සංගා කඳුරට තෝරාගනියි නියම ද්‍රෝහීන් කවුද

kputha

Member
May 5, 2012
5,534
240
0
සංගා කඳුරට තෝරාගනියි නියම ද්‍රෝහීන් කවුද

Kumar-Sangakkara.jpg
චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කඳුරට කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තීරණය කිරීමෙන් පසුගිය සතිය පුරා පැවැති අර්බුදය නිමාවට පත් විය. මෙම තීරණය හේතුවෙන් කුමාර් සංගක්කාරට සන්රයිසස් හයිද්‍රාබාද් සමග ඇතිකරගෙන තිබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තු මුදලින් 20ක් (රු. කෝටි 2කට ආසන්න) අහිමි විය.
සංගා ශ්‍රී ලංකාවේ කඳුරට කණ්ඩායම තෝරා ගනියිද? එසේත් නොමැති නම් අයි.පී.එල්. කණ්ඩායම තෝරා ගනීවිදැයි පසුගිය සතිය පුරා නොයෙක් සංවාද ඇති විය.
එහෙත් සංගා තම “වීරයා” ‍ලේබලය ආරක්ෂා කර ගනිමින් “ද්‍රෝහියා” ‍ලේබලයෙන් ගැළවී අවසන් මොහොතේ නිවැරදි තීරණය ගත්තේය.
මෙම ප්‍රශ්නය පිළිබඳව පසුගියදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ කුමාර් සංගක්කාර ක්‍රීඩකයන් මෙසේ මානසික පීඩාවට පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් පැවරීය.
සත්‍ය වශයෙන්ම මෙම ප්‍රශ්නයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිදිකිරා වැටුණු බව නොරහසකි. අයි.පී.එල්. තරග ආරම්භවූ දා පටන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ක්‍රීඩකයන් තරග කිරීම පිළිබඳව නිවැරදි ප්‍රතිපත්තියක් තිබුණේ නැත.
ප්‍රශ්න පැමිණි විට ඒවාට පැලැස්තර ඇලවීම වත්මන් ක්‍රිකට් බලධාරීන්ගේ පුරුද්දක් වී තිබේ. විදෙස් තරගාවලි සඳහා ක්‍රීඩකයන්ට අවසර දීමේදී නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ අවශ්‍යතාව ඇතත් මේ දක්වා එය සිදු කිරීමට ක්‍රිකට් බලධාරීහු අ‍පොහොසත් වී සිටිති.
මෙම ප්‍රශ්නයේදී ද සංගා තමන් ගතයුතු තීරණය කුමක්දැයි ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් එයට නිසි පිළිතුරක් ලබා නොදී ක්‍රීඩකයාව අමාරුවේ දැමීමට කටයුතු කළේය.
එය ඉතාමත්ම වැරදි ක්‍රියාවක් වන්නේ මෙම ක්‍රීඩකයන් අයි.පී.එල්. හෝ වෙනත් ප්‍රිමියර් ලීග් තරගාවලින් ලබා ගන්නා මුදලින් 10ක් ක්‍රිකට් ආයතනයට ලබා ගන්නා බැවිනි. සංගා අසීරුවට පත්වූ මොහොතේ ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නිසි බලධාරීන් ඉදිරිපත් නොවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් කර ඇති සංගා ද්‍රෝහියකුගේ තත්ත්වයට පත්වීමට මගපෑදී තිබුණි. මේ
පිළිබඳව සංගා දැඩි වේදනාවෙන් අදහස් දැක්වූයේ ක්‍රිකට් ආයතනයේ මැදිහත් නොවීමෙන් දැන් රටද මුදල්ද කියා ප්‍රශ්නයක් ක්‍රීඩා ලෝලීන් අතරේ ප්‍රචාරය වී ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංගා සන්රයිසස් පිල තෝරා ගන්නා තෙක් බලා සිටියා දැයි ප්‍රශ්නයකි. එවිට ක්‍රිකට් ආයතනයට ඩොලර් 1,40,000 ක් ද හිමි වී වරද සංගාගේ පිටටම පැටවීමේ අවස්ථාව තිබුණි. එහෙත් සංගා එයට අහුවුණේ නැත.
සංගා රටට ක්‍රිකට් ගැසිය යුතුය. එහි විවාදයක් නැත. එහෙත් ප්‍රිමියර් ලීග් ගැසීමට ගිවිසුම් අත්සන් කිරීමේදී එහි කොන්දේසිවලට යත්වීමට ඔහුට සිදුවේ. එම කොන්දේසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දනියි. එම ගනුදෙනුවෙන් කොමිස් මුදල් ද ඔවුන් ලබා ගනියි. එම අවස්ථාවේ කිසිවක් ප්‍රකාශ නොකරයි. එහෙත් ප්‍රශ්නයක් ඇතිවූ විට ඔවුන් ක්‍රියා කරන්නේ තොත්ත බබාලා වගේය.
මෙසේ තමන් ගැන නොසිතන ක්‍රිකට් ආයතනයක් ගැන මින්පසු ක්‍රිකට් ක්‍රීඩකයන් විශ්වාසයක් තබා ගනීවිදැයි සැකයක් ඇතිවී තිබේ. ක්‍රීඩක-පාලක සම්බන්ධතාවය හොඳ මට්ටමක පැවැතීම රටේ ජයග්‍රහණයට ඉතා අත්‍යවශ්‍ය දෙයකි. මෙම ප්‍රශ්නයේදී එක වචනයක්වත් කතා කිරීමට වත්මන් ක්‍රිකට් සභාපතිවරයා ඉදිරියට පැමිණියේ නැත. මෙහෙම ප්‍රශ්නයක් තිබුණා යැයි ඔහු දන්නවාදැයි සැක හිතෙන තරමටම ඔහු සැඟවී සිටියේය.
තමන් දාඩිය මහන්සියෙන් කැපවීමෙන් ක්‍රීඩා කර මෙම මුදල් සොයා ගන්නා බව සංගා වේදනාවෙන් පැවැසීය. එය සත්‍යයකි. කඩුල්‍ලේ රැඳී සිටිමින් ශතක පිට ශතක ලබා වීරයකු වීම ඉතාමත් අසීරු කාර්යයකි. එහෙයින් තම හැකියාවට ලැබුණු මුදලින් රු. කෝටි 2ක් අහිමි වීම ගැන සංගාට වේදනාවක් ඇත. එය ඕනෑම කෙනෙකුට ‍පොදු දෙයකි.
එහෙත් මෙම ප්‍රශ්නයේදී සැබෑ වීරයා ද්‍රෝහියකු බව පැවසෙන තත්ත්වයට ප්‍රශ්නය පැමිණෙන තෙක් කල්මැරීම ගැන ක්‍රීඩකයා වෙනුවෙන් යමක් නොකිරීම ක්‍රිකට් ආයතනය කළ බරපතළ වරදකි.
තමාට මුල්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තිලංග සුමතිපාල මහතා ලබාදුන් බවත්, ඉන්පසු පැවැති සියලුම දේශීය අන්තර් ක්‍රීඩා සමාජ, පළාත් තරග වලදී ලැබුණු සියලුම මුදල් සෙසු ක්‍රීඩකයන්ට සහ එන්.සී.සී. කාර්ය මඩුල්ලට ලබා දීමට කටයුතු කළ තමාව මුදලට ක්‍රිකට් ගසන්නෙකු ලෙස හංවඩු ගැසීම ගැන කනගාටුවන බවත් සංගා පැවැසුවේ වේදනාවෙනි.
හෝටලයකට ගොස් ක්‍රීඩකයන් එකතුවී කෑම ගත් අවස්ථාවල බිල පැමිණෙන විට ජංගම දුරකථනය කනේ ගසාගෙන මාරුවෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් සිටි රටක සංගා සත්‍ය වශයෙන්ම හොඳ ක්‍රීඩකයකු මෙන්ම නායකයකු වූ බව කණ්ඩායමේ ක්‍රීඩකයන්ම පවසා තිබේ.
වසර ගණනාවක සිට ඇදෙමින් පවතින මෙම ප්‍රිමියර් ලීග් තරග ප්‍රශ්නය නිරාකරණය කර එයට ප්‍රතිපත්ති මාලාවක් හැදීමට දැන්වත් කටයුතු කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ යුතු වේ.
අනෙක් රටවල් කරනවාට කරන්නට ගොස් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කොටඋඩ ගිය හැටි ආදර්ශයට ගත යුතුය. හරිහැටි දේශීය තරගාවලියක්වත් සංවිධානය කර ගැනීමට නොහැකි පුද්ගලයන්ට ප්‍රිමියර් ලීග් තරග සංවිධානය කළ හැකිදැයි ප්‍රශ්නයකි.
කෙසේ වුවද කඳුරටට ක්‍රීඩා කිරීමට තීරණය කිරීමෙන් සංගා තමන්ට පාඩුවක් සිදුකර ගනිමින් ප්‍රශ්නය සමථයකට පත් කළේය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් මත කටයුතු නොකළහොත් කිසිම ක්‍රීඩකයකු මින්පසු රට ගැන නොසිතනු ඇත. එවිට සැබෑ ද්‍රෝහියන් ක්‍රීඩකයන්ද? ක්‍රිකට් බලධාරීන්ද? යන්න බුද්ධිමත්ව තීරණය කිරීමට ක්‍රීඩා ලෝලීන්ට සිදුවනු ඇත.

මංගල ධර්මප්‍රේම
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම පාලක මංඩලය කලේ සංගා සන්රයිසර්ස් ගහනකම් බලාගෙන හිටපු එක.. එතකොට උන්ට පුළුවන් කොමිස් එකත් අරගෙන සංගාව ද්‍රෝහියෙක් කරන්න.. ඒත් සංගා ඒකට අහුඋනේ නැහැ.. මම නම් කියන්නේ සංගා සන්රයිසර්ස් ගැහුවත් කාටවත් මුකුත් කියන්න බැහැ.. මොකද එයා ගිවිසුමක් ගහලා තියෙන්නේ.. ඒක අනුව එයාට තෝරාගැනීමක් නැහැ.. දේශීය එකට ගහනවනම් පාඩු විඳගන්න ඕන.. සංගා දේශීය එකට ගහන්න කියල කියන අය එහෙනම් සංගාට වෙන පාඩුවට ගෙවන්න ඕන.. මොනවා උනත් මේ දේවල් ඔප්පු කලා සංගා කියන්නේ හොඳ මොලකාරයෙක් කියලා..
    සංගා අපි හැමදාම උඹත් එක්කයි..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං සංගක්කාර නිශාන්ත රණතුංගට යවපු ලියුමක් තියෙනවා. එකත් හොයල දාන්න.
     
    • Like
    Reactions: kputha

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් කියන්නෙ සන්ගා ට Sunrise Hyderabad තොර ගන්න තිබුනා කියල. කදුරට කියන්නෙ අපි 6 a side ගහනකොට කියන්නා වගෙ ඇහින්දාස් කන්ඩායමක්. එක අවුරුද්දක් අපෙ එවුන් විතරක් ගහනවා ඊට පස්සෙ SLPL කියල එනවා. මෙ අවුරුද්දෙ සතියකින් තොරාගත් කන්ඩායමක් තමයි කදුරට කියන්නෙ.මෙ වගෙ ගොම් පාර්ට් කෙලින බොර්ඩ් එකක් එක්ක ක්‍රීඩකයෙකුට වුර්තිමය තත්වයෙන් ක්‍රිඩා කරන්න හම්බෙන්නෙ නෑ.වුර්තිමය කිව්වහම සල්ලිත් අයිතියි.
    දැන් මෙ අවුරුද්දෙ Champions league එක කදුරට දිනුවත් ලබන අවුරුද්දෙ කදුරට කියල කන්ඩායමක් නති වෙයි.
     
    • Like
    Reactions: kputha

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ක්‍රිකට් බොර්ඩ් එක ගැන නම් කතා කරන්න එපා. ජය ලලිතා එන්න එපා කිව්වම නොයවා ඉන්නයි. එන්න කිව්වම යව්වන්නයි බොර්ඩ් එකක් ඔනෙ නෑ. ඉන්දියාවෙ පදෙට නටන හරක් ටිකක්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්තටම පාලක මංඩලය කලේ සංගා සන්රයිසර්ස් ගහනකම් බලාගෙන හිටපු එක.. එතකොට උන්ට පුළුවන් කොමිස් එකත් අරගෙන සංගාව ද්‍රෝහියෙක් කරන්න.. ඒත් සංගා ඒකට අහුඋනේ නැහැ.. මම නම් කියන්නේ සංගා සන්රයිසර්ස් ගැහුවත් කාටවත් මුකුත් කියන්න බැහැ.. මොකද එයා ගිවිසුමක් ගහලා තියෙන්නේ.. ඒක අනුව එයාට තෝරාගැනීමක් නැහැ.. දේශීය එකට ගහනවනම් පාඩු විඳගන්න ඕන.. සංගා දේශීය එකට ගහන්න කියල කියන අය එහෙනම් සංගාට වෙන පාඩුවට ගෙවන්න ඕන.. මොනවා උනත් මේ දේවල් ඔප්පු කලා සංගා කියන්නේ හොඳ මොලකාරයෙක් කියලා..
    සංගා අපි හැමදාම උඹත් එක්කයි..
    :yes::yes::yes:

    අනිවාර්යෙන් මචං ,,,
    මටත් කියන්න තිබුනේ ඔය ටිකමයි.
    සංගලාට පල නොකියා පලා බෙදද්දීත් ලංකාව වෙනුවෙන් මෙහෙම සෙල්ලම් කරන එකත් ලොකුදෙයක්...උබ දැක්කද සනත් කියලා තියනවා ''මම ජෙහාන් මුබාරක් south africa tour එකට තෝරගත්තු එක කරපු ලොකු වරදක් කියලා''
    ලගදීම සංගා සහ මහේල මොනවා හරි කාරණයකට ටීම් එකෙන් එලියට දාලා අවුරුද්දකට විතර පස්සේ කියයි.ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවූ විශාල අත්වැරැද්දක් කියලා.

    :lol::lol::lol::rofl:
     
    • Like
    Reactions: kputha

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thanks for sharing machan... Elakiri set ekatath dana ganna ekka. Katha karala wedak na ban oya cricket board eka saha unge weda gena nam. Deshapalanayen awith unge katu kana gon hatthak. Unta cricket gena wagema paripalanaya genath hari haman denumak ne. Commis gahannai hora kannai dehapaluwanta kade yannai nam hodhata dannawa.

    Well done sanga... Intelligent as always..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇත්තටම පාලක මංඩලය කලේ සංගා සන්රයිසර්ස් ගහනකම් බලාගෙන හිටපු එක.. එතකොට උන්ට පුළුවන් කොමිස් එකත් අරගෙන සංගාව ද්‍රෝහියෙක් කරන්න.. ඒත් සංගා ඒකට අහුඋනේ නැහැ.. මම නම් කියන්නේ සංගා සන්රයිසර්ස් ගැහුවත් කාටවත් මුකුත් කියන්න බැහැ.. මොකද එයා ගිවිසුමක් ගහලා තියෙන්නේ.. ඒක අනුව එයාට තෝරාගැනීමක් නැහැ.. දේශීය එකට ගහනවනම් පාඩු විඳගන්න ඕන.. සංගා දේශීය එකට ගහන්න කියල කියන අය එහෙනම් සංගාට වෙන පාඩුවට ගෙවන්න ඕන.. මොනවා උනත් මේ දේවල් ඔප්පු කලා සංගා කියන්නේ හොඳ මොලකාරයෙක් කියලා..
    සංගා අපි හැමදාම උඹත් එක්කයි..

    :yes:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    දැන් හැමෝටම තේරෙනවා ඇති මාලිංගට උනත් පලු යන්න කට්ටියම බැන්න. සංග වැඩකරු මෙන්ම මොලකරු නිසා මේ විදියට මේ ප්‍රශ්නෙ විසඳ ගත්ත... ටීම් එකේ අනිත්, හොදට ප්ලේ කරත් කථික හැකියාව නැති අපේ ප්ලේයර්ස් ල ඒ ගොල්ලන්ගේ තීරණ ගන්න හේතුව මේ අවස්ථාවාදී කාලකන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයයි... තරග පැරදෙන එකට තරග විකුණන එක තනිකරම කරන්නේ පාලක මණ්ඩලයයි... ක්‍රීඩකයෝ කරන්නේ තමන්ගේ උපරිම හැකියාව යොදන එකයි... පාලක මණ්ඩලේට ක්‍රිකට් කියන්නේ බිස්නස් එකක්. ඉතින් ක්‍රීඩකයෝ කොහොමද ඉවසගෙන ඉන්නේ... තමන්ගේ ජොබ් එක විදියට වැඩ කරලා හම්බ කරන එකයි ක්‍රීඩකයෝ කරන්නේ.. මාලින්ගල දිල්ෂාන් ල උනත් IPL තෝරාගන්න වෙන්නේ පාලක මණ්ඩලේට හරි සැලසුමක් නැති නිසා... ඒ ගොල්ලන්ට තියෙන්නේ අපේ කොල්ලෝ IPL ගහල හම්බ කරන සල්ලි වලින් කොමිස් අරගෙන, අපිට කියල අපේ ප්ලේයර්ස් ලට දෝෂාරෝපණය කරවන්න... සංග උනත් ඔය කතා කරන්නේ ඉවසල ඉවසල බැරිම තැන. මොකද ක්‍රීඩකයන්ට පාලක මණ්ඩලය විවේචනය කරන්න ත් තහනම් කරලනේ තියෙන්නේ...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes::yes::yes:

    අනිවාර්යෙන් මචං ,,,
    මටත් කියන්න තිබුනේ ඔය ටිකමයි.
    සංගලාට පල නොකියා පලා බෙදද්දීත් ලංකාව වෙනුවෙන් මෙහෙම සෙල්ලම් කරන එකත් ලොකුදෙයක්...උබ දැක්කද සනත් කියලා තියනවා ''මම ජෙහාන් මුබාරක් south africa tour එකට තෝරගත්තු එක කරපු ලොකු වරදක් කියලා''
    ලගදීම සංගා සහ මහේල මොනවා හරි කාරණයකට ටීම් එකෙන් එලියට දාලා අවුරුද්දකට විතර පස්සේ කියයි.ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවූ විශාල අත්වැරැද්දක් කියලා.

    අනිවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නිශාන්ත රණතුංග කියන එකාව පොල්පිත්තකින් හරි කපාගන්න පුළුවන් එකෙක්.. ඌ කරන්නේ ටීම් එකේ ප්‍රශ්න ඇති කරන එක.. ටීම් එකේ යහපතට කියලා කරපු කිසි මගුලක් නැහැ.. ඌ තමයි ක්‍රිකට් කන්නේ.. ඌ දැන් සංගා උන්ට නොකියා මාධ්‍යයට අදහස් දැක්වුවා කියලත් පරීක්ෂනයක් කරන්න යනවලු.. මේ පිස්සු යක්කු ටික එලවන්න ඕන.. ක්‍රීඩාවට ආදරේ මිනිස්සු ටිකක් ගේන්න ඕන..
     
    ක්‍රිකට් ගොඩ ගත්තේ අර්ජුන උනාට කන්නේ අර්ජුනගේ මල්ලි... අපේ කොච්චර හොද ප්ලේයර්සලා හිටියත් මුල හැදෙන්නේ නැතිව අපිට අයිමත් කප් එකක් ගහනවා බොරු...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ක්‍රිකට් ගොඩ ගත්තේ අර්ජුන උනාට කන්නේ අර්ජුනගේ මල්ලි... අපේ කොච්චර හොද ප්ලේයර්සලා හිටියත් මුල හැදෙන්නේ නැතිව අපිට අයිමත් කප් එකක් ගහනවා බොරු...

    arujunai sanjeewai sirase raa eliwenakan bord ekata baninawa habai sabapathi
    wenas unata lekam wenas nowena bord eke lekam mallita viruddawa denna
    mukuthma kiyanne naha.heta sport ministry eka denawanam arujuna ada anduwe.