ෂිහාන් කෙල්ලො එක්ක නටද්දී
බෝතල් ප්‍රහාරයක්
වයි එෆ් එම් රිලැක්ස් පාටියේ වලියක්
උසස් පෙළට ලියා අවසන් කළ තරුණ පිරිස් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා(10* කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පවත්වනු ලැබූ ‘වයි එෆ් එම් රිලැක්ස් පාර්ටි’ නමැති එළිමහන් ඞී ජේ පාර්ටියේදී ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු රෝහල් ගත
කර තිබෙන අතර පහරදුන් බවට සැකකරන පස් දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කෙරුනා.
ෂිහාන් එක්ක කෙල්ලො නටද්දීත් බෝතලයක්
නරඹන්නන් වාර්තා කරන ආකාරයට මෙම සංගීත සංන්දර්ශනයේදී ශිහාන් මිහිරංග වේදිකාවේ ගායනා කරන අවස්ථාවේ එක් ගැටුමක් ආරම්භ වී තිබෙනවා. ෂිහාන් සමග වේදිකාවට ගොඩවී සුරුපී තරුණියන් දෙදෙනෙකු ඔහුව බදාගෙන නටන්නට වූ බවත්
ඒ අවස්ථාවේ නරඹන්නන් අතර සිටි තරුණයින් කිහිපදෙනෙක් ඒ දෙසට බෝතල් වලින් දමා ගැසූ බවත් වාර්තා වනවා.
වලිය ආවේ ප්‍රසංගයෙන් පස්සේ?
කෙසේ වෙතත් රාත්‍රිය වනතුරු පැවති ප්‍රසංගය අවසානයේ විහාරමහාදේවි උද්‍යානය ඇතුළේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.
මේ අවස්ථාවේ පිරිස පාලනය කිරීමට කුරුඳුවත්ත පොලිසිය මැදිහත්වූ අතර තුවාල වුවන් රෝහල් ගතකළ අතර ගැටුම ඇති කළ බවට සැක පිට පස් දෙනෙකු අල්ලා ගැනීමටද පොලිසියට හැකි වුණා. මේ පස් දෙනාම මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වුණා.
තුවාලකරුවන් ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා අතර සැකකරුවන් රිමාන්ඞ් ගත කර ලබන 16 දක්වා නඩුව කල්දමන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළා.
මේ ගැන වයි එෆ් ප්‍රධානී තනුජා ජයවර්ධන කියා සිටියේ තමා මෙවැනි සිදුවීමක් ගැන නොදන්නා බවත් එදින ප්‍රසංගය සාර්ථක ලෙස පවත්වා නිමාවූ බවත් ප්‍රසංගයෙන් අනතුරුව එළියේ ඇතිවූයේ යැයි කියන සිද්ධි පිළිබඳ තම ආයතනයේ වගකීමක් නොමැති බවත්ය.