නිසි නඩත්තුවක් නැතිව ගාල්ල කොටුව ගරාවැටීමේ තත්ත්වයක
ගාල්ල කොටුව නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මේ වන විට ගරා වැටෙමින් සෝදා පාළුවට ලක්‌වෙමින් ඉතාම කනගාටුදායක අඩියකට පත්වෙමින් පවතින අයුරු වර්තමානයේ දැකිය හැකිය.
ලෝක උරුමයක් බව පවසමින් ගාලු කොටුව ගැන කෙරෙන කොතෙකුත් උදම් ඇනීම මෙන්ම ගාලු කොටුව සංචාරක පාරාදීසයක් බවට පත් කරන බවට සුන්දර සිහින ගැන අසන්න ලැබුණද ගාලු කොටුවේ අභ්‍යන්තරයට ගොස් බලන විට පවතින්නේ ඉතා නරක තත්ත්වයක් බව නොකියාම බැරිය.
ගාල්ල කොටුබැම්මේ තැනින් තැන ගල් ගැලවී යැම මෙන්ම සෝදා පාළුවට ලක්‌ව ඇති අයුරු දක්‌නට ලැබෙනුයේ මේවා නඩත්තුවට වැඩපිළිවෙළක් නොමැති බව මනාව කියාපාමිනි.
එසේම ගාලු කොටු බැම්ම තුළ වල් බිහිව ඇති අතර නිසි ලෙස වල්නෙළා හෝ කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බව ගාල්ල කොටුවේ කරනු ලැබූ සංචාරයේදී අපට දක්‌නට ලැබුණි.
කොටුවේ ප්‍රදීපාගාරය අසළ පිහිටි යුදකාමරය කිසියම් වූ ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති අතර මෙවැනි ස්‌ථාන සංරක්‍ෂණය කර කිසියම් ඵලදායි වැඩකටයුත්තකට යොදා නොගැනීම කනගාටුදායකය.
ගාලු කොටුවේ වීදි පහන් රැසක් අබලන් තත්ත්වයේ පවතින අතර මේවා පිළිසකර කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් කාර්යක්‍ෂමව ගන්නා බවක් පෙනෙන්නට නැත. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්‌වූ ගාලු කොටුපවුර නැරඹීමට දහස් ගණන් පිරිස් නිරන්තරයෙන් පැමිණෙති. නමුත් ගාලු කොටුවේ නඩත්තු කටයුතු කිරීමට ඇති ආයතන කාර්යක්‍ෂම නොවීම හේතුවෙන් ඇතිව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි.
වර්ෂාවට කොටු පවුරේ ඇතැම් ස්‌ථාන ශීඝ්‍රයෙන් සෝදා පාළුවට ලක්‌ව ඇති අතර කලකින් මෙම සෝදා පාළු වූ සථානවලට පස්‌දමා සැකසීමට වත් ක්‍රමවේදයක් නොමැති බව ගාල්ල කොටුවේ සංචාරය කරන ඕනෑම අයෙකුට පෙනී යන්නකි. එපමණක් නොව කොටුව පල්ලිය වීදියේ දිරාපත්ව ඇති පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අනතුරුදායක තත්ත්වයක පවතින අයුරු දැකිය හැකිය. මෙම ගොඩනැගිල්ලේ කඩාවැටුණු තැනකින් දැවැන්ත ගසක් වැඩී ඇත්තේ ගාලු කොටුවේ සංරක්‍ෂණ ක්‍රියාවලියේ කාර්යක්‍ෂමතාව මනාව කියාපාමිනි.
කෙසේ වෙතත් මෙහෙම ගියහොත් අනාගතයේ ගාලුකොටුව සංචාරක පාරාදිසයක් බවට පත්කිරීම සිහිනයක්‌ම පමණක් වනු නියතය. මේ පිළිබඳව අදාල අංශවල අවධානය යොමු විය යුතුව ඇත.

http://divaina.com/daily/index.php/pradeshiya-puwath/509-2017-10-05-12-22-33

) දැනට පිටත වටරවුම් මාර්ගය කඩවතින් අවසන් වන තැනින් මදක් ඉදිරියෙන් තමා මේ අන්තර් හුවමාරුව ඉදිවෙන්නෙ. පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ තුන්වන අදියර වන කඩවත සිට කෙරවලපිටිය කොටස මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන තැනයි මේ. දැනට කෙරවලපිටියෙ ඉදිවෙනව ලංකාවෙ අධිවේගී මාර්ග දෙකක් එකතුවන පළමු අන්තර් හුවමාරුව. ඒ කඩවත - කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ද වන තැන. නමුත් ඒක මෙතරම් සංකීර්ණ නෑ. පාරවල් ලෙවල් දෙකයි තියෙන්නෙ.

maga un ehama unge badu aran giihn lu