සංචාරක තොරතුරු දන්නවද?

gcrsuraweera

Junior member
  • Jan 29, 2009
    180
    14
    18
    Piliyandala
    සංචාරක තොරතුරු දන්නවද?

    දැනට ලංකාවේ සංචාරක තොරතුරු ඇතුලත් වෙබ් අඩවි කොතරම් තිබුනත් ලංකාවම ආවරණය වන පරිදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවි ඉතාමත් අල්ප හෝ නොමැති තරම්ය, තිබුනත් තොරතුරු වල නිරවද්යුතාවය පිලිබඳ ගැටළු මතුවේ, එසේත් නොමැති නම් Travel Agency මගින් පත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල බොහෝ විට නිවැරදි Contact Details සහ Price Details අඩංගු නොවේ.

    එම නිසා නිවැරදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දැඩි ආශාවක් මා තුල විය, එම අරමුණ මාස කිහිපයක දැඩි කැප කිරීමකින් සපල කර ගැනීමට Software Engineer ලෙස සේවය කරන මා හට එතරම් අපහසු වුයේ නැත .

    වාසනාවකට මෙන් ඊට ගැලපෙන Domain Name එකක්ද ලැබුණි (www .LankaTravelGuide.com). එහෙත් මේ සඳහා තොරතුරු එකතු කර ගැනීම තනිවම කල නොහැක්කකි. මේ සඳහා අන්යන්ගේ උදව් බලාපොරොත්තු වුනෙමි . සහයෝගය ලබා දීම සඳහා Travel Agency කිහිපයක් සහ Hotels කිහිපයක් ඉදිරිපත් වූ නමුදු මම ඒ සඳහා එකඟ නොවුයේ ඊට වඩා වෙබ් අඩවියේ ස්වාදීන බව වඩා වැදගත් වන බැවිනි. තවද මෙයින් මුදල් ඉපයීමේ කිසිදු පරමාර්තයක්ද නොමැති අතර කිසිදු වෙළඳ දැන්වීමක් හෝ මෙහි පල නොකිරීමට මම දැඩි ලෙස වග බලාගෙන ඇත්තෙමි.

    එහෙත් ඉදිරි ගමනේදී සංචාරක තොරතුරු සහ චායාරූප ලබා දෙන ලෙස සමගෙන්ම ඉල්ලා සිටින අතර ඒවා ඔබටම අනන්ය ලෙස ඔබේම නමින් තනිවම ඔබට Publish කිරීමේ පහසුකම් සපයා ඇත.

    එසේත් නොමැතිනම් Lanka Travel Guide Team ලෙස දිගු ගමනක් යාමට අප සමග එකතු වන ලෙස අරාධනා කරමි.

    ලංකාවේ සුන්දර තැන් වල තොරතුරු ඉදිරිපත් කරන අතරම ඒවා විනාශ නොකර සුන්දරත්වය විඳ ගන්නා ආකාරය දැනුවත් කිරීම මෙම වෙබ් අඩවියේ අරමුනයි.

    ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අගයන්නෙමු.
     

    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    ela kollek ne...
    mageth oya wage idea 1k tibba.. welawak tibbe na ban hadanna...
    onama sup ekak dennam...
    lankawe tiyana wadagath kama loketama pennanna wade full sup eka denava.