බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ සිට 'සුහුරුපාය' හරහා උඩුමුල්ල මංසන්ධිය දක්වා වන අතුරු මාර්ගය ඉදි කිරීම
- කොළඹ නගරය තුළ පිහිටා ඇති සියලු රාජ්‍ය ආයතන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය තුළ ස්ථාපනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි. මේ අනුව අදාළ රාජ්‍ය ආයතන බොහොමයක් දැනටමත් බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානගත කරනු ලැබ ඇත. මීට සමගාමීව බත්තරමුල්ල හා තදාසන්න ප්‍රදේශවලට අවශ්‍ය මහාමාර්ග හා ගමනාගමන වැනි යටිතල පහසුකම් කඩිනමින් සැපයිය යුතු වේ. ඒ අනුව, රාජ්‍ය ආයතන වෙත පහසු ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින්, පොල්දූව මංසන්ධියේ සිට කොස්වත්ත මංසන්ධිය දක්වා කිලෝමීටර 4ක් දිගැති අතුරු මාර්ගයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. දැනට බත්තරමුල්ල මංසන්ධිය පවතින දැඩි මාර්ග තදබදය අඩු කිරීමේ අරමුණින්, එහි පළමු අදියර ලෙස සැලසුම් කරනු ලැබ ඇති පොල්දූව මංසන්ධිය සිට 'සුහුරුපාය' දක්වා දිවෙන අතුරු මාර්ග කොටස උඩුමුල්ල මංසන්ධිය දක්වා දීර්ඝ කිරීමටත්, එම කාර්යය රුපියල් මිලියන 250ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිදු කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, එහිදී නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික සංවර්ධනය සඳහා අදාළ වන සියලු විෂයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පහසුකම් සැලැසීම පිණිස සහ ආර්ථික සංවර්ධනය, සංවර්ධන නියෝජිත ආයතනය පිහිටුවීම, ග්‍රාමීය නවීකරණය හා ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය ආදී කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස පිළියෙල කරනු ලැබ ඇති, 'සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත', රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 2016-2018 කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති
තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන 'ඉ - ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය' සහ අන්තර්ජාලගත උපාංග භාවිතය වැඩිදියුණු කිරීම හා නවෝත්පාදනයන් සිදු කිරීම පිණිස පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, තරුණ පරපුර හා තරුණ ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම සඳහා වූ 'අන්තර්ජාලගත උපාංග (Internet of Things) ව්‍යාපෘතිය' යන ව්‍යාපෘති දෙක (02), පිළිවෙළින් රුපියල් මිලියන 662ක හා රුපියල් මිලියන 133ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, 2016-2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වනඅලි තර්ජනය පවතින ගම්බිම් වටා කිලෝමීටර 800ක් දිගැති විදුලිවැට ඉදි කිරීම
- වනඅලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත 60-80 අතර සංඛ්‍යාවක් අහිමිවන අතර, වනඅලි 200කට අධික සංඛ්‍යාවකගේ ජීවිත ද අහිමි වේ. ආහාර හා ජලය සොයමින් කෘෂිකාර්මික වගා බිම් වෙත පැමිණෙන වනඅලි පාලනය කිරීම තුළින් මෙම ගැටුම සැලකිය යුතු මට්ටමකට පාලනය කර ගත හැකි අතර, ඒ සඳහා ගතහැකි වඩාත්ම ඵලදායී ක්‍රමවේදය වන්නේ විදුලි වැට ඉදි කිරීම බව අනාවරණය වී ඇත. වන රක්ෂිත හා වනඅලි තර්ජනය පවතින ගම්මාන හා වගා බිම් වටා මේ වන විට ඉදි කරනු ලැබ ඇති විදුලි වැට දිග ප්‍රමාණය කිලෝමීටර 3,300ක් පමණ වේ. 'වනඅලි මිනිස් ගැටුම් කළමනාකරණ ජාතික සැලසුම' යටතේ, 2016 වර්ෂයට අවශ්‍ය විදුලි වැට කිලෝමීටර 275ක ප්‍රමාණයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඒ යටතේ, වනඅලි-මිනිස් ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප 07ක් තුළ 2017 වර්ෂයේදී කිලෝමීටර 800ක දිගකින් යුතු විදුලි වැට ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පන්නල - මාකඳුර - කුලියාපිටිය ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශය, මාකඳුර ප්‍රදේශයේ කොටසක්, සහ කුලියාපිටිය (නැඟෙනහිර හා බටහිර) හා උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් ආවරණය වන පරිදි සැලසුම් කරනු ලැබ ඇති යෝජිත පන්නල - මාකඳුර - කුලියාපිටිය ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් 112,000ක පමණ ජනගහනයකට සෞඛ්‍යාරක්ෂිත පානීය ජල සැපයුමක් ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉන්දියානු රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජල ටැංකි 3,000ක් ඉදි කිරීම
- සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය පිළිබඳ විශාල ගැටලුවක් යාපනය අර්ධද්වීපය පුරා පවතින අතර, ඊට විසඳුමක් ලෙස තිරසර පිරිසිදු පානීය ජල මූලාශ්‍රයක් එම ජනතාව වෙත සලසා දීම ඉලක්ක කරගත් ව්‍යාපෘති යෝජනාවක් ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) විසින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. එම යෝජනාව සැලකිල්ලට ගෙන, යාපනය දිස්ත්‍රික්කය තුළ වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 3,000ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට එම මහ කොමසාරිස් කාර්යාලය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අහංගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම
- මෙරට කාර්මික ක්ෂේත්‍රයේ පවතින ඉල්ලුමට සරිලන පරිදි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, 'නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහන (2014 - 2020)' යටතේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් අහංගම ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම
- රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට තම කෘෂි අස්වැන්න ගබඩා කිරීම සඳහා තත්ත්වයෙන් උසස් ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, පර්යේෂණාගාරයක් සහිත කාර්යාල ගොඩනැඟිල්ලක්, නවාතැන් පහසුකම් සහිත ගොඩනැඟිල්ලක්, ජල ටැංකියක්, ට්‍රාන්ස්ෆෝමර් කුටියක් ආදියෙන් සමන්විත වර්ග අඩි 28,500ක පමණ වපසරියකින් යුත් ගබඩා සංකීර්ණයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සඳහා නව විද්‍යාගාර ගොඩනැඟිල්ලක් මාලබේහි ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් සපයනු ලබන සේවාවන්හි කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා එහි විද්‍යාගාර සේවාවන් පුළුල් කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, එම ආයතනයේ විද්‍යාගාර සේවා අංශය ස්ථාපනය කිරීම සඳහා මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානයෙහි අක්කර 03ක ඉඩම් කොටසක් රුපියල් මිලියන 168ක වියදමකින් මිල දී ගැනීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු සඳහාත් රුපියල් මිලියන 550ක ප්‍රතිපාදන භාවිතයෙන් සිදු කිරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2016-10-25