අපොයි ඔවු... එතුමා ඔය සංවර්ධනය කරන කාලෙ එතුමගෙ උදවුවට බඳවගත්ත කස්ටිය තමයි ඔය... එක ගමකට තුන්දෙනෙක් විතර ඉන්නව සංවර්ධනය කරන්න.
සංවර්ධනය ලොකුවටම සිද්දවෙච්ච කාලෙ කාර්යක්ශමතාව වැඩිකරගන්න "ඔබට සවියක්" ව්‍යපෘතිය යටතේ සහන ක්‍රමේට ගෙවන්න බයික් එහෙමත් දුන්න. ගෑනු කස්ටියට ස්කූටර් එහෙමත් දුන්න.
සංවර්ධන නෝනලාගෙ ස්කූටර් පාරවල් ආක්‍රමණය කරපු නිසානෙ අදටත් අපිට පාරෙ බැහැල යන්න බැරි....
කොවිඩ් කාලෙනං එතුමන්ලට බරට වැඩ තිබුණ. වැක්සින් ගහන්න එන මිනිස්සුන්ගෙ නමයි ලිපිනයයි පොතක ලියාගන්නව කියන්නෙ සුලුපටු රාජකාරියක්යැ..... අතිකාල දීමනා ගෙවන්න වැක්සීන් ගෙන්නන්න ගියාටත් වඩා වැඩි මිළක් යන්න ඇති මයෙ හිතේ....
දැන් එතුමන්ල රටේ කුසගින්න තුරන්කරන්න ප්‍රජා ශාලා භූමි වල එළවළු වගා කරනව.... පළදාව සතොසට නොමිලේ ලබාදෙනව ඇති මයෙ හිතේ... රජයේ පඩි මුදල් වලින් සපයන සේවයක්නෙ ඉතිං....
මේ තියෙන්නෙ සංවර්ධන මොඩ්ල් ඩිස්කවරියක්.....
"ඔබට සවියක්" ස්ටිකරෙත් එක්කම තියෙනව දැකල සුටුස් ගාල අල්ලගත්ත පිංතූරයක්....
මොකද මේ ස්ටිකරේ, 2012-2013 කාලෙ ඉඳන් තාමත් අලවල තියාගෙන ඉන්නව කියන්නෙ එසේ මෙසේ සංවර්ධන නිලධාරියෙක් වෙන්න බෑ.... මහින්ද සර්ගෙ වත්තෙ කණුවක ගැටගහල ඉන්න වාසනාව හම්බවෙච්ච සංවර්ධන නිලධාරියෙක්ම වෙන්න ඕනෙ....