දිවයිනේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ලබන වසරේ නිෂ්පාදන අරඹයි
on 21 July 2018.
![]()
ශ්‍රි ලංකාවේ විශාලතම රේඩියල් ටයර් කම්හල හොරණ, වගවත්ත කර්මාන්තපුරයේ ඉදිවෙනවා. පළමු අදියරේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින අතර, ටයර් නිෂ්පාදන කටයුතු ලබන වසරේ ඇරඹීමට නියමිතයි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට අද එක්වුණා. අක්කර 150ක භූමි බාගයක ඉදිවන මෙම රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණයට කෙරෙන ආයෝජනය, ඩොලර් මිලියන 500ක්.
මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක්. සම්පූර්ණ ව්‍යාපෘතිය 2020 වනවිට අවසන් වන අතර, ඉන් සෘජු රැකියා 3000ක් හා වක්‍ර රැකියා 1500ක් අපේක්ෂිතයි.
ටයර් නිෂ්පාදනයට භාවිත කෙරෙන්නේ, යුරෝපීය තාක්ෂණයයි. ඉඩම්, වාහන සහ අනෙකුත් රථවාහන සඳහා අවශ්‍ය ටයර් මෙහි නිෂ්පාදනය කෙරෙනවා. වාර්ෂික ටයර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 12.5ක්. දේශීය අමුද්‍රව්‍ය භාවිතා කෙරෙන අතර, අවශ්‍ය සෙසු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නියමිතයි. නිෂ්පාදිත ටයර් අමෙරිකාව සහ යුරෝපීය රටවලට අපනයනය කෙරෙනවා. කර්මාන්ත ශාලාව ඉදිවන්නේ,
දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන්. අපද්‍රව්‍ය බැහැර කිරීම් ඇතුළු කටයුතු පිරිසර හිතකාමී නවීන තාක්ෂණික ක්‍රියාවලියකට අනුව සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. නිරීක්ෂණ චාරිකාවට මෙම ව්‍යාපෘති නිර්මාතෘ ඔනෙක්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා, ඉංජිනේරුවන් සහ නිලධාරීන් එක්ව සිටියා.
- http://www.rupavahininews.lk/index.php/local-news/17463-horana-tyre-factory
අනේ යකෝ ආයිත් පරණ බොරු ටිකම අලුත් කරගෙන එනවා නේද? 2015 ඉදල තාම හදනවා ඔය ලබ්බ. මේ සැරේ වොක්සාවගන් නැතුව ඇති නේද? බලන් ඉදපන් වික්කාමසින්හය රජ වෙයි 2020






