සංඛ පද්ම පූජාවට අවශ්‍ය දේවල්?

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    දන්න කෙනෙක් කියනවද අභයගිරියේ සංඛ පද්ම පූජාව දෙන්න ඕන කරන ද්‍රව්‍ය ලැයිස්තුව,,,
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Karanna thiyana lokuma poojawa thamai paththakata wela bawana karana eka.
    aamisa puujawa

    “කොල්ලෝ උඹ අහල තියෙනවද බහිරව අත්තප්පගේ කතා,,

    “මොකද බොල තෝ බහිරවය ලැග්ග වගේ ඔතනම දපාන ඉන්නේ,,
    “ඔව්ව ඉතිං බහිරවය ගිල්ලැහේ තමා,

    බහිරව සම්බන්ධ මෙබදු ව්‍යවහාර ග්‍රාමීය සමාජයේ අදටත් ඕනෑ තරම් පවතී. මේ කියන්නට යන්නේ ඉන් ඔබ්බට ගිය සංකීර්ණ දේව ඇදහිල්ලක් පිලිබදවයි. බහිරව දේව ඇදහිල්ල පිළිබද ජන සම්මත මෙම විග්‍රහය , එම ඇදහිල්ල වෙත ඔබව යොමු කිරීම අරමුණු කරගත් එකක් නොවේ. ජන ඇදහිල්ලේ එන වත් පිළීවෙත් , අභිචාර විධින් කෙරෙහි සිත් නමන අයගේ අශා උච්ච කිරීමත් , ඉපැරණි දේ සිය දැනුමට එකතු කරගන්නා අයට එහි පෝෂණය පිණිසත් ලියනු ලබන්නකි. එහෙත් මේ කතාන්දරයේ ගැබට පිවිසෙන ඔබට , තමා දැන් සිටින අපහසුතා පාදක කරගෙන භෛරව හෝ බහිරව දේව ඇදහිල්ල අත්හදා බලන්නට සිත් ඇතිවන්නේ නම් එය පුදුමයක් නොවේ. සැබැවින්ම අභිචාර විධින් කෙරේ බොහෝ දෙනා ඇදෙන්නේ යම් පීඩාවකින් මිදෙන්නට කිසිදු ආකාරයක ක්‍රමවේදයක් නොමැති බැව් හැගුණු අවස්ථාවල දී ය. එවැනි පීඩා ඇත්තන් , මෙවැනි ඇදහීම් කෙරේ යොමු වීමේ වරදක් ද නැත.
    බහරව පජ පවතවන අවසථව

    බහිරව යනු භූමියට අධිගෘහිත යක්ෂ බලවේගයක් යන්න මතයකි. වස්තූනට ආශාවෙන් මියගිය අයගේ ආත්මයන් යැයි ද කියයි. “ භිර් භයංකරෝ රාවෝ යස්‍ය භෛරව ,, යන පදය අනුව භයංකර ශබ්දයක් නගන්නේ බහිරව යැයි ද මතයකි. විවිධ යුගයන් හි කෘතීන් තුල ද බහිරව යන පදය හමුවේ. 11 වන ශත වර්ෂයේ ලියැවුණු , බෝධි වංශයට අනුව ද බහිරව යනු බිහය ජනක යන අදහසයි. බියජනක රූප යන්න අර්ථ දැක්වීමට 12 වන සියවසේ දී මෙම පදය ගුරු ළුගෝමීන් , ධර්මප්‍රදීපීකාව යන සිය කෘතියේ දී භාවිත කර ඇත. මෙය භෛරව ස්වරූප නම් ජාතක කතා කරුවා යොදා ගන්නේ , භයානක ස්වරූපය යන අරුත දෙමිනි. බහිරව උපත් කතා වලට අනුව බහිරව වරුන් ගණනාවකි. මහා බහිරව , කෘෘර බහිරව , හැඩ බහිරව , කාල බහිරව , කාල බහිරව , නාග බහිරව , සංඛ බහිරව , පද්ම බහිරව යානා දී වශයෙන් හදුන්වන්නේ ඉන් කිහිපදෙනෙකු පමණි. ඉතිහාස මුලාශ්‍ර අනුව බහිරව උපත ලෝකෝත්පත්තිය දක්වා දිවෙයි. වැඩි වශයෙන්ම හිංදු පුරාවෘත්ත හා බැදෙන බහිරව ඇදහීම ශ්‍රී ලංකාවේ ද අද දක්වා පැවැත එයි.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකවේ මෑත ඉතිහාසය තුල වඩා ජනප්‍රිය බහිරව ඇදහීම සිදුවන්නේ අභයගිරි චෛත්‍ය සීමාව කේන්ද්‍ර කරගෙනයි. එහි සංඛ හා පද්ම යන බහිරව දේව වන්දනය දිනපතා සිදුවේ. වාර්ෂිකව උත්සවාකාරයෙන් පැවැත්වේ. එය පුද්ලාද්දැකීම් මතම ගොඩ නැගුණු තද තෙද මත දැඩි විශ්වසනීය ඇදහිල්ලක් බවට පත්ව තිබීම ශ්‍රීලංකාවාසී බොහෝ පිරිසක් නොදන්නා කරුණකි. දරුඵල නොමැති කම , සොර සතුරු උවදුරු , නිමා නොවන අසනීප ආදි කොට ඇති බොහෝ පීඩාවන්ගෙන් මිදීමේ වුවමනා පෙරදැරි බොහෝ පිරිසක් දිනපතා මෙහි එති යති. සාර්ථක වුහැයි , ගිවිසති. එසේ හෙයින් අභයගිරිය අරා මෙය පෝෂීත වුයේ කෙසේ ද? බොහෝ බහිරව ඇදහීම් ඇත්තා වුව ද සංඛ පද්ම ඇදහීම විශිෂ්ඨ වුයේ කෙසේ ද ? මේවා පුද්ගලයින් පුදුම කරවන කරුණු වලින් හා රසය දනවන කරුණු වලින් පෝෂිතය. දැනට සංඛ පද්ම අදහන්නේ අභයගිරියේම පමණක් වීමද විශේෂත්වයකි. කාලිදාසගේ සෘතු සංහාරයට අනුව යක්ෂයන්ගේ ප්‍රධානියා කුවේරය. කුවේරගේ ආලක මන්දාවේ බහිරවයන් සිටිති. එම දේව සභාවේ ප්‍රධානීන් දෙදෙනෙකු ලෙස සංඛ - පද්ම හැදින්වේ.

    සංඛ බහිරව දෙව් සැර පරුසය. රත් මල් මාලයක් පැළද සීටි. ඉතා බරපතල අපරාධ වු තැන විත් සංඛ දෙවියන්ට කන්නලව් කලේ වීද , එම අපරාද කළවුන්ට මහා විපැත්ති සිදුවන්නේ යැයි , පිළීගැනීමක් පවතී. කුකුලෙකු නැතිවු කතක් සංඛ දෙවියන් ඉදිරියේ පලිගැසීමෙන් අනතුරුව දැනගන්නට ලැබුනේ , එම සොරාගේ ඇසක් කන වී ඇති බවයි. මේවා සත්‍ය සිදුවීම් ය. කෙනෙකු මෙය අහම්බයක් ලෙස සිතන්නට පිළිවන . නමුත් කන්නලව් කළ කාලයේ සිට කෙටි කලක් තුල එම වැරදි කරුවන්ට දඩුවම් ලැබුණු ඒවා ඇත්තේ එකක් දෙකක් නොවේ.

    පද්ම බහිරව සෞම්‍ය ය. සුදු මල් මාලයක් පැළද සිටී. විභාග ජය , නඩුහබ ජය , අපල දුරුකර ගැනිම , ගොවිතැන් අරඹීම , අධ්‍යාපනයට භාර විම , සුව නොවන රෝග සුව කර ගැනීම ආදී අභිලාස ඇතිව පද්ම බහිරව දෙවියන් යැදීම සිදුකරයි.
    සමථ මණ්ඩලවල විසදන ගැටළු වලදී දිවිරීම සදහා රජරට අවටින් බොහෝ විට පැමිණෙන්නේ මෙතැනට බව අභයගිරි විහාරයේ වත්මන් විහාරාධිකාරී ආචාර්ය පුජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමිපාණෝ පවසති. අධීකරණ මගින් දෙන දිවුරුම් නියෝග අනුව දිවිරීම වැඩි වශයෙන් සිදුවන ස්ථානයක් ලෙස අභයගිරි සංඛ - පද්ම බහිරව දේවාලය අතීතයේ සිට අද දක්වා ප්‍රසිද්ධ ය. වලගම්බා රජු විසින් ඉදිකළ අභයගිරි වෛත්‍ය මුලින්ම තැනීමට වැඩ අල්ලා ඇත්තේ දිඝ පාෂාණ නැමැති ගල්තලාවේ ය. එහෙත් ඊට සංඛ පද්ම බහිරවවරුන් ඉඩ දී නැතිය යන විශ්වාසයක් ද පවතී. ඉන් අනතුරුව දේව පුජා පවත්වා කන්නලව් කර වර්තමාන ස්ථානයේ චෛතය ගොඩනන්වා තිබේ. අභියගිරි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන කාලයේ දී එහි වැඩකළ කිහිපදෙනෙකු මුදුනේ සිට ලිස්සා වැටී ඇති නමුත්, ඒ කිසිදු අයෙකුට බරපතල අනතුරු සිදුවී නොමැත. ඒවා වර්තමාන විහාරාධිකාරීන් වහන්සේගේම අත්දැකීම් ය. මෙහි වැඩකළ බාස්උන්නැහේ කෙනෙකු ඉතිරි වූ සිමෙන්ති ස්වල්පයක් රැගෙන ගොස් තම නිවසේ අවශ්‍යතාවට යොදා ගත් පසුව එතැන් සිට සෑම රාත්‍රියකම ඔහු හීනෙන් බය වී කෑ ගසන්නට පටන්ගෙන තිබේ. පසුව කරුණු වටහාගත් මෙම පුද්ගලයා වත්මන් විහාරාධිකාරී ස්වාමීන්වහන්සේ අසලට විත් කෑ ගසාගෙන විත් තමා ඇතින් වූ වරද පවසා තිබේ. පුජා පවත්වා සමා ගැනීමෙන් පසු තත්ත්වය සමනය වී ඇත. මෙබදු සිද්ධීන් ගණනාවක් සංඛ - පද්ම බහිරව තෙද සම්බන්ධයෙන් ජනතාව අතර තිබේ.

    දිවිරීම් ,පලි ගැසීම් , දෛනිකව එම ස්ථානයේ දැකිය හැකිය. එමෙන්ම ඇදහීමේ වත්පිළිවෙත් වශයෙන් මුරුතැන් පූජා ,වරම් පූජා , කිරි ඉතිරවිම , වාර්ෂික බහිරව පුජා මංගල්‍යය ආදිය සිදුවේ.

    පරහර අවසථවක

    අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගන්නා ඕනෑම බැතිමතෙකු අභයගිරි ස්ථුපය වැදපුදා ගනී. එහි දකුණු ගෝපුරය හෙවත් දකුණු දොරටුව තුල ඇති බහිරව දේව රූප දෙකකි. වම් පසින් කුඩා දේවාලයක පද්ම බහිරව වැඩ වසයි. දකුණින් සංඛ බහිරව වැඩ සිටී. සියලු පූජාකර්ම මෙන්ම කන්නලව් කිරීම් සිදුවන්නේ මෙතැනයි. මෙම ස්ථානයේ 1987 වර්ෂයේ සිට නැවත වතාවක් රාජ්‍ය උස්වයක් වශයෙන් බහිරව පුජාව පවත්වනට පටන් ගෙන තිබේ. ඒ අනුව වත්මන් ඉතිහාසයේ ප්‍රථම වාර්ෂික බහිරව මහා පුජෝත්සවය පවත්වා ඇත්තේ 1987.08.22 වන දායි. මෙවර එම පුජාව පැවැත්වුනේ තිස්වන වරටයි. සිය අපේක්ෂා මුදුන් කරගන්නට මේ අවස්ථාවට පැමිණෙන පිරිස අතිමහත් ය. පැවැත්වෙන පෙරහැර ද, පුජා වීධීන් ද සිත්ගන්නා වටපිටාවක් මවන්නේ ය. අභයගිරිය වදින්නට එන බැතිමතුනි . ඒ අතරවාරයේ අභයගිරි පිවිසුමේ ඇති මෙම සංඛ හා පද්ම බහිරව දේවාල ද්වය ද දැකබලා ගන්න.
    විශේෂ ස්තුතිය.
    • අභයගිරි විහාරයේ වත්මන් විහාරාධිකාරි ආචාර්ය පුජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි
    • බී. ඒ .එස් . පතිරණ - ප්‍රධාන කපු මහතා
    • හිටපු වැව් විදානේ - එස් . රාජරත්න
    ------ Post added on Apr 10, 2021 at 7:00 AM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    Mata wadiya mona yakek koheda inne :)