සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Sapphire Residences ‘Sky Mansions’ Tower above Galle Face Centre reaches 40th floor

    image-dfe57988d7.jpg


    Sapphire Residences, Colombo’s landmark development under construction on Galle Face Centre, continues to rise impressively with a new floor added every week. The residential tower has already reached the 40th floor – which is 80% of the proposed number of floors in the structure.

    Sapphire Residences has pride of place at the centre of Colombo’s most prestigious location. Overlooking the Galle Face Green with panoramic views of the Indian Ocean and Beira Lake, it is unsurprising that this remarkable new development is described as one of Colombo’s most talked-about new luxury address.

    The building is destined to become a global landmark for the city, and indeed the country, due to its distinctive architecture, notably the iconic Sky Bridge that spans 55 metres between the ITC One hotel tower and the Sapphire Residences tower at the 19th-21st floors. The first of its kind in South Asia, this engineering marvel will incorporate a jazz bar and lounge, with two full-length pools and a sunbathing deck on top; offering some of the best views in Colombo. It will surely become a “must visit” destination for residents and visitors alike.


    More: http://www.ft.lk/propertyconstructi...e-Face-Centre-reaches-40th-floor/10516-673438
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    447 Luna Tower reaches 35th Level

    image-c15ce3a7db.jpg



    * $ 50 m project which began in October 2016
    * Project completion expected in first half of 2020

    447 Luna Tower reached the sixth phase of construction with completion of the parking levels in April 2018. At 45-storeys high, with 190 upscale apartments, located in the heart of Colombo, it is a match for any of its competitors, but where it truly stands out is when you start to look deeper. The building now has reached the 35th level which consists of the two, three and four bedroom apartments; hard hat tours of the location and apartments are being carried out, so clients could have a first-hand experience of their new home.



    In enlisting PWA as the Principal Architects – a firm that boasts an array of upmarket hotels and minimalist designer homes in their portfolio – 447 Luna Tower has differentiated itself through a coalescence of enchanting aesthetics and well thought-out functionality. By then adding two global giants – Arup and Ong & Ong – to the mix, 447 Luna Tower has also spared no cost in its goal to create a true contemporary urban oasis at Union Place.


    image-b4f393781f.jpg


    More: http://www.ft.lk/propertyconstruction/447-Luna-Tower-reaches-35th-Level/10516-673439
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Sanwardana news - Next Month

    Tower above Galle Face Centre reaches 41st floor

    447 Luna Tower reaches 36th Level


    Two weeks later

    Tower above Galle Face Centre reaches 42nd floor

    447 Luna Tower reaches 37th Level
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උද්ධමනය ඉහළට


    inflation_1811026b.jpg



    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගියේ ය. 2019 ජනවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.7 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -4.5 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට -4.8 දක්වා තවදුරටත් පහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1 සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.

    2019 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සියයට 0.2ක් විය. ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, නිවාස, ජලය, විදුලිය ගෑස් සහ වෙනත් ඉන්ධන උප කාණ්ඩය (නිවාස කුලී) වැඩි ම ඉහළ යෑම වාර්තා කළේ ය. තව ද, මාසය තුළ දී මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; රෙදිපිළි සහ පාවහන්; සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ද ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අතර, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ ගිය අතර එළවළු, පොල්, දෙහි, ලොකු ලූණු, අර්තාපල් සහ අමු මිරිස් ඒ අතර ප්‍රමුඛ විය.

    ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 3.1 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 5.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 2.7 දක්වා ඉහළ ගියේ ය.


    Source - http://biz.adaderana.lk/%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/http://biz.adaderana.lk/%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/http://biz.adaderana.lk/%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    A/L කරන්න ලකුණු අඩු වුණත්, තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්

    සියලූම දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක කර ගැනීමේ අරමුණ ඇතිව රජය විසින් දියත් කරනු ලබන දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 21වන දින අරලියගහ මන්දිරයේදී දියත් කෙරිණි.

    අනාගත රැකියා වෙළෙඳපොළට ගැලපෙන මානව සම්පත් පාසල් පද්ධතියෙන් බිහි කරලීම වෙනුවෙන් පැහැදිලි ප්‍රවේශයක් මෙතෙක් ක්‍රියාත්මකව නොතිබුණු අතර එම ඉදිරි අභියෝග හමුවේ සම්ප්‍රදායික අධ්‍යාපන පද්ධතියෙන් බිහිවන දරුවන්ට තරඟ කිරීමට හෝ ඊට මුහුණ දීමට ප්‍රායෝගික මඟ පෙන්වීමක් ද නොවීය.

    රටක පවතින වටිනාම සම්පත පුහුණු මානව සම්පත වුවත් ඒ බව අවබෝධ කර නොගෙන උසස්පෙළ විෂය ධාරාව හැදැරීමට සුදුසුකම් නොමැති බව දක්වමින් අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් පිටමං කෙරුණු අතර විවිධ ක්ෂේත්‍රයන්හි සහජ දක්ෂතා දැක්වූ දරුවන් උසස් පෙළ තුළ සීමාසහිත විෂය ධාරාවන් කිහිපයකට කොටු වන තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. අප කොතෙක් උත්සාහ දැරුවද එම තත්වයේ සුවිසල් වෙනසක් සිදුකිරීමට අප අපොහොසත් ව තිබුණි.

    මෙතෙක් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළින් සිදුකර ඇත්තේ විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය 20% ක 30% ක පමණ වන සිසුන් පිරිස තෝරා දීම පමණකැයි හැඟෙන තරමට තත්වය බරපතල වී තිබුණි. මෙලෙස බැහැර කරන බොහෝ දරුවන් වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රම සම්පත බවට පත්වීමේ පරිවර්තනය සඳහා අවශ්‍ය කෙරෙන නිවැරදි පුහුණුව, මඟපෙන්වීම හෝ අවස්ථාව උදා කරදෙන්නට මෙතෙක් අප අපොහොසත් විය. මේ හේතුවෙන් බොහෝ දරුවන් රැකියා විරහිතයින් ලෙස සමාජ ගතවීම නොවළැක්විය හැකිය.

    මෙම සමාජ හා ආර්ථික ගැටළුවට තිරසාර විසඳුමක් පාසල් අධ්‍යාපන පද්ධතිය මගින් ලබාදීමට ගත් විප්ලවීයම තීන්දුව ලෙස 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දිය හැකිය.

    සාමාන්‍ය පෙළ සමත් අසමත් භාවය නොතකා රටේ සෑම දරුවෙකුටම වසර 13 ක අධ්‍යාපනය හැදෑරීමට මෙම වැඩසටහනින් අවස්ථාව හිමි කර දී ඇත. උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ සියලු දරුවන්ට නූතන රැකියා වෙළඳපල ජයගත හැකි නව වෘත්තීය විෂයයන් 26 ක් අතරින් තමා වඩාත් දස්කම් දක්වන හා කැමති විෂයය ක්ෂේත්‍රයන් ඔස්සේ උසස් පෙළ හැදෑරීමට අවස්ථාව මේ අනුව සැලසේ. දේශීය පමණක් නොව විදේශ ශ්‍රම වෙළඳපල ජයගැනීමට සමත්කම් දක්වන පිරිසක් අපට බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනින් මගින් සකස් කිරීමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ගෙන තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊට අදාළ විෂය මාලා සකස් කිරීම, මොඩියුල සකස් කිරීම, ගුරු පුහුණු කටයුතු ක්‍රියාවට නැංවීම සිදු කෙරිණි. මෙතෙක් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ආධුනික වූ නව විෂයන් ඉගැන්වීම පිණිස පද්ධතිය තුළ පුහුණු ගුරුවරුන් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඉන් ජයගැනීමටද අපට හැකි විය.

    ඒ අනුව අරමුණු රහිතව සමාජගත වූ තාරුණ්‍යයට ස්ථාවර අනාගතයක පෙරමග ලකුණු උදාකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම බව අභිමානයෙන් පැවසිය හැකි ය.

    නියාමන අදියර දෙකක් යටතේ 2017 වසරේ සිට මූලිකව ක්‍රියාවට නැංවුණු මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් 2019 වසරේ සිට ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවීමට හැකිවීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැයේ දරුවන් ලද සුවිශේෂී ජයග්‍රහණයකි. එය මෙරට අධ්‍යාපනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. මෙම සුවිශේෂී කටයුත්තට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව නිහතමානීව සතුටු වන බවත් එමෙන්ම මෙම වැඩසටහනෙහි උපරිම ප්‍රතිලාභ ලබමින් ජීවිතය ජය ගන්නට ආදරණීය දුවා දරුවන්ට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුභ පැතුම් එක් කරන බවද එතුමා පවසා සිටියේය


    - http://nethnews.lk/article/63760
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    එකම දිනයකදී ව්‍යාපෘති 200ක් අධ්‍යාපන පද්ධතියට

    ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර ඒ යටතේ දෙමහල්, තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යාපීඨ, පරිපාලන ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, සෞන්දර්යය ඒකක, දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති හා ගුරු නිල නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, තාක්ෂණගාර, බහුකාර්ය ගොඩනැගිලි, ආපණ ශාලා ඇතුළු ඉදිකිරීම් රැසක් මේ යටතේ විවෘත කිරීමට නියමිතයි.

    මෙම ඉදිකිරීම් 200 සඳහා වැයකර ඇති මුදල රු.මි. 3,938 කට ආසන්නයි. වැඩසටහනේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ඒ කුලියාපිටිය ශාන්ත ජෝශප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරමිනි.

    ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය 2016 වසර සිට 2020 වසර දක්වා ක්‍රියාත්මක වන අතර සමස්ත ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රු. මිලියන 65,000 ක්. ඒ යටතේ මෙරට පාසල් 10,165 න් පාසල් 9,063 ක ව්‍යාපෘති 18,000 ක් ක්‍රියාත්මකයි.


    - http://www.ada.lk/breaking_news/එකම-දිනයකදී-ව්‍යාපෘති-200ක්-අධ්‍යාපන-පද්ධතියට/11-345747
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    නුවර මාකට් එක ලග ටනල් එකේ වැඩ පටන් ගත්තේ 2015 දී .... තාම වැඩ... මේවනම් පුදුම ඩිවලොප්මන්ට් අප්පා.....

    sira bn thama hadanwa karana deyak penneth na parath block :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    බුලත්සිංහල ඈගල්ඔය බහුකාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරේ
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සිදුවූ අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් පරිපාලිත නාගරික සංවර්ධන අධිකාරිය විසින් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවන ලදි.

    52927552_2291869841094521_8104679828164182016_n.jpg

    52859655_2291869737761198_5676513925567348736_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2291869441094561&__tn__=-UC-R

    බුලත්සිංහල සතිපොළ ජනතා අයිතියට පත් කෙරේ.

    52812895_2291878094427029_3060640316999598080_n.jpg

    53068904_2291877894427049_1288709236427063296_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2291876531093852&__tn__=-UCH-R
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය.....
    මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (25) ජනතා අයිතියට පැවරිණි. රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් පූර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයක් වන අතර මෙරට වකුගඩු රෝගින් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ නමින් මෙම මධ්‍යස්ථානය නම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබේ. සමරු ඵලකය නිරාවරණය කර විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අනතුරුව මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ දී ශ්‍රී ලංකාවේ සමස්ථ වකුගඩු රෝගීන් වෙනුවෙන් සහ වකුගඩු ආසාදන රෝග මූලය සොයා ගැනීම වෙනුවෙන් අසම සම සේවාවක් ඉටුකළ සහ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට කැපවී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ සේවය අගයමින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. වකුගඩු රෝගී පවුල් 670 ක් සඳහා ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝගීන් 500 දෙනෙකුට රුධිර පීඩන මාපක ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝග නිවාරණය පිලිබඳ දීප ව්‍යාප්තව පාසල් දරුවන් අතර පැවති තරඟාවලියේ මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහක සිසුන්ට සම්මාන හා තිළිණ පිළිගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    52641243_10156793025821327_9160457444642521088_n.jpg

    52692350_10156793024936327_7788311416154357760_n.jpg

    53410187_10156793026596327_4974455947138170880_n.jpg

    52740044_10156793025311327_4241184719087075328_n.jpg

    53285640_10156793025691327_4511251773033283584_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156793024086327&__tn__=-UCH-R