සංඝ පරම්පරාව සහ අනාගතය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සංඝ පරම්පරාව සහ අනාගතය

    සංඝ පරම්පරාව සහ අනාගතය

    අවුරුදු 2600ක් විතර වෙන බුද්ධ වර්ෂයක් දැන් යන්නේ
    බුද්ධ වර්ෂ 623 ඉපදුනු සිදුහත් කුමරුන්, අවුරුදු 35 දී බුද්ධත්වයට පත්වෙලා 80 වසරක් ශාසනය ගොඩ නැගුවා. බුද්ධ පරම්පරාවක් ගොඩ නැගුවා.
    බුද්ධපරිනිර්වානයෙන් පසුව සංගායනාවන් කීපයක්ම තියන්න වුනා ආගම බේරගන්න.
    දුෂ්ශීලයින් අයින් කරන්න. පිරිසිදු ධර්මය සුරකින්න.

    විවිධවූ කාලවලදී සතුරුවිපත් දුර්බික්ෂ මෙකි නොකී හැමදෙයක්ම මඩලාගෙන බුද්ධාගම තවමත් රැකිලා තියෙන්නේ රටවල් කීපයක විතරයි.
    ශ්‍රී ලංකාව ඉන් එක රටක්.

    මෑත ඉතිහාසයේ අපි දන්නා තරමින් ශාසනයට සේවයක් කරපු හොඳ සඟ පරපුරක් හිටිය.

    - රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්
    - හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්
    - ආනන්ද මයත්‍රී හිමියන්
    - කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන්

    rerukane-himi.jpg
    images


    ඔය ඉතා සුළු කොටසක්.
    ලඟදි තව ගොඩක් හිමිවරුන් අකාලයේ අපවත්වුනා.

    - සෝම හිමි
    - සෝභිත හිමි
    - බෙල්ලන්විල හාමුදුරුවෝ

    ඔයත් හොඳ සේවයක් දහමට මෙන්ම සමාජයටත් කරපු හිමිවරුන් කොටසක්.
    තව ගොඩක් අය ඉන්නවා.


    දැන් තමා කතාවේ මුල.

    ඔය සඟ පරපුර කෙමෙන් නැතිවෙලා යනවා. අපේ ඇස පනාපිටම දන්නා කියන හොඳ හිමිවරු එක්කෝ අකාලයේ, එහෙම නැත්නම් සැත්කමක් කරන්න ගිහින් අපවත්වෙනවා. මෑතකාලයේ ඔක්කොටොම හොඳට මතක ඇති.


    ඊළඟට එන්න ඉන්න පරපුර කවුද?
    එහෙම පරපුරක් හැදිලා ඉන්නවද?

    අපිට පෙන්නේ,

    - ගලබොඩ ඥානසාර හිමි
    - අතුරලියේ හිමි

    ඔයවගේ සඟ කොටසක් තමයි.

    දැන් පෙන විදිහට අනාගතය කොහොම වෙයිද?

    පොතක් පතක් ලියන, හදවතින්ම බුද්ධාගමට සේවයක් කරන අය බිහිවෙයිද?

    මට පෙනවිදිහට, පන්සල් ලොකු කරගන්න, තත්වේ රැකගන්න, සල්ලි වලට ඔන්න ඔය දේවල් වලට තමයි ගොඩක් හාමුදුරුවෝ දැන් ඉන්නේ. සමහර අය පන්සල් සල්ලිවලට ගන්නවා.


    අපිට මොකක් වෙයිද?





    Umat-Buddha-Jalani-Tradisi-Pindapata-Waisak.jpg



    image_1502031763-e4fa567b1a.jpg


    srilanka-buddhist-monk.jpg



    8d45ecf6ec4d4816871d870c1ca50f6e-780x474.jpg
     
    • Like
    Reactions: Omega_Jay

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    anika mcn dn inna podi ewun blpn unta agama dahama gana kisi ganak na kisima awabodayak na harak wage hasirenne itn pirihena eka ahnna dyk da bn
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මම දන්නතරමින් සමහර හාමුදුරුවරු කෝටි ගණන් දීල පන්සල් අරන් තියෙනවා
    පොතක් පතක් ලියන කිසිම කෙනෙක් හොයාගන්නවත් නැහැ වගේ

    එක්කෝ විශ්ව විද්‍යාලයට යන්න මහනවෙනවා
    නැත්නම් රට යන්න මහනවෙනවා


    ඉක්මනින්ම දන්නා කෙනෙක් සංඝායනාවක් කරන්නම වෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    නානසාර තව හොඳයි බං සමන්තබඩ්ඩ, උඩුවේ කාරයා වගේ උන් ගට්ටම
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hoda kathikawak.... මේ ධර්මය ග්‍රන්ථාරූඪ කරලා විතරක් මදි.. ගොඩක් කැළෑ තුල ගෙවන ස්වාමීන්වහන්සේලාගේ කාර්‍යය භාරය කොහොම විය යුතුද...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Buddhism is westernizing rapidly. so does everything. there's a way out of this. but the thing is the people who understand what's happening and what should we do to stop it are seen as crackpots.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    BELLANWILA HAMUDURUWANG GENA MAGE KISIMA PEHEDEEMAK, NE, A HAMUDURUWANGE BANAK WATH AHALA NE,
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මට හිතෙන විදිහට, කැලේ වැදිලා ඉඳල වැඩක් නැහැ
    දන්නා ධර්මය මිනිස්සුන්ට කියල දීල යහමගට ගන්න එකයි කියල දීල තියෙන්නේ

    ගහමරාගන්නයි, දේශපාලනය කරන්නයි ගිහින් ඉන්න අය නිසා මිනිස්සුන් දහමින් ඇත්වෙනවා.
    දහම් පාසල් යන්නේ කීදෙනාද දැන්?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ එකෙක් හිටියා.කොලු සීන් එකකට මාට්ටු වෙලා ඒකෙන් බේරෙන්න මහණ වුනා.අවුරුදු කීපයක් ඉදලා සිවුරු ඇරියා.දැන් ටීචර් කෙනෙක්ද කොහෙද .
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි තරහ වෙලා හිටියා කාලයක්. දානේ ගෙනියනකොට දෙනමට වෙන වෙනම ගෙනිච්චේ නැත්තම් වැලදුවේ නෑ.. .ගමේ මිනිස්සුන්ටත් මේක ඒපා වුනා ටික දවසක් කරද්දි. පස්සේ ගමේ මිනිස්සු දානේ ගෙනත් දාන ශාලාවෙන් තියල තමන්ම පූජ කරල හාමුදුරුවරු දෙන්නටම කියල දානේ ගෙනාවා දාන ශාලාවෙන් තිබ්බා යන්න ගියා කැමති විදියකට වලදන්න කියල. පන්සලට මිනිස්සු යන ඒකත් අඩු කරා. ගිහියන්ට සාමයෙන් ඉන්න කියල උන් තරහ උනාම හරියනවද බන්. පස්සේ දෙන්නාගේ ප්‍රශ්නයක් නෑ. පන්සලේ වැඩ වෙනදා වගේ හොදට වෙනවා කියල ලොකු හාමුදුරුවෝ බණට වඩින හැම තැනදිම කියල කියල තමයි අායිම මිනිස්සු පන්සලට ගෙන්න ගත්තේ..ගිහිගෙය අත්හැරල සිවුර දාගත්තට බලයට මුදලට තියෙන තණ්හාව අත් අැරලා නෑ දැන් ඉන්න ගොඩක් හාමුදුරුවරු. කොහොමහරි උත්සහ කරන්නේ තමන්ට තියෙන දේවල් වැඩි කරගන්න..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි තරහ වෙලා හිටියා කාලයක්. දානේ ගෙනියනකොට දෙනමට වෙන වෙනම ගෙනිච්චේ නැත්තම් වැලදුවේ නෑ.. .ගමේ මිනිස්සුන්ටත් මේක ඒපා වුනා ටික දවසක් කරද්දි. පස්සේ ගමේ මිනිස්සු දානේ ගෙනත් දාන ශාලාවෙන් තියල තමන්ම පූජ කරල හාමුදුරුවරු දෙන්නටම කියල දානේ ගෙනාවා දාන ශාලාවෙන් තිබ්බා යන්න ගියා කැමති විදියකට වලදන්න කියල. පන්සලට මිනිස්සු යන ඒකත් අඩු කරා. ගිහියන්ට සාමයෙන් ඉන්න කියල උන් තරහ උනාම හරියනවද බන්. පස්සේ දෙන්නාගේ ප්‍රශ්නයක් නෑ. පන්සලේ වැඩ වෙනදා වගේ හොදට වෙනවා කියල ලොකු හාමුදුරුවෝ බණට වඩින හැම තැනදිම කියල කියල තමයි අායිම මිනිස්සු පන්සලට ගෙන්න ගත්තේ..ගිහිගෙය අත්හැරල සිවුර දාගත්තට බලයට මුදලට තියෙන තණ්හාව අත් අැරලා නෑ දැන් ඉන්න ගොඩක් හාමුදුරුවරු. කොහොමහරි උත්සහ කරන්නේ තමන්ට තියෙන දේවල් වැඩි කරගන්න..

    hodata bada yanna kama denna thibbe. bada gihin asadya wenna. ita passe dena deyak kala idi
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ගිහියෝ බුද්ධ ශාසනය රැකීම භික්ෂුන්ට භාර දී ඊට භික්ෂූන්ගේ දොස් සොයමින් තමන්ගේ ගුණ දහම් ගැන කිසිත් නො සලකා සිටිති. භික්ෂූහුද අභ්යන්තර සාරයක් ඇතත්, නැතත්, සංඝරත්නය නම් අපි, අපෙන් තොරව බුද්ධ ශාසනයක් පවත්නේ කොහිද? යනාදීන් ගිහියන් බිය ගන්වාගෙන ජීවත්වෙති.
    අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන. බුදුසසුන් රකින්නට නුපුළුවන. එය භික්ෂූන්ට භාර යැයි සිතා ගිහි මිනිස්සු බුද්ධශාසනය රැකීමේ කොන්ත්රාත් වැඩය භික්ෂූන්ට භාර දී සිටිති. ඒ ගැන ඔවුහු භික්ෂූන්ට කැම් බීම්, ඇඳුම්, පැළඳුම්, ඉඳුම්, හිටුම් සහ අනෙක් වුවමනා සියල්ලත් සපයති. එහෙයින් මේ කොන්ත්රාත් වැඩ හරියට නොකරන කල ඔවුහු භික්ෂූන්ට බැණ වදිති. නොයෙක් කපටි කෛරාටික කම්වලින් ධන සපයමින් දුෂ්චරිත කරමින් සිට තමාට ඉඩ ඇති වේලාවක පන්සලට ගොස් පින් ගෙනෙන්නට භික්ෂුව ළඟ පින් එකතු කරගෙන තිබිය යුතුයැයි, ගිහියා සිතයි. භික්ෂුව දුස්සීල නම්, ඔහුගේ ගබඩාවේ පින් නැත. එහි පින් නැති වූ කල තමා පින් ගන්නේ කොතැනිදැයි ගිහියා භය වී භික්ෂූවට බැණ වදියි.
    අද සාමාන්ය බෞද්ධයාගේ තත්ත්වය මෙයයි.කිසියම් භික්ෂුවක් වරදක් කළ විට ඔහු බුද්ධශාසනය වනසතැයි ගිහියෝ කෑගසති. ගිහියා වරදක් කිරීමෙන් ඔහුත් බුද්ධශාසනය වනසන බැව් හෙතෙමේ නො සිතයි.

    -සත්‍යෝදය-