Sira apita dan Volkswagen factory ekai Mahindra factory ekai, dekama tiyanawa
Bayyanta hodatama ridei






‘වියත්පුර’ නිවාස යෝජනා ක‍්‍රමය ආරම්භය
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීයවේදීන් සඳහා ආරම්භ කළ ‘වියත්පුර’ නිවාස යෝජනා ක‍්‍රමය පන්නිපිටිය වීරමාවතේ, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින (17)ආරම්භ කෙරුණි. රුපියල් ලක්‍ෂ 60,000 ක වියදමින් ඉදිවන නව නිවාස ඒකක 500 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය ලොකු කුඩා සැමගේ පහසුව වෙනුවෙන් සුපිරි වෙළෙඳසැලක්, පිහිණුම් තටාකයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, ළමා උද්‍යානයක්, ක‍්‍රීඩා පිටියක් සහ නවීන රථගාලකින් සමන්විතය.
කටුබැද්ද වෙල්යාය සංවර්ධන ව්‍යාපෘතිය.
කටුබැද්ද වෙල්යාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශරීර සුවතා මංතීරුව සහ හරිත වියමන ඉදි කිරීමේ කටයුතු ආරම්භය අද දින (17) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍ය එරාන් වික්‍රමරත්න, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, හිටපු නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් මහතා ඇතුළු විශාල පිරිසක් එක් විය. මෙම ව්‍යාපෘතිය යටතේ පාරිසරික සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් රැසක්ද සිදු කෙරේ.





ubata news ennnema rata nedaMitigation begins at Sri Lanka's Iranian-built Uma Oya hydropower tunnel disaster


ජපානයේ ජයිකා ව්‍යාපෘතිය යටතේ ගල්ගමුව රෝහලේ ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙි අවස්ථාව අද (20) පෙරවරුවෙි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරනි.
හපුතලේ නැරඹුම් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම
හපුතලේ නැරඹුම් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම අද දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාඅතින් සිදු විය. රුපියල් මිලියන 40ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින්මෙ ම නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකරන ලදී.මෙම නැරඹුම් මධ්‍යස්ථානය ආපන ශාලාවකින්ද සමන්විතය.මෙම නැරඹුම් මධ්‍යස්ථානය හපුතලේ සුන්දරත්වය විඳ ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ට හැකිවන සේ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.මෙම අවස්ථාවට අමාත්‍ය හරින් ප්‍රනාන්දු,පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාර්,පළාත් සභා මන්ත්‍රී සුමිත් සමයදාස මහතා ඇතුළු පිරිසක් එක්විය.
බදුල්ල සේනානායක උද්‍යානය ඉදිකිරීම් ඇරඹේ
බදුල්ල සේනානායක උද්‍යානය හා විනෝද කටයුතු ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘතිය අද දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඌව පළාත් මහ ඇමති චාමර දසනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය, නාගරික සංවර්ධන අධිකාරිය සහ බදුල්ල මහනගර සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.රුපියල් මිලියන 60ක් මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත කර`ඈත.තවද මෙම ව්‍යාපෘතියට යාබදව ඉදිවන රථ ගාල නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යවරුන් එක්විය.