සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    හෝමාගම (තාක්ෂණික නගරය) ප්‍රදේශය තුළ මාර්ග යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම

    - බස්නාහිර කලාපීය මහානගර සැලැස්මට අනුව ක්‍රියාත්මක කෙරෙන තාක්ෂණ නගර සංවර්ධන වැඩසටහන යටතේ හෝමාගම - පිටිපන තාක්ෂණ නගරය ආශ්‍රිත මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ. ඒ යටතේ, මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් එම ප්‍රදේශය ජාතික ප්‍රවාහන ජාලය හා මන‍ාව සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින්, රුපියල් මිලියන 3,143ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, පහත සඳහන් පරිදි නව මාර්ග දෙකක් ඉදි කිරීමටත්, දැනට පවතින මාර්ග තුනක් වැඩිදියුණු කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * කොට්ටාව සිට මාහේන්වත්ත දක්වා කිලෝමිටර 6.18ක දිගින් යුත් මංතීරු හතරක නව නව ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම.

    * මාහේන්වත්ත පර්ෂදය තුළ පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල කිලෝමීටර 1.7ක දිගින් යුතු අභ්‍යන්තර මාර්ග ඉදිකිරීම.

    * දම්පේ - පිටිපන මාර්ගයද ඇතුළුව, පිටිපන - තලගල මාර්ගයේ කිලෝමීටර 8.83ක් වැඩිදියුණු කිරීම.

    * කිලෝමීටර 2.9ක දිගින් යුතු උඩුවන පන්සල හන්දිය මාර්ගය වැඩිදියුණු කිරීම.

    * කහතුඩුව සිට කොට්ටාව - තලගල මංසන්ධිය දක්වා කිලෝමීටර 3ක දිගින් යුතු ප්‍රවේශ මාර්ගය වැඩිදියුණු කිරීම.

    ඔස්ට්‍රියානු සහන ණය යෝජනා ක්‍රමය යටතේ රජයේ රෝහල් සඳහා ගිලන් රථ 100 ක් ලබාගැනීම

    - අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම්වලින් සමන්විත ළඟම පිහිටි රෝහල වෙත කාර්යක්ෂමව හා ආරක්ෂිතව රෝගීන් ප්‍රවාහනය කිරීම ගුණාත්මක සෞඛ්‍ය සත්කාරක සේවාවක් සැපයීමේදී ඉතා වැදගත් වේ. ඒ අනුව, අවශ්‍ය ජීවිතාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත ගිලන් රථ 100ක්, තෝරාගත් රජයේ රෝහල් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 9.8 ක සහන ණය මුදලක් ලබාගැනීමට ඔස්ට්‍රියාවේ රෙයි‍ෙෆයිසන් බැංකුව (Raiffeisen Bank of Austria) සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජයේ සේවකයින් සඳහා රාගම ප්‍රදේශයේ මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
    - මැදි ආදායම් ලබන කණ්ඩායම් වලට අවශ්‍ය නිවාස 500,000ක් ඉදිරි වසර 05 තුළ ඉදි කිරීම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මැදි ආදායම් නිවාස සංවර්ධන වැඩසටහනේ අරමුණයි. ශ්‍රී ලංකාවේ මැදි ආදායම් ලබන තැනැත්තන්ගෙන් වැඩි පිරිස රාජ්‍ය අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් බව හඳුනා ගනු ලැබ තිබේ.

    ඒ අනුව, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා දැරිය හැකි මිලකට නිවාස සැපයීම අරමුණු කර ගනිමින්, ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු, රාගම ප්‍රදේශයේ පිහිටි අක්කර තුනක (03) ඉඩම් කොටසක් සංවර්ධනය කර මහල් නිවාස ඒකක 400 කින් යුතු නිවාස ව්‍යාපෘතියක් ඉහත වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquid Natural Gas -LNG) මඟින් විදුලි බලය ජනනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය
    - ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, විදුලිබල ක්ෂේත්‍රය සඳහා යොදා ගනු ලබන ඉන්ධන විවිධාංගීකරණය කිරීම සහ විදුලි ජනන වියදම අවම කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquid Natural Gas -LNG) මඟින් විදුලි බලය ජනනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් 2017-07-18 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී.

    එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ විදුලිබල ජනනය සඳහා ඉන්ධනයක් ලෙස ස්වාභාවික වායුව යොදා ගැනීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමටත්, 2019 වර්ෂය වන විට මෙගා වොට් 1,000ක පමණ ධාරිතාවකින් යුත් ස්වාභාවික වායු විදුලිබලාගාර මෙරට ක්‍රියාත්මක කිරීමටත්, ද්‍රවීකෘත ස්වාභාවික වායු මෙරටට ආනයනය කිරීම හා ගොඩබෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

    ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය
    - ක්‍රීඩාව ගමට ගෙන යාම තුළින් තරුණ පරපුරේ ක්‍රීඩා කෞෂල්‍යය දියුණු කර ඔවුන් ජාත්‍යන්තර මට්ටම කරා ගෙන යාම රජයේ අරමුණයි. ඒ සඳහා දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි 'පළාත් ක්‍රීඩා සංකීර්ණ' ඉදි කිරීමටත්, එම පළාත් ක්‍රීඩා සංකීර්ණ පිහිටුවනු ලබන දිස්ත්‍රික්ක හැර ඉතිරි දිස්ත්‍රික්ක 16 ආවරණය වන පරිදි 'දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ' ඉදි කිරීමටත්, රජය කටයුතු කරමින් සිටින අතර ඉන් වැඩි ප්‍රමාණයක ඉදි කිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇත. තවද, මෙම පළාත් ක්‍රීඩා සංකීර්ණ සඳහා නේවාසිකාගාර පහසුකම් ලබා දිය යුතුව ඇති අතර පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයන්ට දුරස්ථව පිහිටි ප්‍රදේශවල පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සැපයිය යුතුව තිබේ.

    ඒ අනුව, පොළොන්නරුව, කිලිනොච්චිය, කුරුණෑගල, බදුල්ල, දිගන, රත්නපුර, මාතර හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පිහිටි පළාත් ක්‍රීඩා සංකීර්ණ 08 ආශ්‍රිතව වරකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට නේවාසික පහසුකම් ලබා දිය හැකි නේවාසිකාගාර 08ක් රුපියල් මිලියන 1,087ක‍ ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයන්ට දූරස්ථව පිහිටි ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාර 06ක් රුපියල් මිලියන 1,050ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM අධ්‍යාපනය) ප්‍රවර්ධනය කිරීම

    - නවෝත්පාදනයන් මුල් කරගත් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් හරහා ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM අධ්‍යාපනය) යන විෂය ක්ෂේත්‍රයන්හි නිපුණ ශ්‍රම බලකායක් සිටීම ඉතා වැදගත් වේ. එමෙන්ම, පරිගණක, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව, නිෂ්පාදන සැලසුම් නිර්මාණය, රොබෝ විද්‍යාව සහ නිනිති තාක්ෂණය, ජෛව තාක්ෂණය වැනි නැඟී එන තාක්ෂණයන් ආශ්‍රිත රැකියාවන් කෙරෙහි රැකියා වෙළඳපොළ නැඹුරුවීමේ ජාත්‍යන්තර ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එහි ඉහළ වැටුප් සහිත රැකියාවන් ලබාගැනීම සඳහා ද STEM අධ්‍යාපනය මඟින් ලැබෙන දැනුම ඉවහල් වනු ඇත. ලෝකයේ දියුණු රටවල් රාශියක් විසින් සිය කාර්මික වර්ධනය ඉහළ නැංවීමේ පියවරක් ලෙස STEM අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරනු ලබයි.

    ඒ අනුව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ STEM අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට සහ නවෝත්පාදනයන්ට තුඩුදෙන වෙනත් ඒ හා සමාන විෂය ක්ෂේත්‍ර මෙරට අධ්‍යාපන ක්‍රමයට හඳුන්වාදීම සඳහා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැලසුමක් සකස් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ යන විෂයයන් භාර අමාත්‍යවරුන් ඇතුළත් වන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ප්‍රතිකාර සංකීර්ණය ඉදි කිරීම (අදියර II)
    - ළමා රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබන, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල මඟින් සපයනු ලබන රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ අනුව, උසස් ගුණාත්මකභාවයකින් යුතුව හෘද උරස් ප්‍රතිකාර සේවා සැපයීම සහ වෛද්‍ය පර්යේෂණ සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම රෝහලේ ‍හෘද උරස් ප්‍රතිකාර ඒකකයේ දෙවෙනි අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    හම්බන්තොට මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
    - හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇත. එබැවින්, මුල් අවස්ථාවේදීම මෙම නිදන්ගත වකුගඩු රෝගය හඳුනා ගැනීමට හා ඉන් සිදුවන මරණ වළක්වා ගැනීම සඳහා රුධිර කාන්දුපෙරණ, වාට්ටු, සායන සහ රසායනාගාර පහසුකම් සහිතව වකුගඩු ප්‍රතිකාර ඒකකයක් හම්බන්තොට මහ රෝහලේ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ.

    ඒ අනුව, එම වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 210කට M/s RN Constructions (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    එම ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 159.94ක මුදලකට M/s Electro Metal Pressings (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ත්‍රිකුණාමලය මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
    - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයද හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයකි. එබැවින්, මුල් අවස්ථාවේදීම මෙම නිදන්ගත වකුගඩු රෝගය හඳුනා ගැනීමට හා ඉන් සිදුවන මරණ වළක්වා ගැනීම සඳහා රුධිර කාන්දුපෙරණ, වාට්ටු සායන සහ රසායනාගාර පහසුකම් සහිතව වකුගඩු ප්‍රතිකාර ඒකකයක් ත්‍රිකුණාමලය මහ රෝහලේ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ.

    ඒ අනුව, එම වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 249.32ක මුදලකට M/s Electro Metal Pressings (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ඒකකය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
    - ආඝාතය වැඩිහිටි ආබාධිතතාවය සඳහා ප්‍රධාන හේතුවක් වන අතර එය මෙරට රෝහල් පද්ධතිය තුළ වාර්තා වන මරණ සඳහා වන හතරවන ප්‍රධානතම හේතුව වේ. නිසි ප්‍රතිකාර හා පුනරුත්ථාපන පහසුකම් මගින් ආඝාතය රෝගය සුව කළ හැකි නමුත්, නිසි පහසුකම් සහිතව වැඩිදියුණු කරන ලද ආඝාත ප්‍රතිකාර ඒකකයක් දැනට පවතින්නේ රාගම පුනරුත්ථාපන රෝහලේ පමණි.

    එබැවින්, ආඝාත රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ස්නායුවේද, රක්තවාතවේද, භෞතචිකිත්සා හා පුනරුත්ථාපන යන ඒකකද ඇතුළත්ව පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකය සංවර්ධනය කිරීම සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, එම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 348ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    උතුරු පළාතේ පිහිටි තෝරාගත් රෝහල් සංවර්ධනය කිරීම - (DRIVE Project)
    - උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ ජනතාව නැවත පදිංචි කරන ලද ප්‍රදේශවල සෞඛ්‍ය යටිතල පහසුකම් තවදු‍රටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් එම පළාතේ තෝරාගත් රෝහල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව නෙදර්ලන්ත රජයේ මූල්‍ය සහ‍ාය සහ ඒකාබද්ධ අරමුදලේ දායකත්වයද සහිතව උතුරු පළාතේ පිහිටි කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික් මහ රෝහල් සහ පේදුරුතුඩුව හා මාන්කුලම් යන මූලික රෝහල් සංවර්ධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රිඩ් උපපොළ 4ක් ඉදි කිරීම
    - ඉදිරියේදී ප්‍රධාන ජාලයට එක් කිරීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර මඟින් නිපදනවනු ලබන විදුලිබලය ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියට එක් කිරීම පිණිස නා‍වලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ යන ප්‍රදේශයන්හි ග්‍රිඩ් උපපොළ 04ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ සිවිල් වැඩ, නිර්මාණ, අදාළ උපකරණ සම්බන්ධ කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,233ක මුදලකට, M/s Ceylex Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා පොලීසියේ නාගරික රථවාහන ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම
    - ශ්‍රී ලංකා පොලීසිය සඳහා මහල් 11කින් සමන්විත නාගරික රථවාහන ගොඩනැඟිල්ලක් කොළඹ 12, මිහිඳු මාවතෙහි ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබ ඇති අතර ඉන් මුල් කොන්ත්‍රාත්තුව යටතේ මහල් 03ක් ඉදි කරනු ලැබ තිබේ. එහි ඉතිරි ඉදි කිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 388.5ක මුදලකට CML - MTD Construction Ltd. වෙත පිරිනැමීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-08-29
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113

    නවෙස්ටා ෆාමසියුටිකල්ස් නව කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ.

    දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවෙස්ටා ෆාමසියුටිකල්ස් ප්‍රතිජීවක එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ හොරණදී විවෘත කෙරිණි.

    නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම විසින් රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් සිදුකරමින් මෙම කර්මාන්ත ශාලාව ඉදි කර තිබේ.

    මෙම නවතම ඖෂධ නිෂ්පාදනාගාරය, වාර්ෂිකව ආසන්න වශයෙන් ඖෂධ කුප්පි මිලියන 50ක් රජයේ සෞඛ්‍ය අංශයට ලබාදීමට නියමිත අතර එමගින් විදේශයට ඇදීයන අතිවිශාල මුදලක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.

    එමෙන්ම ජෛව රසායන, ඖෂධවිද්‍යාව, අණුක ජීව විද්‍යාව ආදී ඖෂධ නිෂ්පාදනයට අදාළ ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහිත ලාංකිකයින්ට රැකියා අවස්ථා උත්පාදනය කිරීමද මෙමගින් සිදු කෙරේ.

    අභිනව කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම ඖෂධ නිෂ්පාදන කට්ටලය නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    A factory to manufacture anti-biotic vaccines by Navesta Pharmaceuticals was declared open by President Maithripala Sirisena yesterday (Aug. 30).

    The factory which was built at a cost of Rs. 1.4 billions was opened in Horana by making a landmark in the field of local drug production.

    The factory will provide 50 million cruets of drug to the public health sector annually, saving the foreign exchange spent for importing them. This will also generate job opportunities for local specialists in the fields of bio-chemist, drugs and pharmaceutical sciences, molecular bio-science and other related sections.

    A pack of the first drug productions of the new factory was presented to the President by the Chairman of Navesta Pharmaceuticals, Sanjaya Jayaratne.

    Health Minister Rajitha Senaratne and MP, Harshana Rajakaruna were among those participated in this event.

    21151335_10155459457981327_1491671649602784313_n.jpg

    21193002_10155459458046327_5202060284931514428_n.jpg

    21151286_10155459457941327_267871605545113483_n.jpg

    21192999_10155459458261327_8003216773952287850_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10155459457366327.1073743215.365053451326&type=3
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කොළඹ කුණු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ දිරපත්වන කුණු කසල වලින් කෙරවලපිටිය කොම්පෝස්ට් අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කොම්පෝස්ට් තොගය මිහිජය වෙළඳ නාමය යටතේ කෘෂිකාර්මික ප්‍රජාව සඳහා බෙදාහැරීම මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වූ අතර ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව වැඩසටහන ක්‍රියාවට නැංවිය

    21151560_1950349518579890_4769877280836343170_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1950349025246606
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    BOI Chairman Upul Jayasuriya at the ground breaking said that the Volkswagen plant would be a major leapfrog for the country in the right direction.But soon it turned out be the opposite as Volkswagen in Germany said they have no plans for Sri Lanka.

    :rofl::rofl::rofl::rofl:

    The Volkswagen emissions scandal (also called "emissionsgate" or "dieselgate") started on 18 September 2015, when the United States Environmental Protection Agency (EPA) issued a notice of violation of the Clean Air Act to German automaker Volkswagen Group.

    Dan naluwek neme molayak kiyala kiyapu eka 2015 di mehema una kiyala nodenada 2017 oka open karanna haduwe?

    :angry::angry::angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි

    (ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

    රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත් ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි‍ මහතා පවසයි.

    රාජගිරිය ගුවන් පාලම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකෙරෙන බවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පසුගියදා කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම අධිකාරියේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

    ලංකාවේ දැනට ධාවනය කෙරෙන බර වාහන ඇතුළු ඕනෑම වාහනයක් මෙම ගුවන් පාලම මතින් ගමන් කළ හැකි බවත් මෙය ඉදිකෙරුණු පසු රාජගිරිය මංසන්ධිය ඇතුළු ඒ අවට ප්‍රධාන මාර්ග කීපයකම දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකි බවත් ඒ මහතා කියයි .


    image_719eabd2f5.jpg

    image_4bc215eeb4.jpg

    image_551528bc35.jpg

    image_2285458ef9.jpg




    - http://www.lankadeepa.lk/main_picture/රාජගිරිය-ගුවන්-පාලමේ-තාක්ෂණය-ඉතා-ඉහළයි/11-517066
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම
    dan private sector eke ewath umba government eken haduwa wage list ekata daalane...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Mama koheda dala thiyenne meke daanne me government eka patan gaththa ewa withari kiyala. :rolleyes: I post anything related to development of the country (intiated by past governments, this government, private sector, ..)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මල්වතු ඔයේ සිට යෝධ වැව දක්වා දිවෙන ඇල මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹේ

    Aug 31, 2017


    පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ මල්වතු ඔයේ සිට යෝධ වැව දක්වා දිවෙන ඇල මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා.වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු ආරම්භ කෙරුණේ. මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ මල්වතු ඔය සිට යෝධ වැව දක්වා කිලෝමීටර් 27ක පෝෂිත ඇල මාර්ගයේ සංවර්ධන කටයුතු මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අතින් ආරම්භ කෙරුණු අතර මන්නාරම දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලයට බැකෝ යන්ත්‍ර සහ ටිපර් යන්ත්‍ර පිරිනැමීමද සිදු කෙරුණා.


    - http://www.itnnews.lk/sinhala/මල්වතු-ඔයේ-සිට-යෝධ-වැව-දක්/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Tender for fourth LNG power plant to open next week: PM

    2017-08-31 20:04:28

    The government will next week call for tenders seeking a suitable investor for the fourth Liquid Natural Gas (LNG) power plant, Prime Minister Ranil Wickremesinghe said today.

    The Prime Minister made this statement at the FACETS Sri Lanka 2017 gem and jewellery exhibition in Colombo.

    “Sri Lanka is now holding discussions with India and Japan to construct two LNG power plants and also discussing with China to have one LNG power station in Hambantota. When did Sri Lanka go into constructing three LNG power stations parallelly?. The government will also open tenders to select a suitable investor for the fourth LNG power plant. Sri Lanka will be able to start constructing four such power plants together if the tender procedure becomes a success,” the premier said.

    - http://www.dailymirror.lk/article/T...next-week-PM-135756.html?fbrefresh=1504196669
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    සුළං බලාගාර ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරයි

    September 2, 2017 12:12 pm

    දිගුකාලීන විදුලි ජනන සැළැස්මට අනුව විදුලි බලාගාර ඉදිකිරීම් සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

    ඒ යටතේ මන්නාරම ප්‍රදේශයේ සුළං බලාගාර ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

    ඉදිරියේදී පුනර්ජනනීය හා ස්වභාවික වායු බලාගාර යොදා ගනිමින් ජාතික විදුලි බල පද්ධතියට අවශය විදුලි ධාරිතාව එක් කර ගැනීමට අපේක්ෂා කරන බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන හා විද්‍යුත් වාහන භාවිත කරන්නන්ගේ පහසුව වෙනුවෙන් මහජන උපදේශන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට මෙමඟින් අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.


    - http://sinhala.adaderana.lk/news/77018/--සුළං-බලාගාර-ඉදි-කිරීමේ-කටයුතු-ආරම්භ-කරයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Norwegian experts to plug the leaks

    Uma Oya Multi-Purpose Development Project - New team brought down to effect recommended modifications


    Norwegian experts have recommended a pre- and post-grouting to rectify and stop water seeping into the underground tunnel of the Uma Oya Multi-Purpose Development Project, said Mahaweli Ministry Secretary Anura Dissanayake yesterday. He said the Local Expert Committee (LEC) and the Subject Experts of the Project Management are working with the Contractor’s new technical experts now in Sri Lanka.

    “The new team was brought down to effect the recommended modifications on grouting, while the LEC and the Subject Experts of the Project Management ensure the rectifications are done properly,” he said These decisions were taken following a meeting held at the Presidents office during this week.

    President Maithripala Sirisena requested the assistance of a team of Norwegian tunnel experts to identify the causes for the leakage and recommend solutions, after water seeped into Uma Oya Project tunnels, resulting in the draining of groundwater of Bandarawela and nearby areas.

    Norwegian experts who arrived in Sri Lanka during the first week of August, submitted their interim report which stated that the initial environmental impact assessment of the project was not properly done. Their detailed report was handed over to the President last week.

    - http://www.sundaytimes.lk/170903/news/norwegian-experts-to-plug-the-leaks-257742.html