සංචිත හිදිලා.. ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි..- මහ බැංකුව කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    දැනට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් ලෙස පවතින බව මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.

    චීන මහ බැංකුවෙන් විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදල මෙරටට මාසයකට සෑහෙන ආනයන සඳහා ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.

    එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පහසුකම හිමිවන බවද කී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 780 ලබන අගෝස්තු මාසයේදී ලබා ගැනීමට නියමිත බවද කියා සිටියේය.

    ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210612-121708_Facebook.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඉකමනට ලංකාව ආර්ථිකමය අතින් කඩන් වැටුනා නම් හරි එතකොට සිවිල් අරගලයක් එනවා ආවම රට අරාජිත වෙනවා. එතකොට මෙච්චර කල් ජන්දේ දුන්න උන්ට තේරෙයි
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ඉකමනට ලංකාව ආර්ථිකමය අතින් කඩන් වැටුනා නම් හරි එතකොට සිවිල් අරගලයක් එනවා ආවම රට අරාජිත වෙනවා. එතකොට මෙච්චර කල් ජන්දේ දුන්න උන්ට තේරෙයි
    88-89jvp karayo tiaki, civil war karapu LTTE karayo tikai marala damma wage, wesa bayyo tika wanda karala damma nam me rata goda ganna puluwan