ඉන්දියාවේ නැගෙනහිර පංජාබයේ යමුනා ගංගාවට ළඟ තියෙන බද්ලාපූර් කියන පුංචි ගමේ ජීවත්වුනු පාරම්පරික ගොවියෙක් උනු පර්මිත් කුරාණා හා ඔහුගේ බිරිඳට දාව පුංචි පුතෙක් ඉපදෙනවා. පර්මිත් කුරාණා විසින් තම පියා සිහිවීම උදෙසා ඔවුන්ගේ පුතාට ෆර්ශාන් කියලා නම් තියනවා. ඔන්න කාලයත් එක්ක පුංචි ෆර්ශාන් ලොකු වෙනවා. ලොකු වෙනවත් එක්කම ෆර්ශාන්ගේ කඩවසම් පෙනුම මතුවෙනවා. ඔහු අනිත් අයට සාපේක්ෂව ටිකක් ආකර්ෂනාත්මක චරිතයක් බවට පත්වෙනවා. ෆර්ශාන් මේ ලෝකේ අකමැතිම දෙයක් තියෙනවා. ඒ තමයි එයාගේ නම. ෆර්ශාන් දෙමව්පියන්ට තමන්ගේ නම වෙනස්කරලාදෙන්න කියලා කොච්චර ඇවටිලි කළත් ඔවුන් ෆර්ශාන්ගේ කීම අහන්නේ නෑ. ඉතින් බැරිම තැන ෆර්ශාන් අධිෂ්ඨාන කරගන්නවා කවදාහරි තමන් ලොකුවුනු දවසක එයාම තමන්ගේ නම වෙනස්කරගන්නවා කියලා.
ෆර්ශාන් අකමැති දේ වගේම එයාට කැමතිම දේවල් දෙකකුත් තියෙනවා. එකක් තමයි ක්රිකට්. අනිත් එක තමයි සිනමාව. ෆර්ශාන් ක්රිකට් වලට කැමතී වගේම ඔහු ක්රිකට් වලට දක්ෂයි. ඒත් ඔහු සිනමාවට කැමතිවුනාට ඔහුට රඟපාන්නනම් බෑ. ෆර්ශාන් තීරණය කරනවා ක්රිකට් පැත්තෙන් ඉදිරියට යන්න. ඒ වගේම ඔහුට සිනමාව පැත්තෙනුත් හැබෑකරගන්න හීනයක් තියෙනවා. ඒ තමයි කවදාහරි බොලිවුඩ් නිළියක්ව බඳින එක. ඉතින් ඔන්න ඔය හීනත් එක්කම ෆර්ශාන්ගේ ජීවිතේ ගලාගෙන යනවා.
ඔන්න එක දවසක් ෆර්ශාන් ඉස්කෝලෙට ඕන කරන බඩු වගයක් ගන්න ටවුන් එකට යනවා. එහෙදි කහ ඉරකින් පාරමාරුවෙන්න හදද්දි වේගෙන් ආපු ප්රය්වට් බස් කාරයෙක් ෆර්ශාන්ව යටකරගෙන යනවා. අහළ පහළ ඉන්න මිනිස්සු එකතුවෙලා ෆර්ශාන්ව ඉස්පිරිතාලෙට අරන්ගියත් වැඩක්වුනේ නෑ. මොකද ඒ වෙනකොටත් ෆර්ශාන් මෙලොව අත් හැරලා සදහටම ගිහින්.
ඉතින් ඔන්න ඔය විදිහට ෆර්ශාන්ගේ කතාව නිමාවෙනවා. මේ උඩ ෆොටෝ එකේ ඉන්නේ ෆර්ශාන්ගේ කැමතිම ක්රිකට් ක්රීඩකයා වුනු විරාට් කෝලි......




