"සංඝ" නමින් ආසනයක්

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    "සංඝ" නමින් ආසනයක්

    "සංඝ" නමින් ආසනයක්
    පුරා මාසයකට වැඩි කාලයක් නොකඩවා පැවැත්වෙන ලෝකයේ විශාලතම මැතිවරණය වන ඉන්දියානු මැතිවරණයේ සීකිම් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

    සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන්කර ඇති මෙම ආසනය "සංඝ" යනුවෙන් නම් කර ඇති අතර සිකීම් ප්‍රාන්තයේ බෞද්ධ විහාරස්ථාන 51 කට අයත් භික්ෂුන් වහන්සේලා 3096 නමක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිනවා. භික්ෂුණීන් වහන්සේලා 34 නමක් ද මීට ඇතුළත් බව පැවසේ.
    ඕනෑම විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට ඕනෑම පක්ෂ සලකුණක් යටතේ තරඟ කිරීමට අවස්තාව ලැබෙන අතර ඡන්දය දෙන ස්වාමීන් වහන්සේලා ගේ පහසුව පිණිස කාන්තාවන්ට වෙනම පෝලිමකින් ගොස් ඡන්දය දීමට කටයුතු සලස්වා තිබෙනවා.

    one seat for Buddhist monk