කෝටි 420 නිල්වලා බෝම්බය පිපිරේ.. ආණ්ඩුවෙන් ගියොත් හිරේ.. හිටියොත් සැප..
පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු නිල්වලා ගග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.
මේ අනුව අවශ්‍ය කට උත්තර මෙයට සම්බන්ධ තීරණයන් ගත් ප්‍රධාන පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති අතර පරික්ෂණයේ වර්තමාන තත්ත්වය රටේ බලවතෙකු වෙත වාර්තා කොට ඇත.
ඉහළින් ලැබෙන උපදෙස් අනුව ප්‍රධාන පෙලේ දේශපාලන නීයෝජිතයින් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතය. එහෙත් රටේ නැගි එන දේශපාලන අර්බුදය හමුවේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිම පමා කිරිම තුලින් රජය රැකගැනීමේ උත්සහයක ද යෙදෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.
දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.
මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.
ආ වොක්ස්වැගන් පැට්ටේරියක් නෙවි.....හැබැයි පොනිල් කිව්වේ නම් වොක්ස්වැගන් පැට්ටේරිය කියලා
වොක්ස්වාගන් නිෂ්පාදන ෆැක්ටරියක් නොවේ.. වාහන කෑලි ගෙන්වා එකලස් කරන තැනක්..
වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව වාර්තා වෙයි.
එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන26.5 ආයෝජනයකිනි.
මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි. (මේ වන විටත් Micro, AMW, Dimo ආදී සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි)
මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.
ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.








