සංග්රාම භූමිය-9
1976 ජූලි 28 දා එස් ආර්-71 බ්ලැක්බර්ඩ් ගුවන් යානය පැයට සැතපුම් 2,193ක් වේගයෙන් එනම් ශබ්දයේ වේගය මෙන් 3.3ක වේගයෙන් ගමන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවන ලදි.අද වන විට මෙම වාර්තාව දෙවන තැනට පත්ව තිබුණද එස් ආර්-71 බ්ලැක්බර්ඩ් යානය හා සමාන යානයක් හෝ එහි හැකියාවන්ට අභියෝග කල හැකි යානයක් යළි නිර්මාණය නොවීය.
මෙම ගුවන් යානයට ගමන් කල හැකි උපරිම උස අඩි 85,000කි.එවැනි උසකදී නියමුවන් ගගනගාමීන් අදින ඇඳුමට සමාන ඇඳුමක් සහ ඒ හා සමාන හෙල්මටයක් භාවිතා කරයි.
බ්ලැක්බර්ඩ් යානයක ගුවන් නියමුවෙක් සහ ඔත්තු බැලීමේ පද්ධති ක්‍රියාකරවීමට අදාල නිලධාරියෙක් ගමන් කරයි.නියමු කුටියේ පිටුපස කොටසේ එම නිලධාරියා සිය කටයුතුවල නිරත වේ.
එස් ආර්-71 යානා 32ක් නිපදවූ අතර ඒවා 1964-1998 යන කාල සමයේ භාවිතා කරන ලදි.යුදමය වාතාවරණය සහිත අවස්ථා 4000ක් අතරතුර මෙම යානා පියාසර කලද සතුරු ප්‍රහාර හමුවේ අනතුරට ලක් නොවූ නමුත් වෙනත් අනතුරු නිසා යානා 12ක් විනාශ වූ බව සඳහන් වේ.
නියමු කුටි තුල එතරම් ඉඩක් නොමැත.යානයේ රාමුව ටයිටේනියම් වලින් තනා තිබේ.නියමු කුටිය තිරුවානා වලින් නිමවා ඇත.පියාසර කරන විට පිටත උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 600 දක්වා ඉහළ නගින බව වාර්තා වේ.
නියමු කුටියේ සිට ඉදිරිය දැකීම එතරම් සාර්ථක නැත.පහත දැක්වෙන්නේ බ්ලැක්බර්ඩ් යානයක නියමු කුටියේ ඩෑෂ් බෝර්ඩ් එකයි.
තාක්ෂණික වශයෙන් මෙය ස්ටෙල්ත් වර්ගයේ යානයක් නොවේ.නමුත් යානය සැලසුම් කර තිබෙන ආකාරයට සතුරු රේඩාර් පද්ධතිවලට හසුවීම අවම වී තිබේ.
යානය ගොඩබසින විට එය සතු අධික වේගය නිසා නවතා ගැනීමට පැරෂූටයක් භාවිතා කරයි.
දිගු දුර සහ වැඩි කාලයක් ගුවනේ ගත කල යුතු මෙහෙයුම් සඳහා අවශ්‍ය ගුවනේදී ඉන්ධන ලබාගැනීමේ හැකියාවද මෙම යානාවලට තිබේ.
බ්ලැක්බර්ඩ් යානාවල අධික වේගය නිසා ඒවාට සතුරු මිසයිල ප්‍රහාරවලින් මිදී යා හැකිය.කෙසේවුවත් මෙම යානා දැන් නිල වශයෙන් විශ්‍රාම යවා තිබේ.
Source:businessinsider.com
-HarshaLulzSec-

එස් ආර්-71 බ්ලැක්බර්ඩ් යානය අතිධ්වනි වේගයෙන්,ඉහළ උසකින් ගමන් කරන ඔත්තු බැලීමේ යානයකි.මෙය නිර්මාණය කලේ 1960 දශකයේදී ලොක් හීඩ් මාර්ටීන් සමාගමේ “Skunk Works” නම් කණ්ඩායමයි.
බ්ලැක්බර්ඩ් යානයට ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයක වේගයක් ලබාගත හැකිය.ගුවන් යානයේ රාමුව සැලසුම් කර තිබෙන්නේ අධි වේගයෙන් ගමන් කරන විට ප්‍රසාරණය වන පරිද්දෙනි.මේ නිසා යානය ගොඩබස්වා තිබෙන විට එහි පැනල් ඉතා ලිහිල්ව ඔබ්බවා තිබීමෙන් ඉන්ධන කාන්දුවන බව කියවේ.