සංචාරකයින්ගේ පැමීණීම ඉහළට
පසුගිය මාස 10 ක කාලය තුළ මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයින් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, බි‍්‍රතාන්‍ය, ස්වීට්සර්ලන්තය, ජර්මනිය සහ ප‍්‍රංශයෙන් පැමිණෙන සංචාරකයින් ප‍්‍රමාණය වැඩිවීමක් තිබෙන බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මීට අමතරව එළැඹෙන දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයින් ප‍්‍රමාණය සියයට 60 කින් පමණ ඉහළ යනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. එමෙන්ම එම සංචාරයකයින් දිවයිනට පැමිණිමෙන් අනතුරුව දකුණු මුහුදු වෙරළ තීරය සහ නැගෙනහිර වෙරළ මුහුදු තීරයේ සංචාරය කිරීමට වැඩි කාලයක් වැයකරන බවයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ