සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    නිසි නඩත්තුවක්‌ නැතිව ගාල්ල කොටුව ගරාවැටීමේ තත්ත්වයක

    ගාල්ල කොටුව නිසි නඩත්තුවක්‌ නොමැති වීම හේතුවෙන් මේ වන විට ගරා වැටෙමින් සෝදා පාළුවට ලක්‌වෙමින් ඉතාම කනගාටුදායක අඩියකට පත්වෙමින් පවතින අයුරු වර්තමානයේ දැකිය හැකිය.

    ලෝක උරුමයක්‌ බව පවසමින් ගාලු කොටුව ගැන කෙරෙන කොතෙකුත් උදම් ඇනීම මෙන්ම ගාලු කොටුව සංචාරක පාරාදීසයක්‌ බවට පත් කරන බවට සුන්දර සිහින ගැන අසන්න ලැබුණද ගාලු කොටුවේ අභ්‍යන්තරයට ගොස්‌ බලන විට පවතින්නේ ඉතා නරක තත්ත්වයක්‌ බව නොකියාම බැරිය.

    ගාල්ල කොටුබැම්මේ තැනින් තැන ගල් ගැලවී යැම මෙන්ම සෝදා පාළුවට ලක්‌ව ඇති අයුරු දක්‌නට ලැබෙනුයේ මේවා නඩත්තුවට වැඩපිළිවෙළක්‌ නොමැති බව මනාව කියාපාමිනි.

    එසේම ගාලු කොටු බැම්ම තුළ වල් බිහිව ඇති අතර නිසි ලෙස වල්නෙළා හෝ කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක්‌ නොමැති බව ගාල්ල කොටුවේ කරනු ලැබූ සංචාරයේදී අපට දක්‌නට ලැබුණි.

    කොටුවේ ප්‍රදීපාගාරය අසළ පිහිටි යුදකාමරය කිසියම් වූ ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති අතර මෙවැනි ස්‌ථාන සංරක්‍ෂණය කර කිසියම් ඵලදායි වැඩකටයුත්තකට යොදා නොගැනීම කනගාටුදායකය.

    ගාලු කොටුවේ වීදි පහන් රැසක්‌ අබලන් තත්ත්වයේ පවතින අතර මේවා පිළිසකර කිරීමට නිසි ක්‍රියාමාර්ගයක්‌ කාර්යක්‍ෂමව ගන්නා බවක්‌ පෙනෙන්නට නැත. දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්‌වූ ගාලු කොටුපවුර නැරඹීමට දහස්‌ ගණන් පිරිස්‌ නිරන්තරයෙන් පැමිණෙති. නමුත් ගාලු කොටුවේ නඩත්තු කටයුතු කිරීමට ඇති ආයතන කාර්යක්‍ෂම නොවීම හේතුවෙන් ඇතිව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි.

    වර්ෂාවට කොටු පවුරේ ඇතැම් ස්‌ථාන ශීඝ්‍රයෙන් සෝදා පාළුවට ලක්‌ව ඇති අතර කලකින් මෙම සෝදා පාළු වූ සථානවලට පස්‌දමා සැකසීමට වත් ක්‍රමවේදයක්‌ නොමැති බව ගාල්ල කොටුවේ සංචාරය කරන ඕනෑම අයෙකුට පෙනී යන්නකි. එපමණක්‌ නොව කොටුව පල්ලිය වීදියේ දිරාපත්ව ඇති පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අනතුරුදායක තත්ත්වයක පවතින අයුරු දැකිය හැකිය. මෙම ගොඩනැගිල්ලේ කඩාවැටුණු තැනකින් දැවැන්ත ගසක්‌ වැඩී ඇත්තේ ගාලු කොටුවේ සංරක්‍ෂණ ක්‍රියාවලියේ කාර්යක්‍ෂමතාව මනාව කියාපාමිනි.

    කෙසේ වෙතත් මෙහෙම ගියහොත් අනාගතයේ ගාලුකොටුව සංචාරක පාරාදිසයක්‌ බවට පත්කිරීම සිහිනයක්‌ම පමණක්‌ වනු නියතය. මේ පිළිබඳව අදාල අංශවල අවධානය යොමු විය යුතුව ඇත.


    galla1.jpg
    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/509-2017-10-05-12-22-33
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්ලෑන් එක දෘෂ්‍යමාන උනත් වැඩ අදෘෂ්‍යමානයි. පියවි ඇසට නොපෙනෙන සංවර්ධනයක් කීවේ ඒකයි.... කරපු වැඩ පොතක් පිරෙන්න උනත් ලියතෑකී....
    ඒ සංවර්ධනේ අර සීතාම්බර සළුව වගේ......
    මොන්සන්, සදුන්බුවා, අර බතායස් කියල ආයේ ඇවිල්ල ඉන්න ඇමසින් වගේ කුෂාග්‍ර බුද්ධිමතුන්ට විතරයි ඔය සංවර්ධනය පේන්නේ. තොපි අපි වගේ මෝඩයන්ට ඒව පේන්නේ නෑ...ඒ නිසා ෆොන්සන් ගොයිය කියන ඒවට සාදුකාර දීල වැදගෙන අහගෙන හිටපියව් උරුලෑ රැළ.......:P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    22104604_10212023448354794_8748180664426022834_o.jpg


    ලංකාවෙ අධිවේගී මාර්ග දෙකක් එකතුවෙන සංකීර්ණම අන්තර් හුවමාරුව.(විදෙස් අන්තර් හුවමාරු එක්ක බැලුවම නම් සරළයි තමා ඉතින් :D ) දැනට පිටත වටරවුම් මාර්ගය කඩවතින් අවසන් වන තැනින් මදක් ඉදිරියෙන් තමා මේ අන්තර් හුවමාරුව ඉදිවෙන්නෙ. පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ තුන්වන අදියර වන කඩවත සිට කෙරවලපිටිය කොටස මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන තැනයි මේ. දැනට කෙරවලපිටියෙ ඉදිවෙනව ලංකාවෙ අධිවේගී මාර්ග දෙකක් එකතුවන පළමු අන්තර් හුවමාරුව. ඒ කඩවත - කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ද වන තැන. නමුත් ඒක මෙතරම් සංකීර්ණ නෑ. පාරවල් ලෙවල් දෙකයි තියෙන්නෙ.

    නමුත් මේ කඩවත අන්තර් හුවමාරුවේ මාර්ග ලෙවල් 4ක් තිබෙනව. යටම නුවර කොළඹ A1 මාර්ගය. ඊට උඩින් කඩවත-කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය, ඊට උඩින් මධ්‍යම අධිවේගයෙන් පැමිණ කටුනායක දෙසට යන වාහන මාරුවන මංතීරුව හා ඊටත් ඉහලින් හතරවන ස්ථරය ලෙස කොට්ටාව දෙසින් ගොස් මධ්‍යම අධිවේගී මාර්ගයට මාරු වන මංතීරුව ලෙස. ඉදිකළාම ඉතාම මනරම්ව දිස්වෙන අන්තර් හුවමාරුවක් වෙයි මේක.

    - https://www.facebook.com/photo.php?fbid=10212023448354794&set=gm.1502811363136916&type=3&theater
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    The contract was awarded to Sumitomo Mitsui Construction Co. Ltd. to establish research and training complex (986 million Japanese Yens) at Faculty of Agriculture, University of Jaffna, Ariviyal Nagar, Kilinochchi. The contract awarding ceremony on 4th of September 2017 in Japan.

    The Contract agreement of establish research and training complex was signed at the Ministry of Higher Education and Highways on 12th September 2017.

    21686476_1655714207794015_2076211581761588321_n.jpg

    22045615_1655714211127348_1454061939742982281_n.jpg

    21686490_1655712294460873_7688374393448186854_n.jpg


    - https://www.facebook.com/permalink.php?story_fbid=1655712604460842&id=1111826298849478
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ගමේ පාරවල් හදන්න ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ‍‍ඩොලර් මිලි­යන 900 ක්
    Thursday, ඔක්තෝබර් 5, 2017 - 01:00

    ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ග්‍රමීය ජනගහනය රැකියා සහ සේවා සඳහා සම්බන්ධ කිරීම සඳහා මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට ඩොලර් මිලියන 900 ක් ලබාදීමට අනුමත කර ඇත.

    මෙම ආධාර ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ,

    ග්‍රමීය ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමයි. එය රැකියා මිලියනයක් ජනනය කිරීම, ආදායම් මට්ටම් දියුණු කිරීම සහ ග්‍රමීය ආර්ථිකය වර්ධනය කිරීම" යනුවෙන් ADB ජෙෂ්ඨ ප්‍රවාහන විශේෂඥ කන්සො නාකයි මහතා පැවසාඇත. මිලියන 10 ක ජනයා ජීවත් වන ප්‍රදේශ වැඩිදියුණු කළ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග. ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථාන සමඟ සම්පූර්ණයෙන් සම්බන්ධ කිරීම සඳහා රජයේ උපාය මාර්ගය සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ක්‍රියාත්මකවේ.

    2003 සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසරකට 6% ක වාර්ෂික වර්ධනය වී ඇති අතර, 2002 දී 22.7% සිට දරිද්‍රතාවය කප්පාදු කිරීමට 2012-2013 කාලය තුළ 6.7% ක ප්‍රතිශතයක් පෙන්වන ලදී. ජනගහනයෙන් 82% ක් ජීවත් වන ග්‍රමිය ප්‍රදේශවල මෙම ප්‍රගතියක් විශාල වශයෙන් සිදු වී තිබේ. නමුත් ශ්‍රී ලංකාව තවමත් අභියෝග ගණනාවකට මුහුණ දී සිටී. සමහර පළාත්වල සහ දිස්ත්‍රීකවල දරිද්‍රතාවයෙන් 20% ක් තරම් ඉහළ අගයක් පවතී. සාපේක්ෂ වශයෙන් යහපත් දේශගුණික සාධක ඇති පළාත්වල පවා, ජනගහනයේ විශාල කොටස් දරිද්‍රතා රේඛාවට සමීපව ජීවත් වන අතර එය අතිශයින්ම අන්තරාදායී වන බව ආසියානු සංවර්ධන බැංකුවේ මතයයි.

    පසුගිය වසර 12 ක කාලය තුළ මහා මාර්ග ජාලය හා පළාත් සහ ග්‍රමිය මාර්ග වැඩිදියුණු කිරීම පිළිබඳ කටයුතු සාපේක්ෂව මන්දගාමී බවට තොරතුරු අනාවරණය වී තිබේ. බොහෝ ග්‍රාමීය මාර්ගවල කාලගුණික විපර්යාසයන් හමුයේ ඒවාට ඔරොත්තු නොදෙන තත්වයක් උද්ගතවී අබලන් තත්වයට පත්වී ඇත.

    මේ අනුව මධ්‍යම, උතුරුමැද, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම බස්නාහිර පළාතේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 800 ක බහු-වාර ණය පහසුකමක් 2014 දී අනුමත කරත තිබ්ණි.මෙවර අනුමත කරන ලද නව වැඩසටහන, දිවයිනේ ප්‍රමුඛ සංවර්ධන මධ්‍යස්ථාන ආවරණය කරමින් බස්නාහිර පළාත, නැඟෙනහිර පළාත, නැගෙනහිර,හා ඌව සහ බස්නාහිර පළාත් ඉලක්ක කරගනිමින්, ලබා දීමට කටයුතු යොදා ඇත. 26 වසරක සිවිල් ගැටුමෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල අබලන්වූ මාර්ග බොහෝ ඇතැයි අනාවරණය වේ . සංවර්ධනය සඳහා අවශ්‍ය යට්තල පහසුකම් දියුණු කිරීම, මාර්ග ආරක්ෂාව, නඩත්තුව, සැලසුම් සහ ඉදිකිරීම් සඳහා රටේ මාර්ග පද්ධතිවල ධාරිතාව වැඩිදියුණු කිරීම මෙම වැඩ සටහන මඟින් අපේක්ෂා කෙරේ.

    2027 දී නිම කිරීමට නියමිත මෙම වැඩසටහන 2021 වසරේ දී ණය මුදලින් රුපියල් 20 ක් දක්වා සහ ඩොලර් මිලියන 60 ක සහනදායී ණයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇත. ඩොලර් බිලියන 1.08 ක් වන මුළු ව්‍යාපෘති පිරිවැයෙන් ඩොලර් මිලියන 184.6 ක් රජය සැපයීමට නියම්තය.


    http://www.iroad.rda.gov.lk/
    http://iroadinfo.rda.gov.lk/

    - http://www.dinamina.lk/2017/10/05/ව්‍යාපාරික/42144
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    SL gets US $ 75mn WB loan to modernize financial sector

    2017-10-05 00:00:10

    image_1507125054-4fc696ae5b.jpg


    World Bank Country Director for Sri Lanka and the Maldives Idah Pswarayi-Riddihough (second from left) and Finance and Media Ministry Treasury Secretary R.H.S. Samarathunga exchange agreements



    Sri Lanka yesterday signed an agreement to modernize and improve the efficiency of its financial sector, which in turn will help small businesses and entrepreneurs compete in the markets and create better jobs.


    Financed through a US $ 75 million loan from the International Development Association (IDA) of the World Bank, the new Financial Sector Modernization Project (FSMP) was signed yesterday by World Bank Country Director for Sri Lanka and the Maldives Idah Pswarayi-Riddihough and Finance and Media Ministry Treasury Secretary R.H.S. Samarathunga.


    Financial intermediaries and regulatory institutions stand to benefit from the modernized regulatory frameworks and state-of-the-art financial infrastructure that will ease access to affordable finance and spur an entrepreneurship culture in Sri Lanka.

    “A strong financial sector can help Sri Lanka sustain its developmental returns. Efficient financial markets can boost the competitiveness of Sri Lankan firms and overall job creation,” said Pswarayi-Riddihough.


    “Inclusive finance, in turn, can help increase spatial integration and access to opportunities, encouraging entry into the formal economy. To make all this happen, the Sri Lankan authorities must continue effectively addressing the challenges in the financial sector, such as the gaps in the financial sector infrastructure, weak legal frameworks and in oversight functions of the regulators.”


    “A competitive, diversified and well-regulated financial market is imperative for Sri Lanka to create better investment finance for micro, small and medium enterprises and thereby provide economic opportunities for the financially underserved,” said World Bank Senior Financial Sector Specialist and Task Team Leader Anoma Kulathunga.


    “Such financial markets can support shared prosperity and allow Sri Lanka to remain on its development path to an inclusive upper-middle income status,” she added.


    The loan for this project is provided by the IDA, the World Bank’s grant and low-interest arm, with a maturity of 25 years that includes a grace period of five years.


    This five-year project will be implemented via the financial sector regulators— the Central Bank of Sri Lanka (CBSL), Securities and Exchange Commission of Sri Lanka (SEC) and Insurance Board of Sri Lanka (IBSL).


    The project consists of three key components: supporting selected mid-level reforms through results-based financing, strengthening the financial sector regulator’s institutional capacity, upgrading the legal and regulatory framework and modernizing the financial market infrastructure and project implementation and monitoring.

    - http://www.dailymirror.lk/article/S...cial-sector--137835.html?fbrefresh=1507206741
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Port City investor pumps in $1bn for Financial City complex

    2017-10-06 08:58:16

    The Chinese investor which develops the Colombo Port City has already decided to invest US $ 1 billion in constructing a high rise building to house the proposed International Financial City, officials said yesterday. This is in addition to the original investment of US $ 1.5 billion for reclamation of land from the sea.

    China Harbour Engineering Company builds the port city. It is an investment of US $ 1.5 billion for the reclamation of 269 hectares of land from the sea adjacent to the Colombo seaport.

    It has registered a company named ‘CHEC Port City Colombo (PVT) LTD’. Project Director Nihal Fernando told the Daily Mirror that the investor would invest US $ 1 billion in two stages in addition to the original investment of US $ 1.5 billion to put up the building for the International Financial City.

    It is slated to be a 40 to 60 storey building. Mr. Fernando said 45 per cent of land reclamation work had been done.

    The land is reclaimed by filling it with sand dredged from two identified locations in the sea. Mr. Fernando said sea sand reclamation and breakwater construction would complete by June, 2019.

    He said though any permanent construction could take place after that, there would some temporary structures to be built before that as the pavilion and sales gallery.

    “That will happen in three months’ time. Besides, the permanent building will be constructed later by the Chinese party to house the international financial centre which the government is talking about. They have already worked out preliminary project details for it,” he said. (Kelum Bandara)

    - http://www.dailymirror.lk/article/P...City-complex-137896.html?fbrefresh=1507282830

    september-02-zoom.jpg

    september-06-zoom.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Indo-SL groups’ talks focus on joint venture

    Published : 9:16 am October 6, 2017

    Developing Trinco oil tank farm: LIOC uses 15 out of 99 tanks for fuel storage at the moment. The joint venture is to be established to operate the remaining 84 tanks in the upper farm

    By Kelum Bandara

    The Joint Working Group (JWG) between India and Sri Lanka is currently having negotiations on the establishment of a joint venture to develop the Trincomalee Oil Tank Farm, an official said yesterday.

    The JWG has been set up to explore developments of roads, the petroleum sector and the Trincomalee port and power projects.

    LATE-CITY-DM-1-16.jpg


    Managing Director Lanka Indian Oil Company Shyam Bohra told the Daily Mirror the government to government talks were taking place through the JWG to work out modalities for the development of the Oil Tank Farm in Trincomalee.


    However, he said no final decision had been taken yet in this regard. The Memorandum of Understanding (MoU) was signed in this regard earlier.



    LIOC uses 15 out of 99 tanks for fuel storage at the moment. The joint venture is to be established to operate the remaining 84 tanks in the upper farm. Asked about fuel prices, Mr. Bohra said LIOC would revise the prices this month unless the government reduced taxes.


    “We can survive if taxes are reduced. Otherwise, we have to revise the prices,” he said.

    - http://mirrorcitizen.dailymirror.lk/2017/10/06/indo-sl-groups-talks-focus-on-joint-venture/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    mewa kawada gatha pic da :baffled: maga un ehama unge badu aran giihn lu :dull:

    Me ICC eken karana Meerigama kittuwa section eka:

    Construction of Central Expressway- Section II – Package A from Meerigama (Ch 37+090km) To Riloluwa(Ch 46+800 km)

    MAGA eekn karanne Kurunegala Boyagane kittuwa section ekak. ethana wada nawaththala thawakalikawa.

    අධිවේගි සැපයුම් මඟේ බාධක ඉවත් කිරීමට උසාවි නියෝගයක්
    Monday, ඔක්තෝබර් 2, 2017 - 01:00


    කළුගල් වැටි යොදා දින තුනක් තිස්සේ අවහිර කර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම සදහා යොදාගන්නා සැපයුම් මාර්ග අධිකරණ නියෝගයක් මත යළි විවෘත කිරීමට පොලිසිය පෙරේදා (30 දා) කටයුතු කළේය.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මතු වී ගැටලුවලට සාධාරණ විසදුමක් නොලැබුණු බව පවසමින්, එම මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වන බව කියන පිරිසක් කුරුණෑගල හේනමුල්ල ප්‍රදේශයේදී කළුගල් වැටියක් දමා මෙම සැපයුම් මාර්ගය වසා දැමීමට පසුගිය 27 වැනිදා කටයුතු කළහ.

    දම්බොක්ක ප්‍රදේශයේ සිට ගැට්ටුවාන දක්වා දිවෙන කිලෝමීටර් 8.5 පමණ දිගකින් යුත් මෙම සැපයුම් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දින කිහිපයක් තිස්සේ අඩාළ වී පැවැතිණි. සැපයුම් මාර්ගය අවහිර කර තිබූ හේනමුල්ල ප්‍රදේශයට පෙරේදා දහවල් පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් අධිවේගී මාර්ග ඉදිකිරීම් සේවකයන් යොදවා කළුගල් වැටිය ඉවත්කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එහි පැමිණි ප්‍රදේශවාසීහු ඊට විරෝධය දැක්වීම නිසා තරමක උණුසුම් තත්වයක්ද ඇතිවිය.

    අදාළ සැපයුම් මාර්ගවලට යොදා ඇති බාධක ඉවත් කරන ලෙසට දන්වමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ නියෝගයක් මෙම අවස්ථාවේදී පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා විසින් ප්‍රදේශවාසීන් වෙත ඉදිරිපත් කිරීමත් සමග දෙස් දොවොල් තබමින් ඔවුහු එම ස්ථානයෙන් ඉවත් වී ගියහ.

    ඉන් අනතුරුව අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් භාර සමාගමේ සේවකයින් සහ යන්ත්‍රෝපකරණ යොදවා පොලිසිය විසින් කළුගල් වැටිය ඉවත් කිරීමත් සමග එතෙක් අවහිර වී තිබූ සැපයුම් මාර්ගය නැවත විවෘත විය. එම සැපයුම් මාර්ග භාවිතා කරමින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන ‍ලෙසට පොලිසිය විසින් ඉදිකිරීම් භාර සේවකයින් වෙත දැනුම් දුන් නමුත් ඔවුහු අදාල සැපයුම් මාර්ගය භාවිතා කරන බවක් දැකගත නොහැකි විය. ඉන් ටික වේලාවකට පසුව එම ස්ථානයේ සිටි ඉදිකිරීම් සේවකයින් ඔවුන් රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණද සමග ආපසු පිටත් වී ගිය අතර එහිදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් ඉදිකිරීම් භාර පුද්ගලික සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ගම්වාසීන්ගේ විරෝධය හමුවේ තවදුරටත් ඉදිකිරීම් කළ නොහැකි බැවින්, අදාල ගැටලු විසදාගන්නා තෙක් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නැවැත්වීමට එහි ඉදිකිරීම් භාර පුද්ගලික සමාගම තීරණය කර ඇති බවය.

    කුරුණෑගල අතිරේක


    - http://www.dinamina.lk/2017/10/02/පුවත්/41877
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    සංවර්ධන මාව‍තේ අලුත් ගමන යාන් ඔය

    7 ඔක්තෝබර්, 2017

    plant1.jpg


    මෙය පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වැය කර සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියකි.මහා භාණ්ඩාගාරය ඇමරිකානු ඩොලර් 350 වැය කිරිමට නියමිතය. විශාල ජල කඳක් එක්රැස් කිරීම වාසියක් මෙන්ම අවධානමකි.නවීන තාක්ෂණය භාවිතකරමින් ඉදිකිරීම් සිදුකර ඇති බව ද,රිච්ටර් මාපකයේ 8.5 වු භුකම්පනයකින් පවා මේ බැම්ම බිඳිය නොහැකි බවද,කිසිදු ලෙසකින් මේ වාන්දොරටු වලට අකුණු සැර නොවදින සේ ඉදිකිරිම් කළ බව ද පාලිත වික්‍රමතිලක මහතා පවසයි.

    සීගිරියේ සිට පඹුරු ගස් වැව දැඩිරක්ෂිතය මැදින් ගලා එන යාන් ඔය වාහල්කඩ දී හරස් කොට සුවිසල් ජලාශයක් ඉදිකොට තිබේ. මේ මගින් පවුල් දාහතර දහසක් ප්‍රතිලාභ බුක්ති විඳිනු ඇත. මෙහි ධාරිතාව 169MCM වේ.වම් ඉවුර දිගේ වගාබිම් හෙක්ටයාර්4190ක් හා දකුණු ඉවුර යටතේ වගාබිම් අක්කර 1812ක් ද වගා කෙරේ. . දකුණු ඉවුර දිගේ ඉදිවන ඇළ කි.මී. 12ක් වන අතර දකුණු ඉවුර දිගේ ඉදිවන ඇළ කි.මි.22කින්ද යුතුය. මේ මහා ජලාශය ඉදි කිරීම සඳහා මුල්ගල් තැබුණෙ 2015 වසරේ දීය.

    යාන් ඔය හරස් කොට ඉදිකරනු ලබන මහා ජලාශයෙන් නැගෙනහිර පළාතේ වැසියන්ගේ ජල පහසුව සැලැසෙන බව අසන්නට ලැබිණ. එය ප්‍රිතියට කරුණකි.එය ප්‍රීතියට කරුණක් වන්නේ එහි වැසියන් පානීය ජලය නොමැතිව පීඩා විඳින බැවිනි. නිකරුණේ ගලාගොස් මුහුදට වැටෙන ජලකඳ මිනිස් පරිභොජනයට යොමු කිරීම මේ මහා ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණයි.ඒ සමගම වසර තිහක මහා යුද සමයක දී ගමබිම් අතැර නොගිය යාන්ඔය අවට පඹුරු ගස් වැව , කිඹුල්පැටියාව, පෙත්තෑව, පුහු දිවුල වැසියන්ට ගම් බිම අතැර යන්නට සිදුවන බව ද කියැවෙන අසුබ ආරංචිය ලැබිණි.

    කැබිතිගොල්ලැවෙන් පදවිය පාරේ කහට ගොල්ලෑව හන්දියට පැමිණි අපි වාහල්කඩ D4 හන්දියට පැමිණෙද්දී අප පිළිගැනීමට සිටියේ පුරාවිද්‍යා කැණීම් හා ගවේශන අංශයේ නිලධාරින් ය. ඔවුන්ගෙන් ලද තේ කෝප්පයෙන් සප්පායම්ව අපි මේ සුවිසල් ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත්වන පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් ස්ථාන හා ස්මාරක නැරැඹීමට ගියෙමු. යාන්ඔය හරස් කොට බඳිනු ලබන ප්‍රධාන බැම්මේ දිග කිලෝ මිටර 2.34කි. සැදලි බැමි වල දිග කි.මී. 3.58වේ. මේ සුවිසල් බැම්ම මගින් යාන්ඔය සීමා වී වෙන්ව තිබූ ත්‍රිකුණාමලය හා අනුරාධ පුර දිස්ත්‍රික්ක වෙන්කෙරේ. මේ වේල්ල හේතුවෙන් ඇස් මායිමේ පෙනෙන කඳු වලල්ල මැදිකොට විශාල ජලාශය ඉදිවනු ඇත. ඒ මහා ජල කඳට හෙක්ටයාර් 4100ක භුමියක් යට වේ. මෙහි ප්‍රධාන වේල්ල යකිනිබැඳි කන්දේ සිට වෙහර බැඳිකන්ද දක්වා වූ අතර සැඳලි බැමි හතරක් විය. එම වේලි ගල්බුද්ධා කන්ද,ලබු කන්ද, මිල්ලෑව කන්ද යාකොට ඉදිවී තිබිණ. හතරවැනි වේල්ල උන්නතාංශ හා සමානවේ. එම වේල්ල වැවේ ජලය මුදා හැරිමේ ස්වභාවික හදිසි දොරටුවක් ලෙස ක්‍රියා කරන බව නේවාසික ඉංජිනේරු (යාංඔය දකුණු ඇල)ප්‍රගිත් වැලිවිට මහතා පැවැසීය.

    අපට හමු වූ බොහෝ දෙනෙකුගේ අදහස වුයේ යාන් ඔයේ ජලය වාහල්කට හා අවට ජනයාට ප්‍රති ලාභ නොදීමයි. එහෙත් උග්‍ර වකුගඩු රෝගී ගනත්වයකින් යුතු වාහල්කඩ හා අවට ප්‍රදේශයට මේ ව්‍යාපෘතිය මගින් පානීය ජලය ලබා දීමට නියමිත බව යාන්ඔය නියොජය ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත වික්‍රම තිලක මහතා පවසයි. දැඩි හිරු රශ්මියක් ඇති මේ ප්‍රදේශය මිරිදිය මත්ස්‍ය වගාව ඉතාම සුදුසු බැවින් වසරකට මාළු පැටවුන් ලක්ෂ දෙකක් යාන්ඔය ජලාශයට මුදා හැරිමට අපේකෂිත බව ද ඉන්වාර්ෂිකව මෙට්‍රික් ටොන් 120000 ක මත්ස්‍ය අස්වැන්න කි ලබා ගැනීමට අපේක්ෂිත බව ද එමගින් ප්‍රදේශයේ ජනයාගේ ප්‍රෝටීන අවශ්‍යතවෙ සපිරිය හැකි බව ද ගණනය කර ඇත.

    1958 ජල සම්පාදන හා සංවර්ධන යෝජනාක්‍රම යටතේ ඉදිකිරීමට සැලැසුම් කරන ලද මේ ව්‍යාපෘතිය මීට වඩා විශාල බිමක් අත්පත් කර ගනී. එවක මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ ද ත්‍රිකුණමලය නගරයට පානීය ජලය සැපැයීම හා කෘෂි කාර්මික සංවර්ධනයයි. මේ ව්‍යාපෘතිය මගින් ජයන්ති වැව කරා ජලය රැගෙන යනු ලබයි. ඉන් ඒ ආශ්‍රිත එල්ලංගාව හා වගා බිම් පෝෂණය වේ. මේ මගින් පදවිය ගොවි ජනපද‍යේ වගා බිම් සඳහා ජලය සැපැයීමට නියමිතය. එබැවින් පදවිය ගොවි ජනපදය සශ්‍රික වේ.

    මෙතෙක් දඹුල්ල කරා රැගෙන ගිය කෘෂි නිෂ්පාදන යාන්ඔය බැම්ම මතින් පහසුවෙන් ත්‍රිකුණාමලයට රැගෙනයාමට ඔවුන්ට හැකිය. යාන්ඔය බැම්ම මතින් ඉදිවන මහා මාර්ගය අඩි 20ක් පළලින් යුතුය. එය රටේ සංවර්ධනය නව මගක් ඔස්සේ රැගෙන යනු ඇත.

    ජල පහසුව ලැබිමෙන් සංවර්ධනකාර්යය ඉක්මන් වන ත්‍රිකුණාමලය ගොවියාට ඉහළ ආදායමක් ගෙනදෙනු ඇත. ත්‍රිකුණාමලයේ පිහිටි ගැඹුරු රමණීය වරාය රටේ සංවර්ධනය

    වේගවත් කර ගැනිමට භාවිත කළ හැකිය. මේ හරහා සංචාරක ව්‍යාපාරය දියුණුකිරීම ද අපේක්ෂිතය. ප්‍රීමා පිටි කම්හල, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, ක්‍රියාකාරි ලෙස අර්ථිකයට දායක කර ගැනිමෙන් ගොවියාගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලැබිමට මෙන්ම,ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට ද හේතුවේ.

    ඕනම නව ව්‍යාපෘතියකදී මෙන් මෙහිදී අවාසි ද සිදුවේ.යාන්ඔයට යටවන බිමෙහි වු කුඩා ගම්මාන හයකි. ඔවුන්ගේ ගොවි බිම් හා නිවාස මේ ජලාශයට යට වේ.

    අවතැන්ව පවුල් සංඛ්‍යාව 219කි. මේ වැසියෝ කිසි ලෙසකින් රජයට බරක් නොවු හ. එබව සනාත කළේ යාන් ඔය නියෝජජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත වික්‍රමතිලක මහතා ය.

    ජලයට යට වු නිවෙස් හිමි සෑම පවුලකටම රුපියල් ලක්ෂ 8ක වන්දියක් හා ගොඩින් අක්කර 1ක් හා මඩින් අක්කර11/2 ලබා දීමට නියමිතය. අනුපවුල් ලෙස හඳුනා ගත් පවුල් 65ක් වෙනුවෙන් ද රුපියල් 120000ක් හා නිවෙස ඉදිකර ගැනීම සඳහා ඉඩම් අක්කරයක් ද ලබා දීමට නියමිතය. මේ අනුව ඉදිවන ගම්මාන දෙක වන ඕමාරකඩ හා කජුවත්ත නගරාසන්න බැවින් එම වැසියන්ගේ ජන ජීවිතය බහසු වනු ඇත. ගමට අවශ්‍ය ජලය, විදුලිය, මහාමාර්ග,පාසැල් හා පන්සල් ඉදිකර දිමට නියමිතය.

    මේ ගම්මාන දෙකට අමතරව මල්පෝරුව නමින් ගමක් ඉදිවෙමින් පවතී.එය ජනයාගේ ඉල්ලීම මත ඉදිවන්නක් බැවින් ද වන සංරක්ෂණයෙන් සිමිත බිමක් නිදහස් කර ඇති බැවින් ද, මේ ගම්මානය ව්‍යාපෘතියට අයත් නොවන බැවින් ද මේ ගම්මානයට අවශ්‍ය සියලු පහසුකම සලසා දීමට රජය බැඳී නැති බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයා පවසයි. එහෙත් මානුෂීය කටයුතුතක් සේ සලකා ඔවුන්ට අවශ්‍ය සේවය ලබා දීමට කටයුතු කෙරේ.

    මෙය පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වැය කර සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියකි.මහා භාණ්ඩාගාරය ඇමරිකානු ඩෙලර් 350 වැය කිරිමට නියමිතය. විශාල ජල කඳක් එක්රැස් කිරීම වාසියක් මෙන්ම අවධානමකි.නවීන තාක්ෂණය භාවිතකරමින් ඉදිකිරීම් සිදුකර ඇති බව ද,රිච්ටර් මාපකයේ 8.5 වු භුකම්පනයකින් පවා මේ බැම්ම බිඳිය නොහැකි බවද,කිසිදු ලෙසකින් මේ වාන්දොරටු වලට අකුණු සැර නොවදින සේ ඉදිකිරිම් කළ බව ද පාලිත වික්‍රමතිලක මහතා පවසයි.


    plant-2.jpg


    - http://www.silumina.lk/2017/10/07/විශේෂාංග/සංවර්ධන-මාව‍තේ-අලුත්-ගමන-යාන්-ඔය
     
    Last edited: