සකසා දන්දීම
කොසොල් රජතුමා භික්ෂූන් වහන්සේලාට දානයකට ආරාධනා කළා. සේවකයන්ට අණ කළා දානය සකසා පිළිගන්වන්න. බලනකොට කිසිම භික්ෂූන් වහන්සේ නමක් මාළිගාව තුල පැනවූ ආසන මත දානය වළදන්නේ නෑ. රජතුමා බැලුවා උන් වහන්සේලා කොහේද කියලා. එතකොට දැක්කා උන් වහන්සේලා දුගී ගෙවල්, පැල්පත් තුල වැඩහිදිමින් දානය වළදන බව. ඒක ඔහුගේ තත්වයට මදිකමක් වගේ හැගුනා. ඒ ගැන බුදු රජාණන් වහන්සේට කියා සිටියා.
"ඔබ සතු ධනය වියදම් කර දානය සැකසුවත්, ඔබේ හිතේ ඒ ගැන ලොකු ශ්‍රද්ධාවක් තිබුනේ නෑ. ඔබ දානය සැකසීම, බෙදීම, ආසන පැනවීම ආදියට සහබාගි වුනේ නෑ. භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා සොයා බැලුවේ නෑ. ඒත් දුගී ජනයා ඉතා ශ්‍රද්ධාවෙන් උන් වහන්සේලා පිළිගත්තා. තමන්ට හැකි උසස්ම අයුරින් ආසන පැනවූවා. අවශ්‍යතා සොයා බැලුවා. කැමැත්තෙන්ම පාත්‍රා ආදිය පිරිසිදු කර දුන්නා. ඔවුන් මහා පිනක් කර ගන්නා නිසාම භික්ෂූන් වහන්සේ දානය වැළදීම සදහා එහි වැඩම කළා"
මෙයට සමාන පැහැදිලි කිරීමකුයි රජතුමාට පිළිතුර ලෙස ලැබුනේ.
ඔබ ලොකු ධනවතෙක් බලවතෙක් කුළවතෙක් වෙන්න ඇති. ලොකු තානාන්තරයක් දරනවා වෙන්න ඇති. ගෙදර දාන දෙනවා ඇති. ඉස්තරම් කෑම බීම දානය සදහා සකසනවා වෙන්න ඇති. පෙරහැරෙන් හාමුදුරුවරු වඩම්මනවා වෙන්න ඇති. හිස මත තබාගෙන කරඬුව වඩම්මනවා ඇති.
ඒත් කවදාවත් ඔබ භික්ෂූන් වහන්සේගේ පා දෝවනය කරලා නැතුව ඇති. පා පිසදමා නැතුව ඇති. දානය සැකසීමට ලූනු ගෙඩියක්වත් සුද්ධ කරලා දෙන්න නැතුව ඇති. ඒ කියන්නේ ඔබේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් නෑ. ඔබ සකසා දන් දුන් කෙනෙක් නෙවේ. කොච්චර ලොකුවට දානය දුන්නත් ලොකු පිනක් කරගත් කෙනෙක් කියන්න අපහසුයි.
ශ්‍රද්ධාව තියෙන කෙනා සකසා දන් දෙනවා. සාධාරනව දුක් මහන්සියෙන් උපයා ගත් ධනයෙන් හැකි ඉහළම ආකාරයෙන් දානය දෙනවා. පිරිවර සහබාගි කරගත්තත් හැකි උපරිමයෙන් සියතින් සකසනවා. සියතින් බෙදනවා. හැකි උපරිම පහසුකම් සියතින්ම සලසනවා. දානය දීමට සිතූ මොහොතේ සිට සියල්ල අලෝබයෙන් අද්වේශයෙන් අමෝහයෙන්ම සිදුකරනවා. දානයට පෙරත්, දානය දෙද්දීත්, දුන් පසුත් ඒ ගැන හිතේ මහා ප්‍රීතියක් තියෙනවා. මහා පිනක් කරගන්නවා.
ඔබත් සකසා දන් දෙන්න.