ඔය විදිහට තර්ක කරන්න විතරයි පුලුවන්.Kiyewwa. Ehema arambayak Nathi deyak me loke thiyenne kohomada bn.
Eka budhun wahanse danne Nathi nisada nokiya indala thiyenne??
"කාලයට ආරම්භයක් තියෙනවද?"
කාලයේ ආරම්භය කියලා යම් තැනක් පැනවූවොත්, "ඊට කලින් 'කාලය' තිබුණෙ නැද්ද?"
"කාලය අවසන් වෙන්නෙ කවදද?"
"ඊටපස්සෙ කාලය නැද්ද?"
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙනමයි දේශනා කළේ...
අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං.
පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනකි. ආරම්භක කෙළවර දැක්ක නොහැකි දෙයකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකි ය.
https://tripitaka.online/sutta/2603