සංඝයා

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පිරිහීම

ඔන්න ඉස්සර එකෝමත් එක රටක් තිබ්බා. ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කළේ නැහැ. ඔවුන්ගේ තේජස, බල පරාක්‍රමය දස දෙස පැතිරුනා. එය එරට වැසින්ට පමණක් නොව පිටරට වැසියන්ටත් ප්‍රයෝජනවත් උනා, ආශිර්වාදයක් උනා. නමුත් පසු කාලෙක ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පටන් ගත්තා. එවිට ඒ රටේ මිනිස්සු රටවැසියා පිළිපැදිය යුතු නීති රීති, පොලිසියක්, අධිකරණයක්, ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න කටයුතු කළා. තවත් කල් යන විට තව තවත් පිරිහීම නිසා ඒ රටේ මිනිස්සු වැඩි වැඩියෙන් නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පටන් ගත්තා. එවිට වෙනත් රටක අයෙක් පිරිහුණු රටේ පුද්ගලයෙකුගෙන් මෙහෙම ඇහුවා:

"වර්තමානයේ ඔබේ රටේ බොහෝ පුද්ගලයින් නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පෙළඹිලා බව අපිට දකින්න හම්බවෙලා තියෙනවා. මේක උචිත කාරනයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලියි. නමුත් මේ යන රටාව පිලිබඳව, ඔබ රටේ පුද්ගලයින් වැරදි දිශාවකට ගමන් කිරීම පිලිබඳව පිටරට වැසියන් වශයෙන් අපි කුමක්ද කළ යුත්තේ?"

එතකොට පිරිහුණු රටේ පුද්ගලයා මෙහෙම කියපි:

"මෙහෙමයි මහත්තයෝ, අපේ මුතුන් මිත්තො පැහැදිලිව කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් පිටරට වැසියන්ට අපේ රටේ වැසියන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාළ නැහැ. මොකද අපේ මුතුන් මිත්තෝ පනවපු නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති රීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න රටේ ඉහල පුද්ගලයින් ඉන්නවා. අපේ මුතුන් මිත්තො කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. ශක්තිමත් අපේ හරි වැරදි සොයන්න ආවොත් කොහෙන් අවසන් වෙයිද කියලා අපට කියන්න බැහැ. ශක්තිමත් ජාතියක් වන අපේ ගුණ යහපත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ශක්තිමත් බව වැඩියි කියනවා අපේ මුතුන් මිත්තො. තේරුණාද? ඒ නිසා මහත්තයෝ අපේ රටේ කොතැනකවත් මේ මොහොතේ අපි වැරැද්දක් දකින්නේ නැහැ. තේරුණාද? ඉස්සර අපේ මුතුන් මිත්තො රටවැසි අපිට නීති රීති, පොලිසියක්, අධිකරණයක්, ව්‍යවස්ථාවක් පනවා තිබෙනවා. ගැහැණු අයට අදාළ නීති රීති ආදියත් පනවා තිබෙනවා. ඇයි? ඒ කාලෙත් අපේ රටේ මිනිස්සු අතින් වැරදි සිද්ධ උනා. ඒ නිසා එක කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං මේ ජීවිතයේ දැහැමිව ඵලවත්ව ක්‍රියා කළ යුතුයි කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං කන්තෝරු ගොස් එහි ස්ත්‍රීන් සමඟ විහිළු තහළු කර සතුටු වෙමියි කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මම වැඩ කරන තැන රැක ගන්න ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං නැති උනොත් මේ රටේ ස්ත්‍රීන්ට දරුවන් නොලැබේ, රටේ පිරිමි හිටියාට ඔවුන් වඳය, ඒ නිසා මම ඊට සුසුදු පරිදි රැකියාවක් කර ජීවත් වෙනවා කියලා. නමුත් මහත්තයෝ මේ සෑම කෙනෙක් තුළම මේ ස්වභාවයන්ට අපි වැරැද්දක් දකින්න විදිහක් නැහැ. ඒක ලෝක ස්වභාවය මහත්තයෝ. තේරුණාද? අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න."

(අර්ථ වටහා ගැනීම පිණිස ගොතන ලද උපමා කතාවකි)
උපුටා ගැනීම: http://www.trekmentor.com/si/content/book/594

--



නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1806228


Skylark