2018 රට හොඳට දුවනකොට සක්කිලි රාජපක්ෂ බල්ලෝ බැලුවා හිරේ යන්න කලින් බලේ ගන්න. මෝඩ සින්හලුන්ව ඇවිස්සුවා බොරු ජාතිවාදයක් පතුරලා රට ඉවරයි කියල. මෝඩ සිංහලු ගොනාට ඇඳගෙන විදෙස් සංචිත 9 Billion USD, සංචාරකයෝ ලක්ෂ 24, ආහාර උද්ධමනය 0-5% ත්යනකොට තමයි wholesale පොහොට්ටුව දිනෙව්වේ 2018 පළාත් පාලන චන්දෙන්.
කන්න නැති රටවල් අතර ලංකාව තවත් ඉදිරියට
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව ඇත.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 කි.
ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් හයවෙනි ස්ථානය ලබා ගෙන ඇත.නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64 දක්වා පහළ වැටී තිබේ.
ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.
මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 171 ක් සහ 158 ක් වේ.
-
https://www.lankadeepa.lk/news/කන්න-නැති-රටවල්-අතර-ලංකාව-තවත්-ඉදිරියට/101-627201
------
Post added on Jan 19, 2023 at 5:03 PM