සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු නිම වේ.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගර සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කර ඇත. මෙම වැදගත් අවස්ථාව නිමිත්තෙන් ජනවාරි 16 වැනි බදාදා දින පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු විය. හෙක්ටයාර් 269ක බිම් ප‍්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්ය.

    මෙම විශේෂ කඩඉම සනිටුහන් කිරීම සඳහා පැවැත් වූ උත්සවයට, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) යන මහත්ම මහත්වරුන් සහභාගී වූ අතර මෙම සම්භාවනීය අමුත්තන්, ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් ඉදිවීමට නියමිත ගොඩකරන ලද භූමිය නැරඹීමේ චාරිකාවකද නිරත විය.

    කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යනු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මූලික ආයෝජනයකින් සහ සමස්ත ලෙස ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජනයක් මගින් කොළඹ මධ්‍යම වාණිජ දිස්ත‍්‍රික්කය පුළුල් කරමින් ඉදිකෙරෙන අති නවීන සැලසුම් ගත නගර සංවර්ධන ව්‍යාපෘතියකි. කොළඹ ගාලූ මුවදොර ප‍්‍රදේශයට ආසන්න මුහුදින් හෙක්ටයාර 269 ක් ගොඩකර මෙම නව නගරය ඉදි කෙරේ. කොළඹ වාරය නගරය තුළ ඉදිවන ප‍්‍රධාන අනු කලාප 5 මූල්‍ය දිස්ත‍්‍රික්කය, උද්‍යාන ආශ‍්‍රිත වාසය, ජාත්‍යන්තර දිවයින, සැහැල්ලූ යාත‍්‍රාංගණය සහ දූපත් දිවිය නම් වේ.

    කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සම්පූර්ණ වන විට මෙහි භාවිතයට ගත හැකි භූමි ප‍්‍රමාණය ලෙස වර්ග මීටර මිලියන 5.65 ක් ඇස්තමේන්තු ගත කර ඇති අතර එම භූමි ප‍්‍රමාණය තුළ ලොව ඉහළම ශ්‍රේණිගත මට්ටමේ කාර්යාල පහසුකම්, අති නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා, බහුවිධ සේවා සංචාරක නිකේතන, සැහැල්ලූ යාත‍්‍රාංගණ, ලොව ප‍්‍රමුඛ පෙලේ වෙළඳ සන්නාම සහිත සාප්පු සංකීර්ණ, හෝටල් සහ විවිධ ජීවන හැඩතල සඳහා වෙන්වූ සංවර්ධන ක‍්‍රියාකාරකම් සඳහා ඉඩකඩ වෙන්වනු ඇත. මෙම නගරය තුළ වඩාත් දියුණු තිරසාර සංවර්ධන ක‍්‍රමෝපායින් සහ සුහුරු සංකල්ප ක‍්‍රියාවට නැංවීමට නියමිත බැවින් එය දකුණු ආසියාවේම කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇත.


    49251691_2264698237145015_5225636969026945024_n.jpg

    50480582_2264699400478232_17832107212537856_n.jpg

    49946872_2264698780478294_1886241978752958464_n.jpg

    50229553_2264700020478170_6253172521244295168_n.jpg

    50558658_2264698547144984_8466678062921023488_n.jpg

    50240872_2264700073811498_9089677715044302848_n.jpg

    50321291_2264700153811490_8621512707683647488_n.jpg

    50308301_2264698857144953_7756130845408100352_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2264697577145081&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය

    - බත්තරමුල්ලේ ඉදි කිරීමට යෝජිත බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයට ඒකාබද්ධ වන පරිදි කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 415ක ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම්/එස්. එසර් ප්‍රොජෙක්ට්ස් ලිමිටඩ් (Essar Projects Ltd) වෙත බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය නාගරික උද්‍යාන සහ යාබද උද්‍යාන දහයක (10)ක සංවර්ධන කටයුතු සිදු කිරීම

    - යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පන්නෙයි නාගරික වෙළඳපොළ, කලපුව ඉදිරිපිට උද්‍යානය, සංගිලියන් උද්‍යානය, ඔඩ්ඩුමඩම් කලපුව අසල උද්‍යානය, කොටුව ආශ්‍රිත උද්‍යානය යන නාගරික උද්‍යාන සහ රසාවින්තෝට්ටම් චතුරශ්‍රය, රසල් චතුරශ්‍රය, පාසයියූර් කුඩා උද්‍යාන, කුරුනගර් බීච් රෝඩ් චතුරශ්‍රය යනාදී උද්‍යාන සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව එහි සුදුසු නාගරික සංවර්ධන මැදිහත්වීම් සඳහා සංකල්පමය සහ විස්තරාත්මක සැලසුම්කරණය, ලංසු ලියකියවිලි සකස් කිරීම සහ ඉදි කිරීම් අධික්ෂණය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීම

    - හානියට පත් වීම හේතුවෙන් භාවිතයට නොගන්නා යාපනය මහ නගර සභාවේ නගර ශාලාව වෙනුවට වර්තමානයේ එම නගර සභාවේ කටයුතු නල්ලූර් කෝවිලට අයත් ඉඩමක පිහිටි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබයි. මහජනතාවට එදිනෙදා සේවා සපයනු ලබන නගර සභාවට අයත් අංශ, විවිධ ස්ථානවල විසිරී පැවතීම හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ලබන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් යාපනය නගර ශාලාව රුපියල් මිලියන 2,350ක පිරිවැයක් යටතේ 2019-2023 කාල පරිච්ඡේදය තුළ ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්වීම් හා යටිතල පහසුකම් ව්‍යාපෘති

    - දශක තුනකට අධික කාලයක් සංවර්ධනය මඟ හැරී තිබීම හේතුවෙන් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ආර්ථික යටිතල පහසුකම් සහ සමාජ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා ජීවනෝපාය සහායන් සැලසීම මඟින් එම ප්‍රදේශවල සංවර්ධනය කඩිනම් කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව කෘෂිකාර්මික, කාර්මික, ධීවර හා සේවා අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මේ යටතේ වන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ග්‍රාමීය පාරවල්, දූපත් හි යාත්‍රා නැංගුරම්ලන ස්ථාන හා ගොඩබෑමේ ස්ථාන, ජැටි, දූපත් හා ප්‍රධාන ගොඩබිම් අතර ප්‍රවේශයන් සැපයීම, කෘෂි උපකරණ, කෘෂි ළිං, ධීවර බෝට්ටු හා එන්ජින්, ස්වයං රැකියා ආශ්‍රිත උපකරණ හා තාක්ෂණය, වෙළඳපොළ පහසුකම්, ගබඩා සහ ආශ්‍රිත යටිතල පහසුකම් වැනි ජීවනෝපාය හා සම්බන්ධ පහසුකම්ද මෙම ව්‍යාපෘතිය මඟින් සලසා දීමට නියමිතය.

    ඒ අනුව ආර්ථික යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම්, ජීවනෝපාය හා ස්වයං රැකියා සහ කුඩා කර්මාන්ත හා ව්‍යවසායන් යන ක්ෂේත්‍ර 04 ඔස්සේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය යටතේ අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රධාන සම්ප්‍රේෂණ නළය හා ජලය බෙදාහැරීම් සඳහා අවශ්‍ය ජල නළ එළීම සහ උපාංග සඳහා වන ප්‍රසම්පාදනය

    - ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව M/s. China Machinery Engineering Corporation වෙත ප්‍රදානය කරන ලද අතර එහි ඇතැම් කාර්යයන් උප කොන්ත්‍රාත් යටතේ සිදු කිරීමට නියමිතව තිබේ. ඒ යටතේ අත්තනගල්ල ප්‍රදේශයේ ඝන මීටර 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම හා සම්ප්‍රේශණ හා බෙදා හැරීම් ප්‍රධාන නලය සඳහා අවශ්‍ය උපාංග සහ ජල නළ එලීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Sierra Construction Limited සහ K D A Weerasinghe Co. (Pvt) Limited විසින් ඇතිකර ගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බැලුම්මහර ප්‍රදේශයේ ඝන මීටර 1500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම, ජල නළ එළීම හා සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය උපාංග සඳහා වන ප්‍රසම්පාදනය

    - ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Machinery Engineering Corporation වෙත ප්‍රදානය කරන ලද අතර, එහි උප ව්‍යාපෘති 08ක් උප කොන්ත්‍රාත් දීමට එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව එහි එක් උප කොන්ත්‍රාත්තුවක් වන බැලුම්මහර ප්‍රදේශයේ ඝන මීටර 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම, ජල නළ එළීම, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය උපාංග සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sanken Construction (Pvt) Ltd වෙත පිරිනැමිම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම

    - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දකුණු පළාතේ බොහෝ රාජ්‍ය ආයතන රාජ්‍ය උත්සව, සම්මන්ත්‍රණ, සම්මේලන සහ ප්‍රසිද්ධ රැස්වීම් සඳහා භාවිතා කරනු ලබන්නේ හෝල් ඩි ගෝල් (Hall de Galle) නමින් හඳුන්වන මුහුදු තීරයේ පිහිටා ඇති ඉහළ සංචාරක ආකර්ශණය සහිත ස්ථානයක පිහිටි ශාලාවකි. දකුණු පළාතේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පිහිටා ඇති ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් සහිත මෙම භූමිය සැලසුම්ගත සංචාරක සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමට යෝජනා කර තිබේ. එබැවින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාවිතය සඳහා ආසන 2000කින් පමණ සමන්විත නව ශ්‍රවණාගාරයක් සැලසුම් කොට ඉදි කිරීමට නියමිතව ඇත. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,656.87ක මුදලකට සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බේරුවල මූලික රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීම (අදියර - I)

    - බේරුවල මූලික රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අදියර I යටතේ මහල් 09කින් යුත් ප්‍රධාන ගොඩනැඟිල්ලක පයිල් අත්තිවාරම ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Access Engineering PLC වෙත රුපියල් මිලියන 355ක මුදලකට පිරිනැමිම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජයේ රෝහල් 20ක විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම

    - රෝගීන්ගේ සියලු තොරතුරු සංරක්ෂණය කර ගබඩා කිරීමට සහ ඩිජිටල් විකිරණ රූප විශාලනය කර බැලීමට හැකියාව ලබා දීම තුළින් අවම පිරිවැයක් හා කාලයක් වැය කොට රෝග නිශ්චය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට උපකාරි වන විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් රජයේ රෝහල් 20ක ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මැලේසියාවේ M/s REDtone MEX sdn Bhd ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතිය

    - වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත මීට පෙර ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ඇගයීම හා සාකච්ඡා සම්මුති පැවැත්විම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කවල රෝගීන් 500ක් සඳහා ක්‍රියාත්මක කර ඉන් පසු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත් එම අනු කාරක සභාව විසින් නිර්දේශ කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කළ එම නිර්දේශ ඇතුළත් වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල් හි සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීම

    - උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් හා සේවා වැඩිදියුණු කිරීම යටතේ කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල්වල සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 54.45ක් වන අතර එම ආයෝජනයෙන් 75%ක් අපනයන ණය නියෝජිත ආයතනයක ආවරණය සහිත ණය පහසුකමක් ලබා දීමට නෙදර්ලන්තයේ ING Bank N.V. ආයතනය මඟින්ද ඉතිරි 25%ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟවී ඇත. මෙම ව්‍යාපෘතිය උතුරු පළාත් සභාවේ සහාය ද ඇතිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය ඉදි කිරීම සඳහා ජම්බාර ගැසීමේ කටයුතු

    - මහල් 22කින් යුක්තව ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පිරිනැමීමට මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව එහි ස්ථානීය ජම්බාර 248ක ජම්බාර ගැසීමේ කටයුතු සිදු කළ යුතු බැවින් එය පැකේජ 03ක් යටතේ උප කොන්ත්‍රාත් දීමට තීරණය කරන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙහි පැකේජය 01 හා 02 සීමාසහිත නවලෝක පයිලිං පුද්ගලික සමාගම වෙත පිළිවෙළින් රුපියල් මිලියන 124.8ක හා රුපියල් මිලියන 137.5ක මුදලකටත් පැකේජය 03 සීමාසහිත ඩී.පී. ජයසිංහ පයිලිං පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 126ක මුදලකටත් පිරිනැමීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ හා ගම්පහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම

    - කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම හා ගම්පහ කාර්මික විද්‍යාලය වැඩි දියුණු කිරීම යටතේ අදාළ ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතියි. මෙම කාර්මික විද්‍යාලයන්හි පවත්වන පාඨමාලා, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 සිට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5 හා 6 මට්ටම දක්වා උත්ශ්‍රේණිගත කර ඇති බැවින් එම අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සහ නවීන තාක්ෂණික වෙනස්වීම් ද සැලකිල්ලට ගෙන මීට පෙර යෝජනා කර තිබූ යන්ත්‍රෝපකරණ ලැයිස්තුව සංශෝධනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-01-14
    Decisions taken by the Cabinet of Ministers at its meeting held on 14.01.2019
    - https://www.news.lk/cabinet-decusio...f-ministers-at-its-meeting-held-on-14-01-2019
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Its no matter who is doing. I love to see my country to get developped. I will vote anyone who shows good numbers. And good social and cultural stability. Current government has failed in both. No social and cultural stability and poor numbers
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    විවේචනවලට බිය නොවන්න, සෞඛ්‍ය තීන්දු තීරණ කඩිනමින් ගත යුතුයි. සුව සේවාවට ගිලන් රථ 152 ක් එක් කරමින් සුව ඇමැති කියයි.

    දිවයින පුරා පිහිටි රෝහල් 152 කට අවශ්‍ය ගිලන් රථ 152 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා භූමියේ දී අද (18) පස්වරුවේ සිදු කෙරිනි.

    එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 132 ක් ද ජර්මනියේ බෙන්ස් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 20 ක් ද, මෙහිදී බෙදාදුන් අතර, ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 2850 කි. ෆොර්ඩ් වර්ගයේ ගිලන් රථ 250 ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී තිබේ. අද දින බෙදා දුන් ගිලන් රථ මධ්‍යම රජයේ රෝහල් 34 කට ද පළාත් සභා රෝහල් 116 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද බෙදා දෙනු ලැබීය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ගිලන් රථ රියදුරන්ට හදිසි තත්ත්වයක දී ප්‍රතිකාර කිරීම සදහා අනෙකුත් කාර්ය මණ්ඩලය සමග ඒකාබද්ධ වීමට විශේෂ පහුණුවක් ලබාදෙනවා. ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීම අපගේ අරමුණයි. අග්‍රාමාත්‍යවරයා “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කළේ නිවසේ සිට රෝහල දක්වා රෝගීන් ප්‍රවාහනය කිරිම සදහායි. “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කරන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විවේචනයක් එල්ල කළා. මැලේරියාව, රෝ ඔත්තු සේවාව ලංකාවට එන බව ප්‍රකාශ කළා. දැක්ක තැන දී ගල් ගහන්නත් කිවුවා. තමන් වෛද්‍යවරුන් බව ප්‍රකාශ කරමින් ගිලන් රථයකට ගල් ගහන්න කියපු ලෝකයේ එකම වෛද්‍යවරුන් ඉන්නේ ලංකාවේ. මේ වන විට “සුවසැරිය” ගිලන් රථ සේවාවෙන් ලක්ෂ 08 කට වඩා ජනතාවකට සේවය ලබා දී තිබෙනවා. දරු ප්‍රසූත 35 ක් සිදු වී තිබෙනවා. එම සේවාවේ කාර්ය මණ්ඩලයට විධිමත් පුහුණුවක් ලබා දී තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවාව ජනතාව ඉහළින් පිළිගන්නා නිසා තමයි දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් බවට එය පත් කළේ. ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි අහනවා සුව සැරිය ගිලන් රථ ම ගේන්න බැරිද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලන් රථ ගෙනඒමට ටෙන්ඩර් කැඳවූවා. එහිදී සමාගම් 04 ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුනත් ඇතැම් සමාගම් වල මිල ඉතාම අධික වුනා. වෑන් රථ වලට ගිලන් රථ උපකරණ සවිකර දීමට ඇතැම් සමාගම් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ෆොර්ඩ් සහ බෙන්ස් සමාගම් නියම ගිලන් රථ ගෙනඒමට කටයුතු කළා. මීට පෙර මෙවැනි ගිලන් රථ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වූයේ නැහැ. අපේ අමාත්‍යාංශයේ නිලධාරින් සමාගමට අවශ්‍ය පරිදි තමයි වැඩ කටයුතු සිදු කළේ. මෙවරත් එවැනි සිද්ධි සිදු වීමට තිබුනත් එය නතර වුනා. මටත් බලපෑම් කළා. නමුත් ටෙන්ඩර් ඉදිරිපත් කළ ආකාරයට තමයි නිසි පරිදි එය සිදු වුනේ. ෆොර්ඩි වර්ගයේ එක ගිලන් රථයක මිල රුපියල් මිලියන 9.2 ක්. සමහරු කැමැති නැහැ මෙවැනි ගිලන් රථ ගෙනඒමේ තීරණයට මොකක් හරි වාහනයක යන්න තමයි බලන්නේ. බෙන්ස් වර්ගයේ රථවාහන භාවිත කළේ ධනපතීන් විසින්. නමුත් වර්තමානයේ ගම්වැසියන්ට ද බෙන්ස් වර්ගයේ ගිලන් රථයකින් හෝ රෝහලට යන්න පුළුවන්. සියලු සෞඛ්‍ය පරික්ෂණ නොමිලේ ලබා දී තිබෙනවා. ලෝකයත් සමග ගමන් කරන්නේ නැති. රටක් දියුණු වන්නේ නැහැ. එම නිසයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් පැවැසුවේ නව දේවල් නිපදවන රටක් ඉදිරියට යනවා කියලා.”

    “වත්මන් රජය සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. අපි මුදලට වඩා මනුෂ්‍යත්වය දෙස බලනවා. සෞඛ්‍ය සේවාව සදහා වූ තීන්දු තීරණ කඩ්නමින් ලබාගත යුතුයි. ප්‍රමාද වී ගන්නා තීන්දු තීරණ නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර තීන්දු තීරණ විවේචනයට ලක් වෙයි. හොරකම් කරනවා කියලා කියයි. ඒවා ගණන් ගන්න එපා. ඇතැම් මාධ්‍යවේදීන් කුහක කම නිසා මාව විවේචනය කරනවා. නමුත් මම ඔවුන්ටත් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අනගාරික ධර්මපාල තුමා ප්‍රකාශ කළා ලංකාවේ හොද වැඩ කරනවා නම් බැනුම් අහන්න සුදානම් වෙන්න කියලා. මහාචාර්ය සේනක බිබිලේ මහතාත් ශ්‍රී ලංකාව ගැන කළකිරී තමයි රට අතහැර ගියේ. ලෝකයම ගරු කළත් අපේ රට ගරු කරන්නේ නැහැ. ලංකාවේ කිසිම වෛද්‍ය සඟරාවක සෞඛ්‍ය සේවාව අගය කරලා ලිපි පළ නොකළත්, බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාව සෞඛ්‍ය සේවාව අගය කර කතුවැකියක් ලියා තිබෙනවා. හෘද රෝගීන් සදහා ටෙනෙක්ටර් ප්ලේස්, සුවසැරිය ගිලන් රථ සේවාව සහ ස්ටෙන්ස් ලබාදීම නිසා හෘද රෝග ප්‍රතිකාර සේවාව විප්ලවීය වෙනසකට ලක්ව ඇති බව එම සඟරාව පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය නවීන ඖෂධ, උපකරණ ඉදිරියටත් ලබාදෙනවා. එය තමයි යහපාලනයේ ප්‍රතිඵල. ගිලන් රථ හෙළිකොප්ටර් යානා සහ ආපදා රථ ද ලංකාවට ගෙනඑනවා. ඒවා භාවිතා කරමින් ද රෝගීන් කඩිනමින් රෝහල්වලට ගෙනඒමට කටයුතු කරනවා.”

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගිලන් රථ යතුරු රෝහල් අධ්‍යක්ෂවරුන්ට පිරිනමන ලදි. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ටී.පෙරන්පනායගම් මහතා විසින් රචිත මාර්ග අත් පොතක් ද සියළුම ගිලන් රථ රියදුරන්ට මෙහිදී බෙදා දුන්හ. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ගිලන් රථ පරීක්ෂාවට ද ලක්කරන ලදි.

    50628539_10156441378519130_2585618810962706432_n.jpg

    49997591_10156441374959130_3422802147060744192_n.jpg

    50073218_10156441374554130_1171386058638622720_n.jpg

    50463138_10156441375429130_8402882783369756672_n.jpg

    50013056_10156441374929130_7855931114974609408_n.jpg

    50263916_10156441375279130_8860322982514393088_n.jpg

    50827387_10156441375409130_6153143179597053952_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156441388984130
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Six China-led firms on track for 3 light rail projects

    2019-01-19 18:35:36

    Six China-led companies have qualified for the execution of three light rail projects in Colombo, it is learnt.

    The Megapolis and Western Development Ministry held talks with the international bidders for the execution of these projects. Among them, six Chinese consortiums, having partnership arrangements with companies from different countries for technology, have qualified.

    One light rail project will link Colombo with Moratuwa via Kirulopone, Pepiliyana, Katubedda and Moratuwa. The second will run from Ragama to Kottawa via Kelaniya and Battaramulla. The third one is meant for linking Colombo Fort with Kadawata.

    In addition, the main line between Malabe and Colombo Fort will be implemented by a Japanese company under a loan facility from Japan.

    The first tranche of US $ 260 million of this loan will be ready for Sri Lanka next month. It is US $ 1.5 billion loan from Japan.(Kelum Bandara)

    - http://www.dailymirror.lk/article/-Six-China-led-firms-on-track-for-light-rail-projects-161286.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Keith Barrow looks at how the Colombo Suburban Railway Project will make the network fit for faster, more frequent commuter services.

    * The 23km Maradana – Malapalla section of the Kelani Valley line will be elevated and the line will doubled as far as Padduka. The remainder of the line to Avissawella will be upgraded with the elimination of four level crossings but is set to remain single-track.

    * The ministry envisages a fleet of 97 six-car air-conditioned EMUs will be delivered by 2023 to meet operating requirements for the CSRP in 2025. Sets would operate in multiple, with each pair accommodating a total of around 2200 passengers (6p/m2).

    * The project includes the grade separation of level crossings, upgrading of track with UIC 60 rail for 100km/h operation on most of the network, the rollout of ETCS Level 1, and a new LTE-based telecommunications system, which will be implemented as part of Sri Lanka Railways’ Island-Wide Radio Telecommunications System (IRTS) project. Stations will be modernised and 23 stations will be upgraded and expanded to become multi-modal hubs.

    * The Ministry of Transport envisages upgrading works will be completed on the Kelani Valley Line by the end of 2022, the Main Line by mid-2023, the Puttlam Line by the end of 2023, and the Coastal Line by mid-2024.

    Colombo backs rail to solve congestion problems
    Aug 1, 2018

    Written by Sue Morant

    The region surrounding the Sri Lankan capital Colombo is home to nearly six million people, but lacks the high-capacity transit needed to move large numbers of people on key corridors. Keith Barrow looks at how the Colombo Suburban Railway Project will make the network fit for faster, more frequent commuter services.

    Read more:
    - https://www.railjournal.com/in_depth/colombo-backs-rail-to-solve-congestion-problem
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    රුපියල් මිලියන 1064 ක ආයෝජනයෙන් දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර අද දින ජනතා අයිතියට පැවරිණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

    50688990_2268864180061754_7543964065190641664_n.jpg

    50546848_2268863943395111_9125779522212331520_n.jpg

    50507932_2268864580061714_716945279969918976_n.jpg

    50330399_2268864636728375_4576853335440621568_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2268863893395116&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ඇමති චම්පිකගේ මෙහෙයවීමෙන් 2024 වන විට නිවාස ඒකක 40,000 ක් ජනතා අයිතියට.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප‍්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප‍්‍රධාන ඉලක්කයයි.

    අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිත ස්ථිර නිවසක් ලබාදී ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණ කර ගනිමින් ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙල නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේවන විට නිවාස ඒකක 8,113 ක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස ඒකක 7,694 ක් මේ වන විටත් ඉදිවෙමින් පවතී.

    අද දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත වන දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරයේදී නිවාස ඒකක 266 ක් ජනතා අයිතියට පත් කෙරේ. එහි ප‍්‍රතිලාභීන් ලෙස දෙමටගොඩ, රාජගිරිය අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවතැන් වන ආරාමය පෙදෙසේ නිවැසියන් හා කැළණිවැලි දුම්රිය මර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් අවතැන්වන ජනතාව, ස්ටේඩියම්ගම ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් හට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිකම් ලැබෙනු ඇත.

    රුපියල් මිලියන 1,064ක ආයෝජනයකින් ඉදිකළ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය මහල් 15 කින් සමන්විතය. මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක්, සනීපාරක්‍ෂක හා සියළු පොදු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 437 ක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.

    2016/17/18 වර්ෂ තුළදී ජනතා අයිතියට පත් කළ නිවාස ව්‍යාපෘති,

    නිවාස ව්‍යාපෘති නිවාස ගණන

    මුවදොර උයන (ෆර්ගියුෂන් පාර) - 254

    සියසෙත සෙවණ (ප‍්‍රදීපා මාවත) - 266

    ජයමග සෙවණ (මහවත්ත) - 68

    ලක්හිරු සෙවණ (මාළිඟාවත්ත) - 192

    මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 218

    ලක්සඳ සෙවණ (කොලොන්නාව) - 792

    ලක්සෙත සෙවණ (මාළිඟාවත්ත) - 480

    සියපත් සෙවණ (දෙමටගොඩ) - 437

    මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 722

    අංගොඩ - 500 (මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය)

    එකතුව - 3,929


    2019 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරෙන නිවාස ව්‍යාපෘති

    නිවාස ව්‍යාපෘති නිවාස ගණන

    සියපත් සෙවණ, දෙමටගොඩ - 266 (ජනවාරි 22 වන දින ජනතා අයිතියට)

    මට්ටක්කුලිය 1 - 1,647 (අපේ‍්‍රල් මාසය)

    මට්ටක්කුලිය 2 - 1,076 (අපේ‍්‍රල් මාසය)

    අලූත් මාවත 1 - 576 (අපේ‍්‍රල් මාසය)

    අලූත් මාවත 2 - 672 (අපේ‍්‍රල් මාසය)

    මාළිගාවත්ත - 576

    කොලොන්නාව - 696

    කොළඹගේ මාවත, කොළඹ 05 - 615

    කාලිංඝ මාවත, කොළඹ 05 - 528

    ටොරිංටන් මාවත - 120

    කිඹුලා ඇල, බ්ලූමැන්ඩල් - 472

    601 වත්ත,බ්ලූමැන්ඩල් - 450

    එකතුව - 7,694


    - https://www.megapolismin.gov.lk/web...id=438:2024-40-000&catid=9&lang=si&Itemid=229
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Six China-led firms on track for 3 light rail projects

    2019-01-19 18:35:36 18 16507


    Six China-led companies have qualified for the execution of three light rail projects in Colombo, it is learnt.

    The Megapolis and Western Development Ministry held talks with the international bidders for the execution of these projects. Among them, six Chinese consortiums, having partnership arrangements with companies from different countries for technology, have qualified.

    One light rail project will link Colombo with Moratuwa via Kirulopone, Pepiliyana, Katubedda and Moratuwa. The second will run from Ragama to Kottawa via Kelaniya and Battaramulla. The third one is meant for linking Colombo Fort with Kadawata.

    In addition, the main line between Malabe and Colombo Fort will be implemented by a Japanese company under a loan facility from Japan.

    The first tranche of US $ 260 million of this loan will be ready for Sri Lanka next month. It is US $ 1.5 billion loan from Japan.(Kelum Bandara)

    - http://www.dailymirror.lk/article/-Six-China-led-firms-on-track-for-light-rail-projects-161286.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Colombo backs rail to solve congestion problems

    Aug 1, 2018

    Written by Sue Morant

    The region surrounding the Sri Lankan capital Colombo is home to nearly six million people, but lacks the high-capacity transit needed to move large numbers of people on key corridors. Keith Barrow looks at how the Colombo Suburban Railway Project will make the network fit for faster, more frequent commuter services.

    * The 23km Maradana – Malapalla section of the Kelani Valley line will be elevated and the line will doubled as far as Padduka. The remainder of the line to Avissawella will be upgraded with the elimination of four level crossings but is set to remain single-track.

    * The ministry envisages a fleet of 97 six-car air-conditioned EMUs will be delivered by 2023 to meet operating requirements for the CSRP in 2025. Sets would operate in multiple, with each pair accommodating a total of around 2200 passengers (6p/m2).

    * The project includes the grade separation of level crossings, upgrading of track with UIC 60 rail for 100km/h operation on most of the network, the rollout of ETCS Level 1, and a new LTE-based telecommunications system, which will be implemented as part of Sri Lanka Railways’ Island-Wide Radio Telecommunications System (IRTS) project. Stations will be modernised and 23 stations will be upgraded and expanded to become multi-modal hubs.

    * The Ministry of Transport envisages upgrading works will be completed on the Kelani Valley Line by the end of 2022, the Main Line by mid-2023, the Puttlam Line by the end of 2023, and the Coastal Line by mid-2024.

    Read more:
    https://www.railjournal.com/in_depth/colombo-backs-rail-to-solve-congestion-problems