සංවාදයට ... අරගලය කොයිබටද ?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේ අර්බුදයට සිරිමාවෝ මැතිනිගෙන් පසු සිටි හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනි..හේතුව කිසිම ජාතික ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ ..පුළුවන් තරම් පිට රටින්ම ගෙනවා ..ලංකාව ඇතුලේ කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක් තිබ්බේ නැහැ ..පිට රටින්ම ණය අරන් තමයි ජිවත් උනේ ..අනිත් දේ මොකක් හරි ආණ්ඩුවක් හොද දෙයක් කලොත් ඒක දිගටම කරන යන්නේ නැහැ ..අලුත් ආණ්ඩුවක් අපු ගමන් ඒක නතර කරනවා .හැබැයි වැඩි ප්‍රතිශතයක් වග කියන්න ඕනි රාජපක්ෂ පාලනය ..මොකද දශක ගණනාවක් යුද්දෙකින් බැට කාපු රටක් මේක ..හැබැයි යුද්දේ අවසන් උනාට පස්සේ රාජපක්ෂ පාලනයට ස්වර්ණමය අවස්ථාවක් තිබ්බ මේ රට ආර්ථික මට්ටමෙන් ගොඩ ගන්න ..හැබැයි ඒක නෙවේ උනේ ...හොරකම මැරකම පවුල් පාලනයට නතු උන මේ රට මිනිස්සුන්ට රාජපක්ෂ පාලනය කොච්චර තිත්ත උනාද කියනවා නම් 2015 සිරිසේන ජනපති කරලයි පස්ස බැලුවේ ...එදත් මිනිස්සුන්ට ඕනි උනේ system change එකක් ..හැබැයි උනේ ඒක නෙමෙයි ..ඒකත් සම්ප්‍රදායික හොරකන ආණ්ඩුවක් විතරක් උන .ඒ අස්සේ පාස්කු ප්‍රහාරෙන් මිනිස්සුන්ට ජිවිත වලින් වන්දි ගෙවන්න උනා ..මිනිස්සුන්ට ඒ ආණ්ඩුවත් තිත්ත වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ ...ඔය අතරේ තමයි ගෝටා ජනපති වෙන්නේ ..මිනිස්සු හිතුවා ගෝටා එක්ක මහින්දටවත් ලේසි වෙන එකක් නෑ කියලා ..මේ කාලකන්නි පාලන ක්‍රමය උඩු යටිකුරු කරලා රට දියුණු කරයි කියල ..කොරෝනා නිසා ගොඩක් දේවල් අඩපන උනා ..හැබැයි ඊට පස්සෙත් හොද වැඩ පිළිවෙලක් තිබ්බේ නැහැ ..මිනිස්සු ගෝටා ගෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු උනාට ගෝටාත් පරණ අචුචුවේම කෙනෙක් උනා ..රටේ ආර්ථික අර්බුදයට කිසිම ප්‍රායෝගික විසදුමක් දුන්නේ නැහැ ..අන්තිමට රටට කෙල වෙනකම්ම විසදුමක් නැහැ ..මිනිස්සුත් හෙම්බත් වෙලා හිටියේ ගෑස් පෝලිම් තෙල් පෝලිම් විදුලි අර්බුදය එකී නොකී හැම ප්‍රශ්නයක්ම නිසා ..මිනිස්සුන්ගේ ඒ ජිවන අරගලයේ පීඩනය තමයි පුපුරලා ගිහින් පාරට බැහැලා ආණ්ඩුවට විරුද්දව අරගලයක් කලේ ...ඒකට දේශපාලන පක්ෂ පාටක් තිබ්බේ නැහැ ..හැබැයි ඒක ආණ්ඩුව තේරුම් ගන්න බැරි තරම් බලයෙන් උදම් වෙලා ..අන්තිමට පර්ලිමෙන්ත්වේ 2/3 නැති උනා ..මිනිස්සු ඇමතිවරුන්ගේ ගෙවල් වට කරනකොටයි පොඩ්ඩක් හරි දැනෙන්න ගත්තේ ..මේ වෙලාවේ චන්දෙකට යන්න තරම ආර්ථික හයියක් නැහැ .කැමති කෙනෙක්ට ආණ්ඩුවක් පිහිටවන්න කිවුවත් ඒකට කැමතිත් නැහැ ..හැමෝටම ඕනි තනියෙන් රජ වෙන්න විතරයි ..නැත්නම් මෙච්චර කෙල උන වෙලාවක ඇයි බැරි හැම පක්ෂ වලම එකතුවකින් කෙටි කාල සීමාවකට මේ රට ගොඩ නගන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ..හැමෝගෙම බල ලෝභී කම තමයි හේතුව ..මේකෙන් වෙන්නේ මොකක්ද ..ඉස්සරහට තව එන්න එන්න අමාරු වෙනවා ..මිනිස්සු ගේ මේ සාමකාමී අරගලය දේශපාලන පක්ෂ වල උසි ගැන්වීමෙන් (ආණ්ඩු පක්ෂයද ඇතුළුව ) ලේ වැගිරෙන අරගලයක් බවට පත් වෙනවා ..ගෝටා පාලනය ඒ අරගලය මර්ධනය කරන්න උත්සාහ කරයි ..JVP පක්ෂයට ඒ ලේ වැගිරීමේ වග උත්තර කරු කර නැවත පක්ෂ තහනම් කරන්න හදයි ..අවසානය ලේ වලින් විසදෙයි ...සංවාදයට ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අර්බුදයට සිරිමාවෝ මැතිනිගෙන් පසු සිටි හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනි.
    ඒ එලදෙන තමයි මුලින්ම වග කියන්න ඕනෙ. ඊට පස්සෙ අනික් හරක්
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Term limits need to be applied to all political positions. Cut politician benefits. Restructure government entities and follow IMF suggestions and we maybe able to stop the downward trajectory. However, I have very little hope any of this would happen with shit politicians we have.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man nam kiyawanne ne. sure minibus Ilyana ewa vitarai. wasting time.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබලා කොහොමද බං මෙච්චර ටයිප් කරන්නේ. කම්මැලි නැද්ද
    සින්හලෙන් කියනකොට ටයිප් වෙන සොෆ්ට්වයර් නැද්ද බන්?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    ඒ එලදෙන තමයි මුලින්ම වග කියන්න ඕනෙ. ඊට පස්සෙ අනික් හරක්
    Corect... It was Sirimavo and Felix R D B who f@#!ed the entire civil administration of SriLanka beyond recovery. :(
     
    • Sad
    Reactions: topkollek

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,347
    6,522
    113
    මේ අර්බුදයට සිරිමාවෝ මැතිනිගෙන් පසු සිටි හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනි..හේතුව කිසිම ජාතික ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ ..පුළුවන් තරම් පිට රටින්ම ගෙනවා ..ලංකාව ඇතුලේ කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක් තිබ්බේ නැහැ ..පිට රටින්ම ණය අරන් තමයි ජිවත් උනේ ..අනිත් දේ මොකක් හරි ආණ්ඩුවක් හොද දෙයක් කලොත් ඒක දිගටම කරන යන්නේ නැහැ ..අලුත් ආණ්ඩුවක් අපු ගමන් ඒක නතර කරනවා .හැබැයි වැඩි ප්‍රතිශතයක් වග කියන්න ඕනි රාජපක්ෂ පාලනය ..මොකද දශක ගණනාවක් යුද්දෙකින් බැට කාපු රටක් මේක ..හැබැයි යුද්දේ අවසන් උනාට පස්සේ රාජපක්ෂ පාලනයට ස්වර්ණමය අවස්ථාවක් තිබ්බ මේ රට ආර්ථික මට්ටමෙන් ගොඩ ගන්න ..හැබැයි ඒක නෙවේ උනේ ...හොරකම මැරකම පවුල් පාලනයට නතු උන මේ රට මිනිස්සුන්ට රාජපක්ෂ පාලනය කොච්චර තිත්ත උනාද කියනවා නම් 2015 සිරිසේන ජනපති කරලයි පස්ස බැලුවේ ...එදත් මිනිස්සුන්ට ඕනි උනේ system change එකක් ..හැබැයි උනේ ඒක නෙමෙයි ..ඒකත් සම්ප්‍රදායික හොරකන ආණ්ඩුවක් විතරක් උන .ඒ අස්සේ පාස්කු ප්‍රහාරෙන් මිනිස්සුන්ට ජිවිත වලින් වන්දි ගෙවන්න උනා ..මිනිස්සුන්ට ඒ ආණ්ඩුවත් තිත්ත වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ ...ඔය අතරේ තමයි ගෝටා ජනපති වෙන්නේ ..මිනිස්සු හිතුවා ගෝටා එක්ක මහින්දටවත් ලේසි වෙන එකක් නෑ කියලා ..මේ කාලකන්නි පාලන ක්‍රමය උඩු යටිකුරු කරලා රට දියුණු කරයි කියල ..කොරෝනා නිසා ගොඩක් දේවල් අඩපන උනා ..හැබැයි ඊට පස්සෙත් හොද වැඩ පිළිවෙලක් තිබ්බේ නැහැ ..මිනිස්සු ගෝටා ගෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු උනාට ගෝටාත් පරණ අචුචුවේම කෙනෙක් උනා ..රටේ ආර්ථික අර්බුදයට කිසිම ප්‍රායෝගික විසදුමක් දුන්නේ නැහැ ..අන්තිමට රටට කෙල වෙනකම්ම විසදුමක් නැහැ ..මිනිස්සුත් හෙම්බත් වෙලා හිටියේ ගෑස් පෝලිම් තෙල් පෝලිම් විදුලි අර්බුදය එකී නොකී හැම ප්‍රශ්නයක්ම නිසා ..මිනිස්සුන්ගේ ඒ ජිවන අරගලයේ පීඩනය තමයි පුපුරලා ගිහින් පාරට බැහැලා ආණ්ඩුවට විරුද්දව අරගලයක් කලේ ...ඒකට දේශපාලන පක්ෂ පාටක් තිබ්බේ නැහැ ..හැබැයි ඒක ආණ්ඩුව තේරුම් ගන්න බැරි තරම් බලයෙන් උදම් වෙලා ..අන්තිමට පර්ලිමෙන්ත්වේ 2/3 නැති උනා ..මිනිස්සු ඇමතිවරුන්ගේ ගෙවල් වට කරනකොටයි පොඩ්ඩක් හරි දැනෙන්න ගත්තේ ..මේ වෙලාවේ චන්දෙකට යන්න තරම ආර්ථික හයියක් නැහැ .කැමති කෙනෙක්ට ආණ්ඩුවක් පිහිටවන්න කිවුවත් ඒකට කැමතිත් නැහැ ..හැමෝටම ඕනි තනියෙන් රජ වෙන්න විතරයි ..නැත්නම් මෙච්චර කෙල උන වෙලාවක ඇයි බැරි හැම පක්ෂ වලම එකතුවකින් කෙටි කාල සීමාවකට මේ රට ගොඩ නගන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ..හැමෝගෙම බල ලෝභී කම තමයි හේතුව ..මේකෙන් වෙන්නේ මොකක්ද ..ඉස්සරහට තව එන්න එන්න අමාරු වෙනවා ..මිනිස්සු ගේ මේ සාමකාමී අරගලය දේශපාලන පක්ෂ වල උසි ගැන්වීමෙන් (ආණ්ඩු පක්ෂයද ඇතුළුව ) ලේ වැගිරෙන අරගලයක් බවට පත් වෙනවා ..ගෝටා පාලනය ඒ අරගලය මර්ධනය කරන්න උත්සාහ කරයි ..JVP පක්ෂයට ඒ ලේ වැගිරීමේ වග උත්තර කරු කර නැවත පක්ෂ තහනම් කරන්න හදයි ..අවසානය ලේ වලින් විසදෙයි ...සංවාදයට ..
    "දෙවිවරු පය ගහන්න භය තැන්වල මෝඩයො බඩ පිනුම් ගහනවා" කියන්නෙ ඒකනෙ.

    සින්හලෙන් කියනකොට ටයිප් වෙන සොෆ්ට්වයර් නැද්ද බන්?
    google gboard da mokakda ekak thiyanawa try kale nam naa
    ------ Post added on Apr 7, 2022 at 8:07 PM
     
    • Like
    Reactions: gnilukshi

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබලා කොහොමද බං මෙච්චර ටයිප් කරන්නේ. කම්මැලි නැද්ද (2)
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කරන්ට් එකත් නැතුව, ගෑස් පෝලිමක, ඩීසල් පෝලිමක, භූමිතෙල් පෝලිමක ඉන්නගමන් සිරිමාගේ ගුණ වයනවා කියන්නේ සාමන්‍ය මනුස්සයෙක්නම් වෙන්න බෑ. උපන්ගෙයි මෝඩ බයියෙක්ම වෙන්න ඕනි :poop:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ

    ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ‍ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,

    මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්

    කෝටි 15900ක් සීනි බදු වංචාව

    1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.

    2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.

    3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.

    4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.

    හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.

    5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.

    6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.

    7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.

    උපුටාගැනීම -
    https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-
    බදු අඩුකරලා සහන දුන්නේ ලොකුම ලොකු බිස්නස් කාරයන්ට විතරයි , ඒ බදු අඩු කිරීමේ ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ලැබුනා කියලා පුළුවන් නම් උඹ ඔප්පු කරපන් , ඒකෙන් උනේ රාජ්‍ය අදායම අඩු උන එක විතරයි

    ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?

    එතකොට සීනි වංචාවෙන් අහිමි ඌ මුදල අයකරන්නේ නැති එක අපේ වරද්දද ?

    ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේ

    ඉතිහාසේ හැමදාම නය ගත්තේ මොකක් හරි project එකකට එකියන්නේ මොකක් හරි වැඩක් කරන්න උදාහරනෙකට , පාලමක් හදන්න , හැබැයි කොලකෑල්ලක් දික්කරලා ( බැඳුම්කර ) නය අරගෙන එකෙන් කන වැඩේ පටන්ගත්තේ 2005 පස්සේ මහි, ඒකට සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම නෙවෙයි මහි විතරයි

    ලංකාවේ ලොකුම ප්‍රශ්නය තමයි බැඳුම්කර වලින් ගනිපු විදේශ නය , මොකද ඒවායින් කරලා තියෙන්නේ කන එක විතරයි , රටට වැඩක් වෙලා නෑ ,

    අනික් ලොකුම ප්‍රශ්නය තමයි මහි විදේශ නය කරපු අනවශ්‍ය රටට දරාගන්න බැරි සංවර්ධන ව්‍යාපෘති , හොඳම උදාහරණය හම්බන්තොට තියෙන දේවල් සහ නෙලුම් කුලුන වගේ දේවල් , මීට අමතරව මහින්දගේ කාලේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත නයමුදලෙන් කොපමණ යෙදෙවුවද කියලා අපි හැමෝම දන්නවා නේ , තෝ වගේ කඩේ යන වේ*ගෙ පුතාලට තේරුනේ නෑ වගේ හිටියට

    රජය ප්‍රධාන වශයෙන් ආදායම් උපයා ගන්නේ මහ ජනතාවගෙන් බදු එකතු කරල හා රජයේ ව්‍යාපාර ආදී බදු නොවන ආදායම් වලින් තමයි. සමහර අවස්ථාවලදී මේ මූලාශ්‍ර වලින් රජයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවු නම ආදායම් හිගය පියවා ගන්න සාමාන්‍යයෙන් ක්‍රම කිහිපයක් රජයක් විසින් අනුගමනය කරනවා. ඒකෙන්
    *පලවෙනි ක්‍රමය තමයි බදු වැඩි කරලා රජයේ ආදායම වැඩි කරගන්න එක
    *දෙවැනි ක්‍රමය තමයි දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ණය ලබා ගන්න එක
    *තුන්වැනි ක්‍රමය තමයි කරන්න කිසිම දෙයක් නැතිව කෙලවිලා මනං තියෙන්නෙ විතරක් මුදල් අච්චු ගහන එක.(විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලෝකෙ කිසිම රටක් සිය ආදායම හිගය පියවා ගන්න ලෙසින් භාවිතා කරන්නේ නෑ මේ ක්‍රමය)

    රටක් විසින් මුදල් අච්චු ගහන්නෙ මම ඉහත සදහන් කරපු ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද සියල්ලම අසාර්ථක වී භාවිතා කළ හැකි එකම විකල්පය මුදල් අච්චු ගැසීම ලෙස හඳුනාගත්තොත් විතරමයි. (මිට අමතරව භාවිත කිරීමේ දී අපිරිසුදු හා විනාශ වන මුදල් ප‍්‍රමාණය සලකා බලන අතර මුදල් ඉල්ලුම ප‍්‍රශස්ත මට්ටමක තබාගැනීම අරමුණු කරගෙන ද වරින්වර අලුතින් නිකුත්)

    දැන් උඹට තේරෙනවා ඇති මේ ආණ්ඩුව මම ඉහත සඳහන් කරපු බදු අඩු කිරීම නිසා අසාමාන්‍ය විදිහට සල්ලි අච්චු ගහන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙ කියලා.

    මුදලකට අගයන් දෙකක් තියෙනවා , ඒ කියන්නේ මූල්‍ය අගය හා මූර්ත අගය කියලා, මූල්‍ය අගය කියලා කියන්නේ මුදල් නොට්ටුවේ සඳහන් කරලා තියෙන අගය මූර්ත කියලා කියන්නේ මුදල් ඒකකයකින් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටක මුදලේ මූර්ත අගය අඩුවන විට ඒ මුදල් වල වටිනාකම හීන වෙනවා ඒ කියන්නේ අපට පෙර මුදල් ඒකකයකින් ගත හැකිව තිබූ බඩු ප්‍රමාණයට වඩා අඩු බඩු ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ දැන් සිද්ධ වෙමින් පවතින්නේ අන්න ඒ දේ.ඒ කියන්නේ අති උද්ධමන තත්ත්වයක් නිර්මාණය වෙලා රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම වසර කීපයක් ඇතුලත සිද්ධ වෙන සිදුවීමක් වුවත් මේ වෙලාවේ අති උද්ධමන තත්ත්වය යටතේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමට ගතවන්නේ දින කීපයක්.

    මේ ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 යි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කරලා. මේක 2019 වර්ෂයත් යහපාලනය සමඟ සංසන්දනය කලාම 2019 වර්ෂයේ (යහපාලනය) මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් විතරයි.

    දැන් උඹේ අර ඩොලර් එක අඩු වෙන වැඩිවෙන කතාවට කෙටි උත්තරයක් දුන්නොත් මම කියපු විදියට රටේ ආදායම ලෙස ලැබෙන බදු ප්‍රමාණය මේ ආණ්ඩුව විසින්ම අඩු කරගනිපු නිසා විදේශ ණය ගන්න සිද්ධ වුණා, අරගෙන කරේ සංවර්ධන ව්‍යාපෘති නෙමෙයි එදිනෙදා කෑමට යොදා ගනිපු එක ඒක නිසා රුපියල මත පීඩනය වැඩි වෙලා තමයි ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ රුපියල් අප්‍රමාණ වෙන්නේ.

    ඔය ගැන වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන් හොඳම තැන තමයි central bank annual reports ,

    ඔන්න ඔය මම කියපු සක්කිලි වැඩෙන් තමයි රට වලපල්ලට යන්න පටන් ගත්තේ මෙච්චර කාලයක් හැම ආණ්ඩුවක්ම ණය අරගෙන කරේ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් , මම කියන්නේනෑ ඒකෙන් සුළු ප්‍රතිශතයක් හොරා කෑවෙ නෑ කියලා නමුත් මහිගේ සංවර්ධන ව්‍යාපෘති වලදී හොරාකාපු තරං හොරා කෑවෙ නෑ කියන එක මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් දකින කොට තේරුම් ගන්න පුළුවන්නේ බං, නිකමට හිතපන් කෝ ගිං නිල්වලා ව්‍යාපෘතියට බිලියන හතරක් ගෙවලා තියෙනවා වෙච්ච දෙයක් නෑ මේ වගේ තව කොච්චර තියෙනවා ද

    මම කවදාවත් කියන්නෑ යහපාලන කාලේ සීයට සීයක් හොඳයි කියලා ඒත් සාපේක්ෂව හොඳයි , ඒකෙන් කරපු දහනමවැනි සංශෝධනය නිසා රටේ ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ශක්තිමත් වෙන්න ලොකු වැඩ කොටසකට මුල් අඩිතාලම වැටුණා, යහපාලන කාලේ ණය අරගෙන කරේ මහීගෙ කාලය ණයවල වාරික ගෙවපු එක තමයි වැඩිපුරම.

    ඩොලර් මාතෘකාවට තනිකරම උත්තරය තමයි මහීගෙ කාලේ ඉඳං කරපු ණය ගැනීම සහ රට දරාගන්න බැරි අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම, මේ ලඟදි කබ්බත් කිවුවා ඒ විදියට අපහු නය ගන්නේ නෑ කියලා , ඇත්තටම නය ගන්නේ නැතුව නෙවෙයි නය ලැබෙන්නේ නැති නිසා , පසුගිය ජනවාරි 19 වන දා සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණයි. ඉස්සර ලංකාවට ණය ලබාදීමට තරඟයක් තිබුනා දැන් සිදුවී ඇතිදේ තේරෙනවා නේ
     
    • Like
    Reactions: kingcapton

    මේක කියවලා ඉවර වෙන්න කලින් ලයිට් කපයිද?
     
    • Haha
    • Like
    Reactions: Ramiel and Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේක කියවලා ඉවර වෙන්න කලින් ලයිට් කපයිද?
    කියවලා බලපන් , ඕක තමයි ඇත්තටම රටේ සිද්ධ උන් දේ