සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වන, මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මාර්ග වැඩිදියුණු කිරීම

    - මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට කුරුණෑගල දක්වා වන 1 කොටසෙහි සහ 2 කොටසෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. පොතුහැර සිට ගලගෙදර දක්වා වන එහි 3 කොටස ඉදි කිරීමට නියමිතව ඇති අතර, එමඟින් මහනුවර නගරය සහ මධ්‍යම පළාතේ අනෙකුත් නගර, යෝජිත ගලගෙදර අන්තර් හුවමාරුව ඔස්සේ අධිවේගී මාර්ගජාලය හා සම්බන්ධ කෙරෙනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගලගෙදර සිට මහනුවර දක්වා වන මහාමාර්ග කොටසෙහි වාහන ගමනාගමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස මංතීරු 4ක මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීමටත්, කටුගස්තොට නගරයේ මංතීරු 4කින් යුත් නව අතුරු මාර්ගයක් ඉදි කිරීමටත් යෝජනා වී තිබේ.

    මේ සඳහා අරමුදල් සැපයීමට ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (EXIM Bank of India) එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සැකසීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස ඉන්දියාවේ RITES Ltd. සමාගම පත් කිරිම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත දිවෙන මහා මාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යා‍පෘතියේ, රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම

    - බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය යන ප්‍රදේශවලට සහ පිටත වටරවුම් මහාමාර්ගයට සම්බන්ධතාව සපයමින් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මංතීරු හතරකින් සමන්විත කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා‍ දෙනු ලැබ තිබේ.

    මෙම ව්‍යාපෘතියේ II අදියර වශයෙන් රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ඉදි කිරීම සඳහා‍ වන ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 98.73ක මුදලකට M/s Resource Development Consultants (Pvt.) Ltd. සහ M/s SMEC International Pty වෙත පිරිනැමීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් (LNG) සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් (FSRU) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියනු සහ ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම

    - ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ඒකාබද්ධව කොළඹ, කෙරවළපිටිය ප්‍රදේශයේ ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමටත්, විදුලි ජනන කටයුතු සඳහා එම ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරයෙහි 15%ක කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙතද, 47.5%ක කොටස් හිමිකාරිත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Ltd) වෙතද, 37.5%ක කොටස් හිමිකාරිත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සොජිට්ස් සමාගම (Sojitz Corporation) සහ මිට්සුබිෂි සමාගම අතර වන හවුල්කාරිත්වය වෙතද පිරිනැමීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව, මූලිකව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු සහ ජපාන පාර්ශ්ව සමඟ ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා; සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොල්පිටිය - හම්බන්තොට 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම

    - හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන, පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර 150ක් දිගැති 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සදහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,794.32ක මුදලකට M/s China National Cable Engineering Corporation ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජයේ රෝහල්වල භාවිතය සඳහා ගිලන් රථ 250ක් මිල දී ගැනීම

    - රජයේ රෝහල් සඳහා ප්‍රමාණවත් පරිදි ගිලන් රථ සපයා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ගිලන් රථ 250ක් අදියර කිහිපයක් යටතේ මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

    ඉන්දියානු රජයේ ප්‍රදාන වැඩසටහන යටතේ වැවිලි ප්‍රජාවට නිවාස 10,000ක් ඉදි කර දීම

    - නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වාසය කරන වතුකර ප්‍රජාවට නිවාස 4,000ක් ඉදි කර දීම සඳහා ඉන්දියානු රජය විසින් දැනටමත් අරමුදල් ප්‍රදානය කරනු ලැබ ඇති අතර, ඉන් නිවාස 1,136ක ඉදි කිරීම් කටයුතු අවසන් වීමට ආසන්නව පවතී. ඉතිරි නිවාස 2,836හි ඉදි කිරීම් කටයුතු 2018 ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබ තිබේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරයේදී වතු ප්‍රජාව සඳහා තවත් නිවාස 10,000ක් ඉදි කිරීමට අරමුදල් සැපයීමට එකඟ වී තිබේ.

    නායයෑම් ආපදාවලින් බලපෑමට ලක්වූ පවුල් වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ඉඩම්
    හඳුනාගැනීමේ කටයුතු 2018 මාර්තු මාසයේ සිට සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක පිරිවැයක් යටතේ, වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ ඉදි කිරීම හා කළමනාකරණය කිරීම

    - වියළි කලාපයේ ගොවීන්ගේ අස්වනු ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, අනුරාධපුර, මොනරාගල හා මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ඉදි කරනු ලැබ ඇති ගබඩා සංකීර්ණ, එම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ. දැනට වැඩ නිම කෙරෙමින් පවතින පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එම ගබඩා සංකීර්ණයන්හි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ කළමනාකරණ කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමේ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත්, එම කටයුතු නියාමනය හා අධීක්ෂණය කිරීම එකී දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම

    - මෙරට රෝහල්වල සිදුවන මරණ සඳහා බලපාන හතරවන ප්‍රධානතම හේතුව ආඝාතය වේ. එබැවින්, ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ යටතේ, යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 633.97ක මුදලකට M/s Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තත්ත්වයන් සිදු කිරීම

    - කුරුණෑගල නගරය හා ඒ අවට ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී, ප්‍රධාන ජල මූලාශ්‍රය වන දැදුරු ඔයෙහි ජල ප්‍රවාහය වියළි කාලවලදී සැලකිය යුතු ලෙස පහළ යාම අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමේදී ප්‍රධාන බාධාවක්ව පවතියි. මෙයට පිළියමක් ලෙස දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයේ ජලාශයක් ඉදි කිරීම සිදු කළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජලය ඝන මීටර මිලියන 3.6ක ධාරිතාවක් සහිතව වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ III වන අදියර ස්ථාපිත කිරීම

    - ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ I සහ II අදියර මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි යෝජිත III වන අදියර ස්ථාපිත කිරීම සඳහා සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයන් ආරම්භ කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



    DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 27.02.2018

    More:
    - https://sinhala.news.lk/cabinet-decusions/item/27673-2018-02-7
    - https://news.lk/cabinet-decusions/i...f-ministers-at-its-meeting-held-on-27-02-2018
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පඩියක් ලැබුණත් උබේ මහන්සිය අපරාදේ. වෙන දේකට ඕක යෙදෙව්වනම් රට සංවර්ධනයට දශමයක හරි දායකත්වයක් දෙන්න තිබුණා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    48helasiyagama.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉදි කිරීම් සඳහා අරමුදල් සම්පාදනය කිරීම

    - මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි. දුම්රිය, දුර ගමන් සේවා සහ ප්‍රාදේශීය බස් සේවා යන ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කරමින් ඉදි කෙරෙන මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින් වඩාත් කාර්යක්ෂම, අඩු වියදම් සහිත පොදු ප්‍රවාහන පහසුකම් සැලසීම අරමුණු කෙරේ.

    එම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන කළමනාකරණය, මෙහයවීම හා නඩත්තුව සහ මගීන්ට අවශ්‍ය තොරතුරු සැපයීම පිණිස එහි මෙහෙයුම් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 306.79ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, පිටත වටරවුම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 2හි කාර්යයන් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) වෙතින් ලබා ගන්නා ලද ණය මුදලේ ඉතිරි වී ඇති මුදල් යොදා ගනිමින් මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ යෝජිත ඉදි කිරීම් සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොල්දූව අතුරු මාර්ගය 'සුහුරුපායේ' සිට 'කොස්වත්ත හන්දිය' දක්වා දීර්ඝ කිරීම

    - බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුවන සීඝ්‍ර සංවර්ධනය හේතුවෙන් කඩුවෙල-කොළඹ මාර්ගයේ වාහන තදබදය උග්‍ර වී ඇති අතර, ඊට පිළියමක් වශයෙන් පොල්දූව මංසන්ධියේ සිට කොස්වත්ත මංසන්ධිය දක්වා බත්තරමුල්ල නගරය මඟහැර යා හැකි මාර්ගයක් ඉදි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. පොල්දූව මංසන්දියේ සිට 'සුහුරුපාය' දක්වා ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එම මාර්ගය උඩුමුල්ල මංසන්ධිය දක්වා මංතීරු දෙකක මාර්ගයක් වශයෙන් දීර්ඝ කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිවන රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගය කොස්වත්ත හංදිය දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පොල්දූව අතුරු මාර්ගය කොස්වත්ත මංසන්ධිය දක්වා දිගින් කිලෝ මීටර 4ක් පමණ වන මංතීරු හතරේ මාර්ගයක් වශයෙන් දීර්ඝ කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළු ගඟ - මොරගහකන්ද හුවමාරු ඇළ ඉදි කිරීම

    - කළු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා වන කිලෝමීටර 8ක් දිගැති උමං මාර්ග දෙකකින් සමන්විත හුවමාරු ඇළ, විවෘත ඇළ මාර්ගය, දියමං පාලම් සහ ඒ ආශ්‍රිත නිර්මිත ඉදි කිරීම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතියේ විෂය පථයට අයත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙම ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 6,111.91ක මුදලකට චීනයේ Sinohydro Corporation Limited වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම

    - වාලච්චේන ප්‍රදේශයෙහි ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය බලාගාරය වවුනතිව් ග්‍රිඩ් උපපො‍ළට සම්බන්ධ කෙරෙන බැවින්, එය 'වවුනතිව් සූර්ය බලාගාරය' ලෙස නම් කරනු ලැබ තිබේ. එම සූර්ය බලාගාරය ඉදි කිරීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ආයතන 17ක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම (Build, Own & Operate) සඳහා වන කොන්ත්‍රාත්තුව, කිලෝවොට් පැය 1කට රුපියල් 11.86ක අවම මිලක් ඉදිරිපත් කර ඇති M/s Ex-Pack Corrugated Cartons (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම

    - 1996 වර්ෂයේදී ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපනය කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලය මේ වන විට පීඨ 7කින් සමන්විත විශ්වවිද්‍යාලයක් වේ. වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ වයඹ, මොරටුව හා සබරගමුව යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීම සඳහා 2018 වර්ෂයේ අයවැය මඟින් රුපියල් මිලියන 1,250ක් වෙනු කරනු ලැබ තිබේ. ඒ යටතේ වෛද්‍ය සිසුන් 75කු බඳවා ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය 2018 වර්ෂයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම වෛද්‍ය පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු 2019 වර්ෂයේදී ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එතෙක් එම පීඨයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ගොඩනැඟිලි පහසුකම් සලසා ගත යුතුව තිබේ.

    ඒ අනුව, එම කාර්යය සඳහා යොදා ගැනීමේ අරමුණින්, රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ බටුහේන පාසල අසල පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැඟිලි සංකීර්ණය හා ඉඩම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත නිත්‍යානුකූලව පවරාගැනීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පළාත් පාලන ආයතනවල කසළ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන (Compactors) රථ 100ක් මිල දී ගැනීම

    - ශ්‍රී ලංකාවේ කසළ බැහැර කිරීම කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කිරීම සඳහා පළාත් පාලන ආයතන සතුව දැනට පවතින රථවලට අමතරව කසළ ප්‍රවාහන රථ 341ක් පමණ අවශ්‍ය වන බව හඳුනාගනු ලැබ තිබේ. ඉන් කසළ ප්‍රවාහන රථ 190ක් කොරියානු ණය ආධාර යටතේ ලබාගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. තවත් කසළ ප්‍රවාහන රථ 100ක් දේශීය අරමුදල් මඟින් කඩිනමින් ලබාගැනීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ඝනමීටර 6ක ධාරිතාවකින් යුත් කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 100ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 622.13ක මුදලකට, චීනයේ ZXY Hong Kong Company Limited වෙත පිරිනැමීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ සහ කොළොන්නාව ප්‍ර‍ෙද්ශවල ගංවතුර පාලනය කිරීම

    - කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන ප්‍රධාන සංවර්ධන කාර්යයක් ලෙස කොළොන්නාව ඇළ මාර්ග හැරවුම් යෝජනා ක්‍රමය හඳුනාගනු ලැබ තිබේ. කැලණි නදියේ අඩු ජල මට්ටමක් පවතින කාලසීමාවන්හිදී කොළඹ ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂා ජලය එයට බැසයාම සඳහා පවතින ඇළ මාර්ග විශාල කිරීම‍ත්, කැලණි නදියේ ඉහල ජල මට්ටමක් පවතින අවස්ථාවන්හිදී කොළොන්නාව ප්‍රදේශයේ ඇති වන ගංවතුර තත්ත්වය අවම කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, සේදවත්ත - අඹතලේ පාරේ පිහිටි කිත්තම්පහුව ඇළ මාර්ගය හරහා පිටවාන ආසන්නයේ ඇති දියදොර ව්‍යූහය නැවත ඉදි කර ඇළ මාර්ගයේ ගලා බැස්මට බාධා වන අවහිරතා ඉවත් කිරීමටත්, ඉවුරු සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත් සැලසුම් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ නිලධාරින්ගේ ද සහයෝගය ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

    - කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධන මෙන්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සැලසීම අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන මඟින්, රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව, වසර දහස (10)ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව අරමුදල් සලසා දෙනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනු ලැබේ. මෙම ණය ආධාර වැඩසටහන සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10ක් සහභාගි වන අතර, එම සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම හා උතුරු දුම්රිය මාර්ගය පුනරුත්ථාපන කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීම

    - ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාලයේ දිග කිලෝමීට‍ර 1,450ක් වන අතර, එහි දුම්රිය හරස් මාර්ග 1,337ක් පවතියි. ඉන් දුම්රිය හරස් මාර්ග 520ක් දැනටමත් සුරක්ෂිත කරනු ලැබ ඇති අතර, 2018 අයවැය ප්‍රතිපාදන යටතේ තවත් දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා දුම්රිය ආරක්ෂණ පද්ධති සවි කිරීමට අවශ්‍ය පියවර ගැනෙමින් පවතියි. තවදුරටත් ඉතිරි සියලුම දුම්රිය හරස් මාර්ග ආවරණය වන පරිදි දුම්රිය හරස් මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘතියක් හංගේරියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

    තවද, කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩු වන පරිදි, පැයට කිලෝමීටර 120ක වේගයෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට හැකි වන අයුරින්, මහව මංසන්ධියේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමටත්, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව මාර්ගය ඉදි කිරීම හා සංඥා පද්ධතිය සවි කිරීමටත් අවශ්‍ය කටයුතු ඉන්දියානු රජයේ ආධාර යටතේ ආරම්භ කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීමටත්, හංගේරියානු අපනයන - ආනයන බැංකුවේ මූල්‍යාධාර යටතේ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 06-03-2018

    More:
    - https://sinhala.news.lk/cabinet-decusions/item/27809-2018-03-06
    - https://news.lk/cabinet-decusions/i...f-ministers-at-its-meeting-held-on-06-03-2018
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අතිවිශිෂ්ටයි සර්

    දැන් නම් සන්වර්දනේ දොරේ ගලනවා .
    :lol::lol::lol:

    හම්මේ ඩිගිටල් යුගේ උදාවුනා

    හැමෝටම තොරතුරු දැනගන්න පුළුවන් දැන් :rofl:
    :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මරුසිරා;22946799 said:
    අතිවිශිෂ්ටයි සර්

    දැන් නම් සන්වර්දනේ දොරේ ගලනවා .
    :lol::lol::lol:

    හම්මේ ඩිගිටල් යුගේ උදාවුනා

    හැමෝටම තොරතුරු දැනගන්න පුළුවන් දැන් :rofl:
    :rofl:

    Ai barida ? oya okkoma inne online :P
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    The One

    -----

    The ambitious project in Colombo is engaging some of the best organizations to create a world-class mixed-use luxury development complex. The idea of the complex was first mooted to the Sri Lankan Government in 2011. And it will be thrown open in 2021.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි

    (රේඛා තරංගනී ෆොන්සේකා)

    මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.

    මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය.

    2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.

    ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

    විදේශ රටකින් දුම්රිය මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.

    එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය.

    නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.


    image_6a7fcef3dd.jpg

    image_883827ced0.jpg

    image_5479805325.jpg

    image_0d140c8161.jpg

    image_7615756562.jpg

    image_a401ef7d65.jpg


    image_c6557daa8f.jpg


    - http://www.lankadeepa.lk/main_picture/නවීකරණය-කළ-දුම්රිය-මැදිරි-නුවර-යයි/11-525808
     
    • Like
    Reactions: akilar25

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි

    (රේඛා තරංගනී ෆොන්සේකා)

    මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.

    මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය.

    2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.

    ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

    විදේශ රටකින් දුම්රිය මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.

    එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය.

    නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.


    image_6a7fcef3dd.jpg

    image_883827ced0.jpg

    image_5479805325.jpg

    image_0d140c8161.jpg

    image_7615756562.jpg

    image_a401ef7d65.jpg


    image_c6557daa8f.jpg


    - http://www.lankadeepa.lk/main_picture/නවීකරණය-කළ-දුම්රිය-මැදිරි-නුවර-යයි/11-525808

    Good work by locals.. r:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි

    (රේඛා තරංගනී ෆොන්සේකා)

    මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.

    මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය.

    2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.

    ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

    විදේශ රටකින් දුම්රිය මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.

    එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය.

    නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.


    image_6a7fcef3dd.jpg

    image_883827ced0.jpg

    image_5479805325.jpg

    image_0d140c8161.jpg

    image_7615756562.jpg

    image_a401ef7d65.jpg


    image_c6557daa8f.jpg


    - http://www.lankadeepa.lk/main_picture/නවීකරණය-කළ-දුම්රිය-මැදිරි-නුවර-යයි/11-525808

    :love::love:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න සංවර්ධනේ දොරේ ගලනවා.. වාහන වැඩි වෙලා, තෙල් මිල වැඩි වෙලා, කිරිපිටි වැඩි වෙලා.. වික්කමසිංහගේ පරාක්‍රමබාහු යුගය උදා වෙලා තියෙන්නේ :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය පිළිබඳ පනත් කෙටුම්පත

    - කොළඹ මහ නගර ප්‍රදේශය තුළ කාර්යක්ෂම සහ ඵලදායී මගී ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටියි. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ නගරය තුළ දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සහ බොරැල්ල සිට බත්තරමුල්ල හරහා මාලඹේ දෙසට විහිදෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබ තිබේ. 2025 වර්ෂය වන විට කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

    එම මාර්ග දෙක ඉදි කිරීම සඳහා අරමුදල් සපයනු ලබන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ඇති එකඟතාව අනුව, මෙම මාර්ග ඉදි කිරීමට පෙර ඊට අදාළ නියාමන රාමු සකස් කළ යුතු වේ. ඒ අනුව, යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය නියාමනය සහ කළමනාකරණය සඳහා නෛතික ආයතනයක් ස්ථාපනය කිරීමටත්, අදාළ අනෙකුත් නීතිමය විධිවිධාන සැලසීමටත්, ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහනුවර නාගරික කලාපයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම

    - මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය මිලියන 1.4ක් පමණ වන අතර, ඉන් 150,000ක් පමණ මහනුවර නාගරික කලාපයේ පදිංචිකරුවන් වේ. මහනුවර නගරය වෙත දිනකට වාහන 55,000ක් පමණ ඇතුළු වන අතර, ඒ සඳහා පවතින ප්‍රධාන පිවිසුම් මාර්ග 03 වත්මන් සහ අනාගත ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන අතර, අධික නාගරීකරණය හේතුවෙන් එම මාර්ග තවදුරටත් පුළුල් කිරීමේ ඉඩකඩ සීමා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය අඩු කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පහත දැක්වෙන දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවා ලබාගැනීම සඳහා යෝග්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    * රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන ධාරිතාව වැඩිදියුණු කිරීම;

    * කඩුගන්නාව සිට කටුගස්තොට දක්වා හෝ වල්ලේගඟම (මාතලේ මාර්ගය) දක්වා ද්විත්ව මාර්ග ඉදි කිරීම;

    * කටුගස්තොට සිට මාතලේ දක්වා දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම;

    * පේරාදෙනිය හංදියේ සිට ගම්පොළ දක්වා ගමනාගමන ධාරිතාව වැඩිදියුණු කිරීම.

    මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම

    - හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මෙගා වොට් 30.2ක ධාරිතාවයක් සහිතව මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. එයින් පළමු කොටස යටතේ සිවිල් වැඩවල මූලික වැඩකටයුතු යටතේ පාරවල් සකස් කිරීම, කාර්යාල ඉදි කිරීම, වාරිමාර්ග පද්ධති හා සේවක නිවාස ඉදි කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.21ක මුදලක් වෙන් කර තිබේ. මෙම ප්‍රසම්පාදනය සඳහා කරන ලද ලංසු කැඳවීම අනුව ලැබී තිබුණු ලංසු 07 අතුරින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කරන ලද වී.වී. කරුණාරත්න සමාගම වෙත රුපියල් මිලියන 1,109.4ක (බදු රහිත) මුදලකට පිරිනැමීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ වරායෙහි උතුරු වරාය කොටස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම

    - ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය උතුරු දෙසට සංවර්ධනය කිරීම සඳහා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය අනුව එම කාර්යය සඳහා කැමැත්ත පළ කිරීමේ (EOI) සහ යෝජනා කැඳවීම (RFP) මඟින් සුදුසු උපදේශණ සමාගමක් තෝරා පත් කරගැනීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීම

    - මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,505.28ක මුදලකට China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම් සලසා ගැනීම

    - තල්පිටිගල ජලාශය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 174ක් වන අතර, ඉන් 85%ක ප්‍රමාණයක් ආවරණය කිරීම සඳහා චීනයේ අපනයන - ආනයන බැංකුව වෙතින් ණය මුදලක් ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ව්‍යාපෘති පිරිවැයේ ඉතිරි 15%ක ප්‍රමාණය ආවරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 26.1ක ණය මුදලක් මහජන බැංකුව වෙතින් ලබාගැනීමටත්, ඒ සඳහා ණය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නවෝත්පාදකයින් කර්මාන්තවලට යොමු කිරීම

    - නව නිපැයුම්කරුවන් හට කර්මාන්තවලට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසා දීමට 2018 අයවැය මඟින් යෝජනා වූ අතර, එහි අරමුණ වනුයේ ලියාපදිංචි පේටන්ට් බලපත්‍රයක් හෝ යෝග්‍ය ව්‍යාපාර අදහසක් සහිත විශ්වවිද්‍යාල උපාධිධරයන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභීන් කර්මාන්ත හා සම්බන්ධ කිරීමයි. එහිදී නවෝත්පාදකයින් අදාළ කර්මාන්ත සඳහා යොමු කරනු ලබන අතර, ඔවුන්ගේ මාසික වැටුපෙන් 50% ක් සඳහා දායක වීමටත් (රුපියල් 50,000/-ක සහ මාස 24ක උපරිමයකට යටත්ව) ඊට අමතරව පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැරීමට සිදුවන වියදම් හා උපදෙස් ලබා දීමටද රජය විසින් කටයුතු කෙරෙනු ඇත.
    ඒ අනුව, මේ සඳහා අයදුම්කරුවන් හා හවුල්කාර සමාගම් තෝරා ගැනීම සඳහා නිර්ණායක තීරණය කිරීම, ආයතන සඳහා අයදුම්කරුවන් ගළපමින් සුදුසු අයදුම්කරුවන් සහ ආයතන තෝරාගැනීම ඇතුළුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ එය සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, එම මෙහෙයුම් කමිටුවට සහාය වීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන

    - අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණවේදය විෂයධාරාව 2013 වර්ෂයේ සිට හඳුන්වා දෙන ලද අතර, එහි ප්‍රථම අදියරේදී පාසල් 251ක මෙම විෂයධාරාව ඉගැන්වීම ආරම්භ කරන ලදී. තාක්ෂණවේදය විෂය ඉගෙනුමට ඇති ඉඩ ප්‍රස්ථා තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් 2019 වසර වන විට පාසල් 1,500කට තාක්ෂණවේදය විෂයධාරව හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම විෂයධාරාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට නැඹුරු විෂයයන් වන බැවින්, මෙම විෂයධාරාව ඉගැන්වීම සිදු කරන පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ සැපයීම සහ එම විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යාවශයෙන්ම සිදු කළ යුතු වේ. එම අරමුණු ඉටු කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන', අන්තර්ජාතික සංවර්ධනය සඳහා OPEC අරමුදලේ (OFID) සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය

    - 2020 වර්ෂය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ජල ඉල්ලුම ජලය ඝනමීටර 863,602ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් එම ජල ඉල්ලුම සපුරාලීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරීමේ ධාරිතාව දිනකට ජලය ඝනමීටර 50,000කින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස සලකා අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම

    - ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් විෂමතාවයන් අවම කිරීම සඳහා ආසන්න වශයෙන් ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කළ යුතු බවට හඳුනාගෙන තිබූ අතර, ඒවායින් පාලම් 1,210ක් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක වන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට පාලම් 1,000කට වැඩි ප්‍රමාණයක ඉදි කිරීම් අවසන් කර ඇති අතර, තවත් 200ක පමණ වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ.

    පාලම් කඩිනමින් ඉදි කර ග්‍රාමීය ප්‍රදේශ අතර සබඳතාවන් වැඩිදියුණු කරන ලෙස විවිධ පළාත්වලින් ලැබී ඇති ඉල්ලිම් සලකා තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය වන අතිරේක අරමුදල් මුල් ව්‍යාපෘති සඳහා අරමුදල් සලසා දුන් ආයතන මඟින් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වල කාලසීමාවන් දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet Decisions 27.03.2018

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-03-27