මචං, මේ වරද තියෙන්නේ දෙමව්පියන්ගෙ. ළමයි ගෙවල් අස්සෙ දාගෙන හදනවා උන්ගේ පරිස්සමට කියලා. පස්සෙ සමාජයට ගියාම හැසිරෙන්න තේරෙන්නේ නෑ. නන්නත්තාර වෙනවා. මේ නිසා තමයි පොඩි කාලෙ ඉඳලා සම වයස් දරුවන් එක්ක දෙයක් කරන්න සෙල්ලමක් කරන්න ඉඳලා හැම දේටම හුරු කරවන්න ඕන.
රස්සාවකට ගියාම වලි දාගන්නෙ නැතුව. ටිකක් ඔලුව පහත් කරගෙන ගේම ගහන්න මොළයක් තිබිය යුතුයි. ඒ වගේම... කොච්චර ඕවියස්ලි කරන්න දෙන්න පුලුවන් සහන තිබුණත්, සමහර කම්පෙණි දෙන්නෙ නැහැ. ඒ පොලිසි නිසා. පොලිසි හැදෙන්නෙ ලොකු චිත්‍රය දිහා බලලා. උදාහරණයක් විදිහට කෙනෙක්ට කියන්න පුලුවන්...
මම වැඩ ටික ඉවර කරා සේරම, මට දැන් යන්න දෙන්න තව පැයක් නිකන් ඉන්න එක අපරාදෙ කියලා. ඒක තමාගෙ කෝණයෙන් හරි. නමුත් එහෙම යන්න දුන්නොත්, මනුශ්‍ය වර්ගයාගේ ස්වභාවය කාලයක් යද්දි මතු වෙනවා. එක්කෙනෙක්ට කලින් යන්න දුන් එක අනික් අයත් පටන් ගන්නවා, එවෙන්චුවලි, වැඩ නොකර පයින්න පටන් ගන්නවා.
@nevermindNevergiveup
කොපි කෝප්පයේ ඉඳලා එහෙම ඩිසිෂන් ගන්නෙ, එක්කො ආයතනේ එක්ස්පෙන්සස් අඩු කරගන්න, නැත්තං අපි නොදකින හේතුවක් නිසා. අපිට පඩියක් ගෙවනකොට අපිට ඩිමාන්ඩ් කරන්න බෑ. මම කලින් වැඩ කරපු තැනක ෆ්‍රිජ් එකක් පුරවලා පළතුරු සහ බීම තිබුණා. එක්තරා ග්‍රැෆයිට් කොම්පැණියක, මම කවදාවත් කන්න ගියෙ නෑ.
ඒවා කාපු අයත් ගාණට කෑවෙ. නමුත් මේක ලංකාව. මම වැඩ කරපු අමාත්‍යාංශයක, පියන් කෙනෙක් නෙස්කැෆේ මැෂින් එකට ගේන නෙස්ටී පැකට් දාන කන්ට්‍රැක්ට සෙට් කරන් අඩුගානක් බාලා ඉතිරියට ගානක් පොකට් කරගත්තා. අන්න ඕකයි ලෝක ස්වභාවය. කොච්චර අපිට පෙනුනත් මේක හරි අරක හරි කියලා පඩිය දෙන කොම්පැණියනේ කියන විදිහට ඉන්න තියෙන්නෙ.
සාමාන්‍යයෙන් අවුරුදු දෙකෙන් දෙකට වැඩ කරන තැන මාරු වෙලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම පුතා අසාර්ථක සේවකයෙක් ගණයට වැටෙන්නෙ. එතකොට එයාලා අනුමාන කරනවා මේ පුද්ගලයා ටීම් ප්ලේයර් කෙනෙක් නොවෙයි, මෙයාගේ හැසිරීමේ, කාර්ය නිම කිරීමේ ආදී වශයෙන් අඩුපාඩු ඇති කියලා. දැන් ඕකෙන් රිකවර් වෙන විදිහක් ගැන ඔයා හිතා බලන්න ඕනෑ. ඒ ගැන මේ ශ්‍රීගෙන් වගේ ෂේප් එකේ අහගෙන ගන්න තියෙන දෙයක් ගන්න.
ජීවිතේ ගමනක් ගිය මිනිහෙක්, පොඩ්ඩක් මිනිහා ඇග්‍රෙසිවු කතා කරා කියලා ඔයාට මල පනින්න බෑ මල්ලි. මෙතන වැටිලා ඉන්නෙ ඔයා. ෆ්ලෙක්සිබල් වෙලා ඒ මිනිහාගෙ ඔලුව අත ගාලා හරි ඇඩ්වයිස් එකක් ගන්න තර්ක නොකර. මොකද ඒ මිනිහට වැඩක් නෑ. මට වැඩකුත් නෑ. අම්මා ඇරුණම කවුරුත් උඹ අපි ගැන ටෲලි කෙයාරින් නෑ.
ගෑණු සෙට් වෙන්න පර්සනෑලිටි සහ ෆිසිකල් ෆිට් වෙන්න ඕනෑ. ඒවා ගැන කතා කරන්න කලින් සොරි කියලා මැසේජ් එකක් දාලා හරි උපදෙස් දෙන උන්ගෙන් උපදෙස් ගනින්.
@BLACKLIST_MEMBER උඹ ෆ්රීලාන්සින් සයිබර් සෙක්‍යුරිටි සහ සීනියර් ඩිව් නේද ? අනේ මන්දා
@nevermindNevergiveup උඹ ඇරගන්න විදිහට දෙයක් දන්න මිනිස්සුත් අහක බලන් යනව වෙගේ...