සක්විතිට මල පනී .

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,074
    46,601
    113
    වර්තමානෙ ගැන update එකක් නැද්ද

    උෟ ගෙවාගෙන යනවා.,ගෙව්වේ නැත්නම් අායෙත් හිරේ තමයි..


    කෝටි 41 වංචාවට සක්විති රණසිංහ‍ හා බිරියට ලිහිල් දඩුවම් - වන්දි ලක්ෂ 50 මාසිකව ගෙවීම අධිකරණයේදී ඇගයේ​


    කොළඹ ප්‍රධාන මහාධිකරණය විසින් අද (22) දින ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවකින්, නුගේගොඩ ප්‍රදේශයේ 'සක්විති හවුස් ඇන්ඩ් කන්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්' නමින් ක්‍රියාත්මක වූ අවිධිමත් මූල්‍ය ව්‍යාපාරයක සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස නම් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනාට වසර 10ක සිරදඞුවම් පනවා අත්හිටුවන ලදි.

    මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දිනය දක්වා වූ කාල සීමාව තුළ, ගනුදෙනුකරුවන්ගෙන් තැන්පත් ලබාගත් රුපියල් කෝටි 41ක (හතලිස් එක් කෝටියක) ආසන්න මුදලක් භාරගැනීම සහ එම ක්‍රියාකලාපයට ආධාර සහයෝගය දීමේ චෝදනාවට වරද පිළිගත් අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනී නමැත්තිය වෙත කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබුවේය.

    අධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබූ දඬුවම් අනුව, විත්තිකරුවන් දෙදෙනාට වසරකට බරපතළ වැඩ සහිත සිරදණුවම් ලබා දෙනු ලැබූ අතර, එම සිරදඬුවම් කාලය වසර 10කට අත්හිටුවනු ලැබුවේය. මෙයින් අදහස් වන්නේ ඔවුන් වසර 10ක කාල සීමාවක් තුළ නීතිය උල්ලංඝනය නොකරන්නේ නම්, සිරදඩුවම් භුක්ති විඳීමට අවශ්‍ය නොවන බවයි.

    ඊට අමතරව, විත්තිකරුවන් දෙදෙනාටම රුපියල් 25,000 බැගින් වූ දඩය ද නියම කරනු ලැබුවේය.

    එකී දඩ මුදල ගෙවීමෙන් අනතුරුව, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන් මුදා හරින ලෙසට අධිකරණය නියෝග කළේය.

    අද කැඳවූ නඩු සභාවේ දී, විත්ති පාර්ශ්වය සහ පැමිණිල්ල සමග තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අතර විවෘත අධිකරණය හමුවේ වැදගත් එකඟතාවක් ඇති කරගනු ලැබුවේය. මෙම එකඟතාව අනුව, සම්පූර්ණ වංචා මුදලින් සියයට 60ක් වූ නව කෝටි අසූ (90) ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීමට විත්තිකරුවන් එකඟ වූහ.

    මෙම වන්දි ගෙවීමේ ක්‍රමය 2023 වසරේ ජූලි මාසයේ සිට ආරම්භ කරනු ලැබූ අතර, මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වාරික ගෙවීම් ආකාරයෙන් විත්තිකරුවන් විසින් එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබේ. මෙම ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසුවයే අද දින දඬුවම් නියම කිරීම සඳහා නඩුව විවෘත අධිකරණයේ දී කැඳවනු ලැබුවේය.

    එකතු කරගත් වන්දි මුදල ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කිරීමෙන් පසුව, පීඩිත තැන්පත්කරුවන්ට නිසි ආකාරයෙන් ගෙවීමට ක්‍රියාදාමයක් සකසන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

    මෙමගින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔවුන්ට ගෙවීම් නිසි ආකාරයෙන් ලබා දීමට ක්‍රමවේදයක් සකසනු ලබන බව අධිකරණය සහතික කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පළමු විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා වසර 09ක කාලයකුත්, දෙවන විත්තිකාරිණිය වසර දෙකක කාලයක සිට ඇප ලබාගෙන සිටි බව අධිකරණයට දන්වනු ලැබුවේය.
    විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ, පළමු විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා පන්ති පවත්වන ක්‍රියාකාරකම්වලින් උපයාගත් මුදලින් අදාළ වන්දි මුදල (මාසිකව රුපියල් ලක්ෂ 50) ගෙවා නිම කර ඇති බවයි. මෙම කරුණ ඔහුගේ පසුතැවීම සහ වන්දි ගෙවීමේ අකර කැපවීම පෙන්නුම් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පැහැදිලි කළහ.

    විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සෙනෙරත් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විසින් ඔවුන්ගේ තත්ත්වයන් අධිකරණයට විස්තර කරනු ලැබුවේය. නීතිඥවරුන් විසින් අධිකරණයට පැහැදිලි කරනු ලැබුවේ විත්තිකරුවන්ගේ දරුවන් ඉදිරි මාසවල දී විවාහ වීමට නියමිත බැවින්,

    ඔවුන්ට ලිහිල් දඬුවම් ලබා දෙන ලෙසයි.

    'සක්විති හවුස් ඇන්ඩ් කන්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්' නමින් ක්‍රියාත්මක වූ මෙම සමාගම 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දිනය දක්වා වූ එක අවුරුදු දහ මාස සතරක කාල සීමාවක් තුළ මූල්‍ය සමාගම් පනතට අනුකූලව ලියාපදිංචි නොවී මූල්‍ය ක්‍රියාකාරකම්වල නිරත වී තිබුණි.
    මෙම කාල සීමාව තුළ, නුගේගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් තැන්පත් ලබාගනිමින්, ඔවුන්ට ආකර්ෂණීය පොලී ගණන් ලබා දීමේ පොරොන්දුවෙන් රුපියල් කෝටි 41ක (හතලිස් එක් කෝටියක) ආසන්න මුදලක් එකට්ටු කරගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම මුදල් නිසි ආකාරයෙන් ආයෝජනය නොකර සමාගම බංකොලොත් වීමත් සමගම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ලබා දීමට නොහැකි වී තිබුණි.

    https://www.gossiplankanews.com/202...ment-of-rs-5-million-in-compensation.html?m=1
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    හිගන්නෙක් වගේ වෙස් වලාගෙන ඉදල නේද මූ මාට්ටු උනේ



    ------ Post added on Jul 22, 2026 at 1:19 AM

    Ow rawul kinda wawagena indala pora matt una .
    ඒ කාලෙ හෙන නිව්ස් එක ඕක .
    මන් නම් කියන්නෙ ඔය විදියට මාට්ටු වෙච්ච එක පොරගෙ ප්ලැන් එකක් .

    හොරා කාපු සල්ලි ටික පොර නාස්ති කරගෙන නැහැ .
    කොහෙ හරි තැන්පත් කරලා ඇති .
    හිඟන්නෙක් වගෙ නැති කම පෙන්නලා හිරෙට යන්න ඇති .
    මොකද පොඩි සහනයක් හම්බ වෙනවනෙ .අනුකම්පාව ගන්නත් එක්ක .

    පස්සෙ හිරෙන් එලියට ඇවිත් අර ණය ගෙවන සීන් එක මිනිහා පටන් ගන්න ඇති .
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    උඹ හෙනම උපාසකයෙක් ද?.කවදාවත් උඹ වැරදි කරලා නැද්ද.? උෟව උසාවියෙන් නිදහස් කරේ උෟ වංචා කරපු සල්ලි ඒ මිනිස්සුන්ට ගෙවනවා කියලා පොරොන්දු වෙලා...ඒ වගේම උෟ ඒක කරනවා...ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්ණේ??
    menna sakwithi horage elakiri account eka :P

    ඔව් දැන් ගොඩක් උන්ට දැන් ගෙවලා තියෙන්නේ..අනිත් උන්ටත් ගෙවාගෙන යනවා..🙂



    මේ 2023 news ඵකක්👇

    සක්විති රණසිංහ වරද පිළිගනී! ලක්ෂ 50 ගානේ වාරික 20ක් ගෙවන්න පොරොන්දු වෙයි! පළමු වාරිකයත් ගෙවා දමයි!​


    මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.Sri Lanka Latest News

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබීය.

    ඒ අනුව අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා සිටියේය.

    ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි.

    ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ තිබුණි.
    pissuda yako, kaatawath salli gewala na thama, boru nokiya idin. :angry:
    ------ Post added on Jul 22, 2026 at 2:26 PM
     

    barsl

    Active member
  • Sep 30, 2025
    93
    103
    33
    yako u marra lucky porak . 2008 di 100 000 lkr wala kochchara loku purchasing power ekak thibbada, e kale lankawe assets godak under vlaue , ada 100 000lkr walin monada karanna puluwan
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    yako u marra lucky porak . 2008 di 100 000 lkr wala kochchara loku purchasing power ekak thibbada, e kale lankawe assets godak under vlaue , ada 100 000lkr walin monada karanna puluwan
    ලකී කොහෙද. කළ කර්ම කවදා හරි ඵල දෙනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    yako u marra lucky porak . 2008 di 100 000 lkr wala kochchara loku purchasing power ekak thibbada, e kale lankawe assets godak under vlaue , ada 100 000lkr walin monada karanna puluwan
    Oya kale 100,000 lkr walata purch ekak ganna puluwan ape area eken
    Ada purch eka 11,000,000
    More than 10 times value