සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    වල් අලි ගැවසෙන ඝන කෑලා මැද්දේ convention centres, airport, cricket grounds, මුං , තල වේලන six-lane roads හදපු කාලේ 2012 වත් මේවගේ එකක් හදන්න පටන් ගත්තනම් මේ වෙනකොට දුවන්න තිබ්බ :lol:

    Hanoi Metro, Vietnam



    Chennai Metro, India


    Delhi Metro, India


    Mumbai Metro


    Hyderabad Metro


    Lahore Metro, Pakistan


    Jakarta LRT, Indonesia


    Dhaka Metro, Bangladesh
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සලසනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීම

    - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමවල පවතින සහනදායී නියමයන් හා කොන්දේසි හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රම සඳහා විශාල ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇත. දැනට මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද රථ හිමියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කළු ග‍ඟේ ගංවතුර වැළැක්වීම, ලවන ජලය මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ග‍ඟේ ජලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීම පිණිස වන කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය

    - වර්ෂා කාලයේදී කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංවතුර හේතුවෙන් සිදු වන හානි වළක්වා ගැනීම, කළු ග‍ඟ මෝයේ සිට කිලෝමීටර 18ක් පමණ දුරක් ගඟ තුළට ලවන ජලය ගලා ඒම හේතුවෙන් පානීය ජල සැපයුමට ලවන මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ග‍ඟේ අතු ගංඟාවක් වන කුඩා ඔය හැරවීම මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දීම ප්‍රධාන අරමුණු කරගනිමින් රුපියල් බිලියන 123ක් පමණ ආයෝජනයක් සහිතව කළු ගඟ ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් සිදු කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා විදේශ මුදල් ආයෝජනය කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි ජාත්‍යන්තර ඉදි කිරීම් සමාගම්වලින් අභිලාෂය ප්‍රකාශ කිරීමේ යෝජනා ලබාගැනීමටත්, සුදුසු ඉදි කිරීම් සමාගම් මඟින් ව්‍යාපෘති යෝජනා කැඳවීමටත්, ඒවා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටු පිහිටුවීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව

    - කෝරලේපත්තු, කෝරලේපත්තු බටහිර, කෝරලේපත්තු මධ්‍යම, කෝරලේපත්තු දකුණ, කෝරලේපත්තු උතුර සහ එරාවුර්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි M/s. China Geo Engineering Company Limited සහ China National Aero Technology International Engineering Corporation එක්ව පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති විද්‍යාගාරයක් ඉදි කිරීම

    - දේශීය මෝටර් රථ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතාවන්ට පහසුකම් සැපයීම, නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක් පිහිටුවීම, නූතන දැනුමෙන් සපිරි ඉංජිනේරුවරුන් බිහිකිරීම සහ මෝටර් රථ කර්මාන්තය හා අදාළ පාරිසරික ගැටලු ආශ්‍රිත පර්යේෂණ, සමීක්ෂණ හා සංවර්ධන ධාරිතාවයන් ඉටු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති (powertrain) විද්‍යාගාරයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මෘදු ණය යෝජනා ක්‍රමයක් ලෙස අරමුදල් සැපයීමට ඔස්ට්‍රියාවේ Raiffeisen Bank International AG ආයතනය එකඟතාවය පළ කරනු ලැබ ඇත. ඒ අනුව මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන එකම ඔස්ට්‍රියානු නිෂ්පාදක හා සැපයුම්කරු වන AVL List GmbH වෙතින් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ලබාගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා වන ක්‍රමවේදය සරල කිරීම

    - අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා 1985 දී හඳුන්වා දෙන ලදුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දැනට භාවිත කරන ක්‍රමවේදය යටතේ අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වීමත්, විවිධ ආයතන 06ක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සිදු වීමත් හේතුවෙන් එම ලියාපදිංචිය සඳහා සති 01 සිට සති 03 දක්වා කාලයක් ගත වන බව නිරීක්ෂණය කර තිබේ. එසේම අපනයන කටයුතු සඳහා අවසර හෝ බලපත්‍ර අවශ්‍ය වන ව්‍යාපාරික ආයතනවලට ඉහත සඳහන් කාලයට අමතරව තවත් සති 02 සිට සති 04 දක්වා කාලයක් ගතවන බව අධ්‍යයන මඟින් පෙනී ගොස් තිබේ. මෙම ලියාපදිංචි ක්‍රමවේදය පහසුවෙන් සිදු කිරීම සඳහා දැනටමත් අපනයනකරුවන් පිළිබඳ සමාන දත්ත සහිත තොරතුරු පද්ධති පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ එක්ව අපනයනකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පියවර ගනු ලැබ තිබේ. ඒ අනුව දැනට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන ලියාපදිංචි ක්‍රමවේදය අවලංගු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Decisions taken by the Cabinet of Ministers at its meeting held on 22.01.2019

    - https://www.news.lk/cabinet-decusio...f-ministers-at-its-meeting-held-on-22-01-2019
    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-01-22
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    වල් අලි ගැවසෙන ඝන කෑලා මැද්දේ convention centres, airport, cricket grounds, මුං , තල වේලන six-lane roads හදපු කාලේ 2012 වත් මේවගේ එකක් හදන්න පටන් ගත්තනම් මේ වෙනකොට දුවන්න තිබ්බ :lol:

    Hanoi Metro, Vietnam



    Chennai Metro, India


    Delhi Metro, India


    Mumbai Metro


    Hyderabad Metro


    Lahore Metro, Pakistan


    Jakarta LRT, Indonesia


    Dhaka Metro, Bangladesh




    :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,732
    113
    මාලඹේ
    වල් අලි ගැවසෙන ඝන කෑලා මැද්දේ convention centres, airport, cricket grounds, මුං , තල වේලන six-lane roads හදපු කාලේ 2012 වත් මේවගේ එකක් හදන්න පටන් ගත්තනම් මේ වෙනකොට දුවන්න තිබ්බ :lol:

    Hanoi Metro, Vietnam




    Chennai Metro, India


    Delhi Metro, India


    Mumbai Metro


    Hyderabad Metro


    Lahore Metro, Pakistan


    Jakarta LRT, Indonesia


    Dhaka Metro, Bangladesh


    අරයට මෙයාට ආඩපාලි කියන්නෙ නැතුව මෙ අවුරුදු 4 හදන්න තිබුනනෙ කො හැදුවද නැහැ.
    වෙන එකක් තියා පාරකට තාර ටිකක් දැම්මෙ නැහැ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    Kadawatha Interchange to link Outer Circular Highway and Central Expressway

    මධ්‍යම අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ග එකිනෙක හමුවෙන කඩවත අන්තර් හුවමාරුව. ලංකාවෙ අධිවේග මාර්ගයක මීටර් 30ක උසකින් යන එකම රෑම්ප් එකේ ඉදිකිරීම් සිදුවන්නෙ මෙසේයි.

    50790827_10215722352665090_1988032725142994944_n.jpg

    50530624_10215722350665040_202707007373836288_n.jpg

    50530189_10215722350865045_8967481454476918784_n.jpg

    50445717_10215722355545162_2394948346356695040_n.jpg

    50596833_10215722356225179_9009976114306613248_n.jpg

    50452729_10215722356425184_2007955072679411712_n.jpg

    50550783_10215722356745192_7632406478426472448_n.jpg

    50709907_10215722357185203_4814149033004105728_n.jpg

    50713270_10215722357385208_3650252671480233984_n.jpg

    50806940_10215722357785218_4082613341107781632_n.jpg

    50439816_10215722358065225_5471852699483897856_n.jpg


    - https://www.facebook.com/jrajawiweka/posts/10215722358585238
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    Revamped Baladaksha Mawatha to be opened for public use

    By Nabeela Hussain


    016.jpg

    026.jpg

    034.jpg

    042.jpg

    05.jpg

    Untitled-517.jpg


    Baladaksha Mawatha, a road closed off for public use during the war has been revamped and will be open for public use today (January 29).


    The road which leading from the Presidential Secretariat Office along the Galle Road to Taj Samudra was closed for public use in the 1980’s due to security concerns and has now been revamped and restructured by the Colombo Municipality.


    The Rs. 530 million project has constructed a four lane road from the Beire Lake Basin (near the Presidential Secretariat) connecting to Makeen Markar Mawatha to the rear entrance of the Taj Hotel.


    The 1.5 km long road is set to reduce traffic congestion in the area with motorists having the option of completely by passing the Galle Face Green junction to Pettah and Slave Island.



    When the road was closed from public use it was only used as an internal road along by the military but now that it has been revamped we hope that we are able to reduce the traffic congestion in the area


    “The road initially cut across the former Army Headquarters and was part of the land blocked off as a mixed development project. When the land was to be given away the CMC petitioned for it and were granted enough land to construct a 4 land road along the Beire Lake,” W. D. G Eranda Wickramarachchi, Project Engineer said.


    The official went on to say that 75 percent of the road ran along the West bank of the Beire Lake.


    “When the road was closed from public use it was only used as an internal road along by the military but now that it has been revamped we hope that we are able to reduce the traffic congestion in the area.”


    The construction of the road spanned a little over 1 year, the official concluded.

    - http://mirrorcitizen.dailymirror.lk...ladaksha-mawatha-to-be-opened-for-public-use/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    අඹතලේට වැසිජල පොම්පාගාරයක්. ආයෝජනය රුපියල් මිලියන 2,870 යි.

    රුපියල් මිලියන 2870කින් ඉදිකෙරෙන අඹතලේ වැසිජල පොම්පාගාරයේ ඉදිකිරීම් අද(25) ආරම්භ විය. මාස 21 ක කාල පරාසයකින් ව්‍යාපෘතිය නිම වීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් අනුව කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. මෙම අඹතලේ වැසි ජල පොම්පාගාරය ප‍්‍රධාන වනුයේ මාදිවෙල ඇළ ආශ‍්‍රිත වර්ග කි.මී 21 ක වපසරියකට අයත්වන තලංගම, ඇවරිහේන සහ මාලඹේ නැගෙනහිර ප‍්‍රදේශය ගංවතුරින් මුදවා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙසිනි. පොම්ප 5 කින් සමන්විත මෙම අඹතලේ වැසි ජල පොම්පාගාරය තත්පරයට ජල ඝණ මීටර් 20 ක් පොම්ප කිරීමේ ධාරිතාවයකින් යුක්තය. මාදිවෙල නැගෙනහිර ජල හැරවුම් ඇල මාර්ගය තලංගම ප‍්‍රදේශයෙන් ආරම්භ වී, මාලඹේ හා කඩුවෙල හරහා පැමිණ අඹතලේදී කැළණි ගඟට විවෘත වේ. වැසි සමයේදී මෙම ඇල මාර්ගය පිටාර ගලන අතර ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගංවතුර ඇති වීමට මෙම පිටාර ගැලීම බලපායි. එමෙන්ම කැළණි ගෙඟ් වතුර මට්ටම පහළ යන අවස්ථාවේ දී, දැනට අඹතලේ සාදා ඇති ජල පාලන දොරටු වලින්, මෙම පහත් බිම්හි රැඳී ඇති ජලය ගලා ගිය ද, ගෙඟ් වතුර වැඩිවන අවස්ථාවන්හි දී මෙම දොරටු වලින් ජලය මුදා හැරීමට නොහැකි වන බැවින්, එම ප‍්‍රදේශයේ ඇති වගුරු බිම් වල රැඳී ඇති වැසි ජලය ඉවත් කිරීමට නොහැකි වන නිසා මෙම ප‍්‍රදේශ වසාගෙන ඉතා දිගු කලක් ජලය රැඳී තිබීමෙන් එම ප‍්‍රදේශ වාසීන්ට මහත් පීඩාවලට මුහුණ දීමට සිදු වේ. මේ හේතුවෙන් ප‍්‍රදේශය තුළ එක් රැස්වන ජලය ගඟට පොම්ප කිරීම සඳහා පොම්පාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය.


    50571623_293618988022531_4019372636323708928_n.jpg

    50425921_2270436919904480_3133056180029489152_n.jpg

    50911433_2270436829904489_5377870465630994432_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2270436626571176
    - https://www.facebook.com/media/set/?set=a.293617011356062&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    කළුතර දුම්රියපල පාර වාණිජ සංකීරණය, පොදු වෙළෙඳපොල ජනතා අයිතියට.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරිය නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක‍්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන, පුර්ණ අධික්‍ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කළුතර දුම්රියපල පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල ජනතා අයිතියට පත් කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍ය අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ලක්ෂ්මන් විජේමාන්න, නිශාන්ත වර්ණකුලසුරිය, කළුතර නගරාධිපති එම්. අමීර් නසීර් යන මහත්වරු ඇතුඵ මහජන නියෝජිතයින්ගේ ප‍්‍රධානත්වයෙන් අද(27) දින පස්වරුවේදී සිදු කෙරුණි. කළුතර ගබඩා වීදිය පොදු වෙළඳපොළ රුපියල් මිලියන 186 ක ආයෝජනයකින් කි‍්‍රයාත්මක කරන ලද අතර මෙහි කඩ කාමර 158 කින් සමන්විතය. එසේම දුම්රියපල පාර වාණිජ සංකීර්ණය සඳහා රුපියල් මිලියන 288 ක් වැයකර ඇති අතර මෙහි කඩකාමර 173 කින් සමන්විතය. කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පරිපාලන හා වාණිජ නගරය වන කළුතර නගරය නාගරික, අර්ධ නාගරික හා ගැමි ජීවන රටාවකින් සමන්විත වන අතර කළුතර නාගරික බල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට සහ තදාසන්න ග‍්‍රාමීය ප‍්‍රදේශයන් හි ජනතාවට මෙම වාණිජ සංකීර්ණය හා පොදු වෙළෙඳපොලෙන් විශාල සේවයක් සිදුවනු ඇත.

    51007007_2271970333084472_2208525372478193664_n.jpg

    50853180_2271970399751132_6222684489735208960_n.jpg

    50827390_2271970936417745_4190932502212247552_n.jpg

    51054708_2271969893084516_4225119574305013760_n.jpg

    50894834_2271970809751091_611585712109649920_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2271969603084545&__tn__=-UC-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම හේතු කොට ගෙන බලපෑමට ලක් වන පුද්ගලයින් වෙත වන්දි ගෙවීම

    - උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. රුපියල් මිලියන 11,700ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් මහනුවර නගරයේ ජන ජීවිතයේ සහ එහි සංස්කෘතික උරුමයේ ගුණාත්මක බව වර්ධනය කිරීමට දායක විය හැකි පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයින් ඇතුළු 820කට පමණ සිය ජීවනෝපාය අහිමි වන බව හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පුද්ගලයින් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා පත් කරන ලද හිමිකම් ඇගයුම් කමිටුවේ නිර්දේශ අනුව අදාළ වන්දි මුදල් ගෙවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කලාපීය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා පලාලි (කන්කසන්තුරේ) ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම

    - සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, පලාලි ගුවන්තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ප්‍රමුඛතා පදනමින් සිදු කළ යුතු උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

    - උතුරු හා නැ‍ඟෙනහිර පළාත් තුළ ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ අවධානය‍ යොමු වී ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීඊසී - නෙම් බද්ධ ව්‍යාපාරය වෙතත්, උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත කේඩීඊ වීරසිංහ සහ පෞද්ගලික සමාගම වෙතත්, නැ‍ඟෙනහිර පළාත තුළ පවත්නා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව උපදේශන ඉංජිනේරු හා කොන්ත්‍රාත් පෞද්ගලික සමාගම වෙතත්, නැ‍ඟෙනහිර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව නවලෝක කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම වෙතත්, නැ‍ඟෙනහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත සිනොහයි‍ඩ්‍රෝ සංස්ථාව වෙතත් පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය කිරීම

    - උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා විශ්වවිද්‍යාලයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව, කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සඳහා සිව් මහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහල් 07කින් යුත් බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර I ලෙස එහි මහල් 03ක් ඉදි කිරීම, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සඳහා පීඨ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ දේශන ශාලා ගොඩනැඟිල්ලේ හා එහි ඉංජිනේරු පීඨයේ බහු කාර්ය ගොඩනැඟිල්ලේ ඉතිරිව පවතින කාර්යයන් සිදු කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කැලණිය අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍ය ජාතික පාසලක් ස්ථාපනය කිරීම

    - ගම්පහ, වත්තල ප්‍රදේශයේ ජීවත් වන ‍දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟා සිටුවීම සඳහා අරුන් ප්‍රසාන්ත් පදනම විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තෑගි ඔප්පුවක් මඟින් පවරා දීමට නියමිත දේපළ භාවිතා කරමින් අරුන් මානික්කවාසගම් හින්දු විද්‍යාලය නමින් දෙමළ මාධ්‍ය හින්දු ජාතික පාසලක් කැලණිය අධ්‍යාපන කලාපයේ පිහිටුවීම පිණිස ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ම‍නෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම

    - ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ස්ථිර වාසස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, ජල සැපයුම හා මංමාවත් සහ විදුලිබල සබඳතා වැනි ආර්ථික යටිතල පහසුකම් සහ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කරමින් කඩිනමින් සිදු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව නිවෙස් හිමිකරුවන් විසින් ඉදි කිරීම් කටයුතු සිදු කළ යුතු නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකක 4,750ක් ඉදි කිරීමටත්, මෙම ප්‍රදේශ සඳහා අවශ්‍ය ආර්ථික හා සමාජ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, තල් ආශ්‍රිත කර්මාන්තය නඟා සිටුවීම සඳහා තික්කාම් ඩිස්ටිලරීස් ආයතනය වැඩිදියුණු කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හොරණ - පාදුක්ක සහ හබරණ - වාලච්චේන සම්ප්‍රේෂණ ජාලය වැඩිදියුණු කිරීම

    - ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේශණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ හොරණ - පාදුක්ක අතර කි.මී. 25 සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සහ හබරණ - වාලච්චේන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ 2 වන පරිපථයේ කම්බි ඇදීම සඳහා වන කොන්ත්‍රාත්තු M/s. China National Electric Engineering Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව

    - විදුලිබල පද්ධතියේ ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සංරචක 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. එහි 3 වන සංරචකය වශයෙන් සැලසුම් කර ඇති සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Kinden Corporation සහ Kalpatharu Power Transmission විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ධාරිතාව ඉහළ නැංවීම

    - නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ගල් අඟුරු භාවිත‍ාවේ ධාරිතාව මෙට්‍රික් ටොන් 742,421 පමණ වන අතර, එය මාස 03ක ගල් අඟුරු අවශ්‍යතාවය ගබඩා කරගැනීම සඳහා ප්‍රමාණවත් වේ. එම ධාරිතාවය මාස 06ක ගල් අඟුරු අවශ්‍යතාව සපුරා ගත හැකි වන පරිදි පුළුල් කිරීම සඳහා එහි ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.21ක් දක්වා ඉහළ නැංවීම සඳහා සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි චීනයේ M/s China Machinery Engineering Corporation වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම මඟින් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම

    - රසායනික පොහොර, කාබනික පොහොර සහ පළිබෝධනාශක යනාදියෙහි යෙදුම් තත්ත්වය සහ අතිරික්ත භාවිතය නියාමනයටත්, ආහාර, පස සහ ජලයෙහි අවශේෂ හා අපවිත්‍රකාරක මට්ටම නියාමනයටත් නවීන පහසුකම්වලින් යුත් විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඊට සමගාමීව විද්‍යාගාර උපකරණ හා පහසුකම් සැපයීම මඟින් එහි පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමටත්, විද්‍යාගාර පිළිගැනුම් හා තත්ත්ව සහතිකකරණය සිදු කිරීමටත්, කෘෂිකාර්මික යෙදවුම්වල ආරක්ෂිත හා නිරවද්‍ය භාවිතය පිළිබඳ දැනුම්වත් කිරීමටත්, කෘෂි රසායනික ද්‍රව්‍ය හා පොහොර භාවිතය හා නිකුත් කිරීම පිළිබඳ පුහුණුව ලබා දීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2019-01-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-01-29
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    Establishment of mixed development project integrating multi-modal transport center at the center of administrative city Battaramulla.

    A 40 storied office complex and a 60 storied tower.


    05.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    Laugfs LPG Terminal Hambanthota

    Laugfs Terminals Limited, a subsidiary of Laugfs Gas PLC
    Contractor: China Huanqiu Contracting and Construction Corporation
    Construction started: 2016
    First phase completed: 2018
    Capacity: 30,000 MT(Phase 1) - 45,000 MT (After phase 2 completed)
    Investment: US $ 80 million

    2018-11-23a.jpg

    2018-12-11a.jpg

    2018-12-11b.jpg

    2018-12-11c.jpg

    2018-12-11d.jpg

    2019-01-26a.jpg

    2019-01-26b.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,330
    113
    සපිරි පාසල් ව්‍යාපෘතියේ ඉදිකිරිම් 1100ක් අවසන්

    Monday, ජනවාරි 28, 2019 - 01:00

    සුපිරි පාසල් වෙනුවට සපිරි පාසල් සංකල්පයට අනුව ආරම්භ කළ ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 1100ක ඉදිකිරිම් මේ වන විට අවසන් කර ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශය වසර 2016 ආරම්භ කළ මේ ව්‍යාපෘතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 64000කි.

    අධ්‍යාපන ඇමැති, එක්සත් ජාතික පක්ස මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට පෙර නිම කිරිමට ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

    සුපිරි පාසල් සංකල්පය වෙනුවට ළගම පාසල් සපිරි පාසලක් බවට පත් කරමින් දරුවන්ට අවශ්‍ය ගොඩනැඟිලි මෙන්ම අවශ්‍ය පහසුකම් ඇතිව අධයාපනය ලබා දීම මේ ව්‍යාපෘතියේ අරමුණ බවත් යහපාලන රජයේ ප්‍රධාන අරමුණක් ලෙස ක්‍රියාත්මක කළ මේ යෝධ ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරේ පවතින බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.

    දරුවන් සුපිරි පාසල් වලට යොමු කරවීමට මවුපියන් දරන උත්සාහය මේ ව්‍යාපෘතිය ඉදිර වසර කිහිපය තුළ නිමවීමත් සමග අවසන් කිරිමට හැකි වන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

    වසර 2020 වන විට නිම කිරිමට නියමිත මේ ව්‍යාපෘතියට අදාළව මේ වන විට පාසල් වල අඩුපාඩුව පවතින විද්‍යාගාර භාෂාගාර,පුස්තකාල,ගෘහවිද්‍යාගාගර, සුහුරු පන්ති කාමර ,ක්‍රීඩාගාර,ගුරු,විදුහල්පති,ශිෂ්‍ය නේවාසිකාර,තනිමහල්,දෙමහල් සහ සිව්මහල් ගොඩනැඟිලි ,වැසිකිළි කැසිකිළි පහසුකම් ඇතුලු අවශ්‍ය ඉදිකිරීම් රැසක් මේ යටතේ ඉදිකරමින් පවති.

    ශ්‍රී ලංකාව පුරා පිහිටි පාසල් 10161 අතරින් ව්‍යාපෘති 18500ක් පමණ ආරම්භ කර ඉන් විශාල ප්‍රමාණයක් මේ වන විට අවසන් කර සිසු අයිතියට පත් කර ඇති අතර විශාල ව්‍යාපෘති 1100ක් පමණ ඉදිරියේදී සිසු අයිතියට පත් කිරිමට නියමිතය.


    - http://www.dinamina.lk/2019/01/28/පුවත්/67857/සපිරි-පාසල්-ව්‍යාපෘතියේ-ඉදිකිරිම්-1100ක්-අවසන්


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නිකවැරටිය විතිකුලිය මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද තාක්ෂණික ගොඩනැගිල්ල පෙබරවාරී 01 වන දින සිසු අයිතියට පත්කරන ලදී.


    51031549_10157205176034060_2845353483559763968_n.jpg

    51651956_10157205176874060_4529573188689985536_n.jpg

    51116815_10157205176009060_7787544481024180224_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157205178404060


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නිකවැරටිය මුස්ලිම් මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය පෙබරවාරී 01 වන දින සිසු අයිතියට පත්කරන ලදී.


    51231864_10157205083404060_8617011556187635712_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157205097029060


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නිකවැරටිය රඔපොකුණ ප්‍රාථමික විද්‍යාලයේ මහ විද්‍යාලයේ ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය පෙබරවාරී 01 වන දින සිසු අයිතියට පත්කරන ලදී.


    51383168_10157204975474060_2887245215880445952_n.jpg

    50955244_10157204975684060_8077073809905025024_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157204981894060


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නිකවැරටිය ජයන්ති මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද ද්ව්තීයක කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ල පෙබරවාරී 01 වන දින සිසු අයිතියට පත්කරන ලදී.


    51276385_10157204952824060_1286363016052342784_n.jpg

    51174879_10157204952529060_3122279527263240192_n.jpg

    51152760_10157204947999060_8851046566119604224_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157204965879060


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ නිකවැරටිය තුඹුල්ල මහ විද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල හා ‍ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය පෙබරවාරී 01 වන දින සිසු අයිතියට පත්කරන ලදී.


    51039928_10157204137044060_7615159766666444800_n.jpg

    51088781_10157204096004060_3507160742182780928_n.jpg

    51041693_10157204076469060_6768882859521343488_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157204140624060


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ ගිරිඋල්ල කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ රුපියල් මිලියන 17 ක වියදමින් ඉදිකරන ලද දෙමහල් ‍ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ජනවාරි 28 වන දින සිසු අයිතියට පත්කරන ලදී.


    51308423_10157194329254060_769449743335030784_n.jpg

    51080306_10157194328734060_4324893545786769408_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157194329654060


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ ගිරිඋල්ල මුරුතැන්ගේ ජයකොඩි ප්‍රාථමික විද්‍යාලයේ රුපියල් මිලියන 10 ක වියදමින් ඉදිකරන ලද ප්‍රථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ජනවාරි 28 වන දින සිසු අයිතියට පත්කරන ලදී.


    50722877_10157194323414060_7764768368237740032_n.jpg

    50735939_10157194323699060_863329052591652864_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/1015719432469906


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ කුලියපිටිය කිතලව පූගල්ල මහා විද්‍යාලයේ රුපියල් මිලියන 25 ක වියදමින් ඉදිකරන ලද පන්ති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සහ රුපියල් මිලියන 20 ක වියදමින් ඉදිකළ දිවිතීයක කණිෂ්ඨ විද්‍යාගාරය ජනවාරි මස 28 වන දින සිසු අයිතියට පත්කරන ලදී.



    50822389_10157194233439060_6861335479426482176_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157194236084060


    "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 9.4 ක වියදමින් ඉදිකරන ලද කුලියාපිටිය වඩුගෙදර ප්‍රථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ජනවාරි 28 වන දින
    සිසු අයිතියට පත්කරන ලදී.


    51053089_10157194225404060_5441772642623291392_n.jpg

    51178923_10157194224799060_8013943580269740032_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157194230269060


    'ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය' යටතේ කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම


    51177119_10157192012379060_9127398617508741120_n.jpg

    50754175_10157192012809060_736371855136391168_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157192013894060


    'ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය' යටතේ කුලියාපිටිය ඉලුක්හේන ගුණානන්ද විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම


    50847841_10157191999959060_5481892713819275264_n.jpg

    51174367_10157192000009060_7397282681400066048_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157192000404060



    ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය වීරඹුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉදි කළ පන්ති කාමර සහිත නව තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම


    51133961_10157191929039060_3386767014965018624_n.jpg

    50505582_10157191929809060_466709206720839680_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157191932824060



    ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය දීගල්ල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පන්ති කාමර සහිත පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම


    50689025_10157192033729060_3749320090777026560_n.jpg

    50999229_10157192033744060_1693175944597995520_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157192034194060?__tn__=C-R

    'ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය' යටතේ කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ ඉදිකෙරුණු පන්ති කාමර සහිත දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම

    51126622_10157191994809060_6864109272385454080_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157191995439060