ADB funded US $300 million Kelani Valley Railway Investment Program (part of Colombo Suburban Railway Project)
නව කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය (Project Update)
2018 දෙසැම්බර් 18 දින #KVLservices
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP) යටතේ ශ්‍රීලංකා දුම්රිය සේවයේ, කැලණිවැලි වර්තමාන දුම්රිය මාර්ගය ඉවත්කර කණු මත දිවෙන ද්විත්ව සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි. මෙම මාර්ගයේ ප්‍රථම අදියර මරදාන සිට කොට්ටාව-මාලපල්ල බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කණු මතින් ඉදි කෙරේ. ද්විත්ව මාර්ගයක් වන මෙහි සෑම විනාඩි 5කට වරක් විදුලියෙන් ක්‍රියා කරන සහැල්ලු දුම්රියන් ධාවනය කිරීමට බලාපොරොත්තු වේ. නුදුරේදී විවෘත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ, මාකුඹුර ප්‍රථම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන මෙම දුම්රිය මාර්ගය ඔස්සේ මගීන්ට වඩා ඉක්මනින් කොළඹ දෙසට ගමන් පහසුව සැලසීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක්. ඒ සඳහා බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හා යා වූ නවීන දුම්රිය ස්ථානයක්ද ඉදිකර ඇත. දකුණු හා කොළඹ වටරවුම් අධිවේගී මාර්ග ඔස්සේ පැමිණෙන ජනතාවට හා වර්තමාන කැලණිවැලි මගී ජනතාවටද මෙයින් මහත් ප්‍රයෝජනයක් අත්වනු ඇත. ව්‍යාපෘතියේ දෙවැනි අදියර පාදුක්ක දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස සැලසුම් කර ඇත. පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගය තනි මාර්ගයක් ලෙස තුන්වන අදියර යටතේ සංවර්ධනය කෙරෙනු ඇත.
මෙම මාර්ගය සැලසුම් කිරීම අවසන් අදියරේ ඇති බවට වාර්තා වේ. මෙහිදී වර්තමාන දුම්රිය පථය ඔස්සේම ල.දු.දෙ. සතු ඉඩම් වලම කණු ඉදිකිරීමට නියමිතයි. මේ සඳහා මීටර 12ක් පළල සීමාවක් (මාර්ගයේ මැද සිට දෙපසට මීටර් 6 බැගින්) නිදහස්ව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. සමහර ස්ථාන වල දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් තුලම මීටර් 20ක් තරම් පුළුල් වන බවට වාර්තා වේ. පිවිසුම් මාර්ගද මේ අතර වේ. දැනට ඇති වංගු දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් වල හැකි අයුරින් කෙලින් කිරීමට උත්සහ දරනු ඇති අතර එසේ නොහැකිනම් වංගු එසේම පවතිනු ඇත. දුම්රිය මාර්ගය අසලින් ඇති මාර්ග එසේම පවත්වා ගැනීමටද හැකි උපරිමයෙන් උත්සහ දරනු ඇත. එසේම තනි කණුවක් මත ඉහලින් දුම්රිය මාර්ග දිවෙන නිසා මහා මාර්ග වල ගමන් ගන්නා වාහන වලට බාධා මතු නොවනු ඇති අතර දුම්රියේ ගැටීම් වැනි අනතුරුද පාලනය වනු ඇත. මාර්ගයේ ඉදිකිරීම් 2020 වසරේ ආරම්හ කිරීමට බලාපොරොත්තු වන අතර ප්‍රසම්පාදන කටයුතු හා නැවත පදිංචි කිරීමේ කටයුතු 2019 වසරේදී සිදු වනු ඇත.
මෙම ව්‍යාපෘතිය මුල සිටම ඉතා ක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක වේ. මෙම මාර්ගය සංවර්ධනයේදී මුහුණ දෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ දුම්රිය මාර්ගය දෙපස සිටින අනවසර පදිංචි කරුවන්ය. ඔවුන් එක් වරම ඉවත් කළහොත් එයින් මහජන විරෝධතාවයක් මතු වී ව්‍යාපෘතියම අසාර්ථක විය හැක. මෙහිදී එම පදිංචිකරුවන්ට අසාධාරනයක් නොවන පරිදි එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ සහය ඇතිව සමාජ, ආර්ථික සමීක්ෂණයක් සිදු කෙරිණි. එම පදිංච් කරුවන් වෙනුවෙන් ඉදිවෙමින් පවතින නව නිවාස වල පදිංචි කිරීම ලබන වසරේ සිට සිදු කිරීමට නියමිතයි. අදාල ශක්‍යතා අධ්‍යන සිදු කර ඇත. දුම්රිය මාර්ගයේ ගැඹුරු කැනීම් කර පස් සාම්පල පරික්ෂා කර ඇත. ව්‍යපෘති බල ප්‍රදේශය තුල ඉදිකිරීම්, පදිංචි වීම නොකරන ලෙස කිහිපවිටකදීම නිවේදනය කර ඇත. ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩම් මැන කණු සිටවා සලකුණු කර ඇත. ඉහත සඳහන් අවස්ථාවන් පිළිබඳව අප කැලණිවැලි ෆේස්බුක් පිටුව ඔස්සේ කරුණු ගෙනහැර දැක් බවට අප සමග නිතර එකතු වූ අයෙක්නම් මතකයට නැගෙනු ඇත. ඉදිරියේද අපගේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය උදෙසා සහයෝගය දීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ සියළු දුම්රිය මාර්ග සංවර්ධනය වනු දැකීම අපගේ ඒකායන බලපොරොත්තුවයි.
(එන්. පෙරේරා - කැලණිවැලි ෆේස්බුක් පිටුව වෙනුවෙන්) #KVLservices
www.facebook.com/KelaniValleyLine
- https://www.facebook.com/notes/kela...්ග-ව්යාපෘතිය-project-update/2280526028835353/