සංග්‍රාම භූමිය -17

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය -17

    9komiyo.jpg

    රුසියානු සුකොයි-25 ග්‍රෝච් යානය සහ ඇමෙරිකානු ඒ-10 තන්ඩර්බෝල්ට් එනම් 'වෝර්තොග්' යානය විවිධාකාරයෙන් එකිනෙකට සමාන වේ.මොවුන් දෙදෙනාම දැඩි ලෙස සන්නද්ධය.දෙදෙනාටම පහළ උසකින් ගමන් කරමින් ප්‍රහාර එල්ල කිරීම සහ බෝම්බ හෙලීම සිදු කල හැකිය.තවද ඔවුන් දෙදෙනාම 'පියාඹන යුද ටැංකි' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.එක්සත් ජනපදය 'ෆ්‍රොග්ෆූට්' ගෙඹි කකුල යන නමින් හඳුන්වන සුකොයි-25 යානයද ඒ-10 වෝර්තොග් යානයද 1970 දශකයේදී නිර්මාණය කරන ලදි.එතැන් පටන් යුද්ධ ගණනාවකදී මෙම යානා භාවිතා කරන ලදි.සුකොයි-25 යනු ඇමෙරිකානු ඒ-10 වෝර්තොග් යානයට සෝවියට් දේශයෙන් ලැබුණු පිළිතුරයි.




    සුකොයි-25 යානයේ නිෂ්පාදනය ඇරඹෙන්නේ 1978 වර්ෂයේදීය.ඇමෙරිකානුවන් ඒ-10 තන්ඩර්බෝල්ට් 2 යානය නිෂ්පාදනය කලේ 1972 වර්ෂයේදීය.

    u8KvL04.jpg




    සුකොයි-25 යානයේ නියමු කුටිය වටා මි.මී.10 සිට මි.මී.25 දක්වා ඝනකමක් සහිත සන්නාහයක් යොදා තිබෙන්නේ පහළ උසකින් පියාසර කිරීමේදී සතුරු වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහාය.ඊට සමානව ඇමෙරිකානු ඒ-10 වෝර්තොග් යානයේ නියමු කුටිය වටාද රාත්තල් 1,200 බර ටයිටේනියම් සන්නාහයක් යොදා තිබේ.

    3YDHMT5.jpg




    සුකොයි-25 යානා සාමාන්‍යයෙන් කි.ග්‍රෑ.250 සිට 500ක් දක්වා බර වූ බෝම්බ සහ රොකට් රැගෙන යන අතර ඒ-10 යානා නිතරම නියතාර්ථ-නියාමක අවි වන මැව්‍රික් වැනි යුද ටැංකි නාශක මිසයිල ගෙන යයි.

    J14CfEv.jpg




    කෙසේ වෙතත් සුකොයි-25 යානයකට ගෙන යා හැක්කේ රාත්තල් 8,000ක් පමණ වන බෝම්බ හා රොකට් පමණි.නමුත් ඒ-10 යානයකට රාත්තල් 16,000 අවි ගෙන යාමේ හැකියාව තිබෙන බව කියවේ.

    rMQsImf.jpg




    මෙහි දැක්වෙන්නේ සුකොයි-25 යානයක මි.මී. 30 GAU-8 තුවක්කුවකට රුසියානු සෙබලෙක් උණ්ඩ පුරවන අයුරුය.මෙම තුවක්කුවෙන් මිනිත්තුවට වට 2,500-3,000 අතර සීඝ්‍රතාවයකින් වෙඩි තැබීමට පුලුවනි.ඇමෙරිකානු යානය සතුව මි.මී.30 නම් කැරකවෙන GAU-8 Avenger තුවක්කුවක් අඩංගු අතර ඉන් මිනිත්තුවට උණ්ඩ වට 3,900ක සීඝ්‍රතාවයකින් වෙඩි තැබීමට පුළුවනි.

    0cDVJjs.jpg




    සුකොයි-25 යානය සතුව මි.මී. 30 උණ්ඩ වට 260 සහිත Gsh-30-2 තුවක්කුවක් තිබේ.එය ගුවන් යානයේ නාසයේ සවි කර ඇත.පහත දැක්වෙන්නේ GAU-8 තුවක්කුවට යොදා ගන්නා මි.මී.30 උණ්ඩයි.

    tZPscG9.jpg




    සුකොයි-25 යානය එහි ඇමෙරිකානු ප්‍රතිවාදියා වන ඒ-10 යානයට වඩා බරින් අඩු නිසා වැඩි වේගයකින් පියාසර කල හැකිය.සුකොයි-25 යානයේ උපරිම වේගය පැයට සැතපුම් 600කි.ඒ-10 යානයේ උපරිම වේගය ලෙස වාර්තා වන්නේ පැයට සැතපුම් 439කි.

    TWvY8QU.jpg





    සුකොයි-25 යානයේ මෙහෙයුම් පරාසය කෙටිය.ගුවනේ රැදී සිටිය හැකි කාලයද අවම වේ.

    ExbslIO.jpg




    සුකොයි-25 යානය සිරියානු යුද්ධයේදී පුලුල්ව භාවිතා කරයි.2016 මාර්තු මාසයේ දී සුකොයි-25 යානා පහරදීම් 1,600 වැඩි ගණනකට සහ මාස හයක කාලයක් ඇතුලත බෝම්බ හෙළීම 6,000කට වැඩි ගණනක් සඳහා යොදාගෙන තිබිණි.ඒ-10 යානා 2016 ඔක්තෝම්බර් මාසයේ පටන් සිරියාවේ ගුවන් මෙහෙයුම් සඳහා යොදාගන්නා අතර එක් යානයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් බිම හෙළු බව කියා සිටියද ඇමෙරිකානු හමුදාව එය ප්‍රතික්ෂේප කරන ලදි.

    gAglQl5.jpg




    සුකොයි-25 යානා පසුගිය දශක කිහිපය තුල යුද්ධ ගණනාවකදී භාවිතා කරන ලදි.උදා:මැසිඩෝනියාව,ඉතියෝපියාව සහ සුඩානය.සුකොයි-25 යානය පළමුවරට යොදාගත්තේ සෝවියට් - ඇෆ්ගන් යුද්ධය සඳහාය.එහිදී පහරදීම් සහ බෝම්බ හෙළීම් 60,000කට අධික සංඛ්‍යාවක් මෙම යානා යොදාගෙන සිදු කර තිබේ.2008 වර්ෂයේ රුසියා-ජෝර්ජියා යුද්ධයේදී ද දෙරටම සුකොයි-25 යානා භාවිතා කලහ.1972 වර්ෂයේ පටන් ඒ-10 යානය ඇමෙරිකාව සහභාගි වූ සෑම යුද්ධයකටම භාවිතා කරන ලදි.

    qHHnUPh.jpg




    එක්සත් ජනපදය 2022 වර්ෂයේදී ඒ-10 වෝර්තෝග් යානය විශ්‍රාම යවන්නට තීරණය කර තිබුණත් රුසියාව වැඩිදියුණු කරමින් තවත් කාලයක් සුකොයි-25 යානය සේවයේ යොදවන්නට සූදානම් ය.​

    BQXmU4h.jpg




    Source:businessinsider.com

    -HarshaLulzSec-