සක්වළ (ලෝක ධාතු)

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    🌌සක්වළ (ලෝක ධාතු)🌌

    බුදු දහමට අනුව එක් සක්වළකට මනුෂ්‍ය ලෝක එකකුත් දිව්‍ය ලෝක සයකුත් බ්‍රහ්ම ලෝක 20ක් හා අපාය භූමි සතරක් යනුවෙන් සත්වයන් උපදිනා ස්ථාන 31ක් දැක්වේ. මේවා තිස්එක් භූමි තල ලෙස ද හැඳින්වේ. මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක සයත් හා අපාය සතරත් යන 11 කාමාවචර භූමි ලෙස හැදින්වෙන අතර බ්‍රහ්ම ලෝක 20න් 16ක් රූපාවචර වන අතර ඉතිරි බ්‍රහ්ම ලෝක 4 අරූපාවචර වේ.

    මනුෂ්‍ය ලෝකය

    මිනිසුන් ජීවත්වන මෙම මහ පොළොව මනුෂ්‍ය භූමිය හෙවත් මනුෂ්‍ය ලෝකයයි. මිනිසුන්ගේ ආයු ප්‍රමාණය නියතයක් නොවේ. එක් කලෙක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් තරම් අල්ප වේ. තවත් කලෙක ආයුෂ අවුරුදු අසංඛ්‍යය තරම් දීර්ඝ වේ. බුදු, පසේ බුදු, අග්‍රශ්‍රාවකයන් යන උතුමෝ මෙම මනුෂ්‍ය ලෝකයේ ම පමණක් පහළ වේ. මනුෂ්‍යයන්ගේ ඒ ඒ කාලවල ඇති ආයුෂය 'ආයුෂ් කල්පය' ලෙස හැඳින්වේ.

    සදිව්‍ය ලෝක (දිව්‍ය ලෝක 6ය)

    🙏චාතුම්මහාරාජික දෙව්ලොව
    🙏තාවතිංස දෙව්ලොව
    🙏යාම දෙව්ලොව
    🙏තුසිත දෙව්ලොව
    🙏නිම්මානරති දෙව්ලොව
    🙏පරනිම්මිතවසවත්ති දෙව්ලොව යනුවෙනි.

    මනුෂ්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 42 000ක් ඉහළින් පළමු දිව්‍ය ලෝකය වන චාතුර්මහා රාජිකය පිහිටා ඇත. එතැන් සිට යොදුන් 42 000 බැගින් දුරකින් අනෙක් දිව්‍ය ලෝක පිළිවෙළින් ඉහළට පිහිටා ඇත.

    🕑චාතුර්මහාරාජිකය
    මෙහි රජවරු හතර දෙනෙක් පාලන කටයුතු බාරව සිටියි. දිව්‍ය වර්ෂ වලින් වසර 500 ආයුෂ මෙහි ඇත. මෙහි එක දිනක් මිනිස් ලොව අවරුදු 50 කට සමානය. ඒ අනුව චාතුර් මහා රාජිකයේ උපන් අයෙකුගේ පරමායුෂ මිනිස් ලොවේ වර්ෂ වලින් වර්ෂ අනු ලක්ෂයකි.

    🕑තාවතිංසය
    තාවතිංසය හෙවත් තව තිසා දෙව් ලොව පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකය ට එපිටිනි. එහි ආයුෂ දිව්‍ය වර්ෂ 1000 කි. එහි දිනක් මිනිස් ලොව අවරුදු 100 කි. ඒ අනුව තව්තිසාවෙහි පරමායුෂ අවරුදු තුන් කොටි හැට ලක්ෂයකි . දෙව් ලොවට අදිපති ශක්‍රයා සිටිනුයේ තව් තිසාවෙහිය .

    🕑යාමය
    යාමය ඇත්තේ තව්තිසාවට එපිටිනි. යාමයෙහි වැසියෝ දිව්‍ය වර්ෂ 2000 පරමායුෂ විදිති . එහි එක් දිනක් මිනිස් ලොව වසර 200 ක් වන අතර ඒ අනුව මනුෂ්‍ය වර්ෂ දාහතර කොටි හතලිෂ් ලක්ෂයක් ජීවත්වීමට යාමයෙහි වැසියන්ට වරම් ඇත. යාම රජු සිටිනුයේ යාමයෙහි බව සමහරු සිතති. තවත් ය කියප පරිදි යාම රජු යනු චාතුර්මහාරාජිකය සිටින වයිශ්ෂණ නම් පාලකයාය . එනමුත් අපායෙහි වෙනම රජ කෙනෙක් සිටින බව දේව දුත එන කරුණු වලින් පැහැදිලි වේ.

    🕑තුසිතය
    තුසිතයේ වැසියෝ සැමවිටම සතුටින් කල් ගෙවති. තුසිත හෙවත් "සන්තුසිත" දෙව් ලොවට එම නම ලැබුනේ එකෙසිනි. තුසිතයේ වැසියන් සතුටින් සිටිනුයේ මතු ෛමත්‍රි නමින් බුදු වනමෛත්‍රී බෝසතුන් එහි වැඩ සිටින බැවිනි. තුසිතය තුල ඇති දාර්මික පරිසරය නිසා බොහෝ බොදුනුවෝ මරණින් මතු තුසිත දෙව් ලොව ඉපදීමට රිසිව පින් කරනු ලැබේ . මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක දිනක් මිනිස් වර්ෂ 400 කි. එබැවින් තුසිතයේ වැසියන්ට වර්ෂ 57 කොටි 60 ලක්ෂයක් පරමායුෂ විදිය හැක. සිදුහත් බෝසත්හු මෙලොව පහල වීමට පෙර තුසිත දෙව් ලොවෙහි ශ්වේත කේතු නම් දිව්‍ය පුත්‍රව සිටියේය.

    🕑නිර්මාණරතිය
    මෙය සුවිශේෂී දෙව් ලොවකි. මෙහි වැසියන්ට තමන් වෙනුවෙන් සැප සම්පත් නිර්මාණය කල හැක. එබැවින් එහිදී විදිය හැකි සැප සම්පත් වල සීමාවක් නොමැත, මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 8000 කි. මිනිස් වර්ෂ 800 එහි එක් දිනයකි. ඒ අනුව එහි පරමායුෂ මිනිස් ලොව අනුව වර්ෂ 230 කොටි 40 ක්ෂයකි. ("මනාප කායික" නම් වූ දේව විශේෂයක් නිර්මාණ රතියෙ සිට බුදුන් දැක්මට පැමිණි බව ධර්මයෙහි සදහන්ය.)

    🕑පරනිර්මිත වසවර්තිය
    අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය, මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය. එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නොමැත. මෙහි ආයුෂ දුව්‍ය වර්ෂ 16000 කි. මිනිස් වර්ෂ 1 600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කොටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදීමට මෙහි වැසියන්ට හැකිය.

    බ්‍රහ්ම ලෝක

    බ්‍රහ්ම ලෝක 20ක් ඇත. ඉන් 16ක් රූපාවචර බ්‍රහ්ම ලෝක වන අතර 4ක් අරූපාවචර බ්‍රහ්ම ලෝක වේ.

    🙏බ්‍රහ්මපාරිසජ්ජය
    🙏බ්‍රහ්මපුරොහිතය
    🙏මහාබ්‍රහ්ම බ්‍රහ්ම ලෝකය යන තුන ප්‍රථම ධ්‍යාන භූමිය ලෙස ද
    🙏පරිත්තාභය
    🙏අප්පමාණාභය
    🙏ආභස්සර බ්‍රහ්ම ලෝකය යන තුන ද්විතීය ධ්‍යාන භූමිය ලෙස ද
    🙏පරිත්තසුභය
    🙏අප්පමාණසුභය
    🙏සුභකිණ්හ බ්‍රහ්ම ලෝකය යන තුන තෘතීය ධ්‍යාන භූමිය ලෙස ද
    🙏වෙහප්ඵලය
    🙏අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය යන දෙක චතුර්ථ ධ්‍යාන භූමිය ලෙස ද
    🙏අවිහය
    🙏අතප්‌පය
    🙏සුදස්‌සය
    🙏සුදස්‌සීය
    🙏අකනිට්‌ඨ යන පහ පඤ්ච සුද්‍ධාවාස ලෙස ද හැඳින්වේ. සුද්‍ධාවාස චතුර්ථ ධ්‍යාන භූමියට ම අයත් වේ. මේ බ්‍රහ්ම ලෝක 16 රූපාවචර බ්‍රහ්ම ලෝක වෙයි.
    🙏ආකාසානඤ්‌චායතනය
    🙏විඤ්‌ඤාණඤ්‌චායතනය
    🙏ආකිඤ්‌චඤ්‌ඤායතනය
    🙏නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය යන බ්‍රහ්ම ලෝක හතර අරූපාවචර බ්‍රහ්ම ලෝක ලෙස හැඳින්වේ.

    🌐අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයේ සත්වයන්ට කය පවතී නමුත් සිත නොපවතියි. ඔවුන්ට රූපය ම ප්‍රතිසන්ධිය වෙයි.
    🌐අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරෙහි බ්‍රහ්මයන්ට කයක් නැත. සිත පවතියි.

    පරනිම්‌මිතවසවත්‌ති දිව්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 55 08 000ක් ඉහළින් ප්‍රථම ධ්‍යාන තලය පිහිටා ඇත. එතැන් සිට එපමණ දුරකින් පිළිවෙළින් ඉහළට අනෙකුත් ඒවාද පිහිටා ඇත.

    මෙම බ්‍රහ්ම මෙම බ්‍රහ්ම ලෝකයන්හි ආයු ප්‍රමාණය මහා කල්ප වලින් දැක්වේ. එය පහත පරිදි වේ.

    බ්‍රහ්ම ලෝකයආයු ප්‍රමාණය(කල්ප වලින් සදහන්කර ඇත)
    ⏱️බ්‍රහ්මපාරිසජ්ජය-1/3
    ⏱️බ්‍රහ්මපුරොහිතය-1/2
    ⏱️පරිත්තාභය-1
    ⏱️මහාබ්‍රහ්මය-2
    ⏱️අප්පමාණාභය-4
    ⏱️ආභස්සරය-8
    ⏱️පරිත්තසුභය-16
    ⏱️අප්පමාණසුභය-32
    ⏱️සුභකිණ්හය-64
    ⏱️වෙහප්ඵලය-500
    ⏱️අසඤ්ඤසත්තය-500
    ⏱️අවිහය-1 000
    ⏱️අතප්‌පය-2 000
    ⏱️සුදස්‌සය-4 000
    ⏱️සුදස්‌සීය-8 000
    ⏱️අකනිට්‌ඨය-16 000
    ⏱️ආකාසානඤ්‌චායතනය-20 000
    ⏱️විඤ්‌ඤාණඤ්‌චායතනය-40 000
    ⏱️ආකිඤ්‌චඤ්‌ඤායතනය-60 000
    ⏱️නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය-84 000

    සතර අපාය

    නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර යන භූමි සතර සතර අපාය ලෙස හැඳින්වේ. අපාය යනු සැපයෙන් තොර වූ ස්ථානය යන්නයි. අතරක් නැති ව දුක් විසින්නට සිදුවන බැවින් අපාය නම් වේ.

    නිරයයන් 8ක් ඇත. එනම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචිය යන අටයි. මනුෂ්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 1 500ක් පහළින් පළමු නිරය වන සංජීවය පිහිටා ඇත. එතැන් සිට යොදුන් 1 500 බැගින් දුරකින් අනෙක් නිරයන් පිළිවෙළින් පහළට පිහිටා ඇත.

    මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 90 00 000 (අනූ ලක්‍ෂය) ක් සංජීව නිරයට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි නිරය වර්ෂ 1ක් වේ. එවැනි නිරය වර්ෂ 500ක් සංජීව නිරයේ ට සත්වයන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 1 620 000 000 000 කි.

    නිරයන්හි ආයුශ මනුෂ්‍ය වර්ශ වලින්
    🕠වර්ෂසංජීවය-5001 620 000 000 000
    🕠කාලසූත්‍රය-1 00012 960 000 000 000
    🕠සංඝාතය-2 000103 680 000 000 000
    🕠රෞරවය-4 000829 440 000 000 000
    🕠මහා රෞරවය-8 0006 635 520 000 000 000
    🕠තාපය-16 00053 084 160 000 000 000
    🕠ප්‍රතාපයඅන්තර කල්ප බාගයකිඅවීචියමහා කල්ප එකකි

    තිරිසන්, ප්‍රේත හා අසුරයන්ගේ ආයු මෙතෙකැයි නියම නැත.

    එක් සක්වළක ප්‍රතිසන්ධි තල 31 පහත ලෙස දැක්විය හැකි ය.

    ඉහල ම බ්‍රහ්ම ලෝකය වන නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනයේ සිට මහත් විශාල ගල් පර්වතයක් පහතට හෙළන්නේ නම් එම ගල් පර්වතය දිනකට යොදුන්
    48 000ක වේගයෙන් පහතට වැටෙන්නේ ය. එය මනුෂ්‍ය ලෝකය වෙත පැමිණීමට දින 1497ක් හෙවත් වර්ෂ 4 යි මාස 1 යි දින 27ක් ගත වන්නේ ය.

    ප්‍රථම ධ්‍යාන තලයේ සිට මහත් විශාල ගල් පර්වතයක් පහතට හෙළන්නේ නම් එම ගල් පර්වතය දිනකට යොදුන් 48 000ක වේගයෙන් පහතට වැටෙන්නේ ය. එය මනුෂ්‍ය ලෝකය වෙත පැමිණීමට දින 120ක් හෙවත් මාස 4ක් ගත වන්නේ ය.

    විශ්වයේ ස්වභාවය

    සත්වයන් උපදිනා ස්ථාන 31කින් යුත් කොටසක් එක් සක්වළක් ලෙස හැඳින්වෙන බව ඉහත දැක්විය. එය ලෝක ධාතුවක් ලෙස ද හැදින්වේ. විශ්වය තුල මෙවැනි සක්වළ අනන්ත ප්‍රමාණයක් ඇත. නමුත් ඒ සියලු ම සක්වළවල් අතරින් අප වසන සක්වළ විශේෂ වේ. ඊට හේතුව සම්මා සම්බුදුවරු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවකයෝ, සක්විති රජවරුන් යන උතුමන් මෙම සක්වළෙහි පමණක් පහළවන බැවිනි. එබැවින් මෙම සක්වළ මංගල සක්වළ ලෙස හැඳින්වේ.

    මෙම විශ්මෙම විශ්වය තුල අනන්ත අපරිමාණ සක්වළවල් හෙවත් ලෝකධාතු නොයෙක් ලෙස වර්ග කෙරෙයි. සහස්සී චූළනිකා ලෝකධාතුව, ද්විසහස්සී මජ්ඣිමිකා ලෝකධාතුව, ත්‍රීසහස්සී මහාසහස්සී ලෝකධාතුව, දසසහස්සී ලෝකධාතුව ඒ වර්ග කිරීම අතර ප්‍රධාන වේ.

    එක් ලෝකධාතුවකට එක් ඉරක්, එක් සඳක්, එක් චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයක්, එක් තාවතිංස දිව්‍ය ලෝකයක්, ... ආදී ලෙස ඇත. මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000ක් ගත් විට එය සහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක දහසක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක දහසක් ඇත. ... මෙය බුද්ධ ශ්‍රාවකයන්ට විෂය වේ.

    මංගල සක්මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000 000ක් ගත් විට එය ද්විසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු 1 000 000ක් ඇත. සඳු
    1 000 000ක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක 1 000 000ක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක 1 000 000ක් ඇත. ... මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ.

    මංගල සක්වළත් සමග ලෝකධාතු
    1 000 000 000ක් ගත් විට එය ත්‍රීසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු 1 000 000 000ක් ඇත. සඳු 1 000 000 000ක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක 1 000 000 000ක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක 1 000 000 000ක් ඇත. ... මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ.

    මංගල සක්වළත් සමග ලෝකධාතු 10 000ක් ගත් විට එය දසසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. 🙏
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අවීචිය තියා කිසිම කාම ලෝකයක් මහා කල්ප 1ක් ආයුෂ වෙන්නේ නෑ.අසංක්‍ය කල්ප 2 යි උපරිම.
     
    • Like
    Reactions: Botz

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    අවීචිය තියා කිසිම කාම ලෝකයක් මහා කල්ප 1ක් ආයුෂ වෙන්නේ නෑ.අසංක්‍ය කල්ප 2 යි උපරිම.
    ඔව් මටත් එතන ප්‍රශ්නයක් තියෙනවා
     
    • Like
    Reactions: Botz

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    අවීචිය තියා කිසිම කාම ලෝකයක් මහා කල්ප 1ක් ආයුෂ වෙන්නේ නෑ.අසංක්‍ය කල්ප 2 යි උපරිම.

    Asankeyya Kalpayak kiyanne mokakda ? Uda visthare hatiyata apita pena "Sun" da penne apita udin thiyena divyaloka walaltath ?
     
    • Like
    Reactions: Botz

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    Asankeyya Kalpayak kiyanne mokakda ? Uda visthare hatiyata apita pena "Sun" da penne apita udin thiyena divyaloka walaltath ?
    අසංඛ්‍ය කල්පයක් කියන්නෙ මචන් මහා කල්ප 1/4 කට. අසංඛ්‍ය කල්ප 4 = මහා කල්ප 1. එක් අසංඛ්‍ය කල්පයකදි ලෝකය පවතිනවා මිනිසුන් සමග. අනික් අසංඛ්‍ය කල්පයේදි ලෝකය විනාශ වෙමින් පවතිනවා. අනික් අසංඛ්‍ය කල්පයේදී තනිකරම හිස් අවකාශයක්. අනිත් අසංඛ්‍ය කල්පයේදී ලෝකය හටගන්නවා. ඒවාට බුදු හාමුදුරුවො නම් දීලා තියෙනවා. අසංඛ්‍ය කල්පයකට අන්තර් කල්ප 64ක් තියෙනවා.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    sakwala okkoma gaththama මනුෂ්‍ය ලෝක 1i da thiyenne
    මනුෂ්‍ය ලෝක 1යි දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 20යි සතර අපායයි ඔක්කොම ලෝක 31 ට තමයි සක්වල කියලා කියන්නෙ
     
    • Like
    Reactions: Botz

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    අසංඛ්‍ය කල්පයක් කියන්නෙ මචන් මහා කල්ප 1/4 කට. අසංඛ්‍ය කල්ප 4 = මහා කල්ප 1. එක් අසංඛ්‍ය කල්පයකදි ලෝකය පවතිනවා මිනිසුන් සමග. අනික් අසංඛ්‍ය කල්පයේදි ලෝකය විනාශ වෙමින් පවතිනවා. අනික් අසංඛ්‍ය කල්පයේදී තනිකරම හිස් අවකාශයක්. අනිත් අසංඛ්‍ය කල්පයේදී ලෝකය හටගන්නවා. ඒවාට බුදු හාමුදුරුවො නම් දීලා තියෙනවා. අසංඛ්‍ය කල්පයකට අන්තර් කල්ප 64ක් තියෙනවා.


    Ela ela thanks :) Mekath kiyhan. Thusitha, Thawthisa Brahma loka me okkotama penne apita pena "Sun" da ?
     
    • Like
    Reactions: Botz

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    Ela ela thanks :) Mekath kiyhan. Thusitha, Thawthisa Brahma loka me okkotama penne apita pena "Sun" da ?
    ඔය තල 31 ම තියෙනවා කියන්නෙ මචන් මේ සූර්යයාගේ ආලෝකය විහිදෙන සීමාව ඇතුලත. එතකොට ඒවාගෙ ඉන්න දෙවියන්ට බ්‍රහ්මයන්ට අපිට වගේ ඉර පේන්නෙ නැතුව ඇති. ඒ වුනාට ආලෝකය විහිදෙනවා ඇති.
     
    • Like
    Reactions: Botz