සංග්‍රාම භූමිය-9

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය-9

    1976 ජූලි 28 දා එස් ආර්-71 බ්ලැක්බර්ඩ් ගුවන් යානය පැයට සැතපුම් 2,193ක් වේගයෙන් එනම් ශබ්දයේ වේගය මෙන් 3.3ක වේගයෙන් ගමන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවන ලදි.අද වන විට මෙම වාර්තාව දෙවන තැනට පත්ව තිබුණද එස් ආර්-71 බ්ලැක්බර්ඩ් යානය හා සමාන යානයක් හෝ එහි හැකියාවන්ට අභියෝග කල හැකි යානයක් යළි නිර්මාණය නොවීය.


    එස් ආර්-71 බ්ලැක්බර්ඩ් යානය අතිධ්වනි වේගයෙන්,ඉහළ උසකින් ගමන් කරන ඔත්තු බැලීමේ යානයකි.මෙය නිර්මාණය කලේ 1960 දශකයේදී ලොක් හීඩ් මාර්ටීන් සමාගමේ “Skunk Works” නම් කණ්ඩායමයි.​

    ZF8iFa7.jpg



    බ්ලැක්බර්ඩ් යානයට ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයක වේගයක් ලබාගත හැකිය.ගුවන් යානයේ රාමුව සැලසුම් කර තිබෙන්නේ අධි වේගයෙන් ගමන් කරන විට ප්‍රසාරණය වන පරිද්දෙනි.මේ නිසා යානය ගොඩබස්වා තිබෙන විට එහි පැනල් ඉතා ලිහිල්ව ඔබ්බවා තිබීමෙන් ඉන්ධන කාන්දුවන බව කියවේ.​

    Z5ZAhIy.jpg




    මෙම ගුවන් යානයට ගමන් කල හැකි උපරිම උස අඩි 85,000කි.එවැනි උසකදී නියමුවන් ගගනගාමීන් අදින ඇඳුමට සමාන ඇඳුමක් සහ ඒ හා සමාන හෙල්මටයක් භාවිතා කරයි.

    htnakjz.jpg




    බ්ලැක්බර්ඩ් යානයක ගුවන් නියමුවෙක් සහ ඔත්තු බැලීමේ පද්ධති ක්‍රියාකරවීමට අදාල නිලධාරියෙක් ගමන් කරයි.නියමු කුටියේ පිටුපස කොටසේ එම නිලධාරියා සිය කටයුතුවල නිරත වේ.

    3SKojNw.jpg




    එස් ආර්-71 යානා 32ක් නිපදවූ අතර ඒවා 1964-1998 යන කාල සමයේ භාවිතා කරන ලදි.යුදමය වාතාවරණය සහිත අවස්ථා 4000ක් අතරතුර මෙම යානා පියාසර කලද සතුරු ප්‍රහාර හමුවේ අනතුරට ලක් නොවූ නමුත් වෙනත් අනතුරු නිසා යානා 12ක් විනාශ වූ බව සඳහන් වේ.

    5Fdp1bI.png




    නියමු කුටි තුල එතරම් ඉඩක් නොමැත.යානයේ රාමුව ටයිටේනියම් වලින් තනා තිබේ.නියමු කුටිය තිරුවානා වලින් නිමවා ඇත.පියාසර කරන විට පිටත උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 600 දක්වා ඉහළ නගින බව වාර්තා වේ.

    fKr70aB.jpg




    නියමු කුටියේ සිට ඉදිරිය දැකීම එතරම් සාර්ථක නැත.පහත දැක්වෙන්නේ බ්ලැක්බර්ඩ් යානයක නියමු කුටියේ ඩෑෂ් බෝර්ඩ් එකයි.

    tkaDZ71.jpg




    තාක්ෂණික වශයෙන් මෙය ස්ටෙල්ත් වර්ගයේ යානයක් නොවේ.නමුත් යානය සැලසුම් කර තිබෙන ආකාරයට සතුරු රේඩාර් පද්ධතිවලට හසුවීම අවම වී තිබේ.

    lC6Jec2.jpg




    යානය ගොඩබසින විට එය සතු අධික වේගය නිසා නවතා ගැනීමට පැරෂූටයක් භාවිතා කරයි.

    cRaWNyX.jpg




    දිගු දුර සහ වැඩි කාලයක් ගුවනේ ගත කල යුතු මෙහෙයුම් සඳහා අවශ්‍ය ගුවනේදී ඉන්ධන ලබාගැනීමේ හැකියාවද මෙම යානාවලට තිබේ.

    qoJeer3.jpg




    බ්ලැක්බර්ඩ් යානාවල අධික වේගය නිසා ඒවාට සතුරු මිසයිල ප්‍රහාරවලින් මිදී යා හැකිය.කෙසේවුවත් මෙම යානා දැන් නිල වශයෙන් විශ්‍රාම යවා තිබේ.

    hKDQmFT.jpg




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: EUMA175

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සාමාන්‍ය ප්‍රහාරක යානයක නියමුවන් විෂේශ ඇදුමක් අදින්නේ ඇයි බං.????
    හෙල්මට් දාන්‌නේ ඇයි...????
    උන් දාන jaket එකේ විෂේශත්වය මොකක්ද???
    ඔක්සිජන් සපයන්නේ කොහොමද???
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සාමාන්‍ය ප්‍රහාරක යානයක නියමුවන් විෂේශ ඇදුමක් අදින්නේ ඇයි බං.????
    හෙල්මට් දාන්‌නේ ඇයි...????
    උන් දාන jaket එකේ විෂේශත්වය මොකක්ද???
    ඔක්සිජන් සපයන්නේ කොහොමද???

    1.ගුරුත්වාකර්ෂණ බලය අඩුවීමෙන් රුධිර සංසරණ පද්ධතියේ සිදුවන දුර්වලතා මග හැරවීමට

    GbcvXW4.jpg



    2.ඉර එළිය මූණට වැටෙන එක නවතන්න,හදිසි පිටවීමකින් පසුව සිදුකරන් ගොඩ බැසීමකදී හිසට හානි වීම අවම කිරීම,සන්නිවේදන කටයුතු බාහිර ශබ්ද වල බාධාවකින් තොරව සිදුකිරීම,ඔක්සිජන් සැපයුම සම්බන්ධ කිරීමට,නූතන හෙල්මට් දර්ශන තිරයක් සමග පැමිණේ.


    3.

    lKpiiBX.jpg


    Hw4rkRg.jpg

    යානයකට නැවත ඔක්සිජන් සපයන අයුරු


    අඩි 80,000 වැනි උසකදී වායුගෝලීය පීඩනය අවම වේ.බ්ලැක්බර්ඩ් යානය පියාසර කරන උසත්,වේගයත් ඒ නිසා උපදින අධික උෂ්ණත්වයත් හමුවේ මෙවැනි ඇඳුමක් රහිතව සිටින නියමුවෙක්ගේ ආයු කාලය කෙටිය.

    යානයේ ඔක්සිජන් සැපයුම ඔස්සේ ලබාගන්නා ඔක්සිජන් නියමු අසුන ඔස්සේ හෙල්මටයට ලබාදෙයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1.ගුරුත්වාකර්ෂණ බලය අඩුවීමෙන් රුධිර සංසරණ පද්ධතියේ සිදුවන දුර්වලතා මග හැරවීමට

    GbcvXW4.jpg



    2.ඉර එළිය මූණට වැටෙන එක නවතන්න,හදිසි පිටවීමකින් පසුව සිදුකරන් ගොඩ බැසීමකදී හිසට හානි වීම අවම කිරීම,සන්නිවේදන කටයුතු බාහිර ශබ්ද වල බාධාවකින් තොරව සිදුකිරීම,ඔක්සිජන් සැපයුම සම්බන්ධ කිරීමට,නූතන හෙල්මට් දර්ශන තිරයක් සමග පැමිණේ.


    3.

    lKpiiBX.jpg


    Hw4rkRg.jpg

    යානයකට නැවත ඔක්සිජන් සපයන අයුරු


    අඩි 80,000 වැනි උසකදී වායුගෝලීය පීඩනය අවම වේ.බ්ලැක්බර්ඩ් යානය පියාසර කරන උසත්,වේගයත් ඒ නිසා උපදින අධික උෂ්ණත්වයත් හමුවේ මෙවැනි ඇඳුමක් රහිතව සිටින නියමුවෙක්ගේ ආයු කාලය කෙටිය.

    යානයේ ඔක්සිජන් සැපයුම ඔස්සේ ලබාගන්නා ඔක්සිජන් නියමු අසුන ඔස්සේ හෙල්මටයට ලබාදෙයි.
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචං ප්‍රහාරක යානා නියමුවන්ගේ ඇදුම් වල කොටස් හා ඒවායින් කෙරෙන කා්‍යයන්....
    ප්‍රහාරක යානා හැසිරවීම, ඉලක්ක ගැනීම, රාත්‍රි කාලයේ මෙහෙයුම් කිරීම, වගේ දේවල් ගැන දන්නවනම් thred දපන්කෝ