දැන් කෙනෙක් මම පාරේ යද්දි මගෙන් බැංකුවකට යන පාර ඇහුවා. මම ඌට පාර කිව්වා. ඒත් මන් බලන් ඉද්දිම ඌ වැරදි පාරකින් හරවගෙන ගියා. එහෙම වුනාම මට මාර අවුල්. ඔහොම දෙයක් වුනාම මට හිතෙන්නේ මම වැරදි පාරක් කිව්වා කියලා ඌ අවුල් යයි ඌට ලණුවක් දුන්නා වගේ දෙයක් හිතයි කියලා.ඒ එක උදාහරණයක් විතරයි.තව මට ගොඩක් වෙලාවට හිතෙනවා මම කියපු දෙයක් නිසා ඒ කෙනාගේ හිත රිදුනාද දන්නේ නෑ. ඒක මට නොකියා ඉන්න තිබ්බා වගේ දෙයක්. මිනිස්සු ගැන විතරක් නෙමේ සතෙක් ගැන වුනත් ගොඩාක් සංවේදියි. ඒක හිතට වධයක් ඒත් වෙලාවකට හිතෙනවා යකෙක් අමනුස්සයෙක් වගේ ජීවත් වෙනවාට වඩා ඒකත් හොඳයි කියලා.උඹලාටත් එහෙම ප්‍රශ්න තියෙනවාද. මොකද හිතෙන්නේ
