සංවේදී නායකයා ඡන්ද රැලි වෙනුවෙන් පාසැල් ව
හෙට දිනයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන හෝමාගම ක්‍රීඩාංගණය විවෘත කිරිමේ උත්සවය වෙනුවෙන් හෝමාගම සහ ජයවර්ධනපුර අධ්‍යාපන කොට්ඨාශවල සියලුම පාසල් වසා දැමීම සංවේදී නායකයකුට තරම්වන ක්‍රියාවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් පෙන්වාදෙයි. නායකයකු සංවේදී විය යුත්තේ මැතිවරණයේදී ලැබෙන ඡන්ද කිහිපයකට නොව රටේ අනාගතයට බවත් එලෙස රටේ ආනගතයට සැබවින්ම සංවේදී වන්නේ නම් මේ ආකාරයට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන ආකාරයේ කටයුතු සිදු කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වාදෙයි.
පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ඔවුන් මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීමට විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ
ඔබතුමාගේ නමින් හෝමාගම ඉදි කර තිබෙන ක‍්‍රීඩාංගණය හෙට ඔබතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් හෝමාගම හා ජයවර්ධනපුර අධ්‍යාපන කොට්ඨාසවල සියලූම පාසල්වල දරු දැරියන් අදාළ උත්සවයට සහභාගි කරවන ලෙස නියෝග කොට ඇති බවත් දැන ගන්නට තිබේ. මෙය ඔබතුමා දැනුවත්ව සිදු වන්නට ඇතැයි මම විශ්වාස නොකරමි.
මැතිවරණය වෙනුවෙන් දින තුනක් පාසල් නිවාඩු දීමට මේ වන විට තීරණය කොට ඇත. එබැවින් ඔබතුමාගේ ප‍්‍රචාරක කටයුතු සඳහාද පාසල් දරු දැරියන් යොදා ගන්නේ නම් ඔවුන්ට තවත් දිනයක් අහිමි වනු ඇත. ඊට අපගේ බලවත් විරෝධය පළ කරන අතර ඔබගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙස පළමු කොටම කාරුණිකව ඉල්ලා සිටිමි.
කලාකරුවන් හා තවත් පුද්ගලයින් ලවා කියවා ගන්නේ ඔබතුමා සංවේදී නායකයකු බවය. නායකයකු සංවේදී විය යුත්තේ මැතිවරණයේදී ලැබෙන ඡන්ද කිහිපයකට නොව රටේ අනාගතයටය. එලෙස රටේ ආනගතයට සැබවින්ම සංවේදී වන්නේ නම් මේ ආකාරයට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන ආකාරයේ කටයුතු සිදු කළ හැකි යැයි අපි විශ්වාස නොකරමු.
එබැවින් ඔබගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක් වන ඉහත ක‍්‍රියාකාරකම සඳහා හෝමාගම හා ජයවර්ධනපුර අධ්‍යාපන කොට්ඨාසවල පාසල් වසා නොදමන ලෙසත් එම දරු දැරියන්ට නිදහසේ සිය අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඉඩ සලසන ලෙසත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් ඔබතුමාගෙන් නැවත වරක් කාරුණිකව ඉල්ලා සිටිමි.