‍්‍රිස්තියානි සංස්කාතිය ඉස්ලාම් සංස්කෘතියට එරෙහිව නැගී සිටින බව දකින මුලධර්මවාදී ඉස්ලාමිකයින් බටහිර සංස්කාතියට වැට බඳින්ඩ හදන්නේ කාන්තාව පාලනය කිරීමෙනි. ඔවුන්ගේ පාලනය බිඳ වැටෙන යම් යම් අවස්ථාවල ඔවුන් කිපෙති. එය ආගමික අන්තවාදය විදිහට බාරගන්ඩ නොහැක. එය පුරුෂාධිපත්‍යයයි. පුරුෂාධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ආගම යොදාගෙන තිබේ.