ඩෙනිමක් පට්ට ගහමු..
ඩෙනිමක් පට්ට ගහමු..

ඉතිං මචංලා මම එලකිරියෙ අපේ කොල්ලන්ට ෆැශන් ටිප්ස් දෙනවා වගේම අද කියන්න ලෑස්ති වෙන්නෙ අපේ කොල්ලන්ගෙ, කෙල්ලන්ගෙ ජාතික ඇඳුම වුනු ඩෙනිම පරිස්සම් කරගෙන අඳින විදිය ගැන ටිප්ස් ටිකක්. හරි එහෙනම් වැඩේ පටන් ගමු.
1. නිතර සෝදන්න එපා.

ඩෙනිමක් කියන්නෙ ඩයි කරන ලද, කොට්න් වලින් නිමවුනු ඇඳුමක්. ඩෙනිමක් නිතර නිතර සේදීමෙන් අනිවාර්යෙන් එහි වර්ණය සේදී යාමට ලක් වෙනවා. හැකි තරම් අඩුවෙන් සේදීම ඩෙනිමක් කාලයක් තබා ගැනීමට මූලික කරුනක්. ඒ වගේම ඩෙනිමක් වොශින් මැශින් එකක නැතිව අතේ සේදීමෙන් තවත් වැඩි කාලයක් ආරක්ශා කර ගත හැකි. ඩ්‍රයි ක්ලීන් කිරනවා නම් වඩා සුදුසුයි.
2. කනපිට සෝදන්න.
ඩෙනිම මතුපිට ෆැබ්රික් ලේයරය ආරක්ශා කර ගැනීමට සැම විටම ඩෙනිම කනපිට හරවා සෝදන්න.
3. විනාකිරි වල පොඟවන්න.

ඩෙනිමේ හා ෆැබ්රික් වල වර්ණය ආරක්ශා කරගැනීමට මෙන්ම අප්‍රසන්න සුවඳක් ඇතිනම් ඉවත් කරගැනීමට මෙය හොඳම උපක්‍රමයක්. වතුර බකට් එකකට ආසූත සුදු විනාකිරි (Distilled white vinegar කප් එකක් දමා එ් ජලය තුල ඩෙනිම විනාඩි තිහක පමන කාලයක් පෙඟෙන්නට හැර පවනේ වේලාගන්න.
4. පරෙස්සමෙන් වේලමු.

තද අවු රශ්මියට ඩෙනිමෙ පාට පිච්චෙන එක නවත්වගන්න නම් ඩෙනිමක් අවුවේ වේලද්දි අනිවා කනපිට හරවා වේලන්න. එලෙසම හැම විටම ඩෙනිම ක්ලිප්ස් වලින් එල්ලා වේලන්න. තවත් ඩ්‍රයර් එකේ වේලනවා නම්, එහි වැඩි උශ්නත්වය ඩෙනිමට ඒ තරම් ගුනදායක නැහැ. ඒ නිසා ඩ්‍රයර් එකේ උශ්නත්වය අඩුවෙන් තබාගෙන වේලන්න.
5. ෆ්‍රිජ් එකේ දාමු.

මේක ටිකක් විකාර කථාවක් වගේ ඔබට හැඟේවි. නමුත් ඩෙනිම පොලිතීන් බෑග් එකක දමා හොඳින් සීල් කර ඩීප් ෆ්‍රීසර් කොටසේ පැය 12ක් පමන තබා එලියට ගන්න. අනිවා ඔබට අළුත් ඩෙනිමක් ගත්තා ලෙසින් පහසක් විඳිය හැකි වනු ඇත.
ඊට අමතරව ඩෙනිමේ ටැග් එකේ ඇති පිලිවෙලට ඩෙනිම පරිහරනය කරයි නම් සෑහෙන කලකට අළුත් ඩෙනිමක් අවශ්‍යතාවයක් ඔබට මතු නොවනු ඇත.
වැදගත් කියලා හිතුනොත් රෙප්+ එකක් දියල්ලා මචන්ලා.