ෂිකෝකුවට වසන්තය Dual-mode 18+

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    පසුගිය දශක කිහිපය තුළ ලොව ප්‍රවාහනය ඉතා විශාල වෙනස්කම් රාශියකට භාජනය වුණා. මේ හේතුවෙන් ලොව එක් තැනෙක සිට තවත් තැනකට ගමන් කිරීම වඩාත් කාර්යයක්ෂ්ම වී තිබෙනවා. නවීන තාක්ෂණයේ මහිමයෙන් නිරන්තරයෙන් සිදුවන යාවත්කාලීනවීම් නිසා කලින් කලට එක් එක් මාදිලියේ වාහන ලොව නිපදවෙමින් පවතිනවා. මින් සමහරක් අනාගත ලෝකයේ අභියෝග හොඳින් ම ජයගත හැකි මට්ටමේ ඒවා වෙනවා.

    ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ජපානයේදී පසුගිය දා කල එළි දැක්වූ 'අවශ්‍ය විටෙක දී ප්‍රවාහන විධික්‍රමය මාරු කළ හැකි’ සුහුරු වාහනය ඒ අතරින් ඉදිරියෙන් ම තිබෙන බව බොහෝ විද්වතුන්ගේ මතය යි.

    තත්පර 15න් මහ මඟින් දුම්රිය මඟට


    ජපානය සිය නවත ම තාක්ෂණය යොදා ගෙන නිපද වූ, මහ මඟ හා රේල් මාර්ගවල ධාවනය කළ හැකි සුහුරු බස් රථය ටොකුෂිමා හා කෝචි අතර ධාවනයට පසුගියදා යෙදවූවා. මෙම වර්ගයේ වාහන අනාගතයේ ජපානය පුරා යෙදවීමේ අටියෙන් පරීක්ෂණයක් ලෙස යොදවා ඇති මෙය හා හා පුරා කියා පසුගිය නත්තල් දින, එනම් 2021 දෙසැම්බර් මස 25 වන දින සිය මංගල ගමනෙහි යෙදුණා. එය මේ ආකාරයෙන් ප්‍රවාහන මාධ්‍ය දෙකක ගමනේ යෙදිය හැකි පළමු මගී වාහනය ලෙස වාර්තා පොත් අතරට යන අතර, එමගින් කාර්යයක්ෂ්ම සේවාවක් ලබා දීම බලාපොරොත්තුව යි. මේත් සමඟ මෑත කාලයේ දී දැඩි ලෙස ජනගහනය අඩු වෙමින් පවතින ෂිකෝකු හි පහළ දකුණුදිග පෙදෙස්වල ප්‍රවාහන අපහසුතා මගහැරී, එම ප්‍රවණතාව වියැකී යනු ඇති බවට ද අපේක්ෂිත ය. එම පෙදෙස්වලට සංචාරක පැමිණීමේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර, එනයින් එහි ආර්ථිකය ද දියුණුවේ යැයි, අදාළ නිලධාරීන් බලපොරොත්තු වෙනවා.

    sU9yvlWgBG7qVbPC_2.-Vehicle.jpg

    ජපානයේ ටොකුෂිමා හී කයියෝ නුවර මහාමාර්ගයේ ධාවනය වන නව ද්විත්ව මාධ්‍ය රිය- japan-forward.com

    ජපානයේ 'අසා සීසයිඩ් රේල්වේ' නම් සමාගමට අයත් මෙම නව වාහනය දිගු බොනැට්ටුවක් සහිත, ආසන 18 කින් සමන්විත එකක් වෙනවා. මෙය 'මාධ්‍ය වෙනස්කිරීමට' බඳුන් කරන විට නවතා තැබිය යුතු වන අතර, දළ වශයෙන් තත්පර 15 ක කාලයක් තුළ දී සම්පූර්ණයෙන් ම මහ මාර්ගයේ ගමන් කිරීමට සුදුසු බස් රථයක සිට, රේල් මාර්ගයක ගමන් කළ හැකි දුම්රියක් බවට පත් වෙනවා. විශේෂත්වය වන්නේ මෙම වෙනස්කම සියලු මගීන් සිය ආසනවල සිටිය දී ම සිදුකළ හැකි වීම යි. මෙය ඔවුනට කිසිදු අපහසුතාවක් නොදැනෙන පරිදි සිදුකළ හැකි වීමත් සුවිශේෂී වෙනවා.

    ඉතා සාධාරණ මුදලක්


    මෙම ද්විත්ව මාධ්‍ය වාහනයෙහි ගමන් කරන්නකුට ඉතා සාධාරණ මුදලකට ඔබ මොබ යාමට හැකියාව ලැබෙනවා. දැනට මෙය ධාවනයෙහි යොදා ඇති මාර්ගයෙහි දිනකට ගමන් වාර 13 ත් 15 ත් අතර ගණනක් සිදුකෙරෙන අතර, එහි සම්පූර්ණ දුර ගමන් කිරීමට ජපන් යෙන් 800 ක ටිකට් පතක් මිල දී ගත යුතු වෙනවා. මෙය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 7 ක පමණ මුදලක් වන අතර ශ්‍රී ලංකා රුපියල් වලින් එය 1400 ක පමණ අගයක් වෙනවා.
    මේ වන විට මෙහි වාහන මාදිලි තුනක් සේවයේ යොදවා ඇති අතර ඒවා රතු, නිල් හා කොළ පැහැති වෙනවා. මෙම වාහනය නිපදවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් හෙවත් ජපාන යෙන් මිලියන 140 ක් වියදම් වී තිබෙනවා. මෙම සුහුරු වාහනය මහාමාර්ගයේ පැයට කිලෝමීටර 100 ක වේගයෙන් ද, රේල් මාර්ගයේ පැයට කිලෝමීටර 60 ක වේගයෙන් ද ධාවනය කරවිය හැකි යි.
    RUTuHHHIpuN0OpI8_3.-Colours.jpg
    සේවයේ යොදවා ඇති වාහන මාදිලි ත්‍රිත්වය- Setouchi DMO

    මෙම වාහන සේවයේ යෙදවූයේ ඇයි?

    මෙම ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි මෙම සුහුරු වාහන සේවයෙහි යෙදවීමට ප්‍රධානත ම හේතුව වන්නේ ෂිකෝකු හි දකුණුදිග වෙරළබඩ ප්‍රදේශයට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම යි. එමෙන් ම මෙම පෙදෙස්වල ගැටලු මතුවී තිබූ මගී ප්‍රවාහනයට ද මේ සමඟින් විසඳුමක් ලැබෙනවා. ජපානය නිරතුරුව ම භූ කම්පාවලට හා සුනාමි තත්ත්වවලට මුහුණ දෙන රටක් වීමත්, අදාළ පෙදෙසෙහි භූ සැකැස්ම අනුව සමහර පෙදෙස්වල රේල් මාර්ග ඇතිරීම අපහසු වීමත් මෙම වාහනය නිපදවීමට හේතු වී තිබෙනවා.

    ප්‍රවාහන වියදම අනුව රේල්ලුවේ ගමන් කිරීම මහමඟ ගමන් කිරීමට වඩා ලාභදායී වුවද ඉහත අපහසුතා නිසා එලෙස අඩු වියදමකින් එහි ප්‍රවාහන අවශ්‍යතා ඉටුකරගැනීම අපහසු වූ පසුබිමක මෙම සුහුරු වාහනය නිපදවීමට උත්සුක වූ බව මෙහි නිර්මාපකයන් ලොවට පවසා සිටිනවා. හදිසි අවස්ථාවක දී මහා මාර්ග අවහිර වූ විට රේල් මාර්ගවලත්, රේල් මාර්ග අවහිර වූ විට මහා මාර්ගවලත් මෙය ගමන් කරවිය හැකි නිසා, ජපානය නිරතුරුව ම මුහුණදෙන, ස්වභාවික විපත් හා සබැඳි මගී ප්‍රවාහන අකාර්යක්ෂ්මතා සෑහෙන පමණකින් අවම කරගැනීමට මින් හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

    KE1pXRAoqvNNnwSA_4.-Old-people.jpeg
    ජපානයේ සමහර පෙදෙස්වල වැඩිහිටි ජනගහන ප්‍රතිශතය ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා- Wang Xu/China Daily

    පිබිදෙන ෂිකෝකු

    ෂිකෝකු හි ගිනිකොනදිග නගර වන කයියෝ, ටෝයෝ හා මුරුටෝ ඇතුළු ඒ අවට පෙදෙසවල ඇති විශේෂිත ම ගැටලුවක් වන්නේ තරුණ ප්‍රජාව ඉන් ඉවතට ඇදී යාම යි. විශේෂයෙන් ගමනාගමන අපහසුතා හා සබැඳි යටිතල පහසුකම්වල අඩුවත්, ඒවා හේතුවෙන් ඇති වී තිබෙන රැකියාවල අඩු කමත් නිසා ඒ පෙදෙස්වල උපත ලබන ජනයා, වඩාත් උසස් ජීවන තත්ත්ව ළඟා කර ගැනීම උදෙසා ටෝකියෝ ඇතුළු අනෙකුත් නගර වෙතට සංක්‍රමණය වෙනවා. මේ හේතුවෙන් වර්තමානය වන විට උක්ත පෙදෙස්වල වැඩිහිටි ජනගහනය ප්‍රතිශතයක් ලෙස වැඩි වී තිබෙනවා,
    එමෙන්ම සමස්ත ජනගහනය අඩු වී තිබෙනවා. වර්තමානය වන විට මේ පෙදෙස්වල වර්තමාන වැඩිහිටි ජනගහනය 40% ක සීමාවට ළඟා වී තිබෙන්නේ විශාල අර්බුදයක් නිර්මාණය කරමින්. මෙම පෙදෙස්වල සංචාරක ආකර්ෂණය වැඩි කොට, දෙස් විදෙස් සංචාරකයන් එහි ගෙන්වා, ඒ කර්මාන්තය හා සම්බන්ධ වූ ඍජු හා වක්‍ර රැකියා ඇතිකර, ඉවතට ගිය තරුණ පිරිස් නැවත එහි ගෙන්වා, ජනගහන තුලිතතාව ඇති කර ගැනීම මෙම ද්විත්ව මාධ්‍ය, වාහන ව්‍යාපෘතියේ දීර්ඝ කාලීන ඉලක්කය වී තිබෙනවා. මෙම සුහුරු වාහන නැවතත් ගිනිකොනදිග ෂිකෝකුවට වසන්තය ගෙන එන්නට සූදානම්!

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලෝකය ඉස්සරහට, ස' පස්සට...

    ඇත්තටම ඕක, "ස' පස්සට" ද, නැත්තං "ස' ජනතාවගෙ පස්සට" ද...
    ඇයි බැරි රෝද මාරු කරා දිව්වා🙃 අපේ හැටියට දියුණුයි
    ස්ටීයරිං වීල් එක හයි කරන්නත් ඕනෙ...😅
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලෝකය ඉස්සරහට, ස' පස්සට...

    ඇත්තටම ඕක, "ස' පස්සට" ද, නැත්තං "ස' ජනතාවගෙ පස්සට" ද...

    ස්ටීයරිං වීල් එක හයි කරන්නත් ඕනෙ...😅
    අපේ බස් ඩ්‍රයිවර්ලට ස්ටීයරිං වීල් එකක් තිබුනත් එකයි නැතත් එකයි. උගේ ගමන ඌ යනවා.....:lol: