සංස්කාර...

sudunone

Member
May 23, 2009
3,781
121
0
ධර්මාවබෝධය ලබාගන්න, ඒ කියන්නෙ පළමුවෙනි ආර්‍ය ඵලය වන සෝවාන් ඵලය ලබාගැනීමට ආර්‍යයන් වහන්සේ නමකගෙන් බන අහන්නම ඕන. ඊටපස්සෙ අනික් ඵලවලට (සකදාගාමි, අනාගාමි සහ අරිහත්) භාවනාවෙන් විදර්ශණාව වැඩීමෙන් පුළුවන්.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ මුල් හරිය (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ආජීව ) වැඩුවාම් ඉබේම සම්ම සතියයි, සමාධියයි නැගිලා එනවා.

අනික බණ අහපු ගමන් අරිහත් වෙන්න කාරණය තමා සංසාරෙ වඩපු පාරමිතා ශක්තිය බණ අහන වෙලාවට නැගිලා එනවා (මේකට ශද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය වැඩිලා තියෙන්න ඕනෙ, කෙනෙක්ගෙ මේ ඉන්ද්‍රිය වල ප්‍රබලතාවය 100% බුදුපියාණන්වහන්සේගේ ඉන්ද්‍රිය විනිවිද දකින්න පුළුවන් නුවණට පමණයි පේන්නේ. ඒක නිසා ඒ කෙනාට ගැලපෙන බණක් කියනවා. ඒක නිසා තමා උන්වහන්සේ ලඟ බණ අහන්න ඉඳ ගත්ත කෙනෙක් මාර්ග ඵල අවබොධ කරගෙන නැගිට්ටේ)

ඒ කියන්නෙ මේ භවයෙදි භාවනාවක් පුහුණු කරලා නැති වුණත් සසර පුරුද්ද තියනවනම් ඉක්මණින් සිත සමාධිගත කරන්න පුලුවන්; ඒ කෙනාට ගැලපෙන විදිහට බණ දෙසීමට සමත් උතුමෙක් හමු වූ විට සත්‍යාවබෝධය ලැබිය හැකියි. බොහොම පින්.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඔව් ඔබ හරි, අර්‍යයන් වහන්සේ නමක්ගෙන් බණ අහන වෙලාවකට උන්වහන්සේ බණ කියන්නේ ලෝක අනුකම්පාවෙන්. ඒ වෙලාවාට උන්වහන්සේගෙන් සුදු කිරණ (අපට පෙනෙන්නෙ නැහැ) ධාරවක් නිකුත් වෙනවා. ඒකෙන් ඒ බණ අහන කෙනා ඉබේම සමාධියකට එනවා (ඒ එක්කම බොජ්ජංග ධර්මත් ඉබේටම වැඩෙනවා). ඒක බණ අහන කෙනාට ධර්මාවබෝධයට මහත් පහසුවක්.

ඉතින් බුදුපියාණන් වහන්සේගෙන් බණ අහපු ගමන් මාර්ගඵල අවබෝධ වීම ගැන කවර කතාද :)