සඟ දාලා කිට මරලා, ෆැටන් ටිප්ස් 6

සඟ දාලා කිට මරලා, ෆැටන් ටිප්ස් 6

සඟ දාලා කිට මරලා, ෆැශන් ටිප්ස් 6

01b39de00d717b1b06654d5e9de1cb12.jpg

ඉතින් මචංලා ඔන්න මගේ හය වෙනි ෆැශන් නූලත් එලකිරියෙ අද අමුනනවා. වැඩි කතන්දර නැතිව එහෙනම් අපි අද මාතෘකාවට බහිමු. අද මම කථා කරන්න හිතුවෙ සන් ග්ලාස් ගැන.

සඟ..., අද වෙනකොට තරුණ පරපුර අතරේ විතරක් නෙවෙයි බාල මහළු ගැහැනු පිරිමි හැම දෙනෙක්ම ආස කරන විලාසිතා අංගයක් තමයි සඟ කියන්නෙ. බොහෝ දෙනෙක් මෙය භාවිතා කරන්නෙ විලාසිතාවක් ලෙසින්ම තමයි, ඒ වගේම තවත් අය වෙද්‍ය නිර්දේශ මත සන්ග්ලාස් පලඳිනවා, තවත් අය අවු රශ්මියෙන් ගැලවෙන්නත් තවත් කොටසක් අනෙක් අය පලඳින නිසාත් සඟ භාවිතා කරනවා.

UV400.jpg

UV protection
හොඳ සඟක් පැලඳීමේ මූලික පරමාර්ථය අහිතකර හිරු කිරණින් දෙඇස් ආරක්ශා කර ගැනීමයි. 100% UV protection හෝ UV 400 ප්‍රමිතියෙන් යුතු නියම සඟක්නම් එහි 99% ක් පමණම හෝ 100%ක්ම අහිතකර හිරු කිරණ වලින් ඔබේ දෙඇස් වලට ආරක්ශාව සැලසිය යුතුයි. ( පෙටා පේමන්ට් එකේ රු 100 ප්ලාස්ටික් කෑලි නෙවෙයි මචං) ඒ වගේම සඟ නිසා ඔබේ ඇස අවට සමට හා මාංශපේශි වලටත් අමතර ආරක්ශාවක් සලසා දෙනවා.

3 copy.jpg

පාට පාට සඟවල්.

සඟවල් වල හැඩය වගේම පාට ගැනත් අපි ගොඩක් දුරට සැලකිල්ලක් දක්වනවනෙ. ඇත්තෙන්ම ග්ලාස් එකේ ටින්ටඩ් පාට වලින් කෙරෙන දෙයක් තියනවා.

කළු = එලිය උරාගනී, ඇසට ලැබෙන ආලෝකය අඩු කරයි. තද හිරු එලියට කදිමයි.

දුඹුරු = වර්ණ අතරේ වැඩි වෙනසක් දැකීමට ඉඩ සලසයි, දිලිසෙන ගතිය අඩු කරයි. සෞම්‍ය දේශගුනයක භාවිතයට වඩා සුදුසුයි.

නිල් = ඇසට එන එලිය පාලනය කරයි. දිලිසෙන ගතිය අඩු කරයි. වර්ණ අතර වෙනස දැකීමට ඉඩ සලසයි.

කහ = රාත්‍රියේ භාවිථා කල හැක, වැඩි ආලෝකයක් ඇසට ලැබීමට සලසයි. වඩා තියුනු පෙනීමක් එක් කරයි. දහවල් භාවිතයට නුසුදුසුයි.

ray-ban-sunglasses-for-men-2015.jpg

පෝලොරයිස් ලෙන්ස් polarized lenses

නිකන්ම ටින්ටඩ් සඟක් දානවට වඩා polarized සඟක වැදගත් කම තමයි ඒ මගින් වීදුරු වල, ජලයේ හා අනෙකුත් සුමට පෘෂ්ඨ වල තියෙන දිලිසෙන ස්භාවයන් ඇසට දැනීම වලක්වා පැහැදිලි දර්ශනයක් ලැබීමට සැලැස්වීම. වාහනයක් පැදවීමේදී හා නගරබද ගමනකට polarized සඟක ඇති වැදගත් කම අත් විඳ බැලිය යුතුමය.


ෆ්‍රේම් එක සහ හැඩය.

විවිධ විලාසිතාවන්ගෙන් විවිධ අමුදව්‍ය යොදාගෙන සකස් කල ෆ්‍රේම් සහිත සඟවල් ඕනෑ තරම් වෙලඳපොලේ තියනවනෙ. කොහොම වුනත් ජෙන්ටා ටයිප් අඳින කොට වැඩිය වැඩ කෑලි නැති ෆ්‍රේම් එකක් පාවිච්චි කරන එක තමා හොඳ. (කැශුවල් නම් ඕන රෙද්දක්)

දැන් බලමු මුහුනේ හැඩයට ඔබට ගැලපෙන සඟ මොකක්ද කියලා.

මේ ගැන කථා කරනවට වඩා ඔබට පහසුවක් වේවි මෙහෙම සටහනක් ඉදිරිපත් කිරීම.

last.jpg

ඉතින් මචන්ලා. වෙනදා වගේම වැදගත් කියලා දෙයක් තිබුනා නම් රෙප්+ පාරක් දාගෙනම යන්න.
 
Last edited: