සචින්ගේ බොහෝ දෙනා නොදත් වාර්තාවක් 
සචින් ටෙන්ඩුල්කාර් කියන්නේ ක්රිකට් ලෝකයේ වාර්තා රැසකට දායක වුන ක්රීඩකයෙක්.වැඩි දෙනා නොදත් ඔහුගේ තවත් වාර්තාවක් ගැනයි මේ ත්රෙඩ් එකෙන් කියන්නෙ

හැබැයි මේක සචින්ගේ දක්ෂතාවයක් නිසා ඔහුට හිමි වුන වාර්තාවක් නම් නෙමෙයි.

ලොව පළමු වතාවට තුන්වැනි විනිසුරු,එහෙමත් නැතිනම් රුපවාහිනී විනිසුරු තීරණයකින් අන්තර්ජාතික තරඟයකදී දැවී ගිය ක්රීඩකයා තමයි සචින් ටෙන්ඩුල්කාර්.

තරඟය:1992/93 තරඟවාරය, ඉන්දියා කණ්ඩායමේ දකුණු අප්රිකානු තරඟ සංචාරය,ටෙස්ට් තරඟ 4කින් සමන්විත ටෙස්ට් තරඟමාලාවේ පළමු ටෙස්ට් තරඟය.(ලොව 1200වන අන්තර්ජාතික ටෙස්ට් තරඟය)
දිනය:1992 නොවැම්බර් 14
ක්රීඩාංගනය:දකුණු අප්රිකාවේ ඩර්බන් නුවර කින්ග්ස්මීඩ් ක්රීඩාංගනය
තරඟයේ 27වැනි ඕවරය යවමින් සිටි බ්රයන් මැක්මිලන්ගේ පන්දුවකට සචින් ටෙන්ඩුල්කාර් පහරක් එල්ල කොට ලකුණක් ලබා ගැනීමට දුව ගොස් නැවත හැරී පැමිනෙනවා.මේ අතරතුර ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු රකින්නෙකු ලෙස සැලකෙන ජෝන්ටි රෝඩ්ස් විසින් නැවත පිතිකරු අන්තයට යොමු කරන පන්දුව රැගෙන ෂෝට් ලෙග් හි පන්දු රකිමින් සිටි Andrew Hudson විසින් කඩුල්ල බිඳ දමනවා.මෙය තුන්වැනි විනිසුරුට යොමු කිරීමෙන් පසු තුන්වැනි විනිසුරු විසින් ටෙන්ඩුල්කාර් දුවද්දී දැවී ගිය ක්රීඩකයෙකු ලෙස නම් කර ඔහු දැවී ගිය ක්රීඩකයෙකු බව තීරණය කරනවා.
තුන්වැනි විනිසුරු තාක්ෂනය ගැන යමක්...
උඹත් ක්රිකට් ලෝලියෙක් නම් මැච් එකක් වෙලාවටවත් ක්රිකට් ත්රෙඩ් එකට සෙට් වෙන්න අමතක කරන්න එපා.ආතල් සහතිකයි

මගේ කලින් ත්රෙඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1600060
http://www.elakiri.com/forum/showthread.php?t=1600272

- මේ තාක්ෂනය ගැන අදහස මුල් වතාවට ඉදිරිපත් කරලා තියෙන්නෙ ශ්රී ලාංකිකයෙක්.ඔහු හිටපු ක්රිකට් ක්රීඩකයෙක් වන මහින්ද විජේසිංහ.
- මුල් වරට මේ තාක්ෂනය යොදාගෙන තියෙන්නෙ ඉහත කියපු තරඟාවලියේදී.එම තරඟයේදී තුන්වන විනිසුරු හැටියට ක්රියා කරලා තියෙන්නෙ දකුණු අප්රිකානු ජාතිකයන් වන Meyrick Wayne Pringle සහ Cyril John Mitchley
- මුල් කාලයේ දුවද්දී දැවී යාම් ගැන තීරණය කරන්න මේ තාක්ෂනය යොදා ගත්තත් මේ වනවිට ප්රධාන විනිසුරුවරුන්ට(on field umpires)අපහසු වන ඕනෑම තීරණයක් ගන්න තුන්වන විනිසුරුගේ උපකාරය ලබාගන්න පුළුවන්.උදාහරණ වශයෙන් උඩ පන්දුවක් නිවැරදිව රැකගැනීම,6 හෝ 4 පහරක් තීරණය කිරීම,කඩුල්ලක් දැවී ගිය මොහොතක නිපන්දුවක්ද නැද්ද යන්න තීරණය කිරීම,ඉනට උඩින් යවන නිපන්දු(over the waist height)වැනි අවස්ථා ගණනාවක් දක්වන්න පුළුවන්.
- තීරණය ලබා ගැනීම සඳහා තුන්වැනි විනිසුරුට විවිධ කැමරා කෝණවල සහය ලබා ගැනීමේ පහසුව සලසා තියෙනවා.
- ඉහත වීඩියෝවෙන් දැක්වෙන ආකාරයට මුලින් දැවී ගිය බව හඟවන්න පාවිච්චි කරලා තියෙන්නේ කොළ එලිය.නමුත් අද වන විට දැවැන්ත රුපවාහිනී තිරයක "OUT" ලෙස ක්රීඩකයෙකු දැවී ගිය බවට තීරණය ලබා දෙනවා.