found it on FB.
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 May 19, 2018 #22 EHDEHD said: “හෝම්ස් මහත්මයා එය බා... බා... බා... වැනි ශබ්දයක්” Click to expand... බා... බා... බා... බහින්න
EHDEHD said: “හෝම්ස් මහත්මයා එය බා... බා... බා... වැනි ශබ්දයක්” Click to expand... බා... බා... බා... බහින්න
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ May 19, 2018 #23 එක හුස්මට කියෙව්වා..
virajkavn Well-known member Sep 6, 2007 3,980 799 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" May 19, 2018 #24 බුකියෙන් මකල නේද ? උබේ ටොපික් 1 දාල FB කියල ගූගල් සර්ච් කරහම එන page වල බඩු තියනවා කියලා තියනවා. ඇතුලට ගියහම
බුකියෙන් මකල නේද ? උබේ ටොපික් 1 දාල FB කියල ගූගල් සර්ච් කරහම එන page වල බඩු තියනවා කියලා තියනවා. ඇතුලට ගියහම
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ May 19, 2018 #25 Ko ko ko...... dapanko
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala May 19, 2018 #26 virajkavn said: බුකියෙන් මකල නේද ? උබේ ටොපික් 1 දාල FB කියල ගූගල් සර්ච් කරහම එන page වල බඩු තියනවා කියලා තියනවා. ඇතුලට ගියහම Click to expand... එක්ස්පෝස් වෙයි කියලද දන්නෑ
virajkavn said: බුකියෙන් මකල නේද ? උබේ ටොපික් 1 දාල FB කියල ගූගල් සර්ච් කරහම එන page වල බඩු තියනවා කියලා තියනවා. ඇතුලට ගියහම Click to expand... එක්ස්පෝස් වෙයි කියලද දන්නෑ
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland May 19, 2018 #27 මම මොරියාටිට කන්ට්‍රැක්ට් එකක් බාරදෙන්න කලින් ඉතුරුටික දාපිය
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා May 19, 2018 #29 දාපිය යකෝ ඉතුරු ටික.. නැත්නම් උබව බා.. බා.. බාවනවා
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama May 19, 2018 #31 Zuppa...++++
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala May 19, 2018 #32 සුපිරියටම ටැලි කරලා ඔරිජිනල් කතාවලට...
Dntec Well-known member Sep 20, 2010 2,059 388 83 සිංහලදීපේ May 19, 2018 #35 ***** Removed ****** ඉතුරු ටිකත් නෑ. මුල් ටිකත් නෑ.දාපු එකත් නෑ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම May 19, 2018 #37 ඒ පාර තිබුන ටිකත් නෑ කොටියම කාපිය
virajkavn Well-known member Sep 6, 2007 3,980 799 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" May 20, 2018 #38 upulpdn said: එක්ස්පෝස් වෙයි කියලද දන්නෑ Click to expand... මම හිතන්නේ එක නෙමෙයි. අපි හිතනවට වඩා වෙබ් අඩවි පරිශීලනය දැන් ටිකක් වෙනස් පැත්තකට යන්නේ . නිදහස් අදහස් බාවිතය, පරිශීලනය සහ පරිකල්පනය අඩු වේගෙන යනවා කියලා හිතෙනවා. කොටින්ම උපහාසය සහ වියන්ගර්තයෙන් අදහස් ප්රකාශනයත් ගොඩක් අඩුවෙලා. මම කියවපු ලංකා දීපේ ගිය ආටිකල් 1 මේකේ දාන්නම් අදහසක් ගන්න. - ජය http://www.lankadeepa.lk/features/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%BA:-%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA-%E0%B6%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B6%A9%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%BA/2-529145 වර්තමානය අසුබය: අනාගතය ඊටත් වඩා අසුබය 2018 පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව (හා විශේෂයෙන්ම ශ්රීලනිපය) ලජ්ජා විය යුතු පරාජයක් ලබා යන්තම් තෙමසක් ගතවූවා පමණි. එහෙත් එම පරාජයේ මතකයන් ආණ්ඩුවේ නායකයන් හා මැති ඇමැතිවරුන්ගේ මතකයෙන් මුළුමනින්ම ගිලිහී ඇති බව පැහැදිලිය. 2015 නව ආණ්ඩුව දේශීය ඛණිජ තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස මෙන්ම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණිනි. හිටපු ඇමරිකානු ජනපති බරක් ඔබාමා මහතාගේ මූලිකත්වයෙන් ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන් ඉරානය සමග න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කිරීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීම ඇතුළු හේතු ගණනාවක් නිසා 2015 වන විට ජාත්‍යන්තර තෙල් මිල අඩුවෙමින් පැවතුනි. එහෙත් මේ වන විට තත්ත්වය වෙනස් වෙමින් තිබේ. 2018 මැයි මස වන විට ලෝක තෙල් මිල පෙර නුවු විරූ ලෙස ඉහළ නැග තිබුණි. රජය ලංකා රුපියල් අවප්‍රමාණයවීමට ඉඩ හැරීම නිසා තෙල් මිල ඉහළයාමේ බලපෑම මෙරටට තවත් දරුණු විය. එබැවින් දේශීය තෙල් මිලේ යම් වැඩිවීමක් සිදු නොකර බැරි තත්ත්වයකට ආණ්ඩුව පත්වූ බව පිළිගත යුතුය. කළ යුතු දේ වුවද කළ යුතු පිළිවෙළක් තිබේ. ආණ්ඩුව කළ යුතුව තිබුණේ තෙල් මිල ජනතාවට දරාගත හැකි මට්ටමකින් වැඩි කිරීමයි. එහෙත් ආණ්ඩුව කළේ එහි විලෝමයයි. එනම් හෙණ ගෙඩියක් පාත් වෙන්නාක් මෙන් අතිවිශාල ප්‍රමාණයන්ගෙන් තෙල් මිල වැඩි කිරීමය. ඒ මෝඩ තීරණයේ ප්‍රතිඵල මේ වන විටත් පැහැදිලිය. බස් ගාස්තු හා ත්‍රිරෝද රථ ගාස්තු ඉතා ඉක්මනින් ඉහළ යාමට නියමිතය. කන්ටේනර් ගාස්තු ඉහළ යාම නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තුත් එහි ප්‍රතිඵලයක් ලෙස පොදුවේ භාණ්ඩ මිලත් ඉහළ යනු නියතයි. විදුලිය හා වතුර බිල්ද වැඩිවීමට නියමිත බව වාර්තා වේ. පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සඳහා බදු වැඩිකිරීම නිසා ඒ භාණ්ඩවල මිලද ඉහළ ගොස් ඇත. කිරි මිල හා ගෑස් මිලද ගතවූ සති කිහිපයේදී වැඩිවුණි. 2018 නොවැම්බරයේ දී පළාත් සභා 6 ක මැතිවරණ පැවැත්වීමට නියමිතය. මෙම මැතිවරණවලට ආණ්ඩුව මුහුණ දෙනු ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම දැරිය නොහැකි තරම් ඉහළ ගිය තත්ත්වයක් තුළය. ජීවන බර දරාගත නොහැකි තත්ත්වයකට බහුතරයක් ජනතාව පත්ව තිබියදී පැවැත්වෙන මැතිවරණයකින් තමන්ට කවර නම් ඉරණමක් අත්වේදැයි ආණ්ඩුව සිතන්නේද? ගතවූ පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුව පැරදුණේ 2015 හා සසඳන විට රාජපක්ෂ පිල ලබාගත් ඡන්ද ප්‍රමාණය වැඩිවු නිසා නොවේ. 2015 හා 2018 අතර රාජපක්ෂ පිලේ ඡන්ද පදනම වැඩි වූයේවත් අඩුවූයේවත් නැත. එය නොවෙනස්ව පැවතිණි. 2018 දී ආණ්ඩුව පරාජය වූයේ 2015 දී තමන් ලත් ඡන්ද ප්‍රමාණය පවත්වා ගැනීමට එය අසමත් වීම නිසාය. 2015 දී රාජපක්ෂවරුන් පරාජය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එජාපයටත් ඡන්දය දුන් බොහෝ දෙනා සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේ බැරිකම් හා නොපනත්කම් නිසා කලකිරී 2018 දී ඡන්දය දීමෙන් වැලකී සිටියෝය. 2018 නොවැම්බරය වෙන විට මෙම තත්ත්වය තවත් දරුණු වන බව අනිවාර්ය ය. වත්මන් ජනතාව අත්විඳින ප්‍රශ්න සලකන විට 2018 පෙබරවාරියට සාපේක්ෂව 2018 නොවැම්බරයේදී ආණ්ඩුවේ ඡන්ද ගොඩ තවත් විශාල ප්‍රමාණයකින් පහළ යාම නැවැත්විය නොහැක. මේ එහි ප්‍රතිඵලය වනු ඇත්තේ පළාත් පාලන ඡන්දයේදී ලද පරාජයටත් වඩා දරුණු පරාජයක් පළාත් සභා ඡන්දයේ මුල් වටයේදීත් ශ්‍රීලනිපයට හා එජාපයට උරුම වීමයි. 2018 නොවැම්බරයේදී ආණ්ඩුව පරාජය වූ විට පැලැස්තර දමා පාලනය කොට තිබෙන දේශපාලන අර්බුදය යළිත් පුපුරා යනු අනිවාර්යය. ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව රාජපක්ෂවරුන් හා සන්ධානයකට යා යුතුය යන ඉල්ලීම වඩාත් ශක්තිමත්ව ශ්රීලනිපය තුළින්ම මතුවනු නියතය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහි බලවේගද ඊට සමපාතවම යළි නැගී සිටිනු ඇත. 2018 වසර නිම වනු ඇත්තේ ශ්රීලනිපයටත් එජාපයටත් දරුණු අභ්‍යන්තර ගැටුම් හා බෙදීම්වලට මුහුණ දෙන තත්ත්වයක් තුළය. මේ අනාගතය වටහා ගැනීමට මේ රටේ දේශපාලනය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් තිබීම ප්රමාණවත්ය. 2014 වන විට රාජපක්ෂවරුන්ට නොතිබුණේ ද 2018 වන විට සිරිසේන - වික්‍රමසිංහ පාලනයට අහිමිවී ඇත්තේද මේ සාමාන්‍ය බුද්ධියයි. එදා මෝඩකම් හා අද මෝඩකම් 2012 දී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල විශාල ලෙස වැඩිවිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට බලයේ සිටි රාජපක්ෂ පාලනය රටේ තෙල් මිල අතිවිශාල ලෙස ඉහළ දැම්මේය. සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 12 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 31 කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 කින්ද වැඩිවිය. මෙම මිල වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් භාණ්ඩ හා සේවා මිලද ඉහළ නැගුනි. භූමිතෙල් මිල ඉහළ යාමට එරෙහිව ධීවරයන් උද්ඝෝෂණය කළ අතර 2012 පෙබරවාරි 14 වෙනිදා මීගමුවේ සාමකාමී ධීවර උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් ඇන්තනි ප්‍රනාන්දු නම්වූ ධීවරයෙක් මරණයට පත්වුණි. 2009 කොටි සංවිධානය පරදා ඊලාම් යුද්ධය ජයග්රහණයෙන් නිමාකිරීම නිසා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණි රාජපක්ෂවරුන්ගේ බහින කලාව ඇරඹීමට 2012 ඉන්ධන මිල වැඩිවීම හා එහි ප්‍රතිඵලද බලපෑ බව පැහැදිලිය. 2009 දී රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගත්තේය.Stend by facility යන නමින් හැඳින්වෙන මෙම ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක් විය. 2009 ජුලි 24 වෙනිදා ණය ඉල්ලුම අනුමත වූ අතර මුදල් ලැබීම වාර කිහිපයකින් සිදුවිය. ණය කාලසීමාව අවසන් වූයේ 2012 ජුලි 23 දා ය. 2012 පෙබරවාරියේ දී රාජපක්ෂ ආණ්ඩුව තෙල් මිල ඉතා විශාල ලෙස වැඩිකිරීමට එක් හේතුවක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම බව නොරහසකි. ණය මුදලේ අවසන් වාරිකය ලබා ගැනීම සඳහා මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට අවනත වීම මෙලෙස තෙල් මිල විශාල ලෙස ඉහළ දැමීමට එක් හේතුවක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජපක්ෂ පාලනයේ පිරිහීමට හා පරාජයට දායක වූයේ එලෙසය. සිරිසේන - වික්‍රමසිංහ පාලනයේද 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගත්තේය. Extended fund facility නමින් හැඳින්වෙන මෙම ණය මුදල 2016 ජුනි මස 3 දා සිට 2019 ජුනි මස 2 දා දක්වා වාරික කිහිපයකින් ලබාදීමට නියමිතය. 2018 අප්‍රේල් 30 දා වන විට මෙම ණය මුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඉදිරි අර්ධය ඉදිරියේදී ලබාගත යුතුය. මෙම ඉතිරි මුදල ලැබීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත විය යුතුව ඇති අතර එයින් එක් ප්‍රධාන කොන්දේසියක් වනුයේ ජාත්‍යන්තර ඛනිජ තෙල් මිලට සරිලන ලෙස ලංකාවේ තෙල් මිල ගණන්ද ඉහළ දැමීමයි. ගතවූ සතියේ මෙරට තෙල් මිල 130% කින් ඉහළ දැමීමට ආණ්ඩුවට බලපෑ එක් හේතුවක් වූයේ මූල්‍ය අරමුදලේ මෙම කොන්දේසියයි. මූල්‍ය අරමුදලේම වාර්තාවලට අනුව අවස්ථා 16 කදී ලංකාවට අරමුදලෙන් විවිධාකාර ණය වර්ග ලබාගෙන තිබේ. මේ අතරින් අවස්ථා ගණනාවකදීම ණය ගත් ආණ්ඩුව ණය පොත වසරක් දෙකක් තුළ මැතිවරණ පරාජය වී බලයෙන් පහව ගොස් ඇත. (1969.70. standby agreement 1974, 75 standby agreement 2001, 2002 stadby agreement 2003, 2006 Extended Credit facility මේ අතර වේ) ණය ලබාගැනීමේ කොන්දේසි ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමට ආණ්ඩුවට සිදුවීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට බහුතරයක් ආණ්ඩුවට එරෙහිවීමත් නිසා මෙවැනි වෙනසක් හට ගන්නා බව නිගමනය කළ හැක. මාස දෙකින් දෙකට තෙල් මිල සංශෝධනය කිරීමට සිරිසේන - වික්‍රමසිංහ පාලනය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දැනට ජාත්‍යන්තර දේශපාලනය සලකා බලන විට පෙනී යනුයේ වැඩි ඉඩ කඩක් ඇත්තේ ලෝක තෙල් මිල අඩුවීම නොව වැඩිවීමට බවයි. වත්මන් ඇමරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ අදූරදර්ශී පිළිවෙත් නිසා ඉරානය හා ඊශ්‍රායලය අතර අවි ගැටුමක් පවා හටගෙන ඇති බවට ඇතැම් විචාරකයෝ අනතුරු හඟවති. ඉරානය සමග ඇති න්‍යෂ්ටික අවි පිළිබඳ ගිවිසුමෙන් අමෙරිකාව ගිය සතියේ ඉවත්වූ අතර මෙයද ජාත්‍යන්තර තෙල් සැපයුමට හා තෙල් මිලට අහිතකර ලෙස බලපානු ඇත. මේ සංදර්භය තුළ ලෝක තෙල් මිල දිගින් දිගටම වැඩි වුවහොත් ආණ්ඩුව කරන්නේ කුමක්ද? මෙරටේ තෙල් මිලත් මාස දෙකකින් දෙකට ඉහළ දැමීමද? එවන් පිළිවෙතක් අනුගමනය කිරීමෙන් තමන්ට කවරනම් දේශපාලනයමය හා මැතිවරණමය ප්‍රතිවිපාක අත්වේයැයි ආණ්ඩුව සිතන්නේද නැතහොත් තර්කානුකූලව සිතීමේ හැකියාව මේ ආණ්ඩුවටත් අහිමි වී ඇත්ද? මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන අතිබහුතරයක බලය හිමිව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ ශ්‍රීලපොපයට හෙවත් පොහොට්ටු පක්ෂයටය. නව පාලනය යටතේ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය යහපත් අතට වෙනස්වී ඇති බවක් නොපෙනේ. කසළ බැහැර කිරීම ඇතුළු පළාත් පාලන ආයතනවලින් සිදුවන සේවා බොහොමයක්ම තවමත් ක්‍රියාත්මක වනුයේ ඉබි වේගයෙනි. (එජාපය හා ශ්රීලනිපය අතැති කොළඹ ඇතුළු අනෙකුත් පළාත් පාලන ක්‍රියාකාරිත්වයද මෙලෙසම අක්රියකාරිය). පොහොට්ටු පක්ෂය යටතේ ඇති පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වයේ ඇති අක්රියශීලීභාවය හා විවිධාකාර අභ්‍යන්තර ගැටලු නිසා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගැනීමට රාජපක්ෂවරුන්ට අසීරු වනු ඇත. එහෙත් මෙම නොහැකියාවෙන් ප්‍රයෝජනය ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. මන්ද තමන්ගේ ඡන්ද ගොඩ ඒ මට්ටමෙන් පවත්වා ගැනීමටවත් ආණ්ඩුවට අසීරුවීම නිසාය. බදු බරත් බඩු මිලත් ජීවන වියදමත් ඉහළ යන තරමට ආණ්ඩුවේ ඡන්ද පදනම දියවී යාම නොවැලැක්විය හැක. 2018 නොවැම්බරය ආණ්ඩුවට 2018 පෙබරවාරියටත් වඩා කටුක මාසයක් වීමට ඉඩ ඇත්තේ එබැවිනි. ඡන්ද ක්‍රමය වෙනස් කරන මුවාවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරනවා නම් එය සමකළ හැක්කේ හිසරදයට පිළියමක් ලෙසට හිසට කුළු ගෙඩියකින් ගැසීමටය. මැතිවරණය කල් යත්ම වඩාත් ඉඩ ඇත්තේ ආණ්ඩුවේ ජනප්‍රියතාව ඉහළයාමට නොව තවත් හීනවීමය. 2018 පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණය නිමාවූ වහාම එම ජයග්‍රහණය දඩමීමා කරගනිමින් රට දේශපාලනික වශයෙන් අස්ථාවර කිරීමට රාජපක්ෂ පිල උත්සහ කළේය. 2018 නොවැම්බරයේදී වඩාත් දරුණු පරාජයක් ආණ්ඩුවට අත්වුවහොත් රට අස්ථාවරකොට අරාජික කිරීමේ රාජපක්ෂ උත්සාහය යළිත් පෙරට වඩා ශක්තිමත්ව පණගැන්වෙනු ඇත. එම තර්ජනයට මුහුණ දීමට තරම් අභ්‍යන්තර ශක්තියක් හෝ ජනතා සහයක් ආණ්ඩුවට ඇතැයි සිතා ගැනීමට අසීරුය. එබැවින් එවැනි තත්ත්වයක් තුළ එජාපයත් ශ්‍රීලනිපයත් කැඩීගොස් ආණ්ඩුව පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් හටගත හැක. ජනපති සිහිනය මිරිඟුවක්ද? 2015 වසරේදී තමන් දුන් තවත් පොරොන්දුව කඩකරමින් 2020 දී තමන් විශ්‍රාම නොයන බවට ජනපතිවරයා ප්‍රකාශ කර ඇත. ඊළඟ ජනපතිවරණයේදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයා සිරිසේන මහතා බව ශ්රීලනිපය කියයි. එජාපය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තම ඊළඟ ජනපති අපේක්ෂක බවය. 2018 නොවැම්බරයේ හා 2019 දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණවලින් ජය ගැනීමට ආණ්ඩුව සමත් නොවුවහොත් මේ ජනපති සිහිනවලට කුමක්වනු ඇත්දැයි ශ්‍රීලනිපයත් එජාපයත් සිතන්නේද? 2018 පෙබරවාරියේදී ආණ්ඩුව ලැබූ පරාජයට පාදකවූ තවත් හේතුවක් වූයේ ශ්රීලනිපය සහ එජාපය එක්ව තරග කරනු වෙනුවට වෙන්ව පසමිතුරන් ලෙස තරග කිරීමයි. සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන්ද වික්‍රමසිංහ මහතා එජාපයෙන්ද ඊළඟ ජනපතිවරණය සඳහා තරග වැදුණොත් එහි තියෙන ප්‍රතිඵලය වනු ඇත්තේ ජනපතිවරණයෙන් වික්‍රමසිංහ මහතා දෙවැනි තැනටත් සිරිසේන මහතා තෙවැනි තැනටත් පත්වීමය. එවැනි තුන්කොන් ඡන්දයකින් අනිවාර්යයෙන්ම පළමු තැන ගනු ඇත්තේ රාජපක්ෂ පිළේ අපේක්ෂකයා කවුරු වුවද ඒ පුද්ගලයාය. ගතවූ සතියේ වූ ඉන්ධන මිල ඉහළ යාම හා ඒ නිසා සමස්ත ජීවන වියදම වැඩිවීම හේතුවෙන් තුන්කොන් සටනක ප්‍රතිඵලය ශ්රීලනිපයටත් එජාපයටත් තවත් අවාසිදායකවනු නොඅනුමානය. අද හා ඊළඟ ජනපතිවරණය අතරැති වසර එක හමාරක් වැනි කෙටි කාලය තුළ ජීවන බර සැලකිය යුතු ලෙස අඩුකිරීමට ආණ්ඩුව පියවර නොගතහොත් ඊළඟ ජනපතිවරණයේදී වික්‍රමසිංහ මහතාට හා සිරිසේන මහතාට හිමිවනු ඇත්තේ නිකම්ම නිකම් පරාජයක් නොව අන්ත පරාජයකි. ඊළඟ ජනපතිවරණයෙන් රාජපක්ෂවරුන් බලයට පැමිණියහොත් හටගන්නා තත්ත්වය ගැන අමුතුවෙන් නොකිව මනාය. 2015 සිට අද දක්වා ලබාගෙන ඇති ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණ සියල්ල කණපිට පෙරළෙනු ඇත. ලංකාව යළිත් බලය පියාගෙන් පුතාටත් සොහොයුරාගෙන් සොහොයුරාටත් මාරුවෙන එක පවුලක රාජධානියක් බවට පත්වනු ඇත. වත්මන් ආණ්ඩුවේත් රාජපක්ෂවරුන්ගේත් ආර්ථික පිළිවෙත් බෙහෙවින් සමාන නිසා ජනතාව මුහුණ දෙන ජීවන වියදම් අර්බුදය විසැඳීමට රාජපක්ෂවරුන් අසමත්වනු ඇත. ඒ වෙනුවට විවිධ සතුරන් (කොටි දෙමළ බෙදුම්වාදීන් ඉස්ලාමීය අන්තවාදීන් කිතුණු මූල්යධර්මවාදීන්) මවා පා සිංහල බහුතරයේ සිත් භීතියෙන් මුසපත් කොට ජීවන වියදම් ප්රශ්නය කෙටි කාලීනව හෝ අමතක කරවීමට රාජපක්ෂවරුන් උත්සාහ කරනු ඇත. එහෙත් මේ අනාගතයයි. වර්තමානයේ කඩවුණු පොරොන්දු පිළිබඳ කලකිරී බඩු මිලෙන් තැවි තැවි සිටින ජනතාවට අනාගතය අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය තමන්ව රැවටූ පාලකයන්ට තමන්ගේ වේදනාව නොදකින නොතකන පාලකයන්ට රට ප්‍රශ්නවලින් මිරිකෙද්දී සුරංගනා කතා හා වැදිබණ කියන පාලකයන්ට හොඳ පාඩමක් ඉගැන්වීම පමණි. එබැවින් ඇතැමකු ඡන්දය දීමෙන් වළකින අතර අනෙකුත් අය රාජපක්ෂවරුන් වෙනුවෙන් කතිරය ගසනු ඇත. රටත් ආණ්ඩුවත් මුහුණ දෙන අනාගතය මෙයයි. ප්රශ්නය නම් ආණ්ඩුවේ වගකිව යුත්තන් කිසිවෙකුටත් මෙම උවදුර පෙනෙනවාද යන්නය. ඔවුන් අතිබහුතරයක් කියන කරන දෙයින් ගම්‍ය කළ හැක්කේ මේ අවදානම ඔවුන් නොදකින බවය.එයද පුදුමයක් නොවේ. 2015 දී තමන්ට නියත පරාජයක් අත්වන බව රාජපක්ෂවරු වටහා නොගත්හ. මෙරට බලයේ සිටි සියලුම ආණ්ඩු බලයෙන් පහවූයේ අපේක්ෂිතව නොව අනපේක්ෂිතවය. තමන්ගේ ජනප්‍රියතාවය හීනවී ඇති බවත් ජනතාව වෙනතක් බලන බවත් වටහා ගැනීමට මේ කිසිදු ආණ්ඩුවක් අසමත් විය. බලය තිබෙන විට මොළය නැතිවීම පමණක් නොව අඳ, ගොළු භාවයට පත්වීමත් සිදුවන බවට මෙම උදාහරණවලින් පෙනී යයි. සිරිසේන වික්‍රමසිංහ පාලනයට තම ගමන් මග නිවැරදි කරගැනීමට තිබූ හොඳම හා ඇතැම්විට අවසාන අවස්ථාව වූයේ පෙබරවාරි පළාත් පාලන මැතිවරණ පරාජයෙන් ලත් පාඩමයි. බඩු මිල ප්රශ්නය සම්බන්ධයෙන් ගතවූ සති දෙකක පමණ තුළ ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් පෙනී යනුයේ පාඩම ඉගෙන නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය. එළඹෙන මාස කිහිපය තුළද ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ ආකාරයෙන් නම් පළාත් සභා මැතිවරණයෙන් හා ජනපතිවරණයෙන් එජාපයත් ශ්‍රීලනිපයත් මහා පරාජයත් ලැබීම නියතය. මරණ තුනක් පෙනි පෙනී තිබියදී පැණි කෑ මිනිසා මෙන් සිරිසේන මහතාත් වික්‍රමසිංහ මහතාත් ඊළඟ ජනපතිවරණය පිළිබඳ සිහින මවති. යළිත් රාජපක්ෂ ජනපතිවරණයෙක් පත්වීම වැලැක්වීමට නම් කළ හැක්කේ එකම එක දෙයකි. 20 වන සංශෝධනයක් තුළින් විධායක ජනපති ක්‍රමය නිමා කිරීමයි. ලාංකීය ප්රජාතන්ත්රවාදය රැක ගැනීමටත් මේ රට රාජපක්ෂ පවුලේ කෙළි බිම බවට යළිත් පත්වීම වැළැක්වීමටත් ඒ හැර වෙනත් මගක් නොමැත. ප්රශ්නය නම් ඒ මග ගැනීමේ අවශ්‍යතාවය වටහා ගැනීමට තරම් බුද්ධිමත් ශක්තියක් සිරිසේන - වික්‍රමසිංහ පාලනයට තිබෙනවාද යන්නය. ජනපති ධුරය නම්වූ මිරිඟුව පසුපස හඹා යාම නතර කිරීමට සිරිසේන මහතාත් වික්‍රමසිංහ මහතාත් අසමත් වුවහොත් ලංකාව යළිත් රාජපක්ෂ ග්‍රහණයට පත්වීම නියතය. අසුබ වර්තමානයටද වඩා අනාගතය අසුබ වනුයේ එබැවිනි.
upulpdn said: එක්ස්පෝස් වෙයි කියලද දන්නෑ Click to expand... මම හිතන්නේ එක නෙමෙයි. අපි හිතනවට වඩා වෙබ් අඩවි පරිශීලනය දැන් ටිකක් වෙනස් පැත්තකට යන්නේ . නිදහස් අදහස් බාවිතය, පරිශීලනය සහ පරිකල්පනය අඩු වේගෙන යනවා කියලා හිතෙනවා. කොටින්ම උපහාසය සහ වියන්ගර්තයෙන් අදහස් ප්රකාශනයත් ගොඩක් අඩුවෙලා. මම කියවපු ලංකා දීපේ ගිය ආටිකල් 1 මේකේ දාන්නම් අදහසක් ගන්න. - ජය http://www.lankadeepa.lk/features/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%BA:-%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA-%E0%B6%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B6%A9%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%BA/2-529145 වර්තමානය අසුබය: අනාගතය ඊටත් වඩා අසුබය 2018 පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව (හා විශේෂයෙන්ම ශ්රීලනිපය) ලජ්ජා විය යුතු පරාජයක් ලබා යන්තම් තෙමසක් ගතවූවා පමණි. එහෙත් එම පරාජයේ මතකයන් ආණ්ඩුවේ නායකයන් හා මැති ඇමැතිවරුන්ගේ මතකයෙන් මුළුමනින්ම ගිලිහී ඇති බව පැහැදිලිය. 2015 නව ආණ්ඩුව දේශීය ඛණිජ තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස මෙන්ම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණිනි. හිටපු ඇමරිකානු ජනපති බරක් ඔබාමා මහතාගේ මූලිකත්වයෙන් ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන් ඉරානය සමග න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කිරීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීම ඇතුළු හේතු ගණනාවක් නිසා 2015 වන විට ජාත්‍යන්තර තෙල් මිල අඩුවෙමින් පැවතුනි. එහෙත් මේ වන විට තත්ත්වය වෙනස් වෙමින් තිබේ. 2018 මැයි මස වන විට ලෝක තෙල් මිල පෙර නුවු විරූ ලෙස ඉහළ නැග තිබුණි. රජය ලංකා රුපියල් අවප්‍රමාණයවීමට ඉඩ හැරීම නිසා තෙල් මිල ඉහළයාමේ බලපෑම මෙරටට තවත් දරුණු විය. එබැවින් දේශීය තෙල් මිලේ යම් වැඩිවීමක් සිදු නොකර බැරි තත්ත්වයකට ආණ්ඩුව පත්වූ බව පිළිගත යුතුය. කළ යුතු දේ වුවද කළ යුතු පිළිවෙළක් තිබේ. ආණ්ඩුව කළ යුතුව තිබුණේ තෙල් මිල ජනතාවට දරාගත හැකි මට්ටමකින් වැඩි කිරීමයි. එහෙත් ආණ්ඩුව කළේ එහි විලෝමයයි. එනම් හෙණ ගෙඩියක් පාත් වෙන්නාක් මෙන් අතිවිශාල ප්‍රමාණයන්ගෙන් තෙල් මිල වැඩි කිරීමය. ඒ මෝඩ තීරණයේ ප්‍රතිඵල මේ වන විටත් පැහැදිලිය. බස් ගාස්තු හා ත්‍රිරෝද රථ ගාස්තු ඉතා ඉක්මනින් ඉහළ යාමට නියමිතය. කන්ටේනර් ගාස්තු ඉහළ යාම නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තුත් එහි ප්‍රතිඵලයක් ලෙස පොදුවේ භාණ්ඩ මිලත් ඉහළ යනු නියතයි. විදුලිය හා වතුර බිල්ද වැඩිවීමට නියමිත බව වාර්තා වේ. පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සඳහා බදු වැඩිකිරීම නිසා ඒ භාණ්ඩවල මිලද ඉහළ ගොස් ඇත. කිරි මිල හා ගෑස් මිලද ගතවූ සති කිහිපයේදී වැඩිවුණි. 2018 නොවැම්බරයේ දී පළාත් සභා 6 ක මැතිවරණ පැවැත්වීමට නියමිතය. මෙම මැතිවරණවලට ආණ්ඩුව මුහුණ දෙනු ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම දැරිය නොහැකි තරම් ඉහළ ගිය තත්ත්වයක් තුළය. ජීවන බර දරාගත නොහැකි තත්ත්වයකට බහුතරයක් ජනතාව පත්ව තිබියදී පැවැත්වෙන මැතිවරණයකින් තමන්ට කවර නම් ඉරණමක් අත්වේදැයි ආණ්ඩුව සිතන්නේද? ගතවූ පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුව පැරදුණේ 2015 හා සසඳන විට රාජපක්ෂ පිල ලබාගත් ඡන්ද ප්‍රමාණය වැඩිවු නිසා නොවේ. 2015 හා 2018 අතර රාජපක්ෂ පිලේ ඡන්ද පදනම වැඩි වූයේවත් අඩුවූයේවත් නැත. එය නොවෙනස්ව පැවතිණි. 2018 දී ආණ්ඩුව පරාජය වූයේ 2015 දී තමන් ලත් ඡන්ද ප්‍රමාණය පවත්වා ගැනීමට එය අසමත් වීම නිසාය. 2015 දී රාජපක්ෂවරුන් පරාජය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එජාපයටත් ඡන්දය දුන් බොහෝ දෙනා සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේ බැරිකම් හා නොපනත්කම් නිසා කලකිරී 2018 දී ඡන්දය දීමෙන් වැලකී සිටියෝය. 2018 නොවැම්බරය වෙන විට මෙම තත්ත්වය තවත් දරුණු වන බව අනිවාර්ය ය. වත්මන් ජනතාව අත්විඳින ප්‍රශ්න සලකන විට 2018 පෙබරවාරියට සාපේක්ෂව 2018 නොවැම්බරයේදී ආණ්ඩුවේ ඡන්ද ගොඩ තවත් විශාල ප්‍රමාණයකින් පහළ යාම නැවැත්විය නොහැක. මේ එහි ප්‍රතිඵලය වනු ඇත්තේ පළාත් පාලන ඡන්දයේදී ලද පරාජයටත් වඩා දරුණු පරාජයක් පළාත් සභා ඡන්දයේ මුල් වටයේදීත් ශ්‍රීලනිපයට හා එජාපයට උරුම වීමයි. 2018 නොවැම්බරයේදී ආණ්ඩුව පරාජය වූ විට පැලැස්තර දමා පාලනය කොට තිබෙන දේශපාලන අර්බුදය යළිත් පුපුරා යනු අනිවාර්යය. ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව රාජපක්ෂවරුන් හා සන්ධානයකට යා යුතුය යන ඉල්ලීම වඩාත් ශක්තිමත්ව ශ්රීලනිපය තුළින්ම මතුවනු නියතය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහි බලවේගද ඊට සමපාතවම යළි නැගී සිටිනු ඇත. 2018 වසර නිම වනු ඇත්තේ ශ්රීලනිපයටත් එජාපයටත් දරුණු අභ්‍යන්තර ගැටුම් හා බෙදීම්වලට මුහුණ දෙන තත්ත්වයක් තුළය. මේ අනාගතය වටහා ගැනීමට මේ රටේ දේශපාලනය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් තිබීම ප්රමාණවත්ය. 2014 වන විට රාජපක්ෂවරුන්ට නොතිබුණේ ද 2018 වන විට සිරිසේන - වික්‍රමසිංහ පාලනයට අහිමිවී ඇත්තේද මේ සාමාන්‍ය බුද්ධියයි. එදා මෝඩකම් හා අද මෝඩකම් 2012 දී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල විශාල ලෙස වැඩිවිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට බලයේ සිටි රාජපක්ෂ පාලනය රටේ තෙල් මිල අතිවිශාල ලෙස ඉහළ දැම්මේය. සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 12 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 31 කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 කින්ද වැඩිවිය. මෙම මිල වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් භාණ්ඩ හා සේවා මිලද ඉහළ නැගුනි. භූමිතෙල් මිල ඉහළ යාමට එරෙහිව ධීවරයන් උද්ඝෝෂණය කළ අතර 2012 පෙබරවාරි 14 වෙනිදා මීගමුවේ සාමකාමී ධීවර උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් ඇන්තනි ප්‍රනාන්දු නම්වූ ධීවරයෙක් මරණයට පත්වුණි. 2009 කොටි සංවිධානය පරදා ඊලාම් යුද්ධය ජයග්රහණයෙන් නිමාකිරීම නිසා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණි රාජපක්ෂවරුන්ගේ බහින කලාව ඇරඹීමට 2012 ඉන්ධන මිල වැඩිවීම හා එහි ප්‍රතිඵලද බලපෑ බව පැහැදිලිය. 2009 දී රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගත්තේය.Stend by facility යන නමින් හැඳින්වෙන මෙම ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක් විය. 2009 ජුලි 24 වෙනිදා ණය ඉල්ලුම අනුමත වූ අතර මුදල් ලැබීම වාර කිහිපයකින් සිදුවිය. ණය කාලසීමාව අවසන් වූයේ 2012 ජුලි 23 දා ය. 2012 පෙබරවාරියේ දී රාජපක්ෂ ආණ්ඩුව තෙල් මිල ඉතා විශාල ලෙස වැඩිකිරීමට එක් හේතුවක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම බව නොරහසකි. ණය මුදලේ අවසන් වාරිකය ලබා ගැනීම සඳහා මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට අවනත වීම මෙලෙස තෙල් මිල විශාල ලෙස ඉහළ දැමීමට එක් හේතුවක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජපක්ෂ පාලනයේ පිරිහීමට හා පරාජයට දායක වූයේ එලෙසය. සිරිසේන - වික්‍රමසිංහ පාලනයේද 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගත්තේය. Extended fund facility නමින් හැඳින්වෙන මෙම ණය මුදල 2016 ජුනි මස 3 දා සිට 2019 ජුනි මස 2 දා දක්වා වාරික කිහිපයකින් ලබාදීමට නියමිතය. 2018 අප්‍රේල් 30 දා වන විට මෙම ණය මුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඉදිරි අර්ධය ඉදිරියේදී ලබාගත යුතුය. මෙම ඉතිරි මුදල ලැබීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත විය යුතුව ඇති අතර එයින් එක් ප්‍රධාන කොන්දේසියක් වනුයේ ජාත්‍යන්තර ඛනිජ තෙල් මිලට සරිලන ලෙස ලංකාවේ තෙල් මිල ගණන්ද ඉහළ දැමීමයි. ගතවූ සතියේ මෙරට තෙල් මිල 130% කින් ඉහළ දැමීමට ආණ්ඩුවට බලපෑ එක් හේතුවක් වූයේ මූල්‍ය අරමුදලේ මෙම කොන්දේසියයි. මූල්‍ය අරමුදලේම වාර්තාවලට අනුව අවස්ථා 16 කදී ලංකාවට අරමුදලෙන් විවිධාකාර ණය වර්ග ලබාගෙන තිබේ. මේ අතරින් අවස්ථා ගණනාවකදීම ණය ගත් ආණ්ඩුව ණය පොත වසරක් දෙකක් තුළ මැතිවරණ පරාජය වී බලයෙන් පහව ගොස් ඇත. (1969.70. standby agreement 1974, 75 standby agreement 2001, 2002 stadby agreement 2003, 2006 Extended Credit facility මේ අතර වේ) ණය ලබාගැනීමේ කොන්දේසි ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමට ආණ්ඩුවට සිදුවීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට බහුතරයක් ආණ්ඩුවට එරෙහිවීමත් නිසා මෙවැනි වෙනසක් හට ගන්නා බව නිගමනය කළ හැක. මාස දෙකින් දෙකට තෙල් මිල සංශෝධනය කිරීමට සිරිසේන - වික්‍රමසිංහ පාලනය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දැනට ජාත්‍යන්තර දේශපාලනය සලකා බලන විට පෙනී යනුයේ වැඩි ඉඩ කඩක් ඇත්තේ ලෝක තෙල් මිල අඩුවීම නොව වැඩිවීමට බවයි. වත්මන් ඇමරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ අදූරදර්ශී පිළිවෙත් නිසා ඉරානය හා ඊශ්‍රායලය අතර අවි ගැටුමක් පවා හටගෙන ඇති බවට ඇතැම් විචාරකයෝ අනතුරු හඟවති. ඉරානය සමග ඇති න්‍යෂ්ටික අවි පිළිබඳ ගිවිසුමෙන් අමෙරිකාව ගිය සතියේ ඉවත්වූ අතර මෙයද ජාත්‍යන්තර තෙල් සැපයුමට හා තෙල් මිලට අහිතකර ලෙස බලපානු ඇත. මේ සංදර්භය තුළ ලෝක තෙල් මිල දිගින් දිගටම වැඩි වුවහොත් ආණ්ඩුව කරන්නේ කුමක්ද? මෙරටේ තෙල් මිලත් මාස දෙකකින් දෙකට ඉහළ දැමීමද? එවන් පිළිවෙතක් අනුගමනය කිරීමෙන් තමන්ට කවරනම් දේශපාලනයමය හා මැතිවරණමය ප්‍රතිවිපාක අත්වේයැයි ආණ්ඩුව සිතන්නේද නැතහොත් තර්කානුකූලව සිතීමේ හැකියාව මේ ආණ්ඩුවටත් අහිමි වී ඇත්ද? මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන අතිබහුතරයක බලය හිමිව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ ශ්‍රීලපොපයට හෙවත් පොහොට්ටු පක්ෂයටය. නව පාලනය යටතේ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය යහපත් අතට වෙනස්වී ඇති බවක් නොපෙනේ. කසළ බැහැර කිරීම ඇතුළු පළාත් පාලන ආයතනවලින් සිදුවන සේවා බොහොමයක්ම තවමත් ක්‍රියාත්මක වනුයේ ඉබි වේගයෙනි. (එජාපය හා ශ්රීලනිපය අතැති කොළඹ ඇතුළු අනෙකුත් පළාත් පාලන ක්‍රියාකාරිත්වයද මෙලෙසම අක්රියකාරිය). පොහොට්ටු පක්ෂය යටතේ ඇති පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වයේ ඇති අක්රියශීලීභාවය හා විවිධාකාර අභ්‍යන්තර ගැටලු නිසා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගැනීමට රාජපක්ෂවරුන්ට අසීරු වනු ඇත. එහෙත් මෙම නොහැකියාවෙන් ප්‍රයෝජනය ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. මන්ද තමන්ගේ ඡන්ද ගොඩ ඒ මට්ටමෙන් පවත්වා ගැනීමටවත් ආණ්ඩුවට අසීරුවීම නිසාය. බදු බරත් බඩු මිලත් ජීවන වියදමත් ඉහළ යන තරමට ආණ්ඩුවේ ඡන්ද පදනම දියවී යාම නොවැලැක්විය හැක. 2018 නොවැම්බරය ආණ්ඩුවට 2018 පෙබරවාරියටත් වඩා කටුක මාසයක් වීමට ඉඩ ඇත්තේ එබැවිනි. ඡන්ද ක්‍රමය වෙනස් කරන මුවාවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරනවා නම් එය සමකළ හැක්කේ හිසරදයට පිළියමක් ලෙසට හිසට කුළු ගෙඩියකින් ගැසීමටය. මැතිවරණය කල් යත්ම වඩාත් ඉඩ ඇත්තේ ආණ්ඩුවේ ජනප්‍රියතාව ඉහළයාමට නොව තවත් හීනවීමය. 2018 පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණය නිමාවූ වහාම එම ජයග්‍රහණය දඩමීමා කරගනිමින් රට දේශපාලනික වශයෙන් අස්ථාවර කිරීමට රාජපක්ෂ පිල උත්සහ කළේය. 2018 නොවැම්බරයේදී වඩාත් දරුණු පරාජයක් ආණ්ඩුවට අත්වුවහොත් රට අස්ථාවරකොට අරාජික කිරීමේ රාජපක්ෂ උත්සාහය යළිත් පෙරට වඩා ශක්තිමත්ව පණගැන්වෙනු ඇත. එම තර්ජනයට මුහුණ දීමට තරම් අභ්‍යන්තර ශක්තියක් හෝ ජනතා සහයක් ආණ්ඩුවට ඇතැයි සිතා ගැනීමට අසීරුය. එබැවින් එවැනි තත්ත්වයක් තුළ එජාපයත් ශ්‍රීලනිපයත් කැඩීගොස් ආණ්ඩුව පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් හටගත හැක. ජනපති සිහිනය මිරිඟුවක්ද? 2015 වසරේදී තමන් දුන් තවත් පොරොන්දුව කඩකරමින් 2020 දී තමන් විශ්‍රාම නොයන බවට ජනපතිවරයා ප්‍රකාශ කර ඇත. ඊළඟ ජනපතිවරණයේදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයා සිරිසේන මහතා බව ශ්රීලනිපය කියයි. එජාපය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තම ඊළඟ ජනපති අපේක්ෂක බවය. 2018 නොවැම්බරයේ හා 2019 දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණවලින් ජය ගැනීමට ආණ්ඩුව සමත් නොවුවහොත් මේ ජනපති සිහිනවලට කුමක්වනු ඇත්දැයි ශ්‍රීලනිපයත් එජාපයත් සිතන්නේද? 2018 පෙබරවාරියේදී ආණ්ඩුව ලැබූ පරාජයට පාදකවූ තවත් හේතුවක් වූයේ ශ්රීලනිපය සහ එජාපය එක්ව තරග කරනු වෙනුවට වෙන්ව පසමිතුරන් ලෙස තරග කිරීමයි. සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන්ද වික්‍රමසිංහ මහතා එජාපයෙන්ද ඊළඟ ජනපතිවරණය සඳහා තරග වැදුණොත් එහි තියෙන ප්‍රතිඵලය වනු ඇත්තේ ජනපතිවරණයෙන් වික්‍රමසිංහ මහතා දෙවැනි තැනටත් සිරිසේන මහතා තෙවැනි තැනටත් පත්වීමය. එවැනි තුන්කොන් ඡන්දයකින් අනිවාර්යයෙන්ම පළමු තැන ගනු ඇත්තේ රාජපක්ෂ පිළේ අපේක්ෂකයා කවුරු වුවද ඒ පුද්ගලයාය. ගතවූ සතියේ වූ ඉන්ධන මිල ඉහළ යාම හා ඒ නිසා සමස්ත ජීවන වියදම වැඩිවීම හේතුවෙන් තුන්කොන් සටනක ප්‍රතිඵලය ශ්රීලනිපයටත් එජාපයටත් තවත් අවාසිදායකවනු නොඅනුමානය. අද හා ඊළඟ ජනපතිවරණය අතරැති වසර එක හමාරක් වැනි කෙටි කාලය තුළ ජීවන බර සැලකිය යුතු ලෙස අඩුකිරීමට ආණ්ඩුව පියවර නොගතහොත් ඊළඟ ජනපතිවරණයේදී වික්‍රමසිංහ මහතාට හා සිරිසේන මහතාට හිමිවනු ඇත්තේ නිකම්ම නිකම් පරාජයක් නොව අන්ත පරාජයකි. ඊළඟ ජනපතිවරණයෙන් රාජපක්ෂවරුන් බලයට පැමිණියහොත් හටගන්නා තත්ත්වය ගැන අමුතුවෙන් නොකිව මනාය. 2015 සිට අද දක්වා ලබාගෙන ඇති ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණ සියල්ල කණපිට පෙරළෙනු ඇත. ලංකාව යළිත් බලය පියාගෙන් පුතාටත් සොහොයුරාගෙන් සොහොයුරාටත් මාරුවෙන එක පවුලක රාජධානියක් බවට පත්වනු ඇත. වත්මන් ආණ්ඩුවේත් රාජපක්ෂවරුන්ගේත් ආර්ථික පිළිවෙත් බෙහෙවින් සමාන නිසා ජනතාව මුහුණ දෙන ජීවන වියදම් අර්බුදය විසැඳීමට රාජපක්ෂවරුන් අසමත්වනු ඇත. ඒ වෙනුවට විවිධ සතුරන් (කොටි දෙමළ බෙදුම්වාදීන් ඉස්ලාමීය අන්තවාදීන් කිතුණු මූල්යධර්මවාදීන්) මවා පා සිංහල බහුතරයේ සිත් භීතියෙන් මුසපත් කොට ජීවන වියදම් ප්රශ්නය කෙටි කාලීනව හෝ අමතක කරවීමට රාජපක්ෂවරුන් උත්සාහ කරනු ඇත. එහෙත් මේ අනාගතයයි. වර්තමානයේ කඩවුණු පොරොන්දු පිළිබඳ කලකිරී බඩු මිලෙන් තැවි තැවි සිටින ජනතාවට අනාගතය අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය තමන්ව රැවටූ පාලකයන්ට තමන්ගේ වේදනාව නොදකින නොතකන පාලකයන්ට රට ප්‍රශ්නවලින් මිරිකෙද්දී සුරංගනා කතා හා වැදිබණ කියන පාලකයන්ට හොඳ පාඩමක් ඉගැන්වීම පමණි. එබැවින් ඇතැමකු ඡන්දය දීමෙන් වළකින අතර අනෙකුත් අය රාජපක්ෂවරුන් වෙනුවෙන් කතිරය ගසනු ඇත. රටත් ආණ්ඩුවත් මුහුණ දෙන අනාගතය මෙයයි. ප්රශ්නය නම් ආණ්ඩුවේ වගකිව යුත්තන් කිසිවෙකුටත් මෙම උවදුර පෙනෙනවාද යන්නය. ඔවුන් අතිබහුතරයක් කියන කරන දෙයින් ගම්‍ය කළ හැක්කේ මේ අවදානම ඔවුන් නොදකින බවය.එයද පුදුමයක් නොවේ. 2015 දී තමන්ට නියත පරාජයක් අත්වන බව රාජපක්ෂවරු වටහා නොගත්හ. මෙරට බලයේ සිටි සියලුම ආණ්ඩු බලයෙන් පහවූයේ අපේක්ෂිතව නොව අනපේක්ෂිතවය. තමන්ගේ ජනප්‍රියතාවය හීනවී ඇති බවත් ජනතාව වෙනතක් බලන බවත් වටහා ගැනීමට මේ කිසිදු ආණ්ඩුවක් අසමත් විය. බලය තිබෙන විට මොළය නැතිවීම පමණක් නොව අඳ, ගොළු භාවයට පත්වීමත් සිදුවන බවට මෙම උදාහරණවලින් පෙනී යයි. සිරිසේන වික්‍රමසිංහ පාලනයට තම ගමන් මග නිවැරදි කරගැනීමට තිබූ හොඳම හා ඇතැම්විට අවසාන අවස්ථාව වූයේ පෙබරවාරි පළාත් පාලන මැතිවරණ පරාජයෙන් ලත් පාඩමයි. බඩු මිල ප්රශ්නය සම්බන්ධයෙන් ගතවූ සති දෙකක පමණ තුළ ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් පෙනී යනුයේ පාඩම ඉගෙන නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය. එළඹෙන මාස කිහිපය තුළද ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ ආකාරයෙන් නම් පළාත් සභා මැතිවරණයෙන් හා ජනපතිවරණයෙන් එජාපයත් ශ්‍රීලනිපයත් මහා පරාජයත් ලැබීම නියතය. මරණ තුනක් පෙනි පෙනී තිබියදී පැණි කෑ මිනිසා මෙන් සිරිසේන මහතාත් වික්‍රමසිංහ මහතාත් ඊළඟ ජනපතිවරණය පිළිබඳ සිහින මවති. යළිත් රාජපක්ෂ ජනපතිවරණයෙක් පත්වීම වැලැක්වීමට නම් කළ හැක්කේ එකම එක දෙයකි. 20 වන සංශෝධනයක් තුළින් විධායක ජනපති ක්‍රමය නිමා කිරීමයි. ලාංකීය ප්රජාතන්ත්රවාදය රැක ගැනීමටත් මේ රට රාජපක්ෂ පවුලේ කෙළි බිම බවට යළිත් පත්වීම වැළැක්වීමටත් ඒ හැර වෙනත් මගක් නොමැත. ප්රශ්නය නම් ඒ මග ගැනීමේ අවශ්‍යතාවය වටහා ගැනීමට තරම් බුද්ධිමත් ශක්තියක් සිරිසේන - වික්‍රමසිංහ පාලනයට තිබෙනවාද යන්නය. ජනපති ධුරය නම්වූ මිරිඟුව පසුපස හඹා යාම නතර කිරීමට සිරිසේන මහතාත් වික්‍රමසිංහ මහතාත් අසමත් වුවහොත් ලංකාව යළිත් රාජපක්ෂ ග්‍රහණයට පත්වීම නියතය. අසුබ වර්තමානයටද වඩා අනාගතය අසුබ වනුයේ එබැවිනි.