සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ..
හිමි නොවෙනා ප්‍රේමේ..
ලුහුබඳිනා ප්‍රේමේ..
සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
පරසතු සුවඳක් මම නොම වින්දෙමි..
සකුරා යායේ..
පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි..
සකුරා යායේ..
සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..මම කැන්ද නුබ..
සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
_RAP_
කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
මගේ රහසක නිම්හිම්, නිම්නයක
කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක
ගිනි තියන් ඕම negative පටි
ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී
කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
_RAP_
හිමි නොවෙනා ප්‍රේමේ..
ලුහුබඳිනා ප්‍රේමේ..
සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..
මම කැන්ද නුබ..
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ..//
_RAP_
නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
මුහුලස උර බෙත්මේ කඩා වැටී
මා දළු රෝසඵලයට හඬා වැටී
පුරා, සකුරා සිසිරය පතනවා ඇතී
