ෂැම්පූ_බෝතලයකින්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ෂැම්පූ_බෝතලයකින්

ෂැම්පූ බෝතලයකින් දරුවන්ගේ දිවි රකින දොස්තර මහත්මයා



"වෛද්‍යවරයෙකු ලෙස මම සේවයට ආපු පළමු දවසේ රාත්‍රියේ මගේ ඇස් ඉදිරිපිට පුංචි ළමයි තුන්දෙනෙක් මියගියා. මම හරියට අසරණ වුනා. මම ඇඬුව." වෛද්‍ය මොහමඩ් ජුබායර් චිස්ටි 1996 දී සිය වෘත්තීය ආරම්භ කළේ බංග්ලාදේශයේ රෝහලක ළමා වාට්ටුවේ ය.

ඔහුගේ පළමු රාත්‍රිය කොහෙත්ම සුවදායක රාත්‍රියක් නොවීය. නිව්මෝනියාව වැළඳී මියයන කුඩා දරුවන් වෙනුවෙන් තමන් යමක් කළ යුතු බවට, ඒ රැය පහන් වෙද්දී ඔහු තමන්ට ම සපථ කර ගත්තේය.


_98283409_96a42985-f081-43c0-9a58-630518cef544.jpg


ඩොලර් 1යි ශත 25යි

වසරකට ලොව පුරා දරුවන් 920,000ක් පමණ නියුමෝනියාවෙන් මියයන බවට ගණන් බලා තිබේ. ඉන් බහුතරය දකුණු ආසියාතික සහ අප්‍රිකානු උප සහරා කලාපීය දරුවන් ය. දශක දෙකක් පුරා කරන ලද පර්යේෂණවලින් අනතුරුව දරුවන් දහස් ගණනකගේ දිවි බේරා ගත හැකි ලාබදායී උපකරණයක් නිර්මාණය කිරීමට වෛද්‍ය චිස්ටි සමත් විය.

අධික මිල

නියුමෝනියාවෙන් හානි සිදුවන්නේ පෙනහලුවලට ය. වෛරස හෝ බැක්ටීරියා පෙනහලු ආක්‍රමණය කරති. පෙනහලු ඉදිමී දියර පිරීම නිසා හුස්ම ගැනීම අපහසු කරවයි. සංවර්ධිත රටවල මෙවැනි අවස්ථාවක භාවිත කළ හැකි යන්ත්‍ර පවතී. නමුත් එවැනි යන්ත්‍රයක මිල ඩොලර් 15000ක් පමණ වෙයි. එම යන්ත්‍රය ක්‍රියා කරවීම සඳහා පුහුණුව ලත් විශේෂ කාර්ය මණ්ඩලයක් යෙදවිය යුතුය.
බංග්ලාදේශය වැනි සංවර්ධනය වෙමින් පවතින රටක රෝහල්වලට එම වියදම දරා ගත නොහැකිය.


_98283412_6bc8c06f-8e77-491a-86b4-8a7608ed70da.jpg


බුබුලු මගින් ඉහළට ඇතිකරන පීඩනය ආධාරයෙන් පෙනහලු තුළ ඇති වායු කුටීර විවෘතව තැබෙයි

ඔස්ට්‍රේලියාවේ රෝහලක සේවය කරමින් සිටින අවධියක වෛද්‍ය චිස්ටි අපූරු යන්ත්‍රයක් දුටුවේය. එය ශ්වසන ආධාරක යන්ත්‍රයකි. (bubble CPAP) හුස්ම ගැනීමට අපහසුවෙන් සිටින රෝගියාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා දීමට මෙම යන්ත්‍රය යොදා ගනී. නමුත් එහි මිල අධික ය.



හිස් ෂැම්පු බෝතල්



නැවත බංග්ලාදේශයට පැමිණි ඔහුගේ එකම අධිෂ්ඨානය වූයේ ඉතා අඩු මුදලකින් එවැනි යන්ත්‍රයක් නිපදවීම ය. වෛද්‍ය චිස්ටි තම සගයෙකු සමඟ එක්වී, ඉවත ලා තිබූ හිස් ෂැම්පු බෝතල් කිහිපයක් එකතු කර ගත්තේය. ඒවා ජලයෙන් පිරවීය. කුඩා ප්ලාස්ටික් බටයක එක් කෙළවරක් ඊට ඇතුළු කළේය.


_98284505_caphture.jpg


කෙතරම් රාජකාරි බහුල වුවත් ළමා වාට්ටුවට පැමිණ කුඩා දරුවන් සමඟ මොහොතක් හෝ කෙළිදෙළෙන් ගතකිරීමට ද ඔහුට කාලය තිබේ

"ඔක්සිජන් ටැංකියකින් ලැබෙන වායුව ආශ්වාස කරලා ඒ හුස්ම පිට කරන්නේ මේ බටය දිගේ. ඒ හුස්ම ජලය හරහා යද්දී ජලයෙන් බුබුලු මතුවෙනවා." ඔහු පැහැදිලි කළේය. එම බුබුලු මගින් ඉහළට ඇතිකරන පීඩනය ආධාරයෙන් පෙනහලු තුළ ඇති වායු කුටීර විවෘතව තැබෙයි."අපි මේ ක්‍රමය අත්හදා බැලුව රෝගීන් කිහිප දෙනෙකුටම. පැය කීපයක් ඇතුළත ඉතා හොඳ ප්‍රතිඵල ලැබුන." වෛද්‍ය චිස්ටි පවසයි.

"මගේ දරුවට සනීපයි"

"දොස්තර මහත්තුරු හරියට මහන්සි වුනා. ඔක්සිජන් දුන්න.., බට දාල කෑම දුන්න..., ඊට පස්සේ මේ බෝතලේට වතුර පුරවල බට දාල දරුවගෙ නහයට හයිකළා...." කොහිනුර් බෙගම් එසේ පැවසුවේ තම කුඩා දියණිය දෙස බලමිනි. ඇයගේ දියණිය මෙම රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් එක් කුඩා දරුවෙක් පමණි.


_98283414_187afa47-3bf0-4573-99ce-7e2f12780647.jpg


කොහිනුර් බෙගම්ගේ දියණිය මෙම රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් එක් කුඩා දරුවෙක් පමණි

"ඊට පස්සේ මගේ දරුව සනීප වෙනවා දැක්කම මට හරිම සතුටුයි."
වෛද්‍ය චිස්ටි මෙම ක්‍රමය අත්හදා බලමින් වසර දෙකක් තිස්සේ පර්යේෂණවල යෙදුනි. අනතුරුව එහි ප්‍රතිඵල වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කළේය.

ඩොලර් 1යි ශත 25යි



මෙම 'බුබුලු යන්ත්‍රය' මගින් ශ්වසනයට ආධාර කිරීමෙන් ළමා මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවූ බව එම පර්යේෂණයේ ප්‍රතිඵලවලින් සනාථ වෙයි.
ඩොලර් 1.25ක් වැනි කුඩා මුදලකින් සාදා ගත හැකි මෙම ශ්වසන ආධාරකය යොදා ගැනීමෙන් පසු ළමා මරණ සංඛ්‍යාව 75%කින් අඩු කරගත හැකිවූ බව පෙනී ගියේය. මේ සඳහා එතරම් ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බැවින් රෝහලට මිලදී ගන්නා ඔක්සිජන් ටැංකි ප්‍රමාණය ද අඩු විය.


_98283416_capturxde.jpg


"ඒ සතුට ප්‍රකාශ කළ හැකි භාෂාවක් මම දන්නේ නැහැ." -වෛද්‍ය මොහමඩ් ජුබායර් චිස්ටි

ඔක්සිජන් වෙනුවෙන් වසරකට වැයකළ ඩොලර් 30,000ක මුදල ඩොලර් 6000 දක්වා අඩුකර ගත හැකි විය. මේවන විට කුඩා දරුවන් 600ක් පමණ මෙම ලාබදායි ශ්වසන ආධාරකයේ පිහිට ලබති.


සතුට ප්‍රකාශ කළහැකි භාෂාව



වෛද්‍ය චිස්ටි ට මෑතකදී උස්සස් වීමක් ලැබුණි. සිය රෝහලේ සායනික පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස ඔහු පත්විය.කෙතරම් රාජකාරි බහුල වුවත් ළමා වාට්ටුවට පැමිණ කුඩා දරුවන් සමඟ මොහොතක් හෝ කෙළිදෙළෙන් ගතකිරීමට ද ඔහුට කාලය තිබේ.


_98283417_88482d88-bc0d-4c57-a2b1-7835a86ddcf3.jpg


මේවන විට කුඩා දරුවන් 600ක් පමණ මෙම "ෂැම්පු බෝතල් ශ්වසන ආධාරකයේ" පිහිට ලබති

මීට විසි වසරකට පෙර තමා සපථ කරගත් දෙය ඉෂ්ඨ කිරීමට ඔහුට හැකිවිය."ඒ සතුට ප්‍රකාශ කළ හැකි භාෂාවක් මම දන්නේ නැහැ." තම සතුට පිටවූයේ එලෙසිනි.තමන් සොයාගත් මෙම "ෂැම්පු බෝතල් ශ්වසන යන්ත්‍රය" සෑම රෝහලකම තිබෙනු දැකීම ඔහුගේ අපේක්ෂාවයි. "අන්න එදාට අපිට කියන්න පුලුවන්වෙයි නියුමෝනියාවෙන් මරණයට පත්වෙන දරුවන්ගේ ගණන බිංදුවට ආසන්නයි කියල." චිස්ටි දොස්තර මහත්මයා පවසයි.


_98284507_captucccre.jpg


"දොස්තර මහත්තුරු හරියට මහන්සි වුනා. ඔක්සිජන් දුන්න.., බට දාල කෑම දුන්න..., ඊට පස්සේ මේ බෝතලේට වතුර පුරවල බට දාල දරුවගෙ නහයට හයිකළා...."

bbc-blocks-dark.png

 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෛද්‍යවරු කියන්නේ මේ වගේ අයටයි. තමන්ගේ ලැබෙන පඩියට අමතරව රෝගින්ට සාධාරණයක් ඉටු කරන්න වෙර දැරිම.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ෂැම්පූ_බෝතලයකින් 10-13-2017 12:22 PM පුක දෙන්ඩ එපා හුත්තෝ...වෙන ත්‍රෙඩ් එකක් හොය&#3

    Ei ban elipita comment karanna baya .
     
    • Like
    Reactions: malakadss