වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු නිම වේ.
- https://www.facebook.com/media/set/?set=a.2264697577145081&type=3
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගර සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කර ඇත. මෙම වැදගත් අවස්ථාව නිමිත්තෙන් ජනවාරි 16 වැනි බදාදා දින පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු විය. හෙක්ටයාර් 269ක බිම් ප්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්ය.
මෙම විශේෂ කඩඉම සනිටුහන් කිරීම සඳහා පැවැත් වූ උත්සවයට, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) යන මහත්ම මහත්වරුන් සහභාගී වූ අතර මෙම සම්භාවනීය අමුත්තන්, ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් ඉදිවීමට නියමිත ගොඩකරන ලද භූමිය නැරඹීමේ චාරිකාවකද නිරත විය.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යනු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මූලික ආයෝජනයකින් සහ සමස්ත ලෙස ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජනයක් මගින් කොළඹ මධ්‍යම වාණිජ දිස්ත්‍රික්කය පුළුල් කරමින් ඉදිකෙරෙන අති නවීන සැලසුම් ගත නගර සංවර්ධන ව්‍යාපෘතියකි. කොළඹ ගාලූ මුවදොර ප්‍රදේශයට ආසන්න මුහුදින් හෙක්ටයාර 269 ක් ගොඩකර මෙම නව නගරය ඉදි කෙරේ. කොළඹ වාරය නගරය තුළ ඉදිවන ප්‍රධාන අනු කලාප 5 මූල්‍ය දිස්ත්‍රික්කය, උද්‍යාන ආශ්රිත වාසය, ජාත්‍යන්තර දිවයින, සැහැල්ලූ යාත්‍රාංගණය සහ දූපත් දිවිය නම් වේ.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සම්පූර්ණ වන විට මෙහි භාවිතයට ගත හැකි භූමි ප්‍රමාණය ලෙස වර්ග මීටර මිලියන 5.65 ක් ඇස්තමේන්තු ගත කර ඇති අතර එම භූමි ප්‍රමාණය තුළ ලොව ඉහළම ශ්‍රේණිගත මට්ටමේ කාර්යාල පහසුකම්, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා, බහුවිධ සේවා සංචාරක නිකේතන, සැහැල්ලූ යාත්රාංගණ, ලොව ප්රමුඛ පෙලේ වෙළඳ සන්නාම සහිත සාප්පු සංකීර්ණ, හෝටල් සහ විවිධ ජීවන හැඩතල සඳහා වෙන්වූ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ වෙන්වනු ඇත. මෙම නගරය තුළ වඩාත් දියුණු තිරසාර සංවර්ධන ක්රමෝපායින් සහ සුහුරු සංකල්ප ක්‍රියාවට නැංවීමට නියමිත බැවින් එය දකුණු ආසියාවේම කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇත.
- https://www.facebook.com/media/set/?set=a.2264697577145081&type=3