අපෝ නෑ. ඔය කිව්ව ලිබරල් වැල්‍යුස් කියන්නෙ වාස්තවිකව නිවැරදි වගේ අදහසක්ය කියල නෑ. අඩුම තරමෙ මම හිතන්නෑ අපේ රටවල්වලටත් ප්‍රෝගෙසිව් අදහස් පත්තියන් වෙනව කියල (පහත බලන්න)
ඒත් පොදු අවකාශයක ගැටුම් අවම කරගෙන ඉන්න ලේසිම ක්‍රමය ප්‍රෝග්‍රෙසිව් වීම බව තෝරගන්නව. මචං "ඉස්ලාම් ලෝකය සිවිලයිස්ඩ් නැතිය" කියන එකයි "ඉස්ලාම් ලෝකයෙ තරඟකාරී ලිබරල් අදහස් නැති හෙයින් ඔවුනටම පාඩුවක් සිදුවේ" කීම ෆන්ක්ෂන් වෙන්නෙ එකම විදිහටද. ඔය දෙවනි assertion එක සිදු විය යුත්තෙ පුද්ගල මට්ටමින් මිසක් රාජ්‍ය තාන්ත්‍රිකව නෙවේ.
බෝම්බ දැම්මට පස්සෙ වෙන දේවල් ගැන පරමාදර්ශී බණ කීම් වැඩක් නෑ කියල තමා මාත් කියන්නෙ. බෝම්බ දැම්මෙ ඇයි කියල තමයි මාත් අහන්නෙ. මුස්ලිම් ලෝකය එයාලට බාර දිය යුතුව තිබුනෙ අවුරුදු පනහකත් කලින් ඉඳන්.
ඇෆ්ගන්ස් ලම කොච්චර ඉන්නවද තලේබාන් ලට අවංකවම කැමති. ඒක එහෙමනම් ඒ තෝරාගැනීමට ගරු කරන්න වෙනව. එතනින් එහා cultural kinks ගැන විවෘතව කතා කිරීමෙ වැදගත්කමක් තියෙනව කියලයි මම කිව්වෙ.
"ඉස්ලාම් ලෝකයේ තරඟකාරී ලිබරල් අදහස් නැති හෙයින් ඔවුනටම පාඩුවක් සිදුවේ"
අයිඩියොලොජි වැඩ කරන්නෙ ඊට වඩා පහල මානසික මට්ටමක කියලයි මම නම් හිතන්නෙ.
උදාහරණයක් විදිහට මිනිස්සු කන්න නැතුව වුනත් ගෞරවයෙන් ජීවත් වෙන්න කැමතී.
එකොනොමිකලි රටක් වශයෙන් තරඟකාරී වෙන්න කලින් මිනිස්සුන්ට ඕන තමන්ගේ ආශාවන්ට අනුව රටක් නිර්මාණය කරගන්න.
අනිවාර්යෙන් මේක යතාර්ථයක් කරගන්න බැරුව යනවා.
ඒත් ඒක තමා අයිඩියොලොජි වල ස්වභාවය.
ලංකාවම මේක හොඳ උදාහරණයක් විදිහට ගන්න පුලුවන්.
ඉකොනොමිකලි තරඟකාරී වෙන්න අයිඩියොලොජි වැඩ කරනව කියල හිතුවනම් අපිට ලංකාවෙ
ජනවාර්ගික ප්‍රශ්න, 56 කේස් එහෙම තේරුම් ගන්න ගියාම හෙන ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා.
මොකද සිංහලයො එහෙම බැලුවාම කරගෙන තියෙන්නෙ තමන්ටම ඉකොනොමිකලි අවාසි වෙන වැඩ.
නමුත් මම නම් හිතන්නෙ මිනිස්සුන්ගෙ අයිඩියොලොජි වැඩ කරන්නෙ ඊට වඩා ප්‍රාථමික ට්‍රයිබල් ලෙවල් එකක.
සිංහලයට ඉකොනොමිකලි අනෙක් රටවල් එක්ක තරඟකාරි වෙන එකට වඩා තමන්ගේ ගෝත්‍රයට වාසිවෙන විදිහට රටක්ගොඩ නඟා ගන්න අවශ්‍යය වුනා.
මේ අයිඩිලොජි වලට බනින එක මම නම් කියන්නෙ තේරුමක් නෑ.
අයිඩියොලොජි වලට බැනල මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ.