ෂෙයික් හසීනා යළි බංග්ලාදේශයට..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශෙයික් හසීනා යළි බංග්ලාදේශයට පැමිණෙන බව පුතා කියයි

    බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙනු ඇති බව ශෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් ජෝයි ප්‍රකාශ කර තිබේ.

    බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම පිටුපස පාකිස්තානය සිටින බවට ද සජීබ් වසීඩ් විසින් චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු ප්‍රකාශ කර ඇත්තේ, නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම සඳහා පාකිස්තාන අයි. එස්. බුද්ධි අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවය.

    බංග්ලාදේශයේ ඇතිවූ තත්ත්වයට විදේශීය මැදිහත්වීමක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව පෙන්වාදී ඇති සජීබ් වසීඩ් පාකිස්තාන අයි. එස් බුද්ධි අංශය ඊට සම්බන්ධ බවට සාක්ෂි පවතින බවද සඳහන් කර තිබුණි.

     
    • Wow
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බංගලිදේශශයේ දේශපාලනය අැතුලේ ඔය වගේ කුමන්ත්‍රණ ඕනතරම් වෙලා තියෙනව බං..ලංකාවේ උන් දන්නේ ඕක ගැන විතරයිද කොහෙද..😅
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අරගලේ වෙලාවෙ ත්‍රිකුණාමලේ කෑම්ප් එකේ ඇඳන් යට හැංගිලා සරමෙ රෙවාගෙන හිටපු සාටක පොන්නයො සෙට් එක මතක් උනා. 🙈
    e bn show ekata
    un e wenakotah dannawa unta threat ekak n kiyala
     
    • Like
    Reactions: NRTG

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    collage.jpg



    සිය මව නැවත බංග්ලාදේශයට නොපැමිණෙන බවත්, ඇය යළි දේශපාලනයට එක් නොවන බව බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මව ඇතුළු සිය පවුල හැකි සෑම අවස්ථාවකදීම බංග්ලාදේශය රැක ගැනීමට කටයුතු කළ බවත්, සිය මව බංග්ලාදේශය උඩුයටිකුරු කරමින් එරට ආර්ථිකය පෙර නොවූ විරූ අයුරින් සංවර්ධනය කළ බවත් සජීබ් වසීඩ් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    සිය මව බංග්ලාදේශය භාර ගන්නා විට එරට ඉතා දිළිඳු රටක් ලෙස පැවැති බව කී ඇගේ පුත්‍රයා අද වන විට බංග්ලාදේශය ආසියාවේ නැඟී එන ආර්ථිකයකට හිමිකම් කියන රටක් බවට පත් කිරීමේ ගෞරවය මවට හිමිවිය යුතු බව ද ප්‍රකාශ කර තිබේ.

    ‘අපේ පවුල අසීරු අවස්ථා තුනකට මුහුණ දුන්නා. හමුදා කුමන්ත්‍රණ තුනකට ගොදුරු වුණා. අපේ වැඩ කටයුතු දැන් ඉවරයි. දැන් බංග්ලාදේශයේ පාලනය ඔවුන්ටම භාරයි.‘ හසීනාගේ පුත්‍රයා එසේ සඳහන් කර ඇත.

    අගමැති ධුරය හැරදමා රටින් පලා ගොස් ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් හමුදා කඳවුරක තාවකාලිකව රැඳී සිටි බව කියන බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනා ඊයේ රාත්‍රියේ එංගලන්තය බලා පිටත්වීමට නියමිතව සිටි බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. නවදිල්ලි නුවරට පැමිණීමෙන් පසු ඇය ඉන්දියාවේ ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මුණ ගැසී බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ කියා සිටි බවත්, එම තොරතුරු විදේශ ඇමැති එස්.ජයිශංකර් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට වාර්තා කර තිබූ බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. ශෙයික් හසීනාට එංගලන්තය බලා යෑමට අවශ්‍ය කටයුතු සඳහා සිය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දීය රජය අවසර ලබා දී ඇතැයි ද වාර්තා වේ.

    කෙසේ වුවද හසීනාගේ ලන්ඩන් ගමන පිළිබඳ මාධ්‍ය මඟින් අනාවරණය වූ තොරතුරු සඳහා ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ තාවකාලික ආරක්ෂාව හෝ සරණාගතභාවය අපේක්ෂාවෙන් කිසිදු පුද්ගලයකුට එරටට පැමිණීමට බ්‍රිතාන්‍ය සංක්‍රමණික නීතිය යටතේ අවසර නොලැබෙන බවය. රැකවරණය අවශ්‍ය පුද්ගලයන් සඳහා ආරක්ෂාව සැපයීම සම්බන්ධව කීර්තිමත් ඉතිහාසයක් බ්‍රිතාන්‍යයට තිබුණද, සරණාගතභාවය හෝ තාවකාලික රැකවරණය ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට අවසර දීමට බ්‍රිතාන්‍ය නීතියේ ප්‍රතිපාදන නැති බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
    :ROFLMAO: මුන්ව එලවපු එකම තමයි හොඳ
    :ROFLMAO: