සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීම
සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව රෝහිතට හා මර්වින්ට පවරයි
දේශීය 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 13:29
ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ මළුවේ දී ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුවට හිතවත් සංඝයාවහන්සේලා පිරිසක් රැස්කරන ලෙස මර්වින් සිල්වා හා රෝහිත අබේවර්ධන යන හිටපු අමාත්‍යවරුන්ට පවරා ඇතැයි වාර්තා වේ.
"සංඝයාවහන්සේ ද රටේ ව්‍යවස්ථාවට හා නීතියට ගරු කළ යුතුය" යන තේමාව යටතේ මෙම සංඝයා පිරිස සංඝ සම්මේලනයට එරෙහිව පෙළ ගැස්වීමට සැලැසුමකර ඇතැයි ද පැවසේ. කෙසේවුවද, රෝහිත අබේවර්ධන විසින් කළුතර ප්‍රදේශයේ නායක සංඝයා වහන්සේලා කිහිපදෙනකුට මෙම වැඩසටහනට එක්වන ලෙස ඇරයුම්කර ඇතත් උන්වහන්සේලා එම ඉල්ලීම ප්රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ.
උන්වහන්සේලා මෙම ඉල්ලීම ප්රතික්ශේපකර ඇත්තේ, කල්ගතවී හෝ ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් සමස්ත සංඝයා වහන්සේම එක්සේසත් කිරීමට උත්සාහකරන මේ අවස්ථාව පැහැර හැරීමට නොහැකිබව පවසමිනි.
එසේ ප්‍රකාශ කළ විහාරාධිපති හිමිවරුන් කිහිප දෙනෙකුට පරිභවකර ඇති රෝහිත අබේවර්ධන, "මේ ගණයෝ දැන් ඉතින් ජනාධිපතිතුමාගෙන් දන්වේලක්වත් කාල ඉවරයි"යනුවෙන් බැණ වදිමින් විහාරස්ථානවලින් පිටව ගොස් තිබේ.